හොඳයි එහෙනං. ඔන්න ප්‍රමාද වුනත් අද උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. තියෙන වැඩ අස්සේ ඊයේ උපසිරැසිය කරගන්න බැරිවුනු එක තමයි හේතුව. ප්‍රමාද වුනු නිසා ගොඩක් දෙනෙක් මට බැන බැන කතාව බලන්න ඇති කියලා හිතනවා. ඒක නිසා පමාවට සමාව ඉල්ලනවා. ප්‍රමාදය නිසා ගොඩක් දෙනෙක් බුකියෙනුත් කතා කරලා අහනවා සබ් එක පරක්කු මොකද කි…

හොඳයි එහෙනං. ඔන්න ප්‍රමාද වුනත් අද උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. තියෙන වැඩ අස්සේ ඊයේ උපසිරැසිය කරගන්න බැරිවුනු එක තමයි හේතුව. ප්‍රමාද වුනු නිසා ගොඩක් දෙනෙක් මට බැන බැන කතාව බලන්න ඇති කියලා හිතනවා. ඒක නිසා පමාවට සමාව ඉල්ලනවා. ප්‍රමාදය නිසා ගොඩක් දෙනෙක් බුකියෙනුත් කතා කරලා අහනවා සබ් එක පරක්කු මොකද කියලා. දෙවනි සීසන් එකේ නම් පලමු කතාව විතරයි ඒ විදියට පරක්කු වුනේ. කොහොම වුනත් මේ කතා සමයේදී පෞද්ගලික හේතූන් මත ඉදිරියට මේ විදියට ප්‍රමාද වීම් වෙන්න පුළුවන් කියන්න වෙනවා. කොහොම නමුත් මගේ උපරිම උත්සාහය දරලා උපසිරැසිය පුළුවන් ඉක්මනින් ලබා දෙන්න උත්සාහා කරන්නම්.
පසුගිය සතියේ කතාව ගැන ලොකු දෙයක් කියන්න ඕනේ නෑනේ. මොකද කිව්වොත් පසුගිය සතියේ කතාව තමයි ඔයාලට මෙතෙක් දුරට බලන්න ලැබුණු හොඳම කතාව විදියට ඉදිරියෙන් තියෙන්නේ. ඒත් මම හිතන්නේ අද කතාව බැලුවොත් ඒ කතාවට වඩා මේ කතාව ඉදිරියෙන් තියන්න පුළුවන් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. 🙂 මයික් ස්ලැටරි ඇතුලු පිරිස ටකහායා ලඟ හිරවෙලා ඉඳියා වුනත්, එයාලා පුළුවන් විදියට නේතන් ජේම්ස් එකට එයාලා ඉන්න තැන දැනුම් දෙන්න උත්සාහා කරනවා. මාස්ටර් චීෆ් විසින් රේඩියෝ ටවර් එක උපයෝගී කරගෙන බීකන් එකකින් නැවට එයාලා ඉන්න තැන කියන්න පුළුවන් වෙන්න ගැජට් එකක් හැදුවා. ඒකට අවශ්‍ය බඩු හොයලා දුන්නේ මයික් ස්ලැටරි ලේ දෙන්න ගියපු වෙලාවේ. කොහොම වුනත් පසුගිය කතාවේදී බෝම්බ යාය මැද්දේදී නේතන් ජේම්ස් එකේ තවත් කෙනෙක් අඩුවුනා. ඒ තමයි කුඩෙල්ස්කි. බෝම්බය නිශ්ක්‍රීය කරන්න ගියපු වෙලාවේ තමයි එයා නැතිවුනේ. අවසානයේදී කොහොමහරි නික්සි කියන අධි ශබ්ධ උත්පාදක ව්‍යාජ ටෝපිඩෝ දෙකක් උපයෝගී කරගෙන තමයි නේතන් ජේම්ස් එකට බෝම්බ යාය මැද්දෙන් එන්න පාරක් හදාගත්තේ. මේ අතරේ කෘස් සහ වුල්ෆ් දෙන්නා තමුන්ගේ ජීවිතයත් නොතකා ටකහායා විසින් එවපු ටෝපිඩෝවේ නික්සි එක හප්පලා තමයි නේතන් ජේම්ස් එක අනූනවයෙන් බේරා ගත්තේ. අවසානයේදී ඒ දෙන්නා මුහුද මැදින් හොයාගත්තු වෙලාවේ නැවේ හිටපු අයට දැනුනුු ජයග්‍රාහී බව, අපේ ඇඟේත් හිරිගඩු පිපෙන තරම් ලස්සනට කතාවේ පෙන්නපු විදිය නම් කතා මාලාවටව බලන කාටවත්ම අමතක වෙන එකක් නෑ කියලා හිතනවා. 🙂
මේ සිදුවීමෙන් පසුව පැන්ග් විසින් හොයාගත්තු සිතියම උපයෝගී කරගෙන නේතන් ජේම්ස් විසින් දූපත් සමූහයෙන් එකින් එක පීරලා තමුන්ගේ සගයින්ව සෙවීම තමයි අද කතාවේ ආරම්භය වශයෙන් පාදක කරගෙන තියෙන්නේ. නමුත් අවසානය කොහොම වේවිද කියලා දැනගන්න එක කතාව බලලාම ඔයාලට දැනගන්න වෙයි. කතාව ගැන නම් අද ලිපියේ කියන්න කිසිම දෙයක් නැති වුනත්, ලබන සතියේදී ලිපිය පුරාවටම ලියන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තමයි කතාව අවසාන වෙන්නේ කියලා කියන්නම්.
ඉතිං, උපසිරැසිය එනකං කතාව බලන්න පුන පුනා මග බලාගෙන හිටපු හැම දෙනාටම කතාව බලන්න ආරාධනා කරන ගමන්, ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
What the hell’s going on, Tom?
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
12,675 downloadsDownload The.Last_.Ship_.S03E06.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
56 comments
Thusitha Hettiarahchi
sajith
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
Supun bandara
ela ela
Kaushan
Denakan balagena hitye mcn,anith eoi 1th ikamanta deepan, sub ekata stuutheee
සිසිල ප්‍රසාද්.
එළ.බොහොම ස්තුතියි උපසිරසියට.
ජයවේවා!!!Sudeera Wijenayake
හම්මෝ...ඊයේ ඉදල බලන් ඉන්නෙ.....තන්කුයි මච්න්..ඊලග එක පුලුවන් ඉක්මනට දෙන්න බලපන්....
Sudeera Wijenayake
හම්මෝ...ඊයේ ඉදල බලන් ඉන්නෙ.....තන්කුයි මච්න්..ඊලග එක පුලුවන් ඉක්මනට දෙන්න බලපන්....කතාව ඊයෙම බෑව. තාම බැලුවෙ නෑ සබ් දෙනකන්.එල බ්‍රෝ.ගුඩ් ලක්
rukshan
niyamai
Jeewantha
බොහොම ස්තුතියි.
dil
godak pin saho,,,,,
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවාHarsha Samaranayake
හම්මේ Reload කර කර හිටියෙ සබ් එක දානකන්. Thanks සබ් එකට.
Amith
ස්තුතියි ...............
harsha
ස්තූතියි සහෝ සබ්ට ඔන්න ඒක ගත්තා. ගිය සතිය ගැන කිනවානම් කියන්න තියෙන්නේ පට්ට් පට පට කියලා.ඇත්තම කියනවා නම් මේකතාව බලන අයට තමනුත් මෙහෙයුමේ කොටසක් වගේ දැනෙනවා. එතරම්ම අපූරුයි. එහෙනම් කතාව බලන්න යනවා. ජයවේවා
Sajeevi
Thanks a lot.
Mekath dan Homeland wage.
Kathawa balana aya pissu wattanawani.sanath indika
thx broo
Ruwan
Thanks a lot brother...waiting to have this...thanks again...
Eranga Sandaruwan
බෝම ස්තූතියි.. ජය වේවා..
sashika
thnk mchan .... maga balan hitiye ... ua meka daaaanakan.
yumal
thankZZZZZZZZZ bro!!!!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...................
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
අවුලක් නැහැ සහෝ දවසක් පමා වුනා කියලා..
උබට කියලත් වැඩපල නැතුව නෙවේනේ..
වැඩියෙන් වටින්නේ සබ දෙන එක..
ගිය සතියේ කොටහනම් ආයේ සුපිරිම සුපිරි.
අද කොටහත් ඒ වගේ පහරක් වෙයිද දන්නේ නැහැ..
එහෙනම් උපසිරසියට ස්තුතියි.. ඔබට ජය!rrandika
Thanks Machan!!
harshana
thnx machooo
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thusitha
උපසිරසියට ස්තුතියි.. ඔබට ජය!
Bhanuka
Thank you mchn.....:-) :-)
Bobby
මෙක නම් පට්ටා කතාවක් සහෝ. බොහෝම ස්තූතියි
ලහිරු ප්‍රසාද්
දවසක් පරක්කු වුනාට මොකද සහෝ.
හැමෝටම තමන්ගෙ කියල කරන්න වැඩ තියෙනවනේ.
කොහ්මහරි සබ් එක දුන්නනෙ. ඒක ස්තූතියි.................Ravin
Thanks for the sub
Chama..
Thanks bro sub ekata maga balagenamai hitiye... Puluwannam Grimm tv Sireas ekatath sub dennako...
Kusal
ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා....!Lahiru Madusanka
Tnx machoo...ohoma karagena yan...
Crazy Connoisseur :D (y)
sthuuthi my bro
take your time....................................................!bandula
thank's machoo sub akata. godak amaruwen hitiye. jaya wewa. digatama me wage sub demu. thank's.
රයන් ද සිල්වා
සබ් එකට තුති ප්‍රනීත් සහෝ ඊලග එපියෙන් හමු වෙමු
෴ජය වේවා෴xpress cinemax
බෝම ස්තූතියි.. ජය වේවා..
gamage
kohomada macho meka downloard karanne.plz danna kenek kiyanna
yash
Thanks Saho
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ හපොයි මේ පාර නං ගොඩක්ම ප්‍රමාද උනා මේක බලන්න :( ජය වේවා !!
Nuwan
thanx sub eakata bro
කවීන් ලහිරු
ස්තූතියි සහෝ සබ්ට ඔන්න ඒක ගත්තා
** ජය වේවා **රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eagle
මචන් මේ තමයි මෙතෙක් බලපු හොදම Tv series වලින් සුපිරිම එක. හිතනවා මේක බලන අනික් අයත් ඒ කතාවට එකගවෙයි කියල.
මේකේ season 01 ep 1 ඉදලා මේ වෙනකල් එකම කොටසකවත් කිසිම කම්මැලි කමක් දැනුනේ නැහැ.මේක ගැන කියන්න වචන නැහැ. ඒවගේම තමයි මචන් ප්‍රණිත් උබ මේ sub එක හදල දෙන විදිහ එක්ක අපිට මේ කතාව තවත් බොක්කටම වදිනවා. මේකේ ගොඩක් තියන්නේ military words. ඒවගේ තේරුම වෙනම දෙන්න උබ වෙනම මහන්සියක් වෙන්නවා එකෙන් තමයි මචන් අපිට කතාවේ හැම අස්සක්ම හැම පොඩි දෙයක්ම තෙරුම්යන්නේ. මේක උබ අපිට ගෙනාපු කතාව. අපි මේ කතාවේ වගේම උබේ sub එකෙත් රසිකයෝ. මේ කතාව මුල ඉදලාම අපිට දුන්නට උබට ගොඩාක් thanx මචන්.kavish
download link akak denna?
Kavindu Piumantha
machan ai bn meke all episode page akata dapu sub link karanne naththe... home page aken vitharane ganna puluvan poddak balapanko
amila mapa
thanx saho
udara
meke 7,8,9,10,11 epsoids
anuska
thanks saho. supiri T.V serious eka. sub naththam sorryma thama. thanks .......
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
dragonhero
thanks
vishwanathmadhushanka
Elaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S03 : E06] with Sinhala Subtitles |ගැලවුම්කරුවෝ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/The-Last-Ship-SE3P1.jpg)

සබ් ඒකට ස්තූතියි!!!!