Watch Trailer

Strike Back [S07 : E03] Sinhala Subtitles | ඉන්දියානු ගමන.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් හැන්ටො ගොඩනැගිල්ල වටලද්දී එතන හිටිය මනුස්සයාගෙන් නෝවින් හුගක් තොරතුරු දැනගත්තා. හැබැයි මිනිහා කිම් වෙයි-ෆොන්ග්ට පිටුපෑවා කියල දැනගත්තට පස්සේ මේ ගැන ලෞෂු කිම්ට කියලා ගුවන් යානයට පහර දීලා මංකොල්ල කාපු මිසයිලය ලොරියට පටවගන්න ඕන කරපු තැන වෙනස් කරලා තිබුනා. මේ නිසාම සෙක්ෂන් 20 එකේ අය දේශී…

පසුගිය සතියෙන්

හැන්ටො ගොඩනැගිල්ල වටලද්දී එතන හිටිය මනුස්සයාගෙන් නෝවින් හුගක් තොරතුරු දැනගත්තා. හැබැයි මිනිහා කිම් වෙයි-ෆොන්ග්ට පිටුපෑවා කියල දැනගත්තට පස්සේ මේ ගැන ලෞෂු කිම්ට කියලා ගුවන් යානයට පහර දීලා මංකොල්ල කාපු මිසයිලය ලොරියට පටවගන්න ඕන කරපු තැන වෙනස් කරලා තිබුනා. මේ නිසාම සෙක්ෂන් 20 එකේ අය දේශීය පොලිසියේ අය එක්ක මේ අය ලබාගත්ත තොරතුරු වලට අනුව වටලන්න ගියාම එතන කිසිම දෙයක් තිබුනේ නැහැ. පස්සේ ස(ර්)කෝවාගේ අත් උදව් කාරයා ලග තියෙන ෆයිල් එක ස(ර්)කෝවා සෙක්ෂන් 20 එකේ අයට අරගෙන දුන්නම මේ අයට ඒකෙ තිබිලා ඉහල කමිසුරු මැකිට්‍රික් වගේම කිම් වෙයි-ෆොන්ග් දෙන්නා හුගක් සම්පව කතා කරන පින්තූර කිහිපයකින් වගේම කොල්ට්‍රේන් හොයාගත්ත විස්තර වලට අනුව දැනගන්න ලැබෙනවා මිනිහා ශන් කෝගේ කැසිනෝවල සූදු කෙලලා සෑහෙන ණය වෙලා කියලා. මේ දේවල් ගැන කොල්ට්‍රේන් කෙලින්ම මැකිට්‍රික්ගෙන් ඇහුවට එයා ඒ හැටි විස්තරයක් කිව්වේ නැහැ මොකද මැකිට්‍රික් බයෙන් හිටියේ එයාගේ නෝනයි, දුවලා දෙන්නයි ගැන. කෙනෙක්ට ණය වුනා වගේ නෙවේ ඒ දේවල් වලට ගෙවීමක් කරන්න කාලයකුත් එනවාමනේ. ඉතින් ඒ තත්වේ මැකිට්‍රික්ටත් උදා වෙනවා අර රුසියානුවන්ගේ හොරකම් කරපු මිසයිලය නගරෙන් පන්නගන්න මේ අයට රාජතාන්ත්‍රික අනුමැතියක් ඕන වෙලා කිම් වෙයි-ෆොන්ග් මැකිට්‍රික්ගේ ණය වලට හිලව් කරනවා.

මැකිට්‍රික් යන එන ගමන් මග පුරාවටම එයාගේ පස්සෙන් කොල්ට්‍රේන්ගේ අණ මත වායට්, නෝවින් වගේම ස(ර්)කෝවා ගියත් අතරමගදී තමන්ගේ හිතු මනාපයට වැඩ කරන ස(ර්)කෝවාව ලෞෂු අල්ලගන්නවා. මේ වෙද්දී මුලදී රාජතාන්ත්‍රික අනුමැතිය දෙන්න බැහැ කියපු මැකිට්‍රික් අත්සන් කරලා එයාට අනුමැතිය දෙනවා තමන්ගේ පවුලට මොකක් හරි කරදරයක් වේවි කියලා හිතලම. මේ අතරේ අපිට මුලදී අභිරහසක් වෙච්ච කෝප්‍රල් ඩේවිස්ගේ මිනීමරුවා ලෞෂු කියලත් දැනගන්න ලැබෙනවා. ඔය අතරින් පතර “20” කියලා කියන්නේ සෙක්ෂන් 20 එකට හොදේ. 😁 මැකලැස්ටර් ලියෝන්ග්ගේ උදව් අරන් එතනට එද්දී වායට්, නෝවින් දෙන්නා මැකිට්‍රික්ව තියාගෙන හිටිය තැනට කඩාගෙන පාත්වෙලා ඒ අයට පහර දීලා මැකිට්‍රික්ව බේරගන්නයි හැදුවේ. ඒත් ඒ දෙන්නා එතනට කඩාගෙන පනිද්දී ලෞෂු මැකිට්‍රික්ගේ බඩ ගාවින් කපලා තුවාල කරලා පැනලා ගියා. මැකිට්‍රික් දීපු රාජතාන්ත්‍රික අනුමැතිය එයා ලවාම අවලංගු කරන්න හැදුවත් ඒක වුනේ නැහැ. මොකද මිනිහා තමන්ගේ පවුල කැප කරලා වෙඩි තියාගෙන මැරිලා ගියා. මේ අතරේ මෙහෙයුම පැත්තක දාලා නෝවින් ලෞෂුගේ පස්සෙන් ගිහින් එයා එක්ක සටනක් දීලා එයාව මරලා දැම්මා ලෞෂු සෝයි ඩේවිස් මරලා දාපු නිසා.

රාජතාන්ත්‍රික අනුමැතිය ලුහුබදින කොල්ට්‍රේන්ට දැනගන්න ලැබෙනවා මිසයිලය මැලේසියාවෙන් පිට තියෙන පාම් තෙල් වත්තකට අරන් ගිහින් තියෙන්නේ කියලා. මිසයිලය ඒ වෙද්දී හෙලිකොප්ටර් එකක අමුණන්න හැමදේම ලැස්ති කරලා තිබුනේ. වායට්, මැකලැස්ටර්, ස(ර්)කෝවා වගේම ලියෝන්ග් එතනට යන්නේ නම් මිසයිලය එතැනදීවත් ආරක්‍ෂා කරගන්න. ඒත් එතන හිටිය කිම් වෙයි-ෆොන්ගේ කට්ටිය වැඩි වෙච්ච නිසා මේ හතර දෙනාට ඒ වැඩේ කරගන්න බැරුව යනවා. හැබැයි ස(ර්)කෝවා කොහොමහරි මිසයිලය තිබුණු පෙට්ටියෙ ට්‍රැකර් එකක් හයි කරලා මිසයිලය හෙලිකොප්ටර් එකේ අමුනලා අරන් යන්නේ කොහෙටද කියලා දැනගන්න පුලුවන් වෙන්න. මේ තොරතුරු වලට හරියන්න කොල්ට්‍රේන් එයත් එක්ක ගිවිසුමකට එනවා. ගිවිසුම මොකක්ද කියන්න නම් අපි තාම දන්නේ නැහැ. ඒත් ඒ ගිවිසුම මොකක් වුනත් එයා එයාගේ කර්නල්ට අන්තිමේදී දීපු කෝල් එකට අනුව එයා 20 එකේ අය කරන්නේ ගන්න පුලුවන් ප්‍රයෝජන ඔක්කොම අරන් අහකට කරනවා වගේ වැඩක්. එහෙම නැත්තම් ඔය කියපු හැමදේම කොල්ට්‍රේන්ගේ ගිවිසුමේ තිබුණු දේවල් වෙන්නත් පුලුවන්. ස(ර්)කෝවාගේ විශ්වාසනීය බව කියන්නේ තාමත් ලොකු ප්‍රශ්නයක්. අනික කවුද මේ කිං ෆිෂර් කියන්නේ? අනික තමයි පරීක්ෂක ලියෝන්ග් අල්ලගත්ත කිම් වෙයි-ෆොන්ග්ව හිර බාරයෙ තියාගන්න පුලුවන් වෙයිද? මොකද එයා අපරාධ රැලක නායකයෙක්. අද කොටසෙ වෙන්නේ මොකක්ද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,014 downloadsDownload Strike-Back-S07-E03.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

8,014 downloadsDownload Subtitles59 KB

36 comments

  1. Aruna101

    Niyamai.thnaks sub ekata.

  2. ChamalKanishka

    thnq sub ekata..

  3. Nadisha 123

    Kohomada download kra gnna

    1. Chämàrá Sâmpáth

      බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකෙන් අරගන්න. ඔය ලොකුවට නිල් පාට බැනර් එකකුත් දාලා කියලා තියෙන්නේ.

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  7. lahiru sadaruvan

    thank you so much brother

  8. Kulanjana Maduranga

    subata thanks

  9. Ayesh Prashan

    Thank You

  10. Buddi

    Thanks...............

  11. mr.man

    thank you machn :)

  12. Kanchana

    Thanx saho

  13. 100

    Sub eakata thanks

  14. samiya

    sub akata thakz bro

  15. Bobby

    Thank you very much Chamara

  16. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ..bro

  17. suranuwan

    thanks bro...

  18. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!

  19. Rasitha Illangasinghe

    Thanks sub ekata

  20. Gayan ranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි....

  21. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.....!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Mr.pamz

    Thanks bro

  24. harshana deshan

    thank you...

  25. Hiranhiru

    උපසිරැසියට ස්තුතියි...
    තෙරුවන් සරණයි..!

  26. nishannw

    ස්තූතියි.ජය වේවා

  27. Ypnr

    Sub ekata thanks bro

  28. Kapila4499

    thanks for sub

  29. Kanchaka

    Thanks bro

  30. Sajithlakshan

    thanks ...................

  31. Ravindu Rukshan

    thx

  32. KUSAL LIYANAGE

    gdk sthuthi sub ekat

  33. Dhanushkadill

    Thankssssssss!!!!!!!!!!!

  34. Dewadithya

    Thanks for sub!

  35. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.