ඔන්න එක දිගටම පළවෙනි කතා සමය අවසන් වෙනකම්ම ඔයාලා වෙනුවෙන් උපසිරැසි දෙන්න පුළුවන් වුණා.පලවෙනි කතා සමයට අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම. ඔයාලා කරන පුංචිම හරි අදහස් දැක්වීමක් තමයි අපිට විශාල ධෛර්යක් වෙන්නේ.ඔයාලගේ අදහස් දැක්වීමට ස්තුති කරන්න කලින් අවස්ථාවක් නොලැබුනේ පළමු කතා සමයට…

ඔන්න එක දිගටම පළවෙනි කතා සමය අවසන් වෙනකම්ම ඔයාලා වෙනුවෙන් උපසිරැසි දෙන්න පුළුවන් වුණා.පලවෙනි කතා සමයට අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම. ඔයාලා කරන පුංචිම හරි අදහස් දැක්වීමක් තමයි අපිට විශාල ධෛර්යක් වෙන්නේ.ඔයාලගේ අදහස් දැක්වීමට ස්තුති කරන්න කලින් අවස්ථාවක් නොලැබුනේ පළමු කතා සමයටම එක පාර උපසිරැසි දෙමුයි කියන අදහස සමීර සහෝ දාපු නිසයි.ඒ කොහොම වුනත් මෙදා පාර සමගාමී විකාශයත් එක්ක දෙවන කතා සමයේ උපසිරැසි ලබාදීම අවසන් කරන්න පුලුවන්, මොකද කතා මාලාව HULU නාලිකාවේ තවම විකාශය වන නිසා.
අදහස් දැක්වීම ගැන මතක් කරනකොටම, ඒ තුළින්ම පලවෙනි කතා මාලාව ගැන පොඩි දෙයක් ගැන කියන්න හිතුනා. ඔෆ්රෙඩ් හෙවත් ජූන්, “අපේ කතා නායිකාව” ගැන එක සහෝදරයෙක් අදහස් දක්වලා තිබුණා, ඔෆ්රෙඩ් ට සුපිරි බලයක් තිබුණා නම් කුමක් වේවිද කියා? එයට මාත් මෙසේ අදහසක් එක් කරන්නම්,
ෆෑලෑශ් ට වගේ හයියෙන් දුවන්න පුළුවන් වූනා නම් ,එක තත්පරයෙන් හෑන්ඩ්මේඩ්ලා පමනක් ඉතුරුකර ගිලීඩය විසින් පාලනය කරන සෑම තැනකම සිටිනා සියලුම විශ්වාසයේ හමුදාවන්ගේත්, කමාන්ඩර්වරුන්ගේත්, ආන්ට්ලාගේත් සියලු ජීවිත එක තත්පරයෙන් අවසන් කර දමාවි. ඇරෝට වගේ ගහගන්න ඊතල විදින්න පුළුවන් වුනා නම්, ගිලීඩයේ ඉන්න හමුදාවන්, කමාන්ඩර්වරුන්, ඔවුන්ගේ බිරින්දෑවරු සියලු දෙනාම පිළිවෙළකට ලැයිස්තුවකට අවසන් කරාවි. ඒත් ඒ කිසි ම සුපිරි බලයක් නැති ඔෆ්රෙඩ් හරි අපූරුවට කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් එක්ක මොලයෙන් ගහන ගේම, මිසිස්.වෝ ටර්ෆෝර්ඩ් ට එකට එක කරන අපූරුව, නික් හා කමාන්ඩර් ව හරි අපූරුවට භාවිත කරන ආකාරය ,ආන්ට් ලිඩියා එක්ක ගේම ඉල්ලන හැටි, යාලුවන්ව බේර ගන්න දඟලන හැටි හරි අපූරුවට ඔයාලට මතක වෙනවා ඇති.
දෙවෙනි කතා මාලාව ආරම්භ කිරීමට සාරංශයක් ගෙන එනවා නම් පලමු කතා මාලාව තුලින්,
- පළමු කතාමාලාව ආරම්භයේ ජූන් හැනා හා ලුක් දේශ සීමාවෙන් පැන යෑමට දරන උත්සාහයක් ව්‍යාර්ථ වීමකින් තමයි කතාව ආරම්භ වෙන්නේ.පසු ව ජුන්ට Red Center තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් බවටත් ,හැනා ව දරුවන් රැක බලාගන්නා මධ්‍යස්ථානයකත්, ලුක් සරණාගත කඳවුරකත් ලැගුම් ගන්නට සිදු වෙනවා.
- පලමු කතා සමය අවසන් වන විට, ගිලීඩයේ සැබෑ අරමුණ දරුවන් වැදීම පමනක් නොවී, වෙනත් රට වලට දරුවන් විකිණීම දක්වා ගලා යනවා, ඒ අතර වාරයේ ගිලීඩය ක්‍රමයෙන් විකාශනය වූ ආකාරය ,විශ්වාසයේ හමුදාවන්ගේ පැමිණීම, කමාන්ඩර්වරුන්ගේ අතීතාවර්ජනය, පාලන ක්‍රමය බිහි වූ ආකාරය ,දඬුවම් ක්‍රියාත්මක වන ආකාරය, වර්තමාන සෞඛය පිරිහීම හා සරුභාවය වැනි කරුනුත්.
- මුලධර්මවාදී ආගමික පසුබිමත්, Red Center තුලින් පලා යන්නන්ට වන ඉරනමත්, සැබෑ හමුදාවට වඩා රහස් හමුදවේ ක්‍රියාකාරිත්වය ගැන තොරතුරුත් , වර්තමාන තත්වයන් හමුවේ දරුවකුට මේ සමාජයේ ඇති වටිනාකමත්,උසස් පන්තියේ රහස් සමාජ ක්‍රියාකාරකම් දක්වන්නත් පුළුවන්.
- පලමු කතා සමය අවසන් වුයේ ඔෆ්රෙඩ් සියලු දෙනාටම ප්‍රශ්න වැලක් ඉතුරු කරමින් නික්ගේ දරුවා කුසේ දරාගෙන,නික්ගේ වචනය විශ්වාස කරමින්, කමාන්ඩර් ෆ්‍රෙඩ්ට හා සෙරීනාට තරු පෙන්වමින් විශ්වාසයේ හමුදාව විසින් ඇය ව ගෙදරින් රැගෙන ගිය අවස්ථාවෙන්. මම නම් පුද්ගලිකව සතුටු වුන අවස්ථාවක් තමයි ගෙදරින් යන වෙලාවේදී ජූන් සෙරිනාට දාපු බැල්ම. පළමු කතා සමයේදී සියළුම නළු නිළියන් සෑම චරිතයකටම මැනවින් සාධාරණය ඉෂ්ට කල කතා සමයක් වුණා.
- අන්තිම අවස්ථාවේ මාර්තා රීටා ට Mayday විසින් ඇය ලවා ගෙන්වා ගත් ලිපි පාර්සලය ගැන කීවේ ඇයි, කියන දේට පිලිතුරක් ඔයාලාට හිතාගන්න පුලුවන් ද?
එයට පිලිතුරු මේ කතා සමයේ හොයන්න උත්සහ කරන්න ඔයාලට ආරාධනා කරනවා.
පසුගිය කතා සමය පුරාවටම පළවුන කොටස් දහයේ “නම්” ගැන ඔයාලා පොඩ්ඩක් හිතුවාද නිකමට ? ඇයි ඒ කොටස් වලට ඒ නම් යෙදුනේ කියලා. ඒ හැම කොටසකටම යෙදුන නමින් ඒ දවසේ කතාව පැහැදිලි කරන කතා දෙකක් බැගින් තිබුණා, මම නිවැරදිනම්. ඔයාලටත් එහෙම හිතුණද ?
එහෙනම් දෙවන කතා සමයේ පලමු කතාව දෙසට හැරෙන්නයි මේ සූදානම,
අද කතාව
IMDb දර්ශකයේ 9.2ක අගයකින්ම අද කතාව පටන් ගන්නකොටම පිස්සු හැදෙනවා නේද ? ඔව් ඔව් , පසුගිය කතා 10ටම වඩා මෙම කොටස ඔයාලව පිස්සු වට්ටයි කියලා මම කිව්වොත්, මම නිවැරැදයි.මට හොඳටම විශ්වාසයි ඒ ගැන. ඇත්තටම ඒක එහෙමයි. මේ කතා සමය ඔයාලව හැම මොහොතකම පුදුම කරන්න සමත් වෙවි. අද කතාවේ නම “ජූන්”.ඔයාලට මතක ඇතිනම් මෙම කතා මාලාව පටන් ගන්නකොට පළමු කතාවේ නම වුනේ “ඔෆ්රෙඩ්”. මම ඔයාලට කිව්වා එතකොට “ජූන්” කියන නම දැන් තහනම් කියලා. දැන් දෙවන සමය පටන් ගන්න වෙලාවේ ඒ තහනම් ඉවත දමනවා කිව්වොත් මං නිවැරදියි.
ජූන්වත් කිසිවක් නොදැන කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ ගෙදරින් විශ්වාසයේ හමුදාව සමග නික්ගේ වචනයට පිටත්ව ගිය ඒ ගමන අද කොතනින් නතර වෙවිද?
පසුගිය කතා සමයෙන් බිදීගිය ආන්ට් ලිඩියා නැවත ශක්තිමත් වේවිද? නැතිනම් හෑන්ඩ්මේඩ්ලා බලවත් වෙවිද?
සුපුරුදු පරිදි අද කතාව ගොඩක් සංවේදී වගේම තියුණුයි. මම ඒ ගැන වැඩිය කතා නොකරම, පිස්සු හැදෙන කතා මාලාවක, දෙවන සමයේ පලමු කතාවෙන්ම ඔයාලව ආයේ පිස්සු වට්ටන්න සුදානමින්, කතාව ගැන ඔයාලගේත්, අදහසත් එක් කරන්න ඉල්ලමින්, ඊලග කොටසින් හැකි ඉක්මණින්ම හමුවන තුරු, හැමෝටම ජය…🚩 ගිහින් එන්නම් එහෙනම්.😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
25 comments
chathump
Shiromal
elama..
hithuwata wada ikmanata deweni season ekath dunnane..
Thanks for Sub..
Good Luck..Pradeep321
thanks magabalgena hitiye
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
sam fisherr
මේකෙ දෙවෙනිසිසන් එකටත් සබ් තියනව දැක්කම මටනම් හිතාගන්න බැ මොන දෙයියන්ට ස්තුති කරන්නද කියලඑත් දෙයන්ට ස්තුති කරල වැඩක් නැනෙ ඔබතුමානෙ මහන්සි වෙලා මෙකට සබ් ගෙන්නෙ එකනිසා ඔබතුමාට ගොඩාාක් ස්තුතිඅපි පලවෙනි සිසන් එකට සබ් නැතුව ලතවි ලතවි ඉන්නකොට එකත් පටගාලා දිල ඉවර කරල දෙවනි එකත් ගෙනාවනෙ පට්ට ස්තුති.
සුපර් මැන්ලා නැ
ස්පයිඩ මැන්ලා නැ
රොබින් හුට්ලා නැ
කෙල්ලට නමකුත් නැ
හැප්පෙන්න එන අයට ඇපත් නැතරිඳු ගමගේ
අදහසට ස්තූතියි සහෝ. ජය ...!!!
GTRZ
Ammo... Thanks machan.
S2 ekata sub dakkama patta fun ekak awe.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
සිංහල උපසිරැසියට thankssssssssssssss
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේක මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවේ නැ...
ආපු ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
shehanp
Thank You
Padeep Udayanaga
ස්තුති මචෝ සබට..
දිගටම කරන් යන්..
ජය.. !losaka
ස්තුතීයි සහෝ ජය වෙිවා !!!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!ranga11112
උපසිරසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho. jaya wewa!!
KUSAL LIYANAGE
sub 1t gdk sthuthi
Hmdeshi12
Supiri sub..........digatama karn yan.....
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සුපිරි මචං. දිගටම කරගෙන යමු. Good kuck