Watch Trailer

The Gifted [S02 : E02] Sinhala Subtitles | අරමුණු හා බලාපොරොත්තු [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දෙවැනි කතාසමය ආරම්භ වුණේ ඉනර් සර්කල් සංවිධානේ ලොකු පලහිලව්වකින්. රීවා පේජ් වගේම ෆ්‍රොස්ට් සහෝදරියෝ එක්කාසු වෙලා ඉනර් සර්කල් එකේ සාමාජිකයන්ව මරලා දැම්මා රීවාට එයාගේ අවධානෙ යොමු කරගන්න ඕන වුන නිසා. මේ සිදුවීම්පෙළ අයිති වෙන්නේ ලෝනා වගේම ඇන්ඩි දෙන්නව මේ ඉනර් සර්කල් එකට එකතු වෙන්න කලිනුයි…

පසුගිය කොටසින්

දෙවැනි කතාසමය ආරම්භ වුණේ ඉනර් සර්කල් සංවිධානේ ලොකු පලහිලව්වකින්. රීවා පේජ් වගේම ෆ්‍රොස්ට් සහෝදරියෝ එක්කාසු වෙලා ඉනර් සර්කල් එකේ සාමාජිකයන්ව මරලා දැම්මා රීවාට එයාගේ අවධානෙ යොමු කරගන්න ඕන වුන නිසා. මේ සිදුවීම්පෙළ අයිති වෙන්නේ ලෝනා වගේම ඇන්ඩි දෙන්නව මේ ඉනර් සර්කල් එකට එකතු වෙන්න කලිනුයි. ඊටපස්සේ අපිට දැකගන්න ලැබුණු සිදුවීම් වලින් තේරුම් ගියෙ ලෝනා වගේම ඇන්ඩි  දෙන්නට දෙන්නා එකමුතුවෙන් උදව් කරගෙන ඉන්න බවක්. ඒ දෙන්නා අතරේ කොහොම ගැලපීම් තිබුනත් මේ දෙන්නව ඔය ඉනර් සර්කල් එකට ගැලපෙන බවක් නම් පෙනුනේ නැහැ. හැබැයි කොහොම වුනත් ඒක ඇතුලෙදි තමන් දන්න හදුනන කෙනෙක් ඉන්න එක වටිනවා. ඇන්ඩිගේ කාරුණික බව වගේම එක තැනකදී “අපි තමයි දැන් ඔයාට ඉන්න පවුල” කියපු වචන ටිකම ලෝනාගේ හිතට කා වැදුණු බවක් තමයි පෙන්නුම් කලේ. මේ නිසාම තමයි රීවාගේ වෙනසක් දැකපු ලෝනා තමන්ගේ දරුවට මේ අය මොනාහරි කරන්න හැදුවොත් එයාව බේරගන්න කියලා ලෝනා ඇන්ඩිගෙන් ඉල්ලීමක් පවා කලා.

මේ අතරේ තමයි මාකෝස් වගේම කේට්ලින් දෙන්නා හෝඩුවාවල් හොයාගෙන ලේසියෙන්ම පරිඝණක හැක් කරන්න පුලුවන් හැකියාවක් තියෙන වයර් කියන විපරිතයව මුණගැහෙන්න ගියෙ. හැකියාව තිබුනත් නරක මිනිස්සුන්ට මේ වයර් කියන කෙනා බයයි. මේ නිසාම වැඩිපුර මාකෝස්ගේ සල්ලි ඉල්ලුවම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා එතැනදී පොඩි ප්‍රශ්න කිහිපයක් පවා ඇති වුණා. කේට්ලින්ට වෙඩිත් වැදුනා. හැබැයි මේ අයට ඕන කරන හෝඩුවාවල් නම් ලැබුණා. මාකෝස්ටයි වගේම කේට්ලින්ටයි හැරුනම මියුටන්ට් අන්ඩග්‍රවුන්ඩ්වල එහෙම නැත්තම් කාටවත් හොයාගන්න බැරි තැනක විපරීතයන්ට වාසය කරන්න නිර්මාණය කරගත්ත තැන ඉන්න කිසිම කෙනෙක්ට ලෝනාවත්, ඇන්ඩිවත් හොයාගන්න වුවමනාවක් ඒ හැටි පේන්න තිබුණේ නම් නැහැ. මොකද මේ අර දෙන්නා හැරුනම අනික් හැමකෙනෙක්ම වගේ පිළිගන්න කාරණයක් තමයි පහුගිය මුල් කතාසමයේ අවසන් විනාඩි කිහිපයේදී විපරීතයන් අතර විභේදන සිදුවීමේදී හෙල්ෆයර් ක්ලබ් එකට එකතු වුන අය එකතු වුණේ තමන්ගේ කැමැත්තෙන් මිසක් කාගෙවත් බල කිරීමක්වත්, පැහැරගෙන යාමකින්වත් නෙවේ කියලා. හැබැයි අර ෆ්‍රොස්ට් සහෝදරියන්ගේ කෙනෙක් ලෝනාට කලින් එකතු වෙන්න කියපු වෙලාවේදී ලෝනාගේ පෙර අතීතයයි, ලැබෙන්න ඉන්න දරුවා එක්ක හිතලමද කොහෙද එයාගේ හිතට මේ යෝජනාව ටිකක් තදින්ම බලපෑවා කියලයි මට නම් හිතෙන්නේ.

ඒ ගැන කියද්දී මතක් වුණේ පොඩි කාරණාවක් කියන්න තියෙනවා. මෙදා පාර හැම කොටසකම එපිසෝඩ් ටයිට්ල් නම් කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න එක්ස් මෙන් කියන නාමයන් වලට සමාන වෙන්නයි. පොඩ්ඩක් ඔයාලම බැලුවොත් තේරෙයි X-Men නමට සමාන වෙන්න මුල් කොටසේ ටයිට්ල් එක “eMergence” විදිහට නම් කරලා තියෙන්නේ. මේ හැම වචනෙකම කැපිටල් වලින් විශේෂ කරලා පෙන්නන්න හදලා තියෙනවා. ඒ විතරක් නෙවේ මේ වෙද්දී නිකුත් කරලා තියෙන ඉදිරි කොටස්වල ටයිට්ල්වල නම් පවා unMoored, coMplications, outMatched මේ විදිහට කැපිටල් “M” විශේෂ කරලා පෙන්නන්න හදලා තියෙනවා.

ලෝරන් දැකපු හීනේ ගැන කතා කරනවානම්, කලින් මේ අය වෙන් වුනාට පස්සෙ කිසිම කෙනෙක් දැක්කේ නැති ඇන්ඩිව ලෝරන් හීනෙන් දැක්කේ මේ වෙද්දී ඇන්ඩිගේ සැබෑ ස්වරුපයමයි කියන එක ඔයාලට තේරෙන්න ඇතිනේ. ඇන්ඩි අදින පලදින විදිහ, වයස අවුරුදු 15 ළමයෙක් වුනත් තමන්ට තියෙන බලයෙන් තමන්ගේ හිතු මනාපෙට වැඩ කරන්න හදන විදිහ එහෙම. එතැනදී පෙන්නුම් කරන්න හැදුවේ කේට්ලින් කිව්වා වගේම ලෝරන්ටයි ඇන්ඩිටයි එකිනෙකට සන්නිවේදනය කරන්න පුලුවන් කියලයි. හොදම කාරණේ කියන්නේ ස්ට්‍රකර් පවුලේ රීඩ් ස්ට්‍රකර්ගේ බලයන් මේ වෙද්දී මතුවෙන්න පටන් අරන් තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ රීඩ්ගේ බලයන් පොඩි කාලෙදිම රීඩ්ගේ තාත්තා එයාගෙන් මැඩපැවැත්වූවා කියලා. හැබැයි දැන් මේවා මතු වෙන්න අරන් තියෙන්නේ. රීඩ් මේ ගැන සෑහෙන බයවෙලා ඉන්නේ. කේට්ලින්ට පවා මේ ගැන කියන්න උත්සහ කලත් රීඩ්ට තාම අවස්ථාවක් ලැබුනේ නම් නැහැ.

ලෝනාගේ ප්‍රසුතිය සිද්ද කරන්න මීට කලින් යුධ ආයුධ ගබඩාවක් වෙලා තිබුණු තැනක හොද හයියට කුටියක් නිර්මාණය කලා. ප්‍රසුතිය සිද්දවෙන දවසේ රෑ මේ කුටියට තියා ගොඩනැගිල්ලට, අවට තියෙන වාහන වලට, කොටින්ම අහල පහල තියෙන විදුලි රැහැන් වලට ලෝනාගේ දරු ප්‍රසුතියෙදී පිටවුනු බලය බලපාන්න ගත්තා. විදුලි රැහැන් පුරාවටම ලෝනාගේ බලයන් දැකගන්න ලැබුණු මාකෝස් එයාගේ කට්ටියට එකතු කරගෙන මේ විදුලි රැහැන් දිගේ ලුහුබදින්න ගත්තා ඒ අඩිපාර දිගේ ගියොත් ලෝනා ඉන්න තැනකට යන්න ලැබේවි කියන අරමුණින්. නමුත් මේ අයට වෙලාවට එතනට යාගන්න ලැබුනේ නැහැ. මොකද ලෝනාට එයාගේ දරුවව ලෝකෙට බිහි කිරීමත් එක්කම මුළු ප්‍රදේශයේම විදුලිය බිද වැටීමක් සිද්දවුණා. පුංචි ඩොව්න් ඉපදීමත් එක්ක ඉස්සරහට කතාවේ මොන වගේ වෙනස්කම් වේවිද කියන එක ලොකු ප්‍රශ්ණයක්. මොකද රීවා පේජ් කියන්නේ කොහොමටවත් හොද කෙනෙක් නම් නෙවෙයි. එයාට මේ අය වෙනුවෙන් මොන වගේ සැලසුම් තියද කියලා තාම හරියට කියන්න දන්නෙත් නැහැ. හැබැයි ඉතින් අර ෆ්‍රොස්ට් සහෝදරියෝ ලෝනාට පෙන්නපු විපරීතයන්ගේ රාජ්‍ය ඇත්තටම ඇත්තක් නම් මේ කතාමාලාවේ අපි කාටවත් හිතාගන්න බැරි අපුරු කල දසාවක් තියේවි.

අද කොටසින්

මේ කොටස ඉතින් වැඩිහරියක්ම අවධානයට ලක් කරලා තියෙන්නේ ජෝන්ට වතාවක් උදව් කරපු විපරිත නීතිඥවරියක් ගැනයි. විපරිත කදවුරේ ඉන්න අය බලාපොරොත්තු වෙනවා ජෝන් හදුනන මේ නීතිඥවරිය ලවා උදව් අරගන්න. උදව් ලැබේවිද? මේ අතරේ ඔන්න ඇන්ඩිටත් හීන පේන්න අරන්. ඒවා මොන විදිහට බලපාවිද? 

බලලම ඉන්නකෝ එහෙනම්. ලබන සතියේ කොටසින් මුණගැහෙමු!

 

——
අද කතාවේ නම “unMoored ”
අධ්‍යක්ෂණය: Robert Duncan McNeill
ලිව්වේ: Matt Nix
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 02
මීලග කොටසින් : coMplications | 2018 ඔක්තෝම්බර් 09

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,133 downloadsDownload The-Gifted-S02E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

4,133 downloadsDownload Subtitles32 KB

26 comments

  1. dsdkavishka

    Thenks bro

  2. Ravindu Rukshan

    Thx

  3. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවයට.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  6. ashen_manjula

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    bokkaaaaaaaaaaaaaaaaaaaaaa

  7. Sanath Indika

    thx bro

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  9. Kaushan Rasanga

    Tnx

  10. Ayesh Prashan

    Thank You

  11. sachintha

    Thanks For Sub....

  12. Dineth Ravinda

    bn Counterpart tv series eke sub halada diynko......

  13. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    පට්ට කතාව මේක..

  14. kavinuweerakkody

    thnkq mchn!! jya wewa!!

  15. Panther

    Ela thanz bro

  16. Indika Priyashantha

    උපසිරැසියට බොහොම ස්තුතියි, පුලුවන්නම් PSA කොපියට උපසිරස දෙන්න.....!!!

  17. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. Mr.pamz

    Thanks for subtitles brothers
    ජය වේවා.....!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. kprasadms

    Thank You ...!!!

  23. podda

    thanks!!!!

  24. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  25. MAALnath

    Thanks ................good luck ......................

  26. Lahiru Kekulandara

    උපසිරසට බොහෝම ස්තූති.
    ජය වේවා!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.