සුභ දවසක් වේවා හැමෝටම ! අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාව,මේ වන විට ගොඩාක් තියුනු ලෙස ඉදිරියට ගලාගෙන ඇවිත් තියෙනවා.දෙවන කතා සමයේ තුන්වැනි කතාවත් සමගයි අද එක් වන්නේ.ඊට මත්තෙන් අපි දෙවන කොටස පිලිබඳව පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. පසුගිය කොටසින්, ජුන්ගේ පලායාමෙන් ඇරඹෙන පසුගිය කතාව ගොඩාක් දුරට වෙන්වුනේ කොලනිය පිල…

සුභ දවසක් වේවා හැමෝටම ! අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාව,මේ වන විට ගොඩාක් තියුනු ලෙස ඉදිරියට ගලාගෙන ඇවිත් තියෙනවා.දෙවන කතා සමයේ තුන්වැනි කතාවත් සමගයි අද එක් වන්නේ.ඊට මත්තෙන් අපි දෙවන කොටස පිලිබඳව පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
පසුගිය කොටසින්,
ජුන්ගේ පලායාමෙන් ඇරඹෙන පසුගිය කතාව ගොඩාක් දුරට වෙන්වුනේ කොලනිය පිලිබඳව තොරතුරු , “ඔෆ්ග්ලේන්” හෙවත් “එමිලිගේ” අතීතාවර්ජනය සමඟ කියාපාන්නටය.
ජූන්ගේ අදිටන කෙසේ හෝ ඉක්මනින් පලායෑම හෝ හැනාව නැවත ලබාගැනීම වුවත්, ඇය හිතන් ඉන්න තරම් ඉක්මනින් ඇයට ඉඩහසර වෙන්වන පාටක් නැති බව පේනවා.නික් පවසන පරිදි ඉදිරි මාස දෙකක් පමන,ඇයට ඇගේ නැවතුම්පොළ කරගන්නට වෙනවා.සතුන් මරා,ඇසුරුම් කල, අත්හැර දැමු ආයතනයක් තමයි ඇයට මෙවර ලැගුම්ගන්නට වන්නේ.
ඇය එහි කාලය ගතකරන ආකාරය පෙන්වන අතරවාරයේ එමිලිගේ අතීතය කරලියට ගෙන ආවා. ඇයගේ උසස් පාසල් ඉගැන්වීම් කාලය හා සම්බන්ධ විශ්වාසයේ හමුදාවන්ගේ බලපෑමත්,ඇයට සිය පවුල අත්හැර තනිවන්නට සිදුවු ආකාරය ගැන පැහැදිලි ඇති හැමෝටම, මේ කුරිරු සමාජයේ ඉගෙනගත් කාන්තාවන්ට කිසිම ස්ථානයක් වෙන්ව නැති බව පසක් කලා පසුගිය කොටසින්.ඒ වගේම මේ සමාජයේ සමලිංගිකත්වය වරදක් බව ඔප්පුවුන කතාවක් බවට පත්වුවා කිවහොත් මා නිවැරැදිය.කරුනු කාරනා එසේ වෙද්දී වැඩි කාලයක් වෙන්වුනේ කොලනියේ වත්මන් තත්වය විස්තර කරන්නටයි. මිහිපිට අපායකට නොදෙවෙනි වු එයා ගිලීඩයේ කුරිරුබව කියාපාන්නටය සමත් ස්ථානයක් බව නොරහසක් හැමෝටම දැන්. එමිලි කොලනියේ සිටිනා අනෙකුත් කාන්තාවන් සමග හොඳ සබඳතාවක් මේ වනවිට ගොඩනගාගෙන බව සාක්ෂි ලැබුනා කොලනියට පැමිනි wive(බිරින්දෑ) කෙනෙකුට ලබාදුන් පලිගැනීමෙන්.
කොච්චර නම් වෛරයක් හිතේ තද කරගෙන ඉන්නවා ඇතිද? මේ හෑන්ඩ්මේඩ්වරියන්.මේ කුරිරු සමාජය ඇයට සලකන ආකාරය කෙතරම් කුරිරුද?දරුවන් වදන්න පුලුවනිනම් වහලියක්,එය නොහැකිනම් වහලියකගේ නිදහසවත් උරුම නොවේවි ඈ හට. මිහිපිට අපායක් බඳු කොලනියේ විස්තර අවසන් වුයේ අපේ “අහින්සකාවිය”/ “ජෙනින්” කොලනියට සේන්දු වුවාට පසුවයි. ජෙනින් හා එමිලි එක් වී කිනම් පිස්සුවක් නටාවිද? මටනම් පුදුම කුතුහලයක් ඉතුරුකලා අවසනදී අපි බලමු මොකකින් මොකක් වේවිද කියලා.
අද කතාව,
අද ආරම්භයේ පටන් ජූන්ගේ පලායෑම උපරිම අදියරකට ඔසවා තබන කතාවක් බවට පත්වන බවනම් නොඅනුමානයි. ඒ සමඟම මෙතෙක් නොදැකපු සමාජ පැතිකඩක් ගැන දැනගන්නට හැකියාව ලැබෙනවා.
ජූන් තනියම සත්ව ඝාතකාගාරයේ මොනවා කරනවා ඇතිද? මාස දෙකක ඇවෑමෙන් පසුව පැනයාම, කෙසේ සැලසුම් කරගන්නට නික්ට හා Mayday එකට කෙසේ හැකියාව ලැබී ඇත්ද?
ඒ එක්කම, සීමාවෙන් එපිට ලෝකයේ මොනවා වෙනවා ඇතිද මේ වෙනකොට? මොයිරා,ලුක් ජූන්ව අමතක කරලා දාලද? නැත්නම් ඔවුන් මොනවා කරනවා ඇතිද?
අද කතාව අවසනදී ඔයාලව උස්සල පොලේ ගැහුවා වගේ තියේවි කියනදේ පමනක් මතක් කරමින් සමුගන්නවා, 😬 ඉක්මනින්ම සමගාමී විකාශයත් එක්ක හමුවන්න බලාපොරොත්තුවෙන්.හැමෝටම ජය…!!! 🚩
😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
22 comments
GTRZ
pryantha gallage
thanks tharindu me story eka nam patta hamoma balanna one story ekak thanks again
Shiromal
Thanks for Sub..
Good Luck..Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sam fisherr
වහල්කම ගැන කියනවනම් කියන්න කොච්චර දෙවල් තියේ මම නම් හිතන්නැ අපි මේ කතාව කොච්චර ආසාවෙන් බැලුවත් අපිට ජුන් ඉන්න තත්වය,වහලියක් වෙනඑක මොනවගේද කියන එක හරියටම හිතාගන්,එ feeling එකම තේරැම් ගන්න බැ(එත් සමහර තැන්වලදි රගපාන අය,අධ්‍යකෂක ගෙ දක්ෂ කම නිසා ගොඩාක් හොදට එක මොනවගෙද කියල අපිට දැනගන්න feel වෙන විදිහට නර්මානය කරලාතියනව මම නම් මාරම ආසයි මේකට කවුද කියල තියනවනෙ දෙයක් තමන්ට වෙනකම් එක මොනවගෙද කියල දන්නැ කියල.ඔය වහල්කම අත්ත එකක් නෙමේ බොරැක කතාවක් ඔච්චර නහයෙන් අඩන්න එපා කියල කවුරැ හරි කියන්න පුලුවන්.එත් ඇත්තටම අපි ජිවත්වෙන අංශක විසිතුන හමාරක් ඇල,පැය විසිහතරෙන් වටයක් කැරකෙන ලොකෙ වහල්කම තිබ්බෙ නැද්ද??????හිට්ල යුදෙව් මිනිස්සුන්ට එහෙමකරා(මේ ගැන තිබෙන පොත් ගොඩාක් තියනව එයින් එකක් හරි කියවල බලන්න මම කියන්නෙ ඇනාගෙ පොතෙන් එගැන ලොකු දෙයක් එන්නැ ඉටවඩා කදවුරැ ජිවිත ගැන පොත්තියනව අැඩෙනව)තව කලු ජාතිකයන්ට සුදු(මහත්තුරැ)එහෙම කරා ,රිජිප්තුවෙ එහෙම තිබ්බ අනාගතෙ,මේ කතාවෙ තියනවගෙ පරිසර දුෂනය නිසා ඇත්තටම එහෙම උනොත්........(ඇත්තටම වද භාවය කියන එක ඉස්සරට වැඩිය වැඩි කියල මම පොඩි ලිපියක් දැක්ක.ඉස්සර පවුලක 10,12 අද කියද)අපිට මෙහෙම නොවි තියෙයිද.......අපි ස්කොලෙට,ස්පිරිතාලෙට ගියොත් එගොල්ලො කියන විදිහට ඉන්න ඔනි ඔක ජුන්ලට වෙච්ච පැත්තෙන් උනොත්?????????????
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයbaiscope_chandima
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...
isuruchamara
thanks..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suranjan
Thanks machan.......jayawewa.......!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suraswv
thanks bro
KUSAL LIYANAGE
kathawa ptta,thanks sub 1t
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you bro!! balagena hitiye denakan.