Watch Trailer

The Gifted [S02 : E01] Sinhala Subtitles | නව යුගයක උදාව [සිංහල උපසිරැසි සමඟ]

ෆොක්ස් නාලිකාවේ විකාශය වූ ගිෆ්ටඩ් කතාමාලාවේ මුල් කතාසමය අවසන් වුනේ විපරිතයින් හා මිනිසුන් අතර තියෙන අරගලය අමුතුම විදිහකටයි. නෑ නෑ.. විපරීතයන් හා විපරිතයන් අතර අරගලයක් ඇති කරගෙනයි. හරිනම් මේ අයව දඩයම් කරන අයට විරුද්ධව නැගී සිටිනවා වෙනුවට අපිට දකින්න ලැබුනේ විපරිතයින් අතර විරසක බවක්. මේ විරසක බව නිසා…

ෆොක්ස් නාලිකාවේ විකාශය වූ ගිෆ්ටඩ් කතාමාලාවේ මුල් කතාසමය අවසන් වුනේ විපරිතයින් හා මිනිසුන් අතර තියෙන  අරගලය අමුතුම විදිහකටයි. නෑ නෑ.. විපරීතයන් හා විපරිතයන් අතර අරගලයක් ඇති කරගෙනයි. හරිනම් මේ අයව දඩයම් කරන අයට විරුද්ධව නැගී සිටිනවා වෙනුවට අපිට දකින්න ලැබුනේ විපරිතයින් අතර විරසක බවක්. මේ විරසක බව නිසාම මේ අයට දෙපැත්තකට බෙදුනා. මේකට මූලිකවම හේතුව වුණේ “සහෝදරියෝ” කියන අන්වර්ථ නාමයෙන් හදුන්වන ද්වේශය හිත් පුරා දුවන විපරිත සහෝදරියන් තිදෙනෙක්. මේ නිසාම එක ලග නිකුත් වුණු අවසන් කොටස් දෙකේ අවසන් විනාඩි කිහිපය ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමටම උණුසුම්කාරී විදිහටයි අවසන් වුණේ. හැබැයි කතාවේ මුල ඉදලම දුක් විදපු ස්ට්‍රාකර් පවුලට කතාව අවසානයේදී උරුම වුනෙත් තවත් දුකක් විතරයි. මොකද ෆ්‍රොස්ට් සහෝදරියෝ එක්ක එකතු වුණු ලෝනාගේ එක්ක එකතු වෙන්න ඇන්ඩිත් තීරණය කරපු නිසා. ඇන්ඩිට කොහොමත් යන්න ඕන වුනේ වෙනමම විදිහේ අදුරු මාර්ගයක යන්නයි. එයාගෙම විදිහට තීන්දු තීරණ අරගන්න. මේ ගැන ඉතින් කතාවේ අතරින් පතරම දැකගන්න ලැබුණානේ. ඇන්ඩි, ලෝනා වගේම තවත් විපරිතයින් ෆ්‍රොස්ට් සහෝදරියෝ එක්ක එකතු වුණු ඔය කල්ලියට කියන්නේ “හෙල්ෆයර් ක්ලබ්” කියලා. ඕකේ ඔයාලා ඔය එක්ස් මෙන් චිත්‍රපට වලින් එහෙම දැකපු මැග්නීටෝ පවා ඉදලා තියෙනවා. කොහොමත් ඉතින් ලෝනා ඩේන් නොහොත් පොලාරිස් කියන්නෙත් මැග්නීටෝගේ දුවෙක්නේ. මැග්නීටෝගේ නම නොකියා වතාවක් ෆ්‍රොස්ට් සහෝදරියන්ගෙන් කෙනෙක් පොලාරිස්ට මේ ගැන එක තැනකදී කියලා තියෙනවා වගේම පොලාරිස් හිරේ ඉද්දි පුංචි පුංචි පෙර මතක සිදුවීම් වලින් මුල් කතාසමයේ ඉගි දීලා තියෙනවා.

දෙවැනි කතාසමයෙ වෙන දේවල් නොකියා පොඩියට විස්තර ටිකක් කියන්නම්. මේ වෙද්දී විපරීතයන් දෙපැත්තකට බෙදිලා ඉන්නේ කියලා කොයි කවුරුත් දන්නවනේ. මුල් කොටසින් වැඩිය දේවල් දකින්න ලැබුනේ නැති වුනත් ඔයාලට ඉදිරියේදී මේ දේවල් ගැන හොදට දැකගන්න ලැබේවි.

Mutant Underground

  • මුල් කතාසමයේ විපරීතයන්ගේ කදවුරක් දකින්න ලැබුණා “ෆෙයාර්බර්න් විපරිත කඳවුර” ඔය නමින්. කේස් මෙන්ලා වගේම Brotherhood නම් (මෙය හෙල්ෆ්යර් ක්ලබ් හා සම්බන්ධ සංවිධානයකි) ත්‍රස්තවාදී විපරිත සංවිධාන අතුරුදහන් වෙලා යන්න කලින්මයි නිර්මාණය වුණේ. ගිය කතාසමයේ අවසානයේදී මාකස්, ජෝන්,  රීඩ්, කේට්, ලෝරන්, ක්ලෑරීස් ඇතුළු කණ්ඩායමට එකතු වෙන්න තීරණය කල අය තමයි මේ සමුහයෙ ඉන්නේ. හැබැයි මේ අයගේ මේ කදවුර වෙනස් වෙන්න පුලුවන්. ඒ ගැන ට්‍රේලර් එක බැලුවා නම් තේරෙන්න ඇති.

Inner Circle

  • මේක තමයි මේ කතාසමයේ දකින්න ලැබෙන දෙවැනි කණ්ඩායම. ඉනර් සර්කල් නොහොත් ඇතුලාන්ත සමූහය කියන්නේ විපරීතයන්ගේ ත්‍රස්තවාදී කවුන්සිලයක්. මේ අයම තමයි හෙල්ෆයර් ක්ලබ් සංවිධානය මෙහෙයවන්නෙත්. මේ සංවිධානයට තමයි ෆ්‍රොස්ට් සහෝදරියන්ගේ බල කිරීම මතම පොලාරිස්, ඇන්ඩි, සේජ් ඇතුළු තවත් ෆෙයාර්බර්න් විපරිත කඳවුරේ හිටිය අය බැදුනේ. මේ කවුන්සිලයෙ ඉන්නේ හුගාක් බලවත්, ප්‍රකට අනන්‍යතාවයන් තියෙන, සල්ලි වලින් වගේම බලපුළුවන්කම් වලින් පවතින සාමාජිකයන් ඉන්නේ.

ඔය සදහන් කරපු අය වටා තමයි මෙවර කතාසමය ගලාගෙන යන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා අර සෙන්ටිනල් සර්විස් එකෙන් ගෙවල් ගානෙ ගිහින් කරන විපරිත දඩයමේ නම් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒවා සුපුරුදු පරිදි සිද්දවෙනවා. ඉස්සරහට ඉතින් හොද හොද සෙල්ලං ටිකක් බලාගන්න ලැබේවි. ලබන සතියේ මීලග කොටසින් මුණගැහෙමු!

——
අද කතාවේ නම “eMergence”
අධ්‍යක්ෂණය: Robert Duncan McNeill
ලිව්වේ: Matt Nix
විකාශනය වුනේ: 2018 සැප්තැම්බර් 25
මීලග කොටසින් : unMoored | 2018 ඔක්තෝම්බර් 02

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,733 downloadsDownload The-Gifted-S02E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,733 downloadsDownload Subtitles30 KB

49 comments

  1. Sdilhara

    ගොඩක් පිං සහෝදරයා...
    ජය වේවා..

  2. wajira

    thanks for sub

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Prabath_Kaushalya

    sub ekata thanks bro

  5. Buddi

    Thanks...............

  6. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  7. Ruwan Kospelawatta

    thx a lot...

  8. dsdkavishka

    Thenks bro

  9. Ravindu Rukshan

    Thx

  10. Hirunaprabodha

    ගොඩක් ස්තූතියි සහෝ
    ජය

  11. darshana100

    thnks saho sub akata budusaranai

  12. උදයංග සම්පත් හතරසිංහ

    මරු චාමර.. ඊයෙ ඉඳං බාගෙන බලාගෙන ඉන්නෙ මේක බලන්න..

    1. dumindued

      kohenda episode download kara ganna puluwan.. link ekak dennako yaluwa. kickass torent eke naha neh

  13. Nuwan_Hero

    thanks bn

  14. Menaka Niroshan

    Thank You Brother.. Apu gamanma dunna neda..

  15. Menaka Niroshan

    Thank You Brother.. Apu gamanma dunna neda..

  16. ruchira14k

    ඇයි මේ සබ් download කරන්න බැරි?

    1. dumindued

      register wenna.. email password dila

  17. Shan Kenway

    sub eka download karanna baha

  18. smtsumith

    sub eka download karanna baha ai malli e

  19. colabage

    Sub eka download karanne kohomada?

  20. Lahiru Ruwanga

    sub eka na ne

  21. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම සබ් දීලා...
    මේකත් සුපිරි කතාවක්...

  22. Kulanjana Maduranga

    subata thanks saho....keep it up.....

  23. Indika Priyashantha

    සබ් 1 ට ස්තුතියි, පුලුවන්නම් PSA කොපියට සබ් දෙන්න

  24. podda

    ammoh supiriyak thamai ithin. mulin lastship s5 dan gifted s2 sathutaaa.
    subata thanks bro!!!

  25. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  26. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති චාමර සහෝ උපසිරසට..පළවෙනි සීසන් එකනම් ගින්දර වගේ තිබ්බා..මේකත් ඒ වගේම ඇති කියලා හිතනවා..බුදුසරණයි..ජය වේවා!

  27. harshani11112

    ස්තුති චාමර සහො....
    තෙරැවන්සරණයි

  28. Ayesh Prashan

    Thank You

  29. futureomega

    thanks for the sub

  30. ishantharanga

    thanks bro

  31. Sachith Perera

    thanks bro

  32. Udara Damith Dissanayaka

    එල

  33. Kaushan Rasanga

    Tnx

  34. V.T.Piyumal

    Thanks bro!!!

  35. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  36. Denis Maneesha

    Thanks machan sub ekata

  37. ThanuD

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  38. Dilshan Madhushanka

    Episode 02ta sub nedda?

  39. Viraj

    sub ekata thanks saho.. jjaya wewa!!

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. sachith183

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

  42. kprasadms

    Thank You ...!!!

  43. m.c.i.srimal

    thankasssss

  44. jerrydissanayake98

    tq broo

  45. melinda

    thank you

  46. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  47. MAALnath

    Thanks ...................good luck .......................