ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති මාවල් චිත්‍රකාතා රචකයෙක් වුන, ස්පයිඩර් මෑන්, අයන් මෑන්, ෆැන්ටෑස්ටික් ෆෝ සහා X-men ල නිර්මාණය කරපු ස්ටන් ලී මහතා පසුගිය දා අප අතරින් සමුගත්තා කියලා. ඉතිං මාවල් වේවා ඩිසි වේවා කොමික් කියවන කා අතරත් ආදරයට පාත්‍ර වුන කෙනෙක් තමයි ස්ටැන් ලී කියන්නෙ. ස්ටැන්ලී කා අතරත් ජනප්‍රිය…

ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති මාවල් චිත්‍රකාතා රචකයෙක් වුන, ස්පයිඩර් මෑන්, අයන් මෑන්, ෆැන්ටෑස්ටික් ෆෝ සහා X-men ල නිර්මාණය කරපු ස්ටන් ලී මහතා පසුගිය දා අප අතරින් සමුගත්තා කියලා. ඉතිං මාවල් වේවා ඩිසි වේවා කොමික් කියවන කා අතරත් ආදරයට පාත්‍ර වුන කෙනෙක් තමයි ස්ටැන් ලී කියන්නෙ. ස්ටැන්ලී කා අතරත් ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි මාවල් විශ්වයෙ හැම චිත්‍රපටයක් තුලම සහා මාවල් වලට අදාලා බොහොමයක් චිත්‍රපට වලට කැමියො එකක් විදිහට දායක වීම. ඉතිං ඔයාලා හරියට බැලුවනම් The Gifted තුලත් ස්ටැන් ලීගෙ කැමියො එකක් දකින්න පුළුවන්. එහෙනම් ස්ටැන් ලී සර්ට සමු දෙන ගමන් අපි කතාව දිහාට හැරෙමු.
ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවන කතා සමයෙ 7 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුන එකේ අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ඉනර් සර්කල් එකෙන් මානසික රෝහලට පහර දීලා එතනින් විපරීතයෙක් අරගෙන ආවා කියලා. ඉතිං මේ අරන් ආව කෙනා තමයි රෙබෙකා. රෙබෙකා ඇන්ඩිත් එක්ක හොදටම හිතවත් වෙනවා. ඉනර් සර්කල් එක ලෑස්ති වෙන්නෙ ක්‍රීඩ් මූල්‍ය ආයතනයට පහර දෙන එක. මෙතන තියෙන සේප්පුව බිදින්න තමයි ඉනර් සර්කල් එකට රෙබෙකව ඕන වෙන්නෙ. මොකද මේ සෙප්පුව හදලා තියෙන ලෝහය මාවල් විශ්වයෙ තියෙන ශක්තිමත්ම ලෝහයන් අතරින් එකක්. කොටින්ම ඒක හදලා තියෙන්නෙ ඇඩමැන්ටියම් වලින්. ඔව් ඔව් ලෝගන්ගෙ ඇගේ තියෙන ලෝහය තමා. ඉතිං ඔයාලා දන්නවනෙ ඒක විනාශ කරන්න අමාරු ලෝහයක් බව. ඉතිං මේ සේප්පුව කඩන්න බැරි නිසා තමයි රෙබෙකගෙ කනපිට හැරවීමෙ බලය පාවිච්චි කරලා මේකට ඇතුල්වෙන්න ඉනර් සර්කලෙ එක සැලසුම් කරන්නෙ.
ඔය අතරෙම පියුරිෆයිලා වෙනම විපරීතයින්ට එරෙහිව මෙහෙයුමක් කරනවා ටර්නර් එක්ක එකතුවෙලා. ඒ අනුව තමයි බල්ටිමෝර් වල තියෙන විපරීත කදවුරට පහර දීම සිද්දවෙන්නෙ. එතනදි අපි මුල ඉදන් දැනන් ඉදපු කෙනෙක් මැරෙනවා වගේම විපරීතයින් ගොඩ දෙනෙක් කොටු වෙනවා. ඒ වගේම රීඩ්ගෙ බලය පාවිච්චි කරලා අනික් අය පැනගත්තත් ර්රිඩ්ට තමන්ගෙ බලය නවත්තගන්න බැරි තත්ත්වයට පත්වුනා. ඉතිං ඔතන ඉදන් පාවා දීම් පහර දීම් සහා බිද දැමීම් සමගින් ගෙවෙන අද කතාව බලන්න එකතුවෙන්න. එහෙනම් මම ගියා.
~Thank you for filling our childhoods with such joy, Stan lee, sir.~
Rest In Peace!
#Hail Marvel!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,951 downloadsDownload The-Gifted-S02-E07.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
23 comments
Sahan Sulakkhana
Prabath_Kaushalya
thanks bro...jaya wewa...
V.T.Piyumal
thanks sub ekata...! ilaga ekath ikmanata denna...! jaya wewaa..!!
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr.pamz
thanks brother
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!darshana100
thanks yaluwe sub akata
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....
දිගටම දෙමු....thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!........................
suduu
The exorcist season
02 sub1denda broo.ranga11112
පට්ට සහො.....
සබ් එකට බොහොම ස්තුයිKulanjana Maduranga
subata thanks saho..
Sanath Indika
thx broo
Supun_boy
Ep08 නැද්ද බං
ලහිරු ප්‍රසාද්
මේ සතියෙ කොටසක් ටෙලිකාස්ට් උනේ නෑ බං.
ලබන සතියෙ එන්නෙ. ආවනම් සබ් දීලනෙ.Supun_boy
එල බං.. දන්නැති හින්ද ඇහුවෙ
Dilshan Madhushanka
Thaama nedda ep 08ta sub bro
kavintha
thanks!!
podda
niyamai!!!
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
MAALnath
Thanks ....................good luck ..........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks saho sub ekata...