ඔන්න මම නැවතත් ඔයාලට කොරියානු ටෙලි කතාවක් අරගෙන ආවා. මේ කතා මාලාව බලන්න කියලා ගත්තාමයි දැක්කේ බයිස්කෝප් අඩවියේ මේකට උපසිරැසි නෑ කියලා. ඉතින් මම මේකට උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා. හැමෝම කියනවානේ පළමු ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ කියලා. ඒත් අවුරුදු ගාණක් තිස්සේ එක හිතින්ම ආදරය කරලා ආදරය වෙනුවෙන්…

ඔන්න මම නැවතත් ඔයාලට කොරියානු ටෙලි කතාවක් අරගෙන ආවා. මේ කතා මාලාව බලන්න කියලා ගත්තාමයි දැක්කේ බයිස්කෝප් අඩවියේ මේකට උපසිරැසි නෑ කියලා. ඉතින් මම මේකට උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා.
හැමෝම කියනවානේ පළමු ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ කියලා. ඒත් අවුරුදු ගාණක් තිස්සේ එක හිතින්ම ආදරය කරලා ආදරය වෙනුවෙන් කරන්න තියන ලොකුම පරිත්‍යගයත් කළාට පස්සේ ආදරවන්තිය දාලා ගියොත් මොනවා හිතෙයිද? පළිගන්න හිතෙයිද? මැරෙන්න හිතෙයිද? එහෙමත් නැත්නම් ඒක එයාගේ සතුට කියලා හිතලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ගිය කෙනා ගියාවේ කියලා එයාව අමතක කරලා දායිද? පළමු ආදරේ අමතක කරන්න පුළුවන්ද? කෙනෙක් ලොකු ද්‍රෝහී කමක් කල පමණින්ම ආදරේ වෛරයකට පෙරළෙනවද? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා.
The Innocent Man නම් මේ ටෙලි කතාව 2012 වර්ෂයේ KBS2 නම් කොරියානු නාළිකාවේ විකාශය වුණු කතා මාලාවක්. කොරියානු කතා බලන අයට නම් හුඟක් හුරු පුරුදු Sungkyunkwan Scandal, Descendants of the Sun යන කතා මාලා තුළින් බොහෝ ප්‍රසිද්ධියට පත් Song Joong-ki මෙහි කන්ග් මා රූ ලෙසත්, Moon Chae-won සියෝ ඉයුන් ගි ලෙසත්, Park Si-yeon හන් ජේ හී ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ආදරය සහ ද්‍රෝහීත්වය අතර දිවෙන මෙම කතා මාලාවට IMDB අගය 8/10 කුත් Google Users අගය 93% කුත් ලැබී තිබෙන අතර කොටස් 20ක් තුළ කතාව ගලා යනවා.
මෙහි ප්‍රධාන චරිතය වන කන්ග් මා රූ බොහොම දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔහුට වඩා මඳක් වැඩිමල් තරුණියක් වන හන් ජේ හී ප්‍රවෘත්ති වාර්තාකාරිනියක්. ඇය පාසල් කාලයේ සිටම කන්ග් මා රූ ගේ ආදරය හිමිවූ තැනැත්තියයි. නමුත් ඇය අතින් සිදුවන බරපතළ කරුණක් නිසා වාර්තාකාරිනියක් ලෙස ඉහළට යන සිහිනය අමතක කරන්න ඇයට සිදු වෙන්නට ඉඩ තිබුණත් කන්ග් මා රූ තමන්ගේ අනාගත සිහිනය ඇය වෙනුවෙන් කැප කර ඇයව ආරක්ෂා කරනවා. නමුත් අවුරුදු කිහිපයකට පසු ආපසු එන කන්ග් මා රූ හට හන් ජේ හීව හමුවන්නේ නෑ. ඇය විශාල සමාගමක අයිතිකරුවෙකු සමඟ විවාහ වෙලා. ඇගේ සැමියාගේ කලින් විවාහයේ දියණිය සියෝ ඉයුන් ගි. ඇය හන් ජේ හීට වඩා බාල වසර කිහිපයකින් පමණයි. ඉතින් ඉයුන් ගි ගේ හිතේ හන් ජේ හී ගැන තියෙන්නේ පහන් හැඟීමක් නම් නෙවෙයි. මේ තුන් දෙනාගේ ආදරය සහ වෛරය අතරේ දෝලනය වන ජීවිත කතා පුවත දැනගන්න මම ඔයාලට ආරාධනා කරනවා. මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,309 downloadsDownload The.Innocent.Man_.E01.Baiscopelk.com_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
26 comments
Sajiya99
dulanjalidassanayake
ammoooooo godaaaariyak thanz...drama eka dwnld krala sub danakan awuruddak vthara balan hitiya <3
tharindutg
Kohomada meka download karaganne.
TEP
Thanks for sub sis
"Come back Mister" eketh sub denna.
I Appreciate that you are doing this.Kulanjana Maduranga
subata thanks sis...keep it up...
MR
Jaya wewa Dile!!! ❤
Udara Damith Dissanayaka
THANKSSSSSSSSSSSSSSSS
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Nipunro
කොහොම ස්‍තූති කරන්නද තේරෙන්නැහැ.. කොරියන් එකක් දෙනකන් මග බලාගෙන හිටියෙ.. ඔන්න එහෙනම් එපි සේරම බානව හරී.... බුදු සරණය.!
mmadhushankha
thanks.. meke torrent eka hoyaganna amaruine.
Chanu_anu
Korean drama ekakata sub denkam maga balan hitiye.godak isthuthi...jaya wewa. "Grand prince " KOREAN drama ekatath passe sub denna puluwanda yalu... baiscopelk hamotama jaya wewa.
thanujamilandi
Ammo korean kathawak denakam bala bala hitiyee.. thank you godaaakkkk ... okkotama sub eka demu jaya wewa!!! BS!!!
පැතුම් ඉෂාර
සබට තුති ඔබට ජය!
saranga kumari
bohoma sthuthi obata.me tv series eka downlode karala godak kal.balagena hitiye sub denakan.bohoma stuthi.
Anonymous
Meke account ekak hadanne kohomada
Achi
Thanks ❤️
1997lakmallakmal
thanx.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
chandika123
Thnkzz
jbatm1990
thakzz
MV Wathsanie
please kauru hari mata meaka epsoides download karana link eka danawada?
kanchana
Mata me kathawe link eka ewanna. hoyaganna ba. Thanks
dilrukshi
descendants of the sun episodes vala sub en na ne.
Kavindu
sub eka set wen nane eka copy ekaktwath..
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks sis