Watch Trailer

The King 2 Hearts (2012) [E02] with Sinhala Subtitles | අහිමියිද ආදරය මට මේ තරම්! [සිංහල උපසිරසි සමඟ]

කිම් හන්ග් අහ් යකඩ කාන්තාවක් වගේ හිටියත් එයාගේ රලු වචන, මුරණ්ඩු පෙනුම ඇතුලේ තිබුනේ ආදරණීය හදවතක්. කාන්තාවකගේ ආදරය අඩු නැතුව පිරිලා ඉතිරිලා තියන ඒ හදවත හඳුන ගන්න අවුරුදු 30ක් පුරාවට කිසිම පිරිමියෙක් සමත් වුනේ නෑ. ”ඔව්, මම හමුදා සෙබලියක් තමයි, ඒකෙන් මම පිරිමියෙක් වෙනවද? ඇයි කාටවත් මාව කෙල්ලෙක් වගේ පේ…

කිම් හන්ග් අහ් යකඩ කාන්තාවක් වගේ හිටියත් එයාගේ රලු වචන, මුරණ්ඩු පෙනුම ඇතුලේ තිබුනේ ආදරණීය හදවතක්. කාන්තාවකගේ ආදරය අඩු නැතුව පිරිලා ඉතිරිලා තියන ඒ හදවත හඳුන ගන්න අවුරුදු 30ක් පුරාවට කිසිම පිරිමියෙක් සමත් වුනේ නෑ.

”ඔව්, මම හමුදා සෙබලියක් තමයි, ඒකෙන් මම පිරිමියෙක් වෙනවද? ඇයි කාටවත් මාව කෙල්ලෙක් වගේ පේන්නේ නැත්තෙ?”
කිම් හන්ග් අහ්, අපේ සිනාසෙන දඩයක්කාරිගේ හිත එහෙම ඉකි බිඳිද්දි, ලෝක හමුදා නිලධාරින්ගේ තරඟාවලියට සහභාගි වෙන්න ආරාධනාවක් ඇයට ලැබෙනවා.

”ඒත්, කොහොමද භාර ගන්නේ. මේ වගේ තරඟෙකට සහභාගි වුනොත් කොහොමවත්ම මට කවුරුවත් කැමති වෙන එකක් නෑ. කවුද කැමති භයානක ගෑනියෙක්ව තමන්ගේ බිරිඳ කරගන්න!”
ජෙනරල්ගේ ආරාධනාව ඒ විදියට ප්‍රතික්ෂේප වෙද්දි, ජෙනරල් මේකට පිළියමක් යෝජනා කරනවා.
”ඔයා මේ තරඟෙට සහභාගි වෙලා තුන්වෙනි තැන අරගෙන දුන්නොත් මට ඇති, එහෙම වුනොත් ඔයාට සහකාරයෙක් හොයලා දෙන වගකීම මම භාර ගන්නවා.”
ඔන්න ඔය විදියටයි කිම් හන්ග් අහ් තරඟාවලියට සහභාගි වෙන්න කැමැත්ත දෙන්නේ.

ලී ජේ හා… කෙළිලොල්, දඟකාර කුමාරයා! තමන්ගේ වැඩිමහල් සහෝදරයා රජ කරන්න පුංචි කාලෙදිම විරුද්ධවාදීන් එක්ක පැටලුන වීරයා! නමුත් මෙයාගේ වීරකම් කෙළවර වෙන්නේ ලොකු ප්‍රශ්නෙකින්. අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන රජ පවුලේ සාමාජිකයෙක් විදියට මිනිස්සුන්ට දෙයක් කරන්න ඕන නේද කියන ප්‍රශ්නය රටේ රජතුමා එහෙමත් නැත්නම තමන්ගේ සහෝදරයා අහද්දී ජේ හා ගේ අදහස වෙන්නේ ඒ කාලේ රජතුමා කියන්නේ ඇත්තටම රටේ නායකයා වුනාට, අද කාලේ රජතුමා කියන්නේ රූකඩයක් විතරයි කියලා. කොහොම වුනත් රජතුමාට අවශ්‍ය වෙන්නේ ජේ හා ගේ තියන කෙළිලොල්, හිතුවක්කාර අදහස් වෙනුවට පරිනත, දුරදිග දකින පුද්ගලයෙක් ජේ හා තුළින් නිර්මාණය කරන්න. ඒ නිසා රජතුමා ගේ ඉල්ලීම පිට ජේ හා ත් තරඟාවලියට සහභාගි වෙන්න සිදු වෙනවා.

උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් අතරේ සාමය වෙනුවෙන් නිල නොවන මට්ටමේ කතා බහක් ඇති වෙන්නේ මේ වගේ වාතාවරණයක් මතයි. උතුරු කොරියාවයි, දකුණු කොරියාවයි බැඳ තබන සාමය විවාහයකින් ගෙන එන්න බැරිද! එහෙම නම් ඒ සාමයේ දූතයන් විය යුත්තේ ජේ හා සහ හ්න්ග් අහ් නොවේද!

නමුත් කිම් අහ්න්ග් හන් තුළින් තමන් පතන මටසිලුටු, අවිහිංසක ස්ත්‍රීත්වය, ජේ හා ට නොපෙනේ නම් විවාහයක් තබා ආදරයක් හෝ ඇති වන්නේ කෙලෙසද!

තෙවැනි කොටසින් හමුවෙමු! සුබ දවසක්!

 

The King 2 Hearts on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,582 downloadsDownload The-King-2-Hearts-E02.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,582 downloadsDownload Subtitles73 KB

8 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. පොඩ්ඩා

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  3. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!!!

  4. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  5. සනිඳු ලක්ඛිත

    උපසිරැසට බොහොම ස්තුතියි..!

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Prabuddha Kulatunga

    patta :D :D