මුලින්ම පොඩි කාරණා කිහිපයක් ගැන ඔයාලාට කියලාම ඉන්නම්. මේ සතියේ ඉඳන් ඉදිරියට ෆ්ලෑෂ් කතා මාලාව කරන්න බාර උනේ මට. කවිඳු සහෝගේ කාර්යබහුලත්වය නිසා එයාට උපසිරැසි කරන්න කාලය වෙන් කරගන්න අපහසුයි කියලා තමයි අපි එක්ක කිව්වේ. මොනදේ උනත් ඇරෝ, ෆ්ලෑෂ් කතා මාලා දෙකම කවිඳු සහෝදරයා මුල ඉඳන්ම මේ වෙනකන් වෙඩි වගේ ඔයාල…

මුලින්ම පොඩි කාරණා කිහිපයක් ගැන ඔයාලාට කියලාම ඉන්නම්. මේ සතියේ ඉඳන් ඉදිරියට ෆ්ලෑෂ් කතා මාලාව කරන්න බාර උනේ මට. කවිඳු සහෝගේ කාර්යබහුලත්වය නිසා එයාට උපසිරැසි කරන්න කාලය වෙන් කරගන්න අපහසුයි කියලා තමයි අපි එක්ක කිව්වේ. මොනදේ උනත් ඇරෝ, ෆ්ලෑෂ් කතා මාලා දෙකම කවිඳු සහෝදරයා මුල ඉඳන්ම මේ වෙනකන් වෙඩි වගේ ඔයාලාට අරගෙන ආවා. අපි එයාට ස්තූතිවන්ත වෙමු ඔයාලා වෙනුවෙන් කරපු කැප කිරීමට. එතනින් ගියාම කියන්න ඕන කවිඳු තරම් නම් මම වේගවත් නෑ. සබ් එක ආපු දවසේම නම් දෙන්න බැරි වෙයි. ඒත් දෙන්න උත්සාහ කරනවා. නැත්නම් ඊට පහුවෙනිදා තමයි දෙන්න වෙන්නේ. ඒක නිසා ඉවසීමෙන් කතා උපසිරැසි ලැබෙන තුරු ඉන්න කියලා ඔයාලාගෙන් ඉල්ලීමක් කරනවා.
අපි කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ කොටසේ, “සතියේ මෙටා මිනිසා” බවට පත්වුනේ අවට අයට අවාසනාව කැන්ඳන වාසනාවන්ත ගෑණු ලමයා බෙකීව ඔයාලා දකින්න ඇති. ඉතින් ඒ වැඩෙත් යන්තම් ගොඩ ගියා පාර්ටිකල් ඇක්සලේටරය ආපහු ක්‍රියාත්මක වීම නිසා. හැබැයි මේ මෙටා හියුමන් කතාව එතනින් නවතින්නේ නැතිබව කට්ටිය හොයාගත්තා. ඒ කියන්නේ බෙරි ස්පීඩ් ෆෝර්ස් එකෙන් එලියට එනකොට හැදුන ඩාර්ක් මැටර් එකට බස් එකක ගියපු කට්ටියක් නිරාවරණය වෙනවා. ඒ වෙලාවේ බස් එකේ 12 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ සේරම මෙටා හියුමන්ලා වෙලා ඇති කියලා තමයි ස්ටාර් ලැබ් කණ්ඩායම විශ්වාස කරන්නේ. ඉතින් මේ දේවල් පස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ “Thinker” කියන කෙනා. ෆ්ලෑෂ්ව ස්පීඩ් ෆෝර්ස් එකෙන් ගෙන්නපු තැනේ ඉඳලා මේ මෙටා හියුමන් සිදුවීම් පෙල පිටිපස්සේ ඉන්න පුද්ගලයා තමයි එයා. මේ Thinker මොකක් කරන්නද යන්නේ කියන එක ඉතින් අපිට ඉතුරු මෙටාලා ටික හම්බවෙනකන්ම බලන් ඉන්න වෙයි වගේ.
ඉතින් ඔය අතරේ HR ආපහු එයාගේ ලෝකයෙන් එනවා. හැබැයි එයා වොලීට නරක ආරංචියක් අරගෙන තමයි එයා එන්නේ. ඒ ජෙසී වොලී එක්ක තියන සම්බන්ධය නතර කරනවා කියන පණිවිඩය අරගෙන. ඉතින් වොලී මේකෙන් අප්සට් ගිහින් සෙන්ට්‍රල් සිටි එකෙන් වෙන පලාතක එයාගේ යාළුවෙක් ලඟට ගියා. ඒ අතරේ අයිරිස්ට බෙරී එක්ක විවාහ වෙන්න හරිම කලබලේ. ඉතින් බෙකීගේ වැඩ නිසා බෙරිටයි අයිරිස්ටයි විවාහ වෙන්න බැරි වෙනවා. ඉතින් අන්තිමේ වාසනාව අවාසනාව සමතුලිත වෙලා හැමදේම සමතයකට පත්වුනා. බෙකීව ස්ටාර් ලැබ් සිර අඩස්සියට වැටුනා. එතකොට ඩාර්ක් මැටර් එකට නිරාවරණය උන බස් එකේ 12 දෙනාගෙන් දෙන්නෙක් බෙරිලා ලඟ ඉන්නවා. අපි එහෙනම් මේ සතියේ කොටස ගැන බලමු.
දැන් ඊලඟට තියන ප්‍රශ්නය තමයි ඉතිරි මෙටා හියුමන්ලා 10 දෙනාව හොයාගන්න එක. ඉතින් මේ මෙටා හියුමන් අතරේ කෙනෙක් කොහොමත් ඒ ගැන හෙලි කරන්නේ නැති නිසා බෙරි ඇතුලු කණ්ඩායම උත්සාහ කරන්නේ බස් එකේ රියදුරාව හොයාගන්න. ඒත් අවාසනාවකට රියදුරා ඩාර්ක් මැටර් එකට නිරාවරණය උන දවසේම මැරිලා කියලා හොයාගන්නවා. ඉතින් රියදුරාගේ තොරතුරු හොයාගෙන යනකොට ජෝ සහ බෙරි දැනගන්නවා ඒ බස් එකේ කලින් පොලිසියේ වැඩ කරපු කෙනෙක් ඉඳලා තියනවා කියලා. ජෝ බෙරි එක්ක එයාව හොයාගෙන යනවා. එතකොට එයා තමයි තුන්වෙනි මෙටා හියුමන්. මෙයාට මොන වගේ බලයක් හම්බවෙන්න ඇතිද ? ෆැන්ටැස්ටික් 4 ෆිල්ම් එක බලලා තියනවා නම් ඒකේ ඉන්න කෙනෙක්ගේ බලයක් තියෙන්නේ කියලා පොඩි ඉඟියක් දෙන්න පුලුවන්. තව එතකොට සිස්කෝගේ ගෑණු ලමයා එයාව කලින් පාර බලන්න ආවානේ. ඔන්න මේපාර ගෑණු ලමයාගේ තාත්තා එනවා සිස්කෝ පස්සෙන්. එයත් සිස්කෝ වගේම බ්‍රිචර් කෙනෙක්. සිස්කෝට එයා එක්ක වැඩ ලේසි වෙන්නේ නම් නෑ. ඒවගේම අනික් අයටත්. කතාවේ හරියටම වෙන්නේ මොකක්ද කියලා බලන්න ඔයාලාටම බාරයි.
ඇත්තටම අද කොටසේ ලයින් 900න් මට 700ක් වගේ කරගන්න විතරයි වෙලාව තිබුනේ. ඉතුරු ටික කරන්න හසන්ත සහෝදරයා තමයි පිහිට උනේ. එහෙනම් අපි ඊලඟ සතියේ තවත් මෙටා හියුමන් කෙනෙක් එක්ක අලුත් කොටසකින් මුණගැහෙමු. ඔබට ජය!!!
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
20,734 downloadsDownload The-Flash-S04E04.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
67 comments
Kantha_DLA
Kalana
Thank you brohh..!!
Prasad randunu
Bohooooma Pin. Jaya wewa saho !
charith
tnx bn sub ekata.
kevin D...
thankz...
Ishanka
Thank you saho
Thineth Deeghayu
Thankz Broo
charith
Bohooooma Pin. Jaya wewa saho !
Ashan Chathuranga
Thanks bro......................
oshanda
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….HESHP
Thank you everyone
Sudeepa
Thankz Broo
mahesh
බොහොම ස්තුතිය සබ් එකට
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Flash
Tnx tnx
Kasun
බොහොම ස්තුතියි සහෝ......
tharangani
thanx
sandaru maxx
tnx bro.......
Udara Damith B/K
බු
එකට කමක් නෑ
පුළුවන් වෙලාවට දෙන්නකෝ
කවිදු අයියා ඔන්න තැන්ක්ස් කලින් කොටස් දුන්නට
බිසී කළේ ඉවර උනාම ආයි සබ් කරනවනේBhagya
Thanks
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...ජය...!!!
Manoj
ela bro. thx sub 1ta
Dasun
පුලුවන්නම් scorpion එකේ සබ් එක කරන්න පුලුවන්ද
Tharaka Lahiru
tnq mcn
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
සනිඳු ලක්ඛිත
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..මෙච්චර කල් සබ් දුන්න කවිදු සහෝටත් ස්තුතියි වගේම අධ්‍යාපන කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නුවන්ත සහෝ පුලුවන් වෙලාවට සබ් එක කරලා දෙන්න. බුදුසරණයි..!
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ..
mayya
elamahhh
Gathsara Umesh Kumara
Bhooom sthuthiyi....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan
American Horror Story walata sub o na bro
thawa godak a wage nane
Knight rider wage hoda a wageth naa
plz sub denawada puluwan ikmanata
apita anith a wage thiyna sub hariyan naa bro
plzzzzzz
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dracula
Thanks for subtitles bro... Good luck
lakshan
thank you
Suu
Thank You :)
Samuditha sankalpa
Thanks for the sub but please give us the subtitles for arrow today evening
thilina madushanka
thanks...................
thilina madushanka
කොපියක් හොයාගන්න් අමාරුයි ලින්ක් එකක් එවන්න බැරිද
D.Chamara
hamee bohoma sthuthi sahooo
Pradeep Anuruddha Dissanayake
උපසිරසට තැන්ක්ස් මචෝ.දිගටම දියන් ඈ.පරක්කු උනාට අවුලක් නෑ :D
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraMalith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.. පරක්කු උනාට කමක් නෑ, කොහොමහරි දෙමු..
ඒ වගේම කවිඳු සහෝටත් බොහෝම ස්තූතියි සීසන් 03ක් ම උපසිරැසි කලාට..lahiru
thanks machn....
Nimal
Thanks bro for subtitles
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Harindu Jayakody
උපසිරසට තැන්ක්ස් මචෝ.
Dilshan
american horror story walata sub denawada plZ BRO
UBE SUB NM NIYAMYjanitha
thank you
Nipun
බොහෝම ස්තූතියි සබ් එකට.....
Advertisement



ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.......