Watch Trailer

The Last Ship [S03 : E13] with Sinhala Subtitles | සමුගැනීම… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනං. හැමදාම වගේ ආරම්භයකදීම වගේ අවසානයකදීම එදා ඉඳන් මෙදා තුර සිද්ධවුනු දේවල් ගැන පොඩ්ඩක් සඳහනක් කරලා ඉන්න එකනේ පුරුද්දකට කියලා තිබුනේ. අදත් ඒ විදියටම චාරිත්‍රයානුකූලව ඒ කර්තව්‍යට අත ගහන්නයි මේ සූදානම. බොහෝමයක් දෙනෙක් ලිපි නොකියෙව්වත්, බයිස්කෝප් වලින් සබ් දෙනවා විතරක් නෙමෙයි කියලා හොඳින් දන්න…

හොඳයි එහෙනං. හැමදාම වගේ ආරම්භයකදීම වගේ අවසානයකදීම එදා ඉඳන් මෙදා තුර සිද්ධවුනු දේවල් ගැන පොඩ්ඩක් සඳහනක් කරලා ඉන්න එකනේ පුරුද්දකට කියලා තිබුනේ. අදත් ඒ විදියටම චාරිත්‍රයානුකූලව ඒ කර්තව්‍යට අත ගහන්නයි මේ සූදානම. බොහෝමයක් දෙනෙක් ලිපි නොකියෙව්වත්, බයිස්කෝප් වලින් සබ් දෙනවා විතරක් නෙමෙයි කියලා හොඳින් දන්න අපේ හිතවත්තු “මෙදා පාර හොඳවැයින් ලිපියකුත් දීපං !” කියලා නිතර නිතර ඉල්ලා සිටිනවා. අනේ මන්දා මටත් වඩා මේ කතාවට පිස්සු වැටුනු පිස්සෝ සෙට් එකක් බුකියේ ඉන්නවා කියලා එදා ඉඳන් හොඳට තේරුණා. 😀 අනේ ඉතිං බොහෝම සතුටුයි ඒ ගැන. අවුලකට තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරන්නත් කලින්ම කතාව බලලා අන්තිමට වෙන දේ කියලා මගේ ආතල් කන එක තමයි. 😂

හොඳයි ඒකට කමක් නෑ. June 22, 2014 වෙනිදා තමයි මේ හැමදේකටම මුල. The Last Ship කියලා කතාවක් පටන්ගත්තලු. හැබැයි ඒ වෙනකොට මට හාංකවිසියක් තිබුනේ නෑ මේ කතාව මොකක්ද කියලා. මොකද කිව්වොත් ඒ දවස්වල තමයි මම The Mentalist එකට කර වටක් බැහැලා හිටපු කාලේ. කනාවට හම්බෙලා බලන්න පටන් ගත්තු එක දැනට පලමු සීසන් දෙක විතරක් 7 පාරකට වඩා බලලා තියෙනවා ඇත්තටම කිව්වොත්. එහෙම වෙච්චි එකේ දෙවනි සීසන් එකේ ඉඳන් තමයි මමත් සමගාමී විකාශයට සම්බන්ධ වුනේ. දෙවනි සමයේ එපිසෝඩ් දෙකක් ආවත් සතියකින් හමාරකින් කවුරුවත් සබක් නොදුන්නු නිසා තමයි රොයිලි අයියගෙන් ඒ දවස්වල කවුරුවත් මේක කරන්නේ නැද්ද කියලා ඇහුවේ. ඉතිං ගත් කටටම අහපි “මල්ලි මේක කරමු නේද කියලා”… හැබැයි ඇත්තටම මට අහන්න ඕනේ වුනේ මොකද මේක පරක්කු කියලා. 🙂 ඉතිං ඒකෙන් ඒ දවස්වල වැඩ අඩු නිසා බාරගත්තු එක තමා මේ කරගෙන යන්නේ. පුළුවන් විදියට සරල කරලා, බලන අයට තේරෙන විදියට අරුත් පැහැදිලි කරලා කතාව ගැන මනා අවබෝධයක් දෙන එක තමයි මගේ අරමුණ වෙලා තිබුනේ. කතාවට බැහැපු මුල් දවස්වල නම් සබ් එක හදන එක ලොකු අභියෝගයක් වුනා. මොකද කිව්වොත් කතාවේ තිබුණු Navel Terms සහ Slangs මතුවෙච්චි ගමන් කරකවලා අතෑරපු ගතියක් ඒ කාලේ තිබුණා. කොහොමහරි මේ කතා මාලාවෙන් තමයි මම ආපු දවසේම වගේ උපසිරැසි දෙන්න පටන් ගත්තේ. අනික ගොඩක් අය අදහස් දැක්වීම නිසා තමයි මම මේ කතාව ආපු දවසේම වගේ උපසිරැසි දෙන්න පෙලඹුනේ. කතාවට බහිමු නේ්‍…

August 24, 2014 දවසේ පලමු සමය අවසානයට පත්වුනා. හැබැයි ඒ පලමු සමය නියමාකාර විදියට අවසානයක් නොකරමින්. මේ හේතුව නිසාම ගොඩක් ප්‍රේක්ශක හිත් ලොකු කුතුහලයකින් සහ නොවිසඳුනු ප්‍රශ්ණ මාලාවකින් පුරවලා තමයි පලමු සමය අවසන් වන්නට යෙදුනේ. 2 වෙනි සමය එන්න ගොඩක් කල් ගත වුනත් පලමු සමයේ අවසානය සනිටුහන් කලේ 2 වෙනි සමයේ දෙවැනි කතාංගයේදී. කතාව බලපු අයට කතාව ගැන අමතක වෙලා යන්න ඔන්න මෙන්න තිබියදී තමයි  June 21, 2015 දිනයේදී දෙවනි සමය නිකුත් වුනේ. මේ වගේ කතාවක් නිර්මාණය කලාට පස්සේ, කාටවත්ම හිතාගන්න බෑ ප්‍රධාන ප්‍රශ්ණය වෙලා තිබුණු වෛරසයට එරෙහිව ප්‍රතිකාරය හොයාගත්තායින් පසුව කතාවේ ඉදිරියට තව මොකක් ගැන පෙන්නන්නද කියලා. ඒකට හේතුව තමයි කතාව රචනය කරලා තිබුනේ පලමු සමය පුරාවටම මුහුද, ප්‍රතිකාරය සහ වික්‍රමයන් පිලිබඳව ප්‍රේක්ශකයාගේ අවධානය යොමුවෙන විදියට. මේ හේතුවෙන් වෛරසයකින් විනාශයේ අභිමුඛයේ තිබෙන ලෝකයක ගොඩබිම තත්වය මොකක්ද කියන එක ගැන හිතන්න ප්‍රේක්ශකයා යොමුවෙන නැඹුරුතාවය ගොඩක් අඩුයි. මේ නිසාම දෙවැනි සමයේදී ගොඩක් දුරට මුහුදේ ඉඳන් ගොඩබිම ආරක්ශා කරන්න යෑම සහ පලමු සමයට වඩා ගොඩබිම ගැන අවධානය යොමුකිරීම ප්‍රෙක්ශකයාට අනපේක්ශිත වගේම නවමු අත්දැකීමක් බවට පත්වුනා. මේ වන විට ප්‍රතිකාරය පැතිරවීම තරමක් යට ගියත් 2 වන සමය අවසාන බාගයේදී නැවතත් ප්‍රතිකාරයට මූලික තැන කතාවෙන් ලබා දෙනවා. එයින් ප්‍රතිකාරයත් සමග බැඳී තිබුණු චරිතයක් අපට ඉස්මතු කරලා අපට තවත් සමීප කිරීමයි බලාපොරොත්තු වුනේ. ඒ තමයි ඩොක්ටර් රේචල් ස්කොට්.

ඩොක්ටර් රේචල් ස්කොට්.

The Last Ship - Series 2 - Episode 12 - Cry Havoc, Breaun Emanuel as Sick Daughter and Rhona Mitra as Dr. Rachel Scott.

The Last Ship – Series 2 – Episode 12 – Cry Havoc,
Breaun Emanuel as Sick Daughter and Rhona Mitra as Dr. Rachel Scott.

                    කතාව ආරම්භයේදීම ටොම් චැන්ඩ්ලර් කියන්නේ කතාවේ දෙවැනි ප්‍රධාන චරිතයයි. ප්‍රධාන තැන හිමිවෙලා තිබුනේ ඩොක්ටර් රේචල් ස්කොට් වෙතට. ඇය මත තමයි සමස්ථ ලෝකයකම බලාපොරොත්තුව රැඳී තිබුනේ. නමුත් ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ ටොම් චැන්ඩ්ලර් මත. ඇයගේ ජීවිතයේ අගය තවදුරටත් හිතේ රැඳී තිබුනේ නේතන් ජේම්ස් වල කණ්ඩායම අතරේ  සහ ප්‍රෙක්ශකයින් අතරේ පමණයි. මේ නිසාම ගොඩක් දෙනෙකුට කතාව බලන අතරේ තමුන් ඉන්නේ නැව ඇතුලේ වගේ කියන හැඟීමක් දැනුනා. ඒ ඩොක්ටර් රේචල් ස්කොට් විතරක් නිසාම නෙමෙයි. ප්‍රේක්ශකයා ඊලඟට හිතන්නේ මොකක්ද, බලාපොරොත්තු වෙන්නේ මොනවාද යන බව සහ තමන් එතන හිටියානම් මොන වගේ දෙයක් කරනවද යන හැඟීමට සමගාමීව කතාව නිර්මාණය කර තිබීම නිසා කතාව නරඹන්නන් තව තවත් කතා මාලාවට සමීප කරන්නට වුනා. එමෙන්ම අනපේක්ශිත බව. මෙයින් විටෙක විශ්මයත්, ගෞරවණීය බවත්, කණගාටුවත්, ආදරයත්… යන ගොඩක් හැඟීම් ඉස්මතු කරන්න යොදාගෙන තිබුණූ බව කතාවට ගොඩක්ම ආදරය කරපු අයට දැනෙන්නට ඇති. September 6, 2015 දිනයේ දෙවන සමයේ අවසානය දැකීමත් එක්කම තමයි, මේ අනපේක්ශිත බව පලමු සමයේදී වගේම විශාල කුතුහලයකුත්, දැවෙන ප්‍රශ්ණ තොගයකුත්, විශාල කණගාටුවකුත් ඇති කරමින් අවසන් වන්නට යෙදුනේ. අද රේචල් ස්කොට් ගැන ඡේදයක් වෙන් කරන්නට යෙදුනේ ලිපියෙන් ඇයගේ සමුගැනීම ගැන විශේෂ සඳහනක් කරන්න නොහැකිවුනු නිසා.

ටෙක්ස් නෝලන් නොහොත් “කෙන්”.

Tex Nolen (Ken)

The Last Ship – Season 02 – Episode 13 – More Perfect Union , portrayed by John Pyper-Ferguson. The time he was reunited with his daughter.

                “Welcome to Gitmo” නමින් කතාවේ පලමු සමයේ දෙවැනි කතාංගයෙන් නේතන් ජේම්ස් කණ්ඩායම සහ අපිත් ආදරය කරන චරිතයක් කතා මාලාවට හඳුන්වා දුන්නා. පෞද්ගලික වශයෙන් ටොම් චැන්ඩ්ලර් පවා අතිජාත මිත්‍රයෙක් වශයෙන් තමුන්ගේ ජීවිතය සමගින් විශ්වාස කල පිටස්තරයෙක්. ඒ තමයි කතාවේ චරිත වගේම අපිත් බොහෝම ආදරය කරන “Tex Nolan”. මොහුගේ අතීතය ගැන ලොකු දෙයක් දන්නේ නම් නැති තරම්. නමුත් අතීතයේ වෛරසයට ප්‍රථම තමුන් ආරක්ශක කොන්ත්‍රාත්කරුවෙක් වශයෙන් සේවය කරන්න යෙදුනු බව ප්‍රකාශ කරන්නට යෙදුනා. ඒ වගේම තමයි තමුන් විවාහක බවත් කතාව අතරමැද ප්‍රකාශ කරන්නට යෙදුනා. පලමු හමුවීමේදීම අනපේක්ශිත වශයෙන් නේතන් ජේම්ස් කණ්ඩායමට විසුරුණු අල්-කයිඩා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදුවෙනවා. මෙතැනදී ටෙක්ස් තමයි උදව්වට පැමිණෙන්නේ. ඔහු ඒ භූමිය හොඳින් දන්නා කියන කෙනෙක් නිසා ඔහුගේ උදව්වෙන් නේතන් ජේම්ස් වලට පහසුවෙන්ම සටන් කර කණ්ඩායමට අවශ්‍ය ආහාර පානාදිය ලබාගන්න හැකියාවක් ලැබෙනවා. එමෙන්ම ඔහු නේතන් ජේම්ස් වලට ගොඩවදින්නේ තමුන්ගේ බිරිඳ සහ දුව ලඟට යාමේ අරමුණින්. නමුත් නැවට සහ කණ්ඩායමට මුහුණ පාන්නට සිදුවෙන අභියෝගයන් වලට තමුන්ගේ දායකත්වය ලබා දීමත් එක්කම, නැවේ සිටි කණ්ඩායමේ සෑම කෙනෙක්ම පාහේ තමුන්ගේ පවුලේ කෙනෙක් තරමට සමීප වෙනවා. නමුත් ගොඩබිමට සේන්දු වීමත් සමගම ඔහු තමුන්ගේ අතිජාත මිත්‍රයා වුනු ටොම් චැන්ඩ්ලර්ගෙන් සමු ගන්නේ තමුන්ගේ පවුලේ සාමාජිකයින් සොයාගෙන යාමේ අරමුණින්. නමුත් මුල් අවස්ථාවේදී වගේම දෙවනි අවස්ථාවේදීත් නැවතත් කණ්ඩායමට උදව් කරන්නට ඔහු හැරී එනවා. ඒ කේරාට තමුන්ගේ දරුවා නැතිවෙන්න යන මොහොතේ. කණ්ඩායමෙන් වෙන් වෙන ඔහු උදව් අත්‍යාවශ්‍ය වුනු මොහොතක ඔහුගේ නැවත පැමිණීම කතාව පුරාවටම අපිට දකින්න ලැබෙනවා. ඒ ඔහුගේ චරිතය මුර දේවතාවකුට සම කරමින්. තෙවන සමයේදී ඔහු කණ්ඩායම සමග නැවත හමුවන්නේ තෙවන සමයේ කතාවට පුරාවටම ඔහුට කුමක් වූවාද යන්න සෑම කෙනෙකුගේම හිතේ ප්‍රශ්ණයක් ඇති කරමින්. පසුව කේරාට උදව් අත්‍යාවශ්‍ය වූ මොහොතේදීම ටෙක්ස් ඇයගේ උදව්වට පැමිණෙනවා. කේරා, ජනපති සහ කැත්ලීන් සමග එකට සිටින විට නොසිතූ පරිදි කැප්ටන් චැන්ඩ්ලර් මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේදී…

– ටෙක්ස් මොකද මට පුදුම නොහිතෙන්නේ උඹව මෙතන දකින්න ලැබුනු එක ගැන?

– හිතාගන්නවත් බැරි කරදරයක් සිද්ධවෙන වෙලාවට මම එතන, මගේ මිත්‍රයා !

මේ අවස්ථාවේදී කැප්ටන්ගේ මුහුණේ තිබුණු හිනාව සහ නිම්හිම් නැති සතුට තමුන්ගේ තත්වය සමග යටපත් කරගෙනයි කැප්ටන් චැන්ඩ්ලර් විසින් ඔහුව ඒ සැනෙන් පිලිගනු ලබන්නේ. ටෙක්ස් විසින් ඔහුට පිලිතුරු දෙන්නේද කාලයක් තිස්සේ තමුන්ට මුණනොගැසුනු මිත්‍රයා දෙස බලා නිම් හිම් නැති සතුටකින්. නමුත් මේ දෙබස මගින් කතාවේ රචකයින් විසින් ඍජුවම ටෙක්ස්‘ගේ චරිතය සමග තමුන් මෙතෙක් කාලයක් කතාව හැසිරවූ ආකාරය ගැන පැහැදිලිවම කියා පානවා. තෙවරක් සමුගෙන කණ්ඩායමට එකතු වුනු ඔහුගේ සිව්වැනි සමුගැන්ම කෙසේ වේවිද, ඔහු නැවතත් කණ්ඩායම සමග එකතු වේවිද?

මේ ආකාරයෙන් කතාව ගලාගෙන යන අතරේ පිට දේශයින්ගෙන් ලෝකයට සහ තමුන්ගේ කණ්ඩායමේ අයට සිදුවන සතුරුකම්, ගැටුම් මැඩගෙන ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී සතුරන් මිතුරන් වීමත්, එම මිතුරන්ට ඔවුන්ගේ රට නැවත ලබා දී නැවත නිවෙස කරා ගමන් කරන අතරමගෙහි, තමුන්ගේ මිතුරන් සතුරන් වී තමුන්ගේ රට තමුන්ට අහිමි වූ ආකාරයත් කතාවේ අවසාන බාගයේ මැනවින් දක්වා තිබුණා. නමුත් අවසානයේදී කුමක් සිදුවේවිද යන්නෙහි ලිපියෙහි අකුරු කලයුතු අන්තර්ගතය අද කතාංගයේදී ඔබේ තිරයේ රූපාකාරයෙන් දිගහැරේවී.

වෛරසයෙන් ලෝකය බේරාගත්තායින් පසුව වෛරසයෙන් විනාශ වී දුර්වල වූ ලෝකය තමුන්ගේ යටතට ගැනීම අවස්ථාවක් කරගත් මිනිසුන්ට එරෙහිව නේතන් ජේම්ස් සටන් වදිමින් ඉදිරියට යන ගමනේ, තවත් කොටසක් මේ විදියට නිමාවට පත් වනවා.

එසේනම් පොරොන්දු වූ ලිපියත් සමගින් මම අදට ඔබෙන් 3 වෙන සමයෙන් සමුගන්නවා. 4 සහ 5 වන සමයන්හි ඉදිරි ගමනේ සැලසුම් වලට දැනටමත් අවසර ලැබී තිබෙන වගක් දැනගන්නට ලැබුණා. නමුත් අනිවාර්යෙන්ම 4 වන සමයෙන් හමුවෙනවා කියන්නට බැරි වුනත්, හැකියාවක් ලැබුණොත් 4 වන සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

Season 04 පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් බයිස්කෝප් මංසලෙන් බලාපොරොත්තු වන්න…

You’re a good man…!

Permission to go ashore for the last time…!

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

13,874 downloadsDownload The.Last_.Ship_.S03E13.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles

13,874 downloadsDownload Subtitles51 KB

124 comments

  1. සචිත් ලක්ෂාන්(සචී)

    අෆ්ෆා උපසිරසට තුති ප්‍රණීත් රණසිංහ අයියා
    ජය වේවා
    සීසන් 4න් හමුවෙමු

  2. රයන් ද සිල්වා

    එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝ..!!!
    **ජය**

  3. Udara Damith B\K

    බොහොම ස්තූතියි ඉවර වෙනකම් දුන්නට .......
    මේක ඉවර උන එකට හෙන දුකයි අප්පා ..........

  4. chamika

    season 4 eken hamuwemu nawathath
    obata jaya

  5. Nadeera

    Jaya wewa machan, thq sub denawata

  6. Jeewantha

    කිසිම පුද්ගලික බලාපොරොත්තුවක් නැතිව අපේ රසවින්ධනය සදහාම කරපු කැපවීමට බොහොම ස්තුතියි සහෝදරයා. 4 වෙනි සීසන් එක කරන්න බැරිවෙන්න තියෙන බාධක ජයගෙන අපේ රසවින්දනය සදහා සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

  7. udaya

    thanksss a lottttttttttt

  8. dilan

    thanks bro

  9. Ravin

    Thanks for the sub

  10. Kasun Widusha

    Tnx bro

  11. මධුකප්‍රිය පෙරේරා

    සුපිරි ලිපියක්නේ සහෝ..
    ඇත්තම කිව්වොත් මාත් මේක බලන්න
    පුරුදු වුනේ ඔයා සීසන් 2 සබ් දුන්නට පස්සේ.
    එතකම් මම දැනන් උන්නේ නැහැ මේ කතාව ගැන.
    කතාවත් පට්ට,ඔයාගේ සබ් ඒකත් මරු,දෙන ස්පීඩ් එක ගැන කියන්න වචන නැහැ..
    එහෙමනම් අපි වෙනුවෙන් මේ කතාමාලාව ගෙන ආවාට බොහොම තුති.
    හතරවැනි කතාමාලාවත් ඔයාගේ සබ්වලින්ම තමා ඕනේ ඉතින්.ඔබට ජය!

  12. Harsha De Silva

    yaluwe oyage kapavim godak watinawa oyata tnx
    puluwannam HUNTER 1 sub DANNA

  13. Chämàrá Sâmpáth

    බොහොම ස්තුතියි පැනියෝ දිගටම සබ කරලා ආපු සනිකවම දුන්නට..
    බොරු මොකටෙයි මේ කතාවේ ඔයාගේ සබ් වලින්මයි බැලුවේ. නමුත් මට හැම එකකටම අදහසක් දක්වන්න බැරි උනා. සමාවෙන්න ඕනේ ඒකට...
    ඇයි හතරවැන්න විතරක් "පස්වැන්නත් එනවා කියලා තිබුණනේ?!" ඕවට නම් උබ නැතුව උපසිරැසි කරලා වැඩක් නෑ. මොකද දැන් පදම දන්නේ උබ නිසා.
    එහෙනම් ඉතින් සැප්තැම්බර් 21 වෙනිදාට ශීල්ඩ් වලින් හමුවෙමු නේහ්" :D :)
    ජය!!

  14. geeth

    බොහොම ස්තූතියි

  15. Harsha De Silva

    yaluwe oyage kapavima godak hodai lipiyath supiry oyata tnx karala madi

    puluwannam HUNTER TV S.. 1 SUB... DENNA TNX FOR U.....

  16. Pasindu Malshan

    thanks bro.... (y)

  17. eranga

    tnx mcn

  18. සජීවී

    එහෙනම් ඉතින් ඒකත් ඉවර උනා.
    මොනවා වෙයිද කියලා කට ඇරගෙන බලපු කතාවක්.
    හැබැයි ඒ හමුදා වචනත් පැහැදිලි කරලා තිබුණ නිසා.
    නැත්තම් මේකෙන් බාගයක්වත් තේරුම් ගන්න පුළුවන් වෙයි ද මංදා.
    ඉතින් උපසිරසි වලට ගොඩක් ස්තූතියි....

  19. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    එපිසෝඩ් එක උදේම බාගත්තත්, හැමදාම වගේම අන්තිම කොටසත් ඔයාගේ උපසිරසියත් එක්කම බලන්න ඉවසගෙන හිටියා.
    බොහොමත්ම ස්තුතියි මේ කරන සේවය වෙනුවෙන්.
    season 4, 5 ත් ඔයාගෙන්ම තමයි ඕනේ.
    එහෙනම් season 4 න නැවත හමුවෙමු.
    එතකං, ජයවේවා!!!

  20. නිෂූ

    ජයවේවා ! අප වෙනුවෙන් කල සේවයට ‍බොහෝම ස්තුතියි ! 4 වෙනි සීසන් එකෙත් අපි හමුවෙනවා නියතයි !

  21. shavinda

    ela bro elaa

  22. Dana

    Thanks bro season 4 ekath karaganama yamu.....

  23. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Demon

    Ai me wage hoda TV Series wala Episode 12,13 n End Karanne...... Season 04 enakan iwasiilak ne

  25. geeth

    හතරවැනි කතාමාලාවත් ඔයාගේ සබ්වලින්ම තමා ඕනේ ඉතින්.ඔබට ජය!

  26. andare

    bro sama katawakma adu paduwak nathuwa apahata genadunnata obata thuthi#@$%^&amp;^*()^&amp;^%_+|}{":&gt;?&lt;~!*/-+

  27. සුරේෂ් ජයතිලක

    පිස්සු හැදෙනවා බං

  28. Pradeep M Gamlath

    දෙන්න වදන් නැ බොහොම ස්‍තුතියි ඉදිරි ගමනට ජයෙන් ජය...'''**!!

  29. Nilanka

    Thank you machan... ubama season 4 walata sub diyan ok.
    Ela ela... Jaya weva.

  30. milinda

    tanks machan

  31. thilina kodikara

    Thanks to your dedication buddy...

  32. Lahiru

    Thank you bro ; Good job,

  33. Saketha Pulasthi

    අද එක හුස්මට මුලු සීසන් එකම බලල දැම්මා...පට්ට
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  34. madush

    bohoma thuthi mahansi wela me karana wadeta saho jaya.....

  35. Mahesh

    thank's macho.season 4 diyan macho.

  36. Bobby

    මේ කතාවට මම පුදුම විදිහට කැමති වුනා. ඔයාගේ සබ් වලට බොහෝම ස්තුතියි. නැවත හමුවෙමු.

  37. Ranod lakshitha

    season 4 witharak nemei season 5 ekath hadanawa kiyala confirmed karala. supiri seen tikak balanna puluwan wei........

  38. harsha

    ප්‍රනීත් රණසිංහ බොහෝම ස්තූතියි සහෝදරයා. ඔබේ උපසිරසි ඉතාම ඉහල මට්ටමක තිබුනා. ඒ කියන්නේ ඉංග්‍රීසි වචන වලට සිංහල වචන ඔබන්නේ නැතිව රූප රාමු වලට ගැලපෙන විදිහට වචන තොරාගෙන යොදමින් බොහෝම මහන්සියෙන් කරපු වැඩක් බව හොඳින්ම පැහැදිලියි. කෙටි වචන වල තේරුම් සොයා ගන්න හොඳ කට්ටක් කන්න ඇති. ඒ වගෙම ඉඩ ලැබෙන විදිහට තව දුරටත් බයිස්කොප් අඩවිය සමඟ සිටිමින් අපට උප සිරසි ලබා දෙන්න හැකියාව ලැබෙවායි පතනවා. ස්තූතියි ජයවේවා

  39. rrandika

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ වෙච්ච මහන්සියට...තව තවත් මේ වගේ ලස්සන කතා මාලාවල් වලට සබ් දෙන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  40. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට සහ සුපිරි ලිපියට....
    එහෙනම් 4වෙනි කථා මාලාවෙන් නැවත හමුවෙමු....
    4 වෙනි සීසන් එකත් ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනව....

  41. lahiru

    සබ්ට බොහෝම ස්තුතියි සීසන් 4 හමුවෙමු....

  42. Isuru Dilshan

    Thanks bro....

  43. Sandun

    Ela ela mcn.season 4 eken hamuwemu...

  44. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  45. chathuranga

    Thanx Bro......

  46. thisal

    ado tnx bn pattma series eka me dawas wala s4 ekt awa gaman ona

  47. Sandaruwan

    බොහොම ස්තුතියි උපසිරසට... මුළු season එක පුරාම පටටම විදිහට අසාවෙන් බලපු පට්ටම Tv Series වලින් එකක් season 04 එකෙන් හමුවෙමු මචං එහෙනම් “ප්‍රණිත් රණසිංහ” ...ජයවේවා...!!"

  48. අරුණ

    හැම දම වගේ අදත් සබට ස්තුති කියන්න ඕනි මුලින්ම
    ලාස්ට් ෂිප් සි 3 ඉවරයි අදින් මෙතුවක් කල් අපට සබ දුන්න සොයුරාට ස්තුතිය නැවතත් ,
    මේ කතා සමයේ අවසානය නියමයි කතාසාමය අවසානයි කියලා දැනෙනකොට ඇතිවන හැඟීම වචනයෙන් විස්තර කල නොහැකි ,

  49. MUSTHAQ

    thanks lot bokka season 4 denna ...

  50. chiran

    THANKS...
    2017 JUNE wala season 4 anawalu. akath ikmanata oni...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.