දිනය- 1989 නොවැම්බර් 9වෙනිදා ස්ථානය – කොරියානු සමූහාණ්ඩු නව මාලිගය දකුණු කොරියානු රජතුමා පුවත් විකාශය නරඹමින් සිටින අතර විශේෂ පුවතක් වාර්තා වේ. වාර්තාකරු– ජර්මානුවන්ගේ අවශ්‍යතාවයට නොව ලෝක බලවතුන්ගේ වුවමනාවන් සපුරා ගැනීමට ඉඳි කළ බර්ලින් තාප්පය වසර 28කට පසුව බිඳ වැටී තිබෙනවා. නැගෙනහිර ජර්මානුවන්ගේ ඔල…

ස්ථානය – කොරියානු සමූහාණ්ඩු නව මාලිගය
දකුණු කොරියානු රජතුමා පුවත් විකාශය නරඹමින් සිටින අතර විශේෂ පුවතක් වාර්තා වේ.
වාර්තාකරු– ජර්මානුවන්ගේ අවශ්‍යතාවයට නොව ලෝක බලවතුන්ගේ වුවමනාවන් සපුරා ගැනීමට ඉඳි කළ බර්ලින් තාප්පය වසර 28කට පසුව බිඳ වැටී තිබෙනවා. නැගෙනහිර ජර්මානුවන්ගේ ඔල්වරසන් හඬවල් බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල සුලබ දසුනක් බවට පත්ව තිබෙනවා. වසර ගණනක් පුරා ඔවුන් අත්විඳි දුක් අදෝනා වල පුපුරා යෑමක් ලෙස මේ ඓතිහාසික මොහොත හැඳින්විය හැකියි.
එහෙත්… නැගෙනහිර ජර්මනියත්, බටහිර ජර්මනියත් අතර මිත්‍රත්වයේ අරුණළු නැගෙද්දි, උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර වෛරයේ ගිනි සිළු නැගෙන්නට පටන් ගෙන තිබුණි. යුද්ධයේ බියෙන් හැකිලෙන දහස් ගණනක් ජනතාව අතර දකුණු කොරියාවේ මීලඟ රජතුමා ද විය. නමින් ලී ජේ කන්ග් වූ ඔහු නවයොවුන් වියේ පසුවූවත් දෑසින් නම් දිස් වූයේ පරිණත වූවෙක් මෙන් සාමකාමි කොරියාවක සිහිනයයි.
ඒ සිදුවීමෙන් වසර 23ක් සපිරෙද්දී, සාමයේ පණිවුඩය උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් අතර හුවමාරු විය. ලෝක දේශපාලනය එසේය. සැනෙකින් වෙනස් වන සුළුය. අද ඔබේ සතුරා, හෙට ඔබේ මිතුරා විය හැක. මිත්‍රත්වයේ පළමු පියවර ලෙස අන්තර්ජාතික ශූර වීර හමුදා නිලධාරින් තෝරා ගැනීමේ තරඟාවලියට එකම කණ්ඩායමක් ලෙස උතුරු හා දකුණු කොරියානුවන් එක්ව සහභාගි වීමයි. එදා අනාගත රජු ලෙස සාමකාමි දේශයක සිහිනය දුටු ඔහු ම, මේ ඓතිහාසික සිදුවීමේ කොටස්කරුවෙකු ලෙස පෙනී සිටීම දෛවෝපගතය.
උතුරු කොරියානු පාර්ශවයෙන් හමුදා නිලධාරින් දෙදෙනෙක් හා එක් නිලධාරිනියක් යෝජනා වේ. ඒ අන් කවරෙක් වත් නොව සිනාසෙන දඩයක්කාරිය නැතහොත් කිම් හන්ග් අහ් ය. ඇගේ කෝපය පිරිමින් දවා හලු කළ හැකි මට්ටමේ යි. නමුත් ඈ සටන පටන් ගන්නේ සිනාවෙන් ය. සතුරා වරද්ද ගන්නේ ද එතනදී ය.
දකුණු කොරියානු පාර්ශවය නියෝජනය කරමින් දක්ෂයන් දෙදෙනෙක් අතරට ආධුනිකයෙක් එක්වේ. නමින් ලී ජේ හා වන මේ ආධුනිකයා සාමාන්‍ය වැසියෙක් නොව රාජකීයයෙකි. සරලවම දේශයේ අනාගත රජු ඔහුය. එහෙත් අභාග්‍යය නම්, රාජකීය භාවයේ වගකීම් සහිත ස්වභාවය වෙනුවට ඔහු සතු වූයේ විනෝදකාමි, හිතුවක්කාර යෞවනයෙකුගේ ස්වභාවය වීමයි.
සිනාසෙන දඩයක්කාරිය සහ නාහෙට නාහන, දඟකාර කුමාරයා අතර සුසංයෝගය… උතුරත්, දකුණත් යා කරනා මිතුරු දමේ පාලම තනයි ද? රජු පතන සාමයේ සිහිනය සැබෑවක් කරන්නට ඔවුන් සමත් වෙයිද? The king 2 hearts පවසන්නේ එකී සිහිනයේ කතාන්දරයයි. IMdb දර්ශකයේ 8.0 ක වැනි ඉහළ අගයක් හිමි කරගත් මේ කතාන්තරය අද සිට සිංහල උපසිරැසි සහිතව විඳින්නට ඔබට හැකියි.
එහෙම නම්, හමුදාමය පසුබිමක් සහිත ආදරබර කතාන්තර වලට ප්‍රිය බයිස්කෝප්වාසි ඔබේ ලෝකයට අලුතින් ම ඇතුල් වෙන සිනාසෙන දඩයක්කාරිටත්, හිතුවක්කාර රාජකීයයාටත් හොඳ ප්‍රතිචාර හිමි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කිසිම කම්මැලිකමක් නැතිව, එක දිගට නැරඹිය හැකි මේ කතාන්තරය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් පළ කරන්න අමතක කරන්නෙපා.
දෙවෙනි කොටසින් හමුවන තෙක් ආයුබෝවන්! සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,086 downloadsDownload The-King-2-Hearts-E01.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
19 comments
Krishan NiShalya
nadun
බොහොම ස්තුතියි..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..! ඒ වගේම ගිය මාසේ ජයග්‍රාහිකාව වීම ගැන සුබපැතුම්..!
nadun
download ලින්ක් නැත්ද??
Tharu
Thank you helili,eka digatama sub demu eheman.
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sameera
download karana eka thamai aula link denna puluwand?
KAVINDA GAMAGE
ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .Silent$
Machan direct download link1k kiyapankooo
Prabuddha Kulatunga
patta.dawasata eka gane demu ehenan :D
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට,
ජය වේවා...!පොඩ්ඩා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!ishani shanika
thanx .. mea drama ekata sub enakan maga balan hitiye
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anusha wijesinghe
thank yooooou soooo much sub 1ta wish u all the best & gd lk ur future dr
pradeep hashan
sub ekata thanks akki
nadi66
Balala kiyannam lassanai da kiyala oyata jaya
මයිකි
නියමයි පලමු කොටස
Advertisement
![The King 2 Hearts (2012) [E01] with Sinhala Subtitles | දඟකාර කුමාරයා සහ සිනාසෙන දඩයක්කාරි.! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-King-2-Hearts-2012.jpg)


▬▬▬▬▬▬▬▬▬▬▬▬
කතාව හොදයි වගේ ...
දිගටම උපසිරැසි දෙන්න ..
බොහොම ස්තුතියි..
☺☺☺☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬