කොහොමද හැමෝටම ? ඔන්න එහෙනම් පරක්කු නොකර අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ, දෙවෙනි කතා සමයේ දෙවැනි කොටසත් අරගෙන ඉක්මනටම ආවා.මේ උත්සාහය සමගාමී විකාශයක් එක්ක උපසිරැසි දෙන්න ලෑස්ති වෙන්නයි. අදහස් දැක්වු සැමට මෙසේ තුති පුදන්නේ ඔයාලගේ වචන,අදහස් මට නිරතුරුවම ධෛර්යයක් ගෙනෙනා නිසාවෙනි. මෙතෙක් සිදු සිදු වූ කතාව…

කොහොමද හැමෝටම ? ඔන්න එහෙනම් පරක්කු නොකර අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ, දෙවෙනි කතා සමයේ දෙවැනි කොටසත් අරගෙන ඉක්මනටම ආවා.මේ උත්සාහය සමගාමී විකාශයක් එක්ක උපසිරැසි දෙන්න ලෑස්ති වෙන්නයි. අදහස් දැක්වු සැමට මෙසේ තුති පුදන්නේ ඔයාලගේ වචන,අදහස් මට නිරතුරුවම ධෛර්යයක් ගෙනෙනා නිසාවෙනි. මෙතෙක් සිදු සිදු වූ කතාව පසුගිය සතියේ ලිපියෙන් විස්තර කළ නිසා මම ආයේ මතක් කරන්න යන්නේ නැහැ ඒ ගැන.වැඩි කාලය නොයවා අපි බලමු පසුගිය කොටසින් සිදුවූ දේවල් ගැන.
පසුගිය කොටසින්,
හැමෝම බලාපොරොත්තු වුනා නේද,අලුත්ම ආරම්භයක් ජූන්ගෙන් ? අයියෝ සල්ලි…ඒ සියලූ බලාපොරොත්තු සුන්කරමින් ආන්ට් ලිඩියා තම බලය විහිදවූ ආකාරය තියුණු ලෙස කතාවෙන් මතුකරා.හැබැයි මට මතක විදිහට නම්, පළමු කතා සමය අවසන් වෙනකොට ආන්ට් ලිඩියා කිව්වා මේ හැමදේකටම ප්‍රතිවිපාක තියේවි කියලා.ඒ කිව්ව විදිහටම ගිලීඩයේ බලපරාක්‍රමය විහිද වූ කොටසක් ලෙස දෙවන කොටසේ ආරම්භය දක්වන්න පුලුවන්.
මාත් මුලින් හිතුවේ,නික් ජූන්ව ගෙදරින් පිටත් කරවන්න ක්‍රමයක් සූදානම් කරලා කියලා.ඒත් නොසිතූ පරිදි හෑන්ඩ්මේඩ්ලා හැම කෙනෙක්වම ක්‍රීඩා පිටියට රැස්කරලා මරණ බය ඇති කරපු කොටසට ගොඩක් දැනෙන්න ඇති කියලා හිතනවා හැමෝටම.එතැනින් නොනැවතුණු ආන්ට් ලිඩියාගේ පුද්ගලයින් හික්මවීමේ කලාව නම් අති විශිෂ්ටයි.ඒ මොන දේ කලත් අපේ කතා නායිකාව, “ජූන්” හරි අපූරුවට තම වාසිය ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනුනත්, ආන්ට් ලිඩියාගේ පලමු මට්ටමේ උපක්‍රම වලින් නොනැමුනත්,දෙවන මට්ටමට ආන්ට් ලිඩියා ලඟාවෙනකොට ජූන් තේරුම් ගන්නවා තවත් දැඟලුවොත් අතපයේ දම්වැල් දාගෙන මාස 09ක් හිරවෙන්න වෙනවාට වඩා, ලැබූ නිදහස රැක ගන්න එක හොඳයි කියලා.මේ දේවල් අතරවාරයේ අතීතාවර්ජනය ලෙස වයිට්හවුස් හා එවකට දේශපාලන බිඳවැටීම වගේම විශ්වාසයේ හමුදාවන්ගේ පහර දීම ගෙන ආවා. කරුනුකාරනා ගොඩක් පැහැදිලි මොහොතක,කතා මාලාවට නව මාවතක් එලිපෙහෙලි කරන්නට සමත්වුවා පසුගිය කොටස අවසනදී. එනම් සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් නික්ගේ හා මේඩේ සහය ඇතිව ජූන්ව අතුරුදන් කිරීමත් සමඟම.
අද කතාව,
අද කතාව ආරම්භවන්නේ ජූන්ගේ පලයාමත් සමගයි,අපි බලමු අද කතාවෙන් ජූන්ගේ පලායෑමේ වික්‍රමයට කුමක් වෙවිද කියලා, ඒ වගේම මේ පලායෑම සිදුකල හැක්කක් ද? සෑම ඒකකයකටම අණ ලැබී ඇත්තේ ජූන්ව සොයාගැනීමටයි. කරුනුකාරනා මෙසේ වෙද්දී ජූන්ට පලායාමට හැකි වේද? අද කතාවෙන් ඒකට උත්තර හොයාගන්න පුලුවන්.
පලමු කතා සමයේදී, අපිට දැනගන්නට ලැබුණා දරුණු ගණයේ අපරාධ සඳහා දඬුවම මරණයටත් වඩා අන්ත දෙයක් බව.එනම් කොලනියට පිටුවහල් කිරීමයි. ඉතින් එහෙනම් අද කතාවෙන් ඔයාල හැමෝවම ඒ අපායට එක්කන් යනවා. මිහිපිට ඇති එක් අපායක් කිව්වොත් මා නිවැරැදියි.අපි බලමු මේ අපායේ කවුද ඉන්නේ? මොනවද කරන්නේ? කොහොමද වැඩ සිද්ධ වෙන්නේ කියලා.බය වෙන්න එපා අපායට ගියත් තනියම නම් යන්නේ නැති පිරිසක් මේ අපායෙත් ඉන්නවා. කතා මාලාව ඉදිරියට ගලන ආකාර අනුවනම් කොලනියේ වැඩ ගැන ඉස්සරහට තවත් දැනගන්න ලැබේවි,කතා කරන්න ලැබේවි. අනුමාන ගොඩක් තියෙනවා,එක්කො ඕනි නැහැ,ඔයාලම බලලා කියන්නකෝ. ගිහින් එමු අපාය පැත්තට එහෙනම්.🚩ජය…😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
18 comments
Ishan Madusha
pryantha gallage
thanks to sub,,
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
........................උප සිරැසියට බොහෝම ස්තූතියි............
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Viraj
sub ekata thanks saho. jaya wewa!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsachintha
Humans season 3 සබ් කරන්න පුලුවන්ද සහෝ..
Suranjan
Thanks machan......jayawewa.......!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!sam fisherr
අපේ වචන,අදහස් නම් මොනාද සහො අපි පුංචි වචන දෙකතුනක අදහසක් දක්වනකොට ඔගොල්ලො ලයින් දෙතුන්සිය ගහගෙන හරිම අමාරැවෙන් පැයගානක් මහන්සිවෙලා මෙවා කරනව මාරම ස්තුති එකට සහො.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KUSAL LIYANAGE
ptta,thanks
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
thank you tharindu..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සහෝ