Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E02] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ කියන්නේ අති දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙක්. නමුත් කන්ග් මා රූ ආදරය කළ හන් ජේ හී ගේ සිහිනය රැකගන්න එයා මිනී මැරුමක වගකීම උරපිට පටවාගෙන අවුරුදු පහකට හිරේට යනවා. ඒ නිසා එයාගේ වෛද්‍යවරයෙකු වීමේ සිහිනයත් අවසන් වෙනවා. නමුත් අවුරුදු හයකට පස්සේ ආපහු එන කන්ග් මා රූව පිළිගන්න හන් ජේ හී නම් එන්නේ නෑ. ඒ […]

කන්ග් මා රූ කියන්නේ අති දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙක්. නමුත් කන්ග් මා රූ ආදරය කළ හන් ජේ හී ගේ සිහිනය රැකගන්න එයා මිනී මැරුමක වගකීම උරපිට පටවාගෙන අවුරුදු පහකට හිරේට යනවා. ඒ නිසා එයාගේ වෛද්‍යවරයෙකු වීමේ සිහිනයත් අවසන් වෙනවා. නමුත් අවුරුදු හයකට පස්සේ ආපහු එන කන්ග් මා රූව පිළිගන්න හන් ජේ හී නම් එන්නේ නෑ. ඒ අතරේ එයාගේ සහෝදරිය අසනීප වීම නිසා කන්ග් මා රූ මුදල් අඟහිඟ වලින් පෙළුණත් කිසි කෙනෙක් පරණ වැරැදිකාරයෙක් නිසා එයා රැකියාවක් දෙන්නේ නෑ. ඉතින් තමන්ගේ දක්ෂතා පැත්තකින් තියලා අවන්හලක වැඩ කරන්න එයාට සිද්ධ වෙනවා.

සියෝ ඉයුන් ගි කියන්නේ ටේ සන් සමාගමේ උරුමක්කාරිය. කෙල්ලෙක් කිව්වට හදවතේ කිසිම තෙමනයක් ගෑවිලා නැති හැම දෙයක්ම ගනුදෙනුවක් විදිහට දකින කෙනෙක්. එයාට නිදන්ගත රෝගයක් තියනවා. ඒ වගේම තමන්ගේ තාත්තගේ දෙවෙනි බිරිඳ වුණ හන් ජේ හී එක්ක ලොකු වෛරයකින් ජීවත් වෙන්නේ. හන් ජේ හීට රිදවන්න අවස්ථාවක් තියනවා නම් අත් අරින්නේ නෑ.

හන් ජේ හී කියන්නේ මුඩුක්කු පළාතක ජීවත් වුණ ලොකු හීනයක් තිබුණ තරුණියක්.බොහොම අමාරුවෙන් වාර්තාකාරිණියක් වුණත් අන්තිමේදී එයාගේ අතින් සිද්ධ වුණ බරපතළ වැරැද්දක් නිසා එයාට එයාගේ සිහින අමතක කරලා දාන්න සිද්ධ වෙන්න ඉඩ තිබුණත් කන්ග් මා රූ නිසා ඒකෙන් ගැළවෙනවා. හැබැයි අවුරුදු හයකට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ සමාගමක සභාපති කෙනෙක් සමඟ විවාහ වෙලා කුඩා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. එයාගේ සැමියගේ දුව සියෝ ඉයුන් ගි එක්ක එයාගේ තියෙන්නේ කොහොම සම්බන්ධයක්ද කියලා නම් කියන්න තවම කල් මදි. නමුත් හන් ජේ හී පවා තවමත් කන්ග් මා රූ ගැන හිතනවා කියන එක අපිට පේනවා. මොකද එයා තමන්ගේ ජීවිතේ පුරාම ණය ගෙවනවා කියලා කන්ග් මා රූට කිව්වත් ඒක මේ වෙනතුරු කරන්න බැරි වුණ නිසා. කොහොම වුණත් ගිය වතාවේ කන්ග් මා රූ ආපහු කොරියාවට එද්දි ඒ ගුවන් යානයේම පළමු පන්තියේ හන් ජේ හී සහ සියෝ ඉයුන් ගි හිටියා. ඉයුන් ගීගේ රෝගය හොඳටම වැඩි වෙලා එයා මැරෙන්න යද්දි කන්ග් මා රූ එයාව බේරගන්නවා. හැබැයි ඔන්න කන්ග් මා රූට ඒ වෙනුවට ලැබෙන්න යන්නේ තෑග්ගක් නම් නෙවෙයි. තමන්ව වෛද්‍යවරයෙක් නොවෙන කෙනෙක් අතට භාරදුන්නා කියලා ඉයුන් ගිට හොඳටම තරහා යනවා. ඊටත් පස්සේ හන් ජේ හී කන්ග් මා රූ බලන්න යනවා. ඒක දැනගන්න ඉයුන් ගි මොකද කරන්නේ? මා රූ ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න නම් අද කතාව නරඹන්න වෙනවා.ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,137 downloadsDownload The-innocent-Man-E02.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

3,137 downloadsDownload Subtitles28 KB

18 comments

  1. Thrishala95

    Thanks for sub

  2. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

  3. Kulanjana Maduranga

    subata thanks

  4. rehani

    thank you dr....

  5. lushan...thusi

    රසවත් කතා මලාවකට සබ් ටයිටල් ලබා දුන් සහොදරි ඔබට බේහේවින් ස්තුති...

  6. thanujamilandi

    Thank you sub ekaata godaariyakkk.... Jaya wewa!! BS!! Digatama sub demu...

  7. udayakumari

    ගොඩ කාලයක් බලාගෙන හිටියා මේකට .ස්තුතියි

  8. Deshani

    thank you

  9. 1997lakmallakmal

    thank you....

  10. Oshan wudith

    ඇඩෙනව සුපිරි . සබ් එකට බොහොම තැන්ක්ස්

  11. kasun7777

    meke download karaganne kohomada

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. dagi1

    tankzzz ithuru tika ikmanata damu

  14. Jayasanka

    Supiri kathawa. Thanks

  15. virajash

    download link ekak danna puluwanda/

  16. chamara indika

    THANKS

  17. Dushmantha Ranasinghe

    Thanks sub eka

  18. Krishani

    Thank you