ආයූබෝවේවා බයිස්කෝප්වාසී රසිකයනි. ඔන්න එහෙනම් මූන් දොන්ග්-යුන්ගේ පළිගැනීමේ දඩයමේ තවත් කොටසක් අරගෙන ආවා. මේක තමයි මම දායක වෙන අවසාන කොටස. හැමෝම මේ වෙද්දි කතාව නරඹගෙන එනවා ඇති කියලා හිතනවා. වැඩිය කතා ඕන නෑ කලින් කොටස දිනිදු සහෝ ඔයාලට ගෙනාවනේ. ඒ කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. පෙර කතාංගයෙන…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී රසිකයනි. ඔන්න එහෙනම් මූන් දොන්ග්-යුන්ගේ පළිගැනීමේ දඩයමේ තවත් කොටසක් අරගෙන ආවා. මේක තමයි මම දායක වෙන අවසාන කොටස. හැමෝම මේ වෙද්දි කතාව නරඹගෙන එනවා ඇති කියලා හිතනවා. වැඩිය කතා ඕන නෑ කලින් කොටස දිනිදු සහෝ ඔයාලට ගෙනාවනේ. ඒ කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු.
පෙර කතාංගයෙන් . . .
දොන්ග්-යුන් සහ යෝ-ජොන්ග් දෙන්නා මෙයොන්ග්-ඕ ගේ මළසිරුර අතහැර දාලා තිබුන මෘත ශරීරාගාරයක තිබිලා හොයාගන්නවා. ඒක යොන්-ජින් සහ ෂින්ගේ සැලසුමකට කරපු දෙයක් කියලා එයාලා සැක කරනවා. ස්කෝලේ චූ මහත්තයා පාසලේ පොඩි ළමයින්ගේ උඩුකය පින්තූර ගන්නවා කියලා දොන්ග්-යුන්, ජේ-ජූන්ට සාක්ෂි එක්ක දන්වනවා. ඒකට කේන්ති ගන්න ජේ-ජූන් ස්කෝලෙටම ගිහින් කැමරාවෙන්ම චූට පහර දෙනවා. ඒ වගේම ජේ-ජූන් සහ දෝ-යොන් දෙන්නා යේ-සෝල් නිසා රණ්ඩුවකට පැටලිලා ජේ-ජුන් හොඳටම ගුටි කනවා. ඒ අස්සෙ දොන්ග්-යුන්ගේ අම්මා සල්ලි වලට ආපහු එයාව පාවලා දෙන නිසා අම්මයි දුවයි අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. සාරා මත්ද්‍රව්‍ය අරගෙන පල්ලියේ ඇතුලේ පිස්සු නටන විදිය එතන ඉන්න මිනිස්සු හැමෝම දකිනවා. මේ සිද්ධිය යොන්-ජින් විසින් අන්තර්ජාලයට වාර්තා කරලා කියලා එතනට එන යොන්-ජින්ට දකින්න ලැබිලා එයා කලබල වෙනවා..
අද කොටසින් සාරා කරපු වැඩේ හැම තැනම පැතිරිලා ඒකෙන් ගොඩක් අයට අකරතැබ්බයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම යොන්-ජින් ගාව ඉන්න තමන්ගේ දරුවව ගන්න ජේ-ජුන් සැලසුම් කරනවා. මෙයොන්ග්-ඕගේ මළසිරුරට මොකද වෙන්නේ කියලත් අද බලාගන්න පුළුවන්. එහෙනම් වැඩි විස්තර ඕන නෑ ඊලඟ කොටස නයන සහෝ අරගෙන එයි. කතා මාලාවේ මගේ වැඩ කොටස මෙතනින් අහවරයි. මාවත් මේකට සම්බන්ධ කරගත්තට බිම්සර (ඔලිවර්) සහෝට ආපහු වතාවක් ස්තූතිවන්ත වෙනවා. නැවත උපසිරසියකින් හම්බෙනකම් හැමෝටම ජය වේවා !
කතා රචනය – Kim Eun-sook
අධ්‍යක්ෂනය – Gil Ho Ahn
විකාශය වූ දිනය – 2023 මාර්තු 10
IMDb අගය – 8.0
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,984 downloadsDownload The.Glory_.S01E13.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
12 comments
Imesh
Pavith Wijesooriya
සබට තුතිවේවා අයියේ... ❤️
Tharindu
Thanks sub akata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥rBimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Nuwan
Thanks carnival raw ekth sub. Eka dennko
යුරාන් ධනුක (දනුවා)
ඒකත් අනිවා දෙනවා සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ravindra
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Glory [S01: E13] Sinhala Subtitles | ඔයා තමයි මගේ අම්මා… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/The-Glory-EP09-12.jpg)



Thnx sub ekata