වියලුන මහා කතරකට දිය බිමක් කොතරම් නම් අගනේ ද ? ඒ මහා කාන්තාරය වියැකී යන මිනිස් සංහතිය ලෙස ගතහොත්, ඒ මිනිස් සංහතිය පෝෂණය කරන්නට, මේ දියබිම වචනයේ පරිසමාප්තයෙන්ම දියබිමක් නොවී, එය අනාගත ලොවක් තැනීමට දරුවෙකු බිහිකල හැකි මවක් වුවහොත්….එය කෙතරම් අගනේද ? අද අපි මේ සුදානම් වෙන්නේ එවැනි ලෝකයක් වෙනුවෙන් දොරග…

වියලුන මහා කතරකට දිය බිමක් කොතරම් නම් අගනේ ද ? ඒ මහා කාන්තාරය වියැකී යන මිනිස් සංහතිය ලෙස ගතහොත්, ඒ මිනිස් සංහතිය පෝෂණය කරන්නට, මේ දියබිම වචනයේ පරිසමාප්තයෙන්ම දියබිමක් නොවී, එය අනාගත ලොවක් තැනීමට දරුවෙකු බිහිකල හැකි මවක් වුවහොත්….එය කෙතරම් අගනේද ?
අද අපි මේ සුදානම් වෙන්නේ එවැනි ලෝකයක් වෙනුවෙන් දොරගුළු හැරලන්නට… අද මම ඔබ ගෙන යන ලෝකය බොහොම කුරිරුයි විටෙක ඔවුනේ ජිවිත යහමින් සාදාරනීකරණය කරන්නට ඔවුන් සමත් වේවි නමුත් ඒ ඔවුන්ගේ ඇසින් පමණක් වන බව ඒ පාපතරයන් ඉදිරියේ අළුවී යන මිනිස් ගුණාංග සාරධර්ම රැකගන්නට කිසිවෙකුටවත් හැකි වේවි ද? ඒ ප්‍රශ්නයත් හිත තබාගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලන ගමන්, මේ ලෝකය දකින්නට පෙරාතුව…
නුදුරු අනාගතයේ දී ලිංගිකව බෝවන රෝග හා තෙරක් නැති පරිසර දුෂණයෙන් ඇතිවන අතුරු ඵලයක් නිසාවෙන්, ම්නිස් සංහතියේ සරුභාවය අති විශාල ලෙස පහත වැටෙනවා. මේ හේතුවෙන් නොසන්සුන් වන ඇමරිකා එක්සත් ජනපදය නතරවනුයේ සිවිල් යුද්ධයක අමිහිරි මතකය සිත දරාගෙනයි. ඉතිං ඒ මේ දෙවැනි සිවිල් යුද්ධය අවසාන වෙන්නේ “ගිලියාඩ්” නම් වූ ක්‍රිස්තියානි මුලධර්ම වාදී(කල්පිත) ඒකාධිපති පාලනයක් මුළු රටම වෙලා ගැනීමත් එක්කයි. නව පන්ති ක්‍රමයක්, නීතිරීති හා හමුදා පාලනයක් හිස් මුදුනෙන් වැලද ගන්නා මේ අධමයන්
තමුන්ගේ කුරිරුකම හඬනගා පැවසීමට යොදාගන්නේ ගැහැනුන් කිව්වොත් මම නිවැරදි.
මෙහිදී කාන්තාවන් ප්‍රදාන පන්ති 4ක් අපිට දැක ගන්න පුලුවන්.
1. Wives(බිරින්දෑවරු) – ගිලීඩයේ ඉහලම කුලයේ කාන්තාවන් තමයි මේ. මොවුන් කටයුතු කරන්නේ ජනරජයෙ කමාන්ඩර් වරුන්ගෙ බිරින්දෑවරුන් ලෙස. අදින ඇදුම්වල වර්ණය කොල පාටට හුරු නිල්.
2. Marthas(මාර්තා වරු/ගෘහ සේවිකාවන්) – මොවුන් ඉහල පැලැන්තියෙ අයගෙ සේවිකාවන් ලෙස කටයුතු කරන්නෙ. ආහාර පිසීම,පිලිගැන්වීම වගේ කටයුතු සිදු කරන්නෙ. ඇදුම් වල වර්ණය ලා කොළ පාට.
3. Aunts(ආන්ට් ලා) – මොවුන් තමයි (Handmaids) හෑන්ඩ්මේඩ්ලගෙ පාලන කටයුතු සිදු කරන්නෙ. හෑන්ඩ්මේඩ්ලාව පවතින සමාජ තත්වයට හුරු කිරීමත්, අවනත කිරීමත්,දඩුවම් දීමත් මොවුන්ගේ කාර්‍යයක්. ඇදුම්වල වර්ණය අලු පාට.
4. Handmaids (හෑන්ඩ්මේඩ්ලා/ අත්උදව්කාරියන්)
අර කලින් සඳහන් කල නිසරු ලෝකයේ ඔබ සරු කතක් නම් ඒ තමයි ඔබේ ශාපය, ඔබට සිදුවෙනවා ඒකාධිපති පාලනයේ ඉහල නිලධාරියෙකුගේ නිවසක “අත් උදව්කාරියක් (හෑන්ඩ්මේඩ් කෙනෙක්)” හැටියට කටයුතු කිරීමට.
නමුත් මේ මෙහෙකාරියන් හුදෙක්ම අත් උදව්කාරියක් නෙමෙයි, ඔවුන් ලිංගිකත්වයේ හා කුරිරුබවේ සිරකාරියක්…. ඔබගේ දොර වැඩ කරාවි, ස්වාමියා හා ස්වාමි දුවගේ දරුවන් ඔබේ කුස තුල වදාවී, නමුත් ඔබ වහලෙකුට වඩා වැඩි කෙනෙකු නම් නොවෙයි.
මේ සමාජය ඇතුලේ එවන් සරු කතක් හට රජාකාරී කිරීමේ හැකියාවක් නැහැ, මුදල් අතපත ගන්නට නොහැක, සියල්ලටම ඉහලින් ඔබට කතා කිරීමද තහනම්…. අතීතයේ සිදුවු සියලු දේ තහනම් !!! ඉතින් එවැනි දෛවයක් උරුම ඔෆ්රෙඩ් සමඟයි ඔබ කොටස් 10 පුරා මේ පළමු කතා සාමය ගත කිරීමට සැරසිය යුත්තේ…
IMDB 8.6 ක් වගේ ලොකු අගයක් දිනාගෙන ඇති ලොවම කතාබහට ලක් වුන මේ කතාව Margaret Atwood නම් ලේඛිකාව ගේ සිතින් උපන් 1985 දී ලොවට දායාද වුන විශිෂ්ඨ ග්‍රන්ථයක්. ටෝමාටෝ මීටරයට අනුව නම් 95% වාගේ අතිශය ඉහල අගයක් තමයි මේ විශිෂ්ඨ ටෙලි නාට්‍ය හිමිකරගෙන තියෙන්නේ.
එමි සම්මාන 13 ක් වෙනුවෙන් නාම යෝජනා ලබා, ඉන් 8 කුත් ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන 3ක් වෙනුවෙන් නාම යෝජනා ලබා, ඉන් 2 කුත් ජයගන්නට සමත් ,මේ කතාව තමයි 2017 වසරේ හොඳම ටෙලි නාටකය බවට පත් වුනේ.
ඒ වගේම අතිවිශිෂ්ඨ රංගන දායකත්වයක් ලබාදෙන Elisabeth Moss “අපේ කථා නායිකාව” එම සම්මාන උළෙල දෙකෙන්ම නික්ම යන්නේ හොඳම නිළිය ලෙස සම්මානත් රැගෙන.
ඉතින් කොටසක් විනාඩි 47 – 60 වගේ කාල පරාසයක් පුරා විහිදෙන කොටස් 10 කින් සමන් විත මේ විසිතුරු කතා මාලාව ඔබට භාරයි…
මතක තියාගන්න මේ කතා මාලාව පොඩි උඹට නම් නෙමෙයි…
“අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි”…
“මල්ලි පට්ට පදිරි කතාවක් තියෙනවා උඹ එකෙන්ම කරනවාද එහෙනම්” කියල අහලා වැඩේ බාර දීලා, වෙඩි වගේ ලිපිය ලියන්න උදව් කල “සමීර කරුණාරත්න” සහෝදරයටත් ස්තූතිවන්ත වෙනගමන්, සබ් එක කොටන්න උදව් කල නීලුවත් මතක් කරනගමන්, මීලඟ කොටස සමඟ නැවත හමුවෙමු. ජය…✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
46 comments
viraj harsha
viraj harsha
Ammoooo ada nm patta dawasak.. Thanks kolloo... Supiri wedakata atha gahala thiyenne...digatama demu...s02 ekath iwara wenakamma... Thanks...kynna wachana ne ithin.... Patta HAPPYYYY...
Chanlie
හූරේ අලුත්ම එකක්..... ජේයින් ජේයිම වේවා මා පුතී...
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ!.. දිගටම යමු, ජය වේවා!!!!... :-)
Asankabaiscope
සුපිරි...සබ් දෙනකම් හිටියේ...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමුවෙමුchathump
සුපිරි වැඩක් මචෝ. මම එපි 8ක් බැලුව සීසන් 1කේ. එතනින් එහාට සබ් ආවෙ නෑ. සපිරි කතාවක්. දිගටම කරගෙන යමු
තරිඳු ගමගේ
10ම ඉවර කරලා ඉවරයි,එක දිගටම ලැබේවි ඉතුරු ටිකත්. ජය ✌ !!!
isuruchamara
ela ,,digatama demu
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sandaruwan
onna ahenam banna patan gannawa thenx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Eranga Sandaruwan
එල එල.
වෙන සයිට් එකක දෙන්න ගත්තට ඉවර කලේ නෑ.මේකේ සීසන් 02 ඇවිල්ලා නේද?
Suranjan
Thanks machan.......jayawewa......!
sam fisherr
වැඩෙ කියන්නෙ මාත් මෙක බලල ඉවරයි එපි 8ක්ම.මොනාකොරන්නද ඉතුරැව හම්බ උනාම බලනව.සමිර අයියටත්(මෙතුමට හොද සිනමා රසිකත්වයක් තියනව අගෙකල යුතු අැත්තටම) ලොකු හාද්දක් දෙන්න ඔනි මෙවගෙ එකකට ඔබතුමාව දැම්ම එකටත්.නැබැ නොකියා බාරගත්ත ඔබතුමාට තමා ලොකුම ස්තුතිය යන්න ඔනි.
කතාව ගැන ලොකු දෙයක් කියන්න යන්නැ බලපුනැති අය ඉන්න නිසා.
මේක බලන අයට කතාව රස විදින්න පුලුවන් තනිකරම walking dead වල ඩුවයිට්ව හරි ඩැරල්ව නිගන් අල්ලන් ගිය මානසිකත්වයෙන්.එහෙම( මම නම් එකට මාරම ආසයි හොය හොය හිටියෙ මෙවගෙ එකක්)ආන්ඩු පෙරලි බල පෙරලි කලටිපොල් කතාවකුත් දෙන්ඩ බලන්ඩ house of cards වගෙතරිඳු ගමගේ
ඔහොමම ඉවසන් ඉන්න සහෝ, සම්පුර්ණම කතාව ඉක්මණින් ලැබෙනවා. ස්තුතියි අදහසට !!!
sam fisherr
thushara_2262
thanks bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!yasith udayanga
fatta wedak mw wage aluth ewa thama apita oni
ranga11112
balannama wenawa mekanam......????????????????
Thanks saho..........සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. අලුත් වැඩකට නොවැ අත ගහලා තියෙන්නේ. බලපු සීරිස් දෙක තුනක්ම ඉවර නිසා අරගෙන බලන්න හිතුනා. සිරාවටම කතාව ගැනනම් අදහ්සක් නෑ. බාලම බලමුකෝ..ජය වේවා.. බුදුසරණයි
තරිඳු ගමගේ
මුල් කොටස් 3ම බලන්න කතාව තේරුම් ගන්න ලේසියි එතකොට.එකක් බලලා නතර කරන්න එපා.සුපිරි රඟපෑමක් තියෙන්නේ හැම චරිතයකටම.ජය ,ස්තුතියි සහො !!!
Kanchaka
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
oshanmp
බොහොම ස්තුතියි!
Viraj
sub ekata thanks saho. jaya wewa!!
kodagoda
tnx saho supiriyak wage
neshan
ස්තූතියි සිංහල උපසිරැසියට
SanjulaJeter
thanks!
Sajitheranda05
නියමයි, ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට. පුලුවන්නම් house of cards එකටත් සබ් දෙන්න. එ්කත් සුපිරි ස්ටෝරියක්.
suranuwan
thanks.........
Kapila4499
thanks for sub broo..............................
demon
Thnkz bro
johan
GREAT
induwaratech
ela machan .. balanda patan gaththa...
pradeep hashan
balanna patan gathha
sub walata tnksKUSAL LIYANAGE
balanna ptn gaththa ekath,sub 1t gdk thanks tharindu
Rasitha Illangasinghe
Thanks sub ekata.
RisithPerera
Ko Sub eka Gnna baaa neh. Link eka vada naaaaaa
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
thank you bro
melinda
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Yahampath
Sub එක download කරන්න බෑනේ "Not allowed for this file type" කියලා වැටෙනවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ammoooo ada nm patta dawasak... Mekata baiscopelk eke sub nethi ekata patta awulen hitiye... Thanks kolloo... Supiri wedakata atha gahala thiyenne...digatama demu...s02 ekath iwara wenakamma... Thanks...kynna wachana ne ithin.... Patta HAPPYYYY...