පසුගිය සති තුනක කාලයක් ඇතුලේ නොහිතපු කරදර ගැටලු ඇතිවුනා වගේම අසනීපත් වෙලා හිටපු නිසා කතාවට උපසිරැසි දෙන්න බැරිවුනා. ඒ වුනත් මලිත් සහෝ එයාට පුළුවන් විදියට කතාව බාරගෙන කරලා දුන්නු එකට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. කතාවේ ලිපිය පටන් ගන්න කලින් කියන්නේ, හැමදාම කිව්වත් වැඩක් නැති, අපි උන්ගේ සේවකයෝ කියලා හිතා…

පසුගිය සති තුනක කාලයක් ඇතුලේ නොහිතපු කරදර ගැටලු ඇතිවුනා වගේම අසනීපත් වෙලා හිටපු නිසා කතාවට උපසිරැසි දෙන්න බැරිවුනා. ඒ වුනත් මලිත් සහෝ එයාට පුළුවන් විදියට කතාව බාරගෙන කරලා දුන්නු එකට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. කතාවේ ලිපිය පටන් ගන්න කලින් කියන්නේ, හැමදාම කිව්වත් වැඩක් නැති, අපි උන්ගේ සේවකයෝ කියලා හිතාගෙන ඉන්න අසහනකාරයෙක් දෙන්නෙක් මට බැරි වෙලාවේ උදව්වක් විදියට උපසිරැසිය කරලා දුන්නු මලිත් සහෝට නැට්ට උස්සලා ගිහිල්ලත් තිබුනා. අනික් අය ගැන නම් දන්නේ නෑ, ඒ වගේ දෙතුන් දෙනා ඉතිං සබ් ගත්තට කමක් නෑ, හැබැයි ඊටත් වඩා එයාලගේ කමෙන්ට් නැති වුනාට කමක් නෑ. මෙච්චර කාලෙකට අපි එයාලට කරපු වැරැද්ද මුදල් අය නොකර උපසිරැසි ලබාදීම. නිකං දුන්නම අගයක් නැති ජාතියේ මිනිස්සු තමා ඒ. ඒ වගේ අයට සල්ලි පූජා කරන්න ක්‍රමයක් හැදුවනං හරි. 😀 😛 එතකොට ඒකට රුපියලක් හරි දාලා සබ් ඩවුන්ලෝඩ් කරලා හරි කමක් නෑ කට කැඩිච්චි කතාවක් කියලා යයිනේ. එතකොට මාසිකව දිනුම් ඇදලා ජයග්‍රහණය කරන උපසිරැසිකරුවන්ට තෑග්ගක් දෙන්නත් අපිට ඒක උදව්වක් වෙව්. හරි ඒක ඉවරයි. 😀
පසුගිය සති තුනක මට සබ දෙන්න බැරිවුනු කතා තුනේ සිද්ධි ටික මම මතක් කරන්න යන්නේ නෑ. ඒත් අපි දන්න කියන ආදරේ කරන චරිත කිහිපයක් මැරුණා වගේම ඒ අයට දරුණු ලෙස තුවාල වුනා කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ තමා The Last Ship කතා මාලාවේ අවසාන කතාංගය. ඒ කියන්නේ අද කතාංගයෙන් පසුව මේ කතා මාලාව අවසන් වෙනවා. ඒ හින්දා බොරුවට තව සීසන් එකක් ඒවිද අනේ කියලා අහන්න එපා හොදේ. 😛
කතා මාලාව පටන් ගත්තේ ලෝකය පුරාම වසංගත මට්ටමෙන් පැතිරී ගියපු රෙඩ් ෆ්ලූ හෙවත් රතු උණ කියන්නාවූ වෛරසයක් මූලික වුනු රෝගයක් සම්බන්ධව. නේතන් ජේම්ස් නෞකාව හදිසියේම ආක්ටික් වෘත්ත සමීපය දක්වාම යුධ පුහුණු අභ්‍යාසයක් වෙනුවෙන් දියත් කර යවන්නේ නාවුක සෙබලුන්ට අමතරව යුධ අභ්‍යාස වලට සම්පූර්ණයෙන්ම පරිභාහිර තවත් වෙනත් මගීන් දෙදෙනෙකුත් ඔවුන්ගේ ආම්පන්නත් සමගයි. ඒ මගීන් දෙදෙනා ඩොක්ටර් ක්වින්සි ටොෆෙට් සහ ඩොක්ටර් රේචල් ස්කොට් යන අයයි. යුධ අභ්‍යාස අතරේ නාවුක කටයුතු කිසිවකට බලපෑමක් නොවන අයුරින් නැව තුල තමුන්ගේ කටයුතු සිදුකරගෙන යන වෛද්‍යවරු දෙදෙනාට යුධ අභ්‍යාසය අතරේ ආක්ටික් හිම අතරේ විද්‍යාත්මක පරීක්ශණ වලට අවැසි යයි පවසන ජෛව සාම්පල කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය යැයි කපිතාන් චැන්ඩ්ලර් ගෙන් අවසර ගෙන පිටත් වෙනවා. මේ අතරතුර රුසියන් යානා කිහිපයකින් වෛද්‍යවරු දෙදෙනාට මෙන්ම සමීපයේ සිටි නාවුක සෙබලුන්ට ප්‍රහාර එල්ල වීමත් සමග වෛද්‍යවරුන්ගේ වැඩ කටයුතු නාවුක හමුදාවට බාධාවක් මෙන්ම ගැටලුවක් බවට පත් වනවා. මාස ගනනාවකින් සතුරු ප්‍රහාරයකට හෝ අන්තරායකට ලක් නොවුනු නේතන් ජේම්ස් නෞකාවට මෙම ගැටලුව විසදාගැනීමට මෙතෙක් වෛද්‍යවරු දෙදෙනාගෙන් නොවිමසූ රහස් පෞද්ගලික පරීක්ශණ කටයුතු පිලිබද විමසා සිටීමට කපිතාන් චැන්ඩ්ලර්ට සිදු වෙනවා.
මේ විමසීම යටතේ මාස ගනනාවක් මුහුද මැද ගොඩබිම සමග සම්බන්ධතාවයක් නොමැතිව ලෝකයෙන් හුදකලාව පසුවුනු නෞකාවේ නාවිකයින්ට වෛද්‍යවරිය හරහා ගොඩබිම සිදුවන සැබෑ සිදුවීමත් නැවට මුහුණ දීමට සිදුවුනු හදිසි යුධ අභ්‍යාසය නාවික හමුදාව සැබෑ අරමුණ වසන් කිරීමට රජයෙන් ගෙතූ බොරුවක් බවත් හෙලිදරව් වෙනවා. එහිදී නේතන් ජේම්ස් නෞකාවේ සැබෑ අරමුණ ගොඩබිමින් හුදකලාව භයානක වෛරසයට ලඟා වීමට නොහැකි හුදකලා ස්ථානයක සිට ගොඩබිම ජීවය වසනසා වසංගතයකට ප්‍රතිකාරයක් සෙවීම බව වටහා ගන්නවා. මෙහිදී ගොඩබිම තම පවුල් වලට සහ ආදරණීයයන් හමුවීමේ බලාපොරොත්තුව සුන්වුනු නාවිකයින් අතර කලබලකාරී තත්වයක් ඇතිවන නමුත් නැවේ ප්‍රධානීන් විසින් ඒ සියල්ල සමථයකට පත්කොට එකමුතු කම පවත්වාගෙන යමින් වෛද්‍යවරු දෙදෙනාගේ අරමුණ කරා ලඟා වීමට සියලු දෙනා එකා මෙන් කටයුතු කර සිටිනවා. මෙහි ප්‍රථිපලයක් ලෙස ප්‍රතිකාරය සොයාගැනීමට ඩොක්ටර් රේචල් ස්කොට්ට සහ ක්වින්සි ටොෆෙට් යන දෙපලට හැකියාව ලැබෙනවා.
මේ සිදුවීමෙන් පසුව ප්‍රතිකාරයත් සමග තම තමන්ගේ පවුලේ උදවියන් ජීවත් වී සිටිනවා ඇති යන බලාපොරොත්තුවෙන් සියලු දෙනාම තම මව් රටට යන නමුත් එහි දේශපාලන ඒකක වෙනස් වී එ්ක පුද්ගල අභිමතාර්ථයක් යටතේ පාලනය වෙන ඇමරිකාවකට ගොඩවැදුනු බවක් කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට වටහාගැනීමට වැඩි වේලා ගතවෙන්නේ නෑ. තමුන් රුසියන් නෞකාවක් සමග දිවි පරදුවට තබා සටන් කරමින් නිපදවා රැකගෙන ආ ප්‍රතිකාරය සියලුදෙනාට ලබා නොදී තෝරාගත් පිරිසකට පමණක් ලබාදීමට එරෙහිව නැවතත් නේතන් ජේම්ස් සටන් කොට ප්‍රතිකාරයේ අයිතිය සෑම දෙනාටම උරුම කොට දෙනවා.
මේ අතරේ ස්වාභාවිකවම වෛරසයට ප්‍රතිශක්තිය දැක්වූ පිරිසක් එකට එක්ව ඔවුන් දෙවියන් විසින් තෝරාගත් උතුම් පිරිසක් යන මෝඩ අදහසක් සිතේ පෙරදැරි කරගෙන ප්‍රතිශක්තිකයින්ට පමණක් මේ මහපොලොව අයිතියි යන අදහසින් ලෝකයේ පාලනය ඔවුන් අතට ගැනීමට පිරිසක් නැගී සිටීමට පටන් ගන්නවා. නේතන් ජේම්ස් නාවුක පිරිසට මෙයට මුහුණ දීමට සිදුවන්නේ ප්‍රතිකාරය ලොව පුරා බෙදාහැරීමත් ඇමරිකාව තුල නව රජයක් පිහිටුවාලීමත් යන අභියෝග දෙකට මුහුණ දීමට සිදුවුනු අවස්ථාව අතරයි. ඔවුන් සමගත් සටන් කොට ජයගන්නා නේතන් ජේම්ස් නෞකාව ඇතුලු නාවුක පිරිසට ඇමරිකාව තුල නව රජයක් පිහිටුවාලීමට හැකියාවක් ලැබෙනවා.
මේ ඇමරිකාව තුල නව රජයක් පිහිටුවීමේදී නීත්‍යානුකූල වශයෙන් ජනාධිපති වරම් ඇති පුද්ගල ලැයිස්තුවෙන් තෝරාගත් පුද්ගලයා ලෙස ජෙෆ්රි මිචෙනර් ජනාධිපති වශයෙන් පත්කොට සිටිනවා. නමුත් මෙම පාලන තන්ත්‍රය තුල තම තමුන්ගේ මඩිය තර කරගැනීමට මාන බලන ප්‍රාදේශීය නායකයින් එකට සංවිධානගතව රට ප්‍රාන්ත වශයෙන් තමුන්ගේ භූමි ප්‍රදේශයන් ලෙස රට කොටස් වලට කඩා වෙන්කරගෙන පාලනය සිදු කරනවා. එමෙන්ම තමුන්ගේ රට බේරාගැනීමට මූලිකව කටයුතු කරන ලද නේතන් ජේම්ස් කපිතාන් ටොම් චැන්ඩ්ලර් දේශද්‍රෝහියෙක් වශයෙන් හංවඩු ගසා ලෝකයක් බේරාගත් පුද්ගලයින්ට තම රට නීතිවිරෝධී තැනක් බවට පත්කරනවා. එහෙන්ම නේතන් ජේම්ස් නෞකාව පවා විනාශ කිරීමට ඔවුන් කටයුතු කරත් ඒ උත්සාහය නාවිකයින්ගේ උපාය හමුවේ ව්‍යර්ථ වනවා. එමෙන්ම චීනයේ එවකට ජනපති ලෙස පත්වී තිබූ පෙන්ග් විසින් ප්‍රතිකාරයේ බලය නැතිවී වෛරසයෙන් මිනිසුන් තවදුරටත් මැරෙන ලෙස ජපානයට එරෙහිවට කටයුතු කිරීමට රසායනික අවි භාවිත කරනවා. තමුන්ගේ රට තමුන්ට ද්‍රෝහි වන අතරේ චීනයත් තමුන්ව දඩයම් කරන අතරේ, චීනයේ නොමගයැවීමට ලක්වුනු ජපානය නේතන් ජේම්ස් වලට සතුරු කම් කලත්, අවසානයේ සත්‍ය වටහාගන්නා ජපානය නේතන් ජේම්ස් සමග එකට එක්ව චීනයට එරෙහිව සටන් කරනවා. එමෙන්ම අවසානයේ උපායශීලීව ඇමරිකාව නැවතත් තනි රටක් ලෙස තනි නීත්‍යානුකූල ජනපති පාලනයට නතුකරගැනීමට නාවුක හමුදාවට හැකියාව ලැබෙනවා.
මේ සියලු දේශපාලනික ගැටලු වලින් පසුව සාමකාමීව කලක් ලෝකයේ වගතුග ගලාගෙන ගියත් සොබාදහම නැවතත් ලෝකයට පාඩමක් ඉගැන්වීම සිදු කරනවා. ඒ රතු උණට හේතුකාරක වුනු වෛරසය බෝග වලට වැලදීම දක්වා විකෘතිතාවයට පත්වීමයි. මෙහිදී සත්ව විශේෂයන්ට මෙම වෛරසය හානිදායක නොවූවත් භෝග වගාවන්ට මෙම වෛරසය නිසා හානි පැමිණීමත් සමග සාගත තත්වයක් ලොව පුරා පැතිරී යනවා. එමෙන්ම වෛරසය නිසා වීකෘතිතාවයට පත්වුනු නිවිති විශේෂයක් මත්ද්‍රව්‍යක් ලෙස ලොව පුරා පැතිරීමකුත් සිදුවීම නිසා කුසගින්නේ වේදනාව නිවාගැනීම පිනිස බොහෝමයක් මිනිසුන් නොස්ටෝස් නම් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම සිදු වෙනවා. මත්ද්‍රව්‍යයේ ප්‍රභලත්වය නිසා එක්වරක් භාවිත කිරීම පමණක්ම එයට ඇබ්බැහි වීමට ප්‍රමාණවත් වනවා. මේ අතරේ විප්ලවකාරී දාර්ශනික අදහස් දරන වැලෙක් නම් උද්භිද විද්‍යාඥයෙක් විසින් රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිශක්තිය දක්වන ලෝක බීජ බැංකුවෙන් සොරාගත් පෞරාණික පාම් බීජ භාවිත කොට මෙම රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිකාරයක් නිර්මාණය කරනවා. නමුත් මෙම ප්‍රතිකාරයත් සමග ඔහු නොස්ටෝස් මත්ද්‍රව්‍ය භාවිතා කොට මිනිසුන්ගේ මොලයේ තරහා පාලනය වන කොටස් අක්‍රීය වෙන ආකාරයේ රසායනිකයකුත් මෙම රෙඩ් රස්ට් ප්‍රතිකාරයෙන් බලගන්වන ලද ශාක වලට ඇතුලත් කරනවා. මෙහිදී වෛරසයට ඔරොත්තු දෙන ශාක වලින් ලබාගෙන සකසාගන්නා ආහාර අනුභවය නිසා මිනිසාට ස්වභාවිකව උරුම වුනු හැඟීම් නිශේධනය වී මනුශ්‍ය ස්වභාවය හුදෙක්ම වෙනස් මිනිස් කොට්ඨාශයක් බවට පත්වීම වැලැක්වීම පිණිස නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට ග්‍රීක නාවුක යුධ කණ්ඩායමක් සමග පවා සටන් වදින්නට සිදු වෙනවා. අවසානයේ ජයගන්නා නේතන් ජේම්ස් ඇතුලු නාවුක කණ්ඩායමට නොස්ටෝස් නොමැති පිරිසිදු ප්‍රතිකාරයක් ලෝකය පුරා පතුරුවා රෙඩ් රස්ට් නිසා ඇතිවුනු ලෝක සාගතය නිමා කරන්න හැකියාව ලැබෙනවා.
මේ සියලු වසංගත, ගැටුම්, සාගත සියල්ලක්ම අවසානයේ මේ පස්වන සමයේ අවසානය දක්වාම පැමිණි ගමන මේ හමාර කරන්නයි සූදානම. මේ සමය තුල සිද්ධවුනු දේ ලිපියේ අමුතුවෙන් සදහනක් කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ. ඒකට හේතුව මේ කතා මාලාව පුරාවටම කතාව බලපු හැම කෙනාටම මේ ගිය සති කිහිපය තුල සිදුවුනු සිදුවීම් ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැති නිසා. මෙතෙක් සති 9ක් ඇතුලත කතාව නොකඩවා බලලා අද 10 වෙනි සතිය වශයෙන් මුලු කතා මාලාවම ඉවරයක් කරලා අතපිහදාගන්න සූදානම් වෙන අවස්ථාවේ, කතාංගයේ සිද්ධවෙන දේ ගැන කියලා රසය නැතිකරන එක අවසාන කොටසට කරන අසාධාරණයක්.
ඉතිං මෙතෙක් කාලයක අංජන ඉශාන් සොයුරා පලමු සමයෙන් ආරම්භ කරපු කතාව මලිත් සොයුරාත් මට බැරි වෙලාවේ දායකත්වයක් දීලා අවසාන වශයෙන් බයිස්කෝප් වල අවසානය සනිටුහන් කරන්නයි මගේ මේ සූදානම. ඉස්සර ඉදන්ම ටීවි සීරියස් වලින්ම ඔයාලා හමුවෙන්න ආපු මම තවදුරටත් අලුත් කතාංග මේ විදියට බාරගෙන කරන එකක් නම් නෑ. අතරින් පතර හවුලේ පරිවර්ථනය කරන රෑපවාහිනී කතාමාලා වලින් හමුවුනොත් මිසක් තනි කතාමාලාවක් බාරගෙන කරන්න නම් තවදුරටත් බලාපොරොත්තුවක් මගේ නෑ. දැන් ඒකට කාලය මදි. ඒ වගේම අලුත් අලුත් උපසිරැසිකරුවෝ බොහෝමයක් දෙනා අපිත් එක්ක එකතු වෙනවා. එයාලා ඉන්නවා අලුත් කතාමාලා බාරගෙන ඔයාලා හමුවට ඉදිරිපත් කරන්න.
ඉතිං අලුත් අයගේ උපසිරැසි වල ගුණාත්මක භාවය අඩුයි කියලා ගොඩක් අය චෝදනා කරනවා. එහෙම තමයි අපිත් මුල් කාලේ හදපු උපසිරැසි වල බොහෝමයක් අඩුපාඩු තියෙනවා. දැනුත් නැතුවා නෙමෙයි. ඒත් ඒ වගේ දේවල් වෙනුවෙන් තමයි පහල කමෙන්ට් බොක්ස් එක තියෙන්නේ. උපසිරැසි ප්‍රමාද වුනු පලියට බනින්න විතරක් ඒක පාවිච්චි නොකර අනිත් අය වගේ ඔයාලා ගන්න උපසිරැසිය වෙනුවෙන් ස්තුතිය පලකරන්න, අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මනුස්සයෙක් විදියට ඒවා පෙන්වලා දෙන්න ඔයාලගේ වචන ලස්සනට පාවිච්චි කරන්න. අනිවාර්යෙන්ම ඔයාලට ඒකට හැකියාව තියෙනවා. කවදාවත් උපසිරැසියේ අඩුපාඩුවක් පෙන්නුවා කියලා අපි ඔයාලට මුකුත් කියලා නෑ. මෙච්චර කල් උපසිරැසි කරපු මට එහෙම මගේ වචන බාවිතයේ අඩුපාඩු පෙන්නපු අය ගොඩක් හිටියා. පුලුවන් නම් මගේ පරණ උපසිරැසි වල කමෙන්ට් කියෙව්වොත් එහෙම ගොඩක් දෙනා අදහස් දක්වලා තියෙනවා දකින්න ලැබේවි. “මචං මේ වගේ වචන පාවිච්චි කරන්න එපා”,” ඒක හරිනෑ වගේ”, “කලින් සබ් එකේ මෙහෙම වචනයක් තිබුනා ඒකට ගැලපෙන වචනේ තමයි මේක.” ,”මොකද බං අර වගේ උඹ හදපු වචන දාන්නේ ඒක චාටර් බං.” 😉 වශයෙන් ගොඩක් අය අපිට වැරදි කියලා දුන්නු අවස්ථා තිබුනා. දැන් බයිස්කෝප් වල ඒ තත්වය පේන්න තියෙනවා ගොඩක් අඩුයි. ඒකයි බොහෝමයක් පරණ උපසිරැසිකරුවෝ වුනත් කියන්නේ ඉස්සරට වඩා බයිස්කෝප් ගොඩක් වෙනස්වෙලා කියලා. ඉස්සර කමෙන්ට් වල අපිටත් බලන්න ඉගෙන ගන්න දෙයක් තිබුනා. එහෙම කියලා ඔයාලා ස්තුතියි විතරක් ලියා දාන කමෙන්ට් එකේ අගය අපිට අඩු නෑ. අපිට ඒකත් වටිනවා. අනික වචනෙක අඩුපාඩුවක් පෙන්නලා කමෙන්ට් එකක් දාද්දී අපි දන්නවා අපි අමාරුවෙන් හදපු උපසිරැසිය ඔයාලා කියවලා තියෙන විත්තිය. ඒක අපිට ලොකු සතුටක්.
ඉතිං ඒ ටික කිව්වා කියලා අහිතක් හිතන්නේ නෑ කියලා හිතනවා. තවදුරටත් රූපවාහිනී කතාමාලාවක් කැපවී බාරගෙන කරන්න මට අවස්ථාවක් ලැබෙන එකක් නෑ. මේක අවසානය වෙයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒ අවසානයත් සමග බයිස්කෝප් වලින් අද The Last Ship කතාමාලාව මෙලෙස අවසානය සනිටුහන් කරනවා.
I’ll see you when i see you.
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
37,298 downloadsDownload The-Last-Ship-S05-E10.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
291 comments
rangika
Lahiru444
ammo enakm balan hitiye thnkz sub ekata
thekshana
Thank u ❤️
Dulan Ranasinghe
බොහෝම ස්තූතී සහෝ මේ කරන උදව්වට ☝️
Madura J Kawshalya
කතා මාලා 5ක් අප වෙත උපසිරැසි ලබා දෙමින් ඉටු කරන ලද මෙහෙයට කතා මාලාවට දායක වූ සියලු උපසිරැසිකරුවන්ට ස්තූතියි..ජයවේවා ...!!
Asiththarushika
ස්තුති සහෝදරයා
hashanandhashan
Thank kuuuuuuuu
MXORMajoR
Thaks MC me karana pinata...!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
වෙලාවක් ලද හැටියෙම උපසිරැසියක් අරන් අඩවියට ගොඩවෙමු....
ජය වේවාHard Rock
ela bro.. thanx . jaya wewa
Bobby
Thanks very much All of you
udaka123
Thanks a lot bro :)
dsdkavishka
Thenks aiya
tdil
thank u very much all of you
Prasadsha123
මුල ඉඳන්ම ඉතාම ආශාවෙන් බලපු මේ tv සීරීස් එකේ රසය තවත් වැඩි කරන්න අපිට සිංහල සබ් දෙන්න හුඟක් මහන්සි උන ඔයාලා හැමෝටම ස්තූතියි... ජයවේවා..
Thilinaweerasingheb
tnq very mch ma bro.keep it up(**{
Chiran darsh
downlod link ekak nadda?
Aruna Disanayaka
කතා මාලා 5 ආසන්න වශයෙන් කොටස් 60 කට ආසන්න ප්‍රමාණයක් නොකඩවා උපසිරැසි ලබාදුන් ඔබට ඉතාමත් ස්තුතියි. ඉතාමත් ආසාවෙන් නොඉවසිල්ලෙන් මේ කතාමාලාවන් ටික බැලුවා.
කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව කරන මේ මහගු මෙහෙවර ඉතා අගයකොට සැලකිය යුත්තකි.මෝඩ හරක් පැටවු ෆේස්බුක් වීරයන් ගොන්පාට් දාල කොමෙන්ට් කරාට ඒ කවුරුත්ම උපසිරැසියක් කරන්න කන කට්ට දන්නේ නැහැ.එයාල හිතන්නේ ඒ අය වෙනුවෙන් මේක අනිවාර්‍ය්යෙන් කලයුත්තක් කියලා. ඉතින් ඒවගේ අය නිසා ගුණාත්මක උපසිරැසියක් සමග ෆිලුමක් බලන්න තියෙන අවස්ථාව අඅහිමි කරන්න එපා.
නැවතත් අප සැම වෙනුවෙන් මේ ලබාදුන් උපසිරැසි හා ඒ වෙනුවෙන් වැයකල කාලය හා ශ්‍රමය වෙනුවෙන් හදපිරි ස්තුතිය පුදකරමි.නැවතත් මෙවැනි කතාමාලාවක උපසිරැසියකින් හමුවේයැයි සිතමි.
අරුණ - ජපානය.Thamoth Kavinda
සීසන් 5 පුරාවටම උපසිරැසි නිර්මාණය කල සහෝදරයට ස්තුති වේවා.මුලසිටම ඉතා අසාවෙන් බලපු කතාමලාවක් මේක.
Thamoth Kavinda
සීසන් 5 පුරාවටම උපසිරැසි නිර්මාණය කල සහෝදරයන්ට ස්තුති වේවා.මුලසිටම ඉතා අසාවෙන් බලපු කතාමලාවක් මේක.
rkasun89
Fillm eka nane
Sudheera Kasun
Niyamai Machan. Uba Last Ship ekata supiriyatama sub kala. series eka mechara apata interest wenn eka hetuwak tamai ekath. Thanks machan...! Keep up the Good work
Tharindu Katuwawala
Thank you very much macho.. keep up the good works..!!
ලහිරු විනෝජ්
ammoh..tnks mcn.
Malith Weeramuni
ගොඩක් ආසාවෙන් බලපු කතා මාලවක් අද අවසන් වෙනවා. මෙතෙක් කාලයක් උපසිරසි දීපු බයිස්කෝප් සහෝදරවරු හැමෝටම ගොඩක් ස්තූතියි. ප්‍රනීත් අයියගෙ උපසිරසි ගැන ආය කියන්න දෙයක් නෑ. සුපිරි.. ජයවේවා අයියේ...❤❤❤
Nilangamanoj
thanks macho
Mayu Rio
thnnqqq sahoo ikmnta sub eka dunnata. jaya wewa
shadow
thank bro ..sub ekata
jaya!!!!!Thilina Jayarathna
adooo dukai yakooooooooooooooooooooooooooooo thx sub ekta
bunchi singithi
Thnxx sahoo. Ela gd wrk. Lankawe minissunta nikn dunmma mukth age na. Eki ohma wenne. Elzz thnxx a lot
Nime12
Thanx machan. Jaya wewa!
rastha_kolla
thanx bro
yukthi.jayakody
Thanx Machan
kdelshan
thanks bro supiri
Kelum chethiya
මෙතක් උපසිරසි දුන් ඔබට තුති...
subodha
Thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Season 5ක් ආසාවෙන් බලපු කතාවක්....
අනික ඔයයි මලිත් සහෝයි දෙන්නම සුපිරි උපසිරසි දුන්නේ ඉක්මනටම...
ඔයා දුන්න TV Series එහෙමත් සුපිරි ඒවා...
ඒ වගේ ඒවා ආයේ ගේන්න බැරි උනත් දිගටම සබ් කරමු...Milind@
Thanks saho
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!NavinduTharaka
elama..thank you
subapathanawa digatama karagena yanna!NavinduTharaka
elama..thank you
subapathanawa digatama karagena yanna!NavinduTharaka
meka enakn balan hitiye.parakku unata kmk na,ubalath wada asse ne mewa karanne..ela.thak you
Kulanjana Maduranga
subata thanks saho...keep it up....
ravindu_1987
THANK YOU VERY MUCH....
පුරා වසර කිහිපයක් තිස්සේ ඉතා අශාවෙන් හා ඕනෑකමින් කතාමාලාව නැරඹුවෙමි.සිංහල උපසිරස ගන්වා තිබීම මෙම කතා මාලාව එක දිගට නැරඹීමට පෙළඹ වූ ප්‍රධානම සාධකය විය.සියලු දෙනාටම හදපිරි ප්‍රණාමය පුද කරමි.hasith jayalath
bohoma isthuti
jayadari
bohoma istuti e word ekath sinhalen type karanda baruva inna api dannava oyala me karanne kochahra loku wadak da kiyala e de danna godak aya metanta enava e okkoma aya venuven thank you so mauch
44459
Thank you so much you.......
shan thimira
season 5 ma pattama aswen bluweeeee..thakx sahooo
Rajitha Kumarage
Great work brother.
Chalana
ado thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank u....