Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S01 : E07] Sinhala Subtitles | මෝඩෝරය නැගී සිටීවි! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හත්වෙනි සතියත් උදා වුණා. ගිය සුමානේ කතාවේ සුපිරිම එපියක් අපි බැලුව මතකයිනේ. සිරිස් එකට හේතු විරහිතව ඔහේ බැන බැන ඉන්න සහ මේක නොබලා මාතරපීස් විතරක්ම බලන අය පව් ඉතිං ඇත්තටම. 😛 පහල තියෙන ස්ක්‍රීන් ෂොට් එකත් ඒ වගේ එකක්. පහුගිය ටිකේ ෆේස්බුක් එකේ ශෙයා වුණා…

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හත්වෙනි සතියත් උදා වුණා. ගිය සුමානේ කතාවේ සුපිරිම එපියක් අපි බැලුව මතකයිනේ. සිරිස් එකට හේතු විරහිතව ඔහේ බැන බැන ඉන්න සහ මේක නොබලා මාතරපීස් විතරක්ම බලන අය පව් ඉතිං ඇත්තටම. 😛 පහල තියෙන ස්ක්‍රීන් ෂොට් එකත් ඒ වගේ එකක්. පහුගිය ටිකේ ෆේස්බුක් එකේ ශෙයා වුණා මේක.

පහුගිය එපියේ පෙන්නපු ප්‍රමාණයේ (අඩි200ක් විතර දිග) නෞකාවකට සාමාන්‍යයෙන් මිනිස්සු 600-800ක් අතර ප්‍රමාණයක් පටවන්න පුළුවන් කියලයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ කිලෝ 1200ක සහ 2000ක ප්‍රමානයක්. එතකොට අශ්වයින්ව ගෙනාවේ කොහොමද අහනවා. අශ්වයින්ව අරගෙන එන්නේ නෞකාව ඇතුලේ දාගෙනම තමයි. පොඩ්ඩක් හොයල බලන්න ඕන නම්. ඔය විධියේ දේවල් උලුප්පන ගොඩක් අයගේ කැමතිම සිරිස් එක වෙන්නේ, ගේම් ඔෆ් ත්‍රෝන් සහ දැන් නම් හවුස් ඔෆ් ඩ්‍රැගන්. ඔය විධියට වැරදි කියනවා නම් ඔය සිරිස් දෙකේ ගමකට වැරදි තියෙනව. ගොට් මුල් සීසන් එකයි රිංග්ස් ඔෆ් පවර් මුල් සීසන් එකයි සංසන්දනය කරල බැලුවොත් එහෙම, දෙකම එකම ලෙවල් එකේ මට නම්. අනේමන්දා ඕවා සංසන්දනය කරලා හවුස් ඔෆ් ඩ්‍රැගන් බලන උන් සුපිරි, රිංග්ස් ඔෆ් පවර් බලන උන් ඊයා ලෙවල් එකේ ඉන්නෙ කොහොමද මන්දා, සිරාවටම.

එහෙනම් කතාවේ සාරාංශය දිහාවට යොමුවෙමු පුරුදු විධියටම… 🙂

පසුගිය කොටස් තුළින්,
පලවෙනි කොටසින්ම සිරිස් එකේ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම පාහේ පෙන්නුවා. මුලිකවම ගලාද්‍රියල් සහ සෞරෝන් වටා තමයි කතාව දිවගියේ පලවෙනි කොටසින්. ඒ වගේම මට නම් ආස හිතුනේ නෝරි සහ පොපී කියන හාර්-ෆූට් හොබිට්වරියන් දෙන්නට. ඒ දෙන්නගේ චරිත දෙක නම් නියමයි. බ්‍රොන්වින් සහ අරොන්දිර් දෙන්නගේ ආදර කතාව ගෙතුණ විධියත් ඔවුන්ට වෙන් වෙන්නට සිද්දවෙන විධියත් අපිට දකින්න ලැබුනා මුල් කොටසින්ම. ඒ වගේම මුල්ම එපියෙ අන්තිමටම අහසින් පොලවට කඩන් වැටෙන අමුත්තා වටේට කුතුහලයෙන් යුතුව ගොඩ නැගෙන කතාව ගැන බලාපොරොත්තුවක් දෙවැනි එපියෙ අපිට දකින්න ලැබුනා. මොකද දෙවැනි එපියේ වැඩි කාලයක් එයාට වෙන් කරලා තිබ්බ. මුල් කොටසේදී හයි-කිං විසින් එල්රොන්ඩ් වෙත ශ්‍රේෂ්ඨ එල්ව්ස් කම්මල්කරුවෙකු වෙන වංශවතෙකුව මුනගස්වාලා දුනා. ඒ දෙන්නා යනවා තමන්ගේ විශාල ව්‍යාපෘතියට අවශ්‍යය කරන ශ්‍රමය හොයාගන්න. අපිට හුරු පුරුදු කෙනෙක්ව දකින්න පුළුවන් වුණා ඒ කොටසෙදි, ඒ තමයි ඩුරින් කුමාරයා, එයාලගේ විධි ක්‍රම ගැන, හොබිට් එකේදී විනාශ වෙලා තිබ්බ එයාලගේ රාජධානියේ සශ්‍රිකත්වය දකින්න ඇතිනේ ඒකෙන්. ඒ වගේම අහසින් කඩන් වැටුණු අමුත්තා එයාගේ කතාව කියන්න උත්සහ කරනවා.

බ්‍රොන්වින් සහ අරොන්දිර්ගේ ඉරණම ගැන කොහොමත් අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතභාවය එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. කොහොම නමුත් ඔන්න ඔර්ක් කෙනෙක්ව බෙල්ල කපලම පෙන්නුවා. හරියටම කියන්න බැහැ. ඒත් බ්‍රොන්වින්ගේ පුතා වෙන තියෝ සහ එයා ළඟ තියෙන සෞරෝන්ගේ සලකුණ සහිත අසිපත් කැබැල්ල එක්ක තියෝ රුධිරයෙන් සම්බන්ධ වුණා මතකයිනේ? ඒ Gurthang අසිපත කියලත් කියනවා මම දැක්ක සමහරු. සමහරු කියනවා ඒ මෝර්ගුල් අසිපතක කොටසක්, ඒක අයිති Angmarට කියල. ඉතිං අහසින් වැටුණු අමුත්තා කවුද කියල අපි තවම දන්නේ නැහැ. ඔය අතරේ හාර්-ෆුට්ලා ටික තමන්ගේ ගමන පටන් ගන්නවා. ඒ වගේම පිටස්තරයෙකුව තමන්ගේ ගොඩට දාගෙන තියෙන බව හෙළිදරව් වෙලා නෝරි ඇතුළු පවුල පිරිසේ අවසානයේ ගමන් කලයුතු බවට නියෝග කෙරෙනවා. ඒ වගේම අපිට ඉසිල්දුර්ව දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකම් තමන් හොයමින් ගිය සලකුණ ඇත්තටම සලකුණක් නෙමෙයි සිතියමක් බව ගලාඩ්‍රීයල්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම නියුමෙනොර්වල තවම එල්ව්ස්ල වෙනුවෙන් සහ ඔවුන්ට කැමති අය ඉන්න බව ඇය දැනගන්නව.

සිව්වැනි කොටස පටන් ගන්නේ වැඩබලන රැජින දකින සිහිනයකින්. ඒ තමයි නියුමෙනොර්වලට අනාගතයේදී අත්වෙන්න නියමිත ඉරණම ගැන දකින සිහිනයක්. මහා ජලකඳක් ඇවිල්ල නියුමෙනොර් ගිල ගන්නවා. ඒ හීනයට හේතුව හතරවෙනි එපිසෝඩ් එක අවසාන හරියේදී අපි දැකගන්නව. ඉතිං ඒ එක්කම වගේ ගලාද්‍රියල් රැජිනගෙන් මුලින් බොහොම සන්සුන්ව ඉල්ලීමක් කරනවා ආයේ එල්ව්ස්වරු සහ මිනිසුන් අතර සම්බන්ධතාවය ආරම්භ කරන්න ඉඩ දෙන්න කියල. රැජින තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සෙ ගලද්‍රියල් වැඩ බලන රැජිනට අභියෝගාත්මක විධියට කතා කරනවා. ඇය නිත්‍යානුකුල රජතුමාව මුණගැහෙන්න යන බව කියල. ඒකට තරහ යන වැඩ බලන රැජින ගලද්‍රියල්ව හිර කරනවා. මිනිස්සු එල්ව්ස්ලට විරුද්ධ ඇයි කියල අපිට දකින්න ලැබෙනවා සහ රජතුමාට තමන්ගේ දුවව වැඩබලන රැජින විධියට පත්කරන්න වෙච්ච හේතුවත් අපි දැනගන්නවා. ඒ වගේම එඩාර් කියන්නේ නපුරට හැරුණු එල්ව්ස් කෙනෙක් බව අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔර්ක්ස්ලා ප්‍රදේශ පුරාම හොයන කඩුව තියෙන්නේ කා ලඟද කියලත් දැනගන්නවා. ඒ කඩුව ඒ වෙනකම් ළඟ තියාගෙන හිටිය කෙනා නපුරට නතුවෙලා සෞරොන්ගේ පැත්ත අරගෙන ඔහුගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් කියලත් අපි දැනගන්නවා.

කොහොමින්හරි නියුමිනොර් දේශයෙන් මිඩ්ල් අර්ත් වෙත යුධ ආධාර අරගෙන නෞකා තුනක් එනවා. නෞකා පහක් එන්න තිබ්බත් දෙකක් ගින්නෙක් විනාශ වෙච්ච නිසා අඩුපාඩු සහිතවයි ගමන පිටත් වෙන්නේ. ඒ විනාශයෙන් වාසි වුනේ ඉසිල්දුර්ට හැබැයි. මිනිහා ඔන්න මිඩ්ල් අර්ත් වෙත පිටත් වෙනවා. ඒකෙන් පස්සෙ වෙන දේ ඉතිං කට්ටිය දන්නවනේ. ඒ වගේම අනාගත මොඩෝර් දේශය නිර්මාණය වීම ආරම්භ වෙලා ඉවරයි. දක්ෂිණ දේශය මුලික කරගෙන තමයි මොඩෝර් ගොඩනැගෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ගෙන් කොටසක් මේ වෙනකොට අඳුරට අධිපතියගේ පැත්ත අරගෙන ගිහින් ඉන්නෙ. කතාවේ නිර්මාපකයෝ ගානට තැටිය රත්කලා, රොටිය පුච්චගන්න ගිහින් ගානට පදමට කරගනිවිද, නැත්නම් රොටිය කරකරගනිවිද කියල සැකයක් ගිය සුමානේ තිබ්බා.

හම්මේ යාන්තම් රොටිය ගානට පුච්චගත්ත. සිරාවටම පට්ට ආසයි ඒ එපියට. සිරිස් එකේදී අපිට දකින්න ලැබුණු මුල්ම යුද්ධය අපිට හමුවුණා ඔන්න. ඉදිරියේදී එන්න නියමිත වෙලා තියෙන යුධ ගැටුම් එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. ඔර්කයන්ගේ වත්මන් ලොක්කා උරුක් කෙනෙක්. ඒ කියන්නේ අඳුරට නතුවුණ එල්ව්ස් කෙනෙක්. ඒ වගේම තියෝ අතේ තිබණු කඩු මිට යතුරක් බව දැනගෙන හිටියත් හරියටම එකෙන් විවර වෙන්නේ මොකක්ද කියල අපි ගිය සුමානේ දැක්කා. මේ තමයි අපි ලෝඩ් ඔෆ් ද රිංග්ස් ෆිල්ම් තුනේදී දැකපු, සහ මුලික වුණ මොඩෝර් දේශයේ ආරම්භය. ඒ පුපුරා ගියේ මවුන්ට් ඩුම් ගිණි කන්ද. මතක ඇතිනේ ඒ මොකක්ද කියල? එහෙනම් අද අන්තිම කොටසට කලින් කොටස. මිඩ්ල් අර්ත් රසිකයින්ට අද කොටස නම් හික් ගෑවෙන කොටසක්…  

මේ සීසන් එකේ අවසාන කොටසින්, අපි ලබන සිකුරාද රෑ වෙලා හමුවෙමු, ජය! 🙂

“ The Eye “ Season 01 Episode 07 අධ්‍යක්ෂණය : Charlotte Brändström තිර රචකයින් : John D. Payne & Patrick McKay කතාංගය විකාශය වූ දිනය : 07 Octpber 2022 IMDB අගය: 7.0 කතා මාලාව නැරඹීමට අනුමත වයස් කාණ්ඩය (USA) : TV-14

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

19,602 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Rings_.of_.Power_.S01E07.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

19,602 downloadsDownload Subtitles44 KB

60 comments

  1. Anonymous

    සබ් එකට ස්තුතියි විමා❤❤❤

  2. Thoros

    Ade vima ayye ada video ekatath klin sub awilla niymai ne.

  3. Spider

    bohoma sthuthiyi sub ekata

  4. Madushanka

    Thanks very much !!!

  5. DMT SANJEEWA

    Thanks for sub aiya

  6. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  7. 二プナ アラツチラゲー

    thanks brother

  8. Anonymous

    මේක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ,thanks සහෝ sub ekata

  9. madu

    thanks

  10. Anonymous

    ඔච්චර මේ සිරීස් එක උලුප්පන්න ඕන නෑ බන් බලන උන් බලාවි නොබලන උන් වෙන එකක් බලාවි
    මම නම HOD එකයි ROP එකයි දෙකම බලනවා, කොහොමත් සීසන් 5ක් විතර එන්න තියෙන එකක සාර්ථක අසාර්ථක බව දැන්ම කියන්න බෑනේ පොඩි පොඩි අතාත්වික දෙබස්,ෆයිට් සීන් නැත්තෙමත් නෑ ඉතින්,බලමුකො ඉතින් ඉස්සරහට අන්තිමේ GOT වලටත් වැඩිය හොද වෙයිද දන්නේ නා

    1. විමා

      මම කියන්නෙත් ඔය දෙක සංසන්දනය කරන එකම ළදරු වැඩක් දෙක දෙකක් විධියට බලන්න, ඔය දෙකේම අඩුපාඩු ගමකට තියෙනවා කියන එකම විතරයි. :)

      අනික, සබ් එක දෙන සිරිස් එකේ, සබ් එකට අදාළ ලිපියේ ඒ සිරිස් එක උලුප්පන්නේ නැතුව මොනා කරන්න කියලද දැන් යෝජනා කරන්නේ ?

  11. Akash Fernando

    But HOTD>ROP

  12. Anonymous

    superb bro

  13. Anonymous

    තැන්ක්ස් සහෝ sub එකට

  14. Amila

    දෙකම හොඳයි දෙකම බලනව.මේකෙ ගිය එපිය මරු.සබ් එකට බොහොම ස්තුති ජයවේවා

  15. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අශාන් අයියේ සබ් එකට. දැන් නම් සට පට ගාලා සබ බස්සනවා. ඇත්තටම මේක වෙන කතා එක්ක compare කරලා මේක වැඩක් නෑ කියලා කියන ඈයෝ ගැන කතා කරලම වැඩක් නෑ. compare කර කර බලනකොට කොහොමත් කතාවක් enjoy කරන්න බෑ. අර වගේ දේවල් දැක්කාම 'සද්ද නැතුව හිමින් මාරු වෙලා යන්න තමා තියෙන්නේ ඉතින්. මොකද ඕවට අදහස් දක්වන්න ගියොත් කොහෙන් ඉවර වෙයිද කියන්න බෑනේ. ටිපර් පාක් කරන්න සෑහෙන දක්ෂ අය ඉන්නවනේ. කලින් එපිය නම් සුපිරියක් තමා. පට්ටම ගැම්මෙන් බැලුවේ. මේක ගැන නම් දැන් සෑහෙන බලාපොරොත්තුවක් තියෙන්නේ. ආයෙත් තුති වේවා එහෙනම් සබ් එකට. ජය! ❤️

  16. Danushka

    එල එල, ඉක්මනටම සබ් දීලා, ජයවේවා. මොකක්ද බං මාතරපීස් කියන්නේ.

    1. Anonymous

      ලංකාවෙ උන් වැඩිපුරම අවභාවිතා කරන වචනයක්, මාස්ටර්පීස්.

  17. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  18. Anonymous

    Thank you bro ❤️

  19. අචින්ත

    ආදරෙයි මැට්ටෝ.. ඔක්කොම එකවැර තමයි බලන්නේ ඉති..

  20. Dimuthu

    Thanks bro

  21. Otis

    Thank Boza

  22. dylan

    Merci

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  23. Kasun Widusha

    Tnx sahooo

  24. malith madhushan

    බොහොම ස්තුතියි විමා අයියේ උපසිරසට

  25. Movie පිස්සා

    Sub එකට Thanks Bro තවත් මේ වගේ පිරිත් ඒවට Sub ගහන්න සුබ පතනවා ❤❤

  26. Movie පිස්සා

    Sub එකට Thanks Bro තවත් මේ වගේ සුපිරි ඒවට Sub ගහන්න සුබ පතනවා ❤❤

  27. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  28. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  29. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  30. Tharindu

    Supiriyak machan... jaya wewa...

  31. Anonymous

    මේ එපිය බා ගන්න ලින්ක් එකක් දියල්ලකෝ බන්

  32. Dewadithya

    Thanks for Sub!

  33. MAALNATH

    Thanks........good luck..........

  34. Sasanka

    Siirawata kawruth kiyanna dewal ahanne nathuwa Open mind ekakin baluwada pattatama enjoy karanna puluwan series ekak

  35. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  36. Anonymous

    Thanks so much

  37. Dsp

    thank u bro

  38. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  39. Amil Gamage

    Thanks For The Sub

    1. Ramesh

      Sub 1ta thanks bro

  40. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියී...❤

  41. Asanga kb

    Wma... bohoma sthuthi machan.. jayama wewa.

  42. heshan

    Thank you brother

  43. Sahan Gayantha

    thanks a ot saho sub ekata

  44. shashikala sewwandi

    sub eka dunnata thnk you brother

  45. 123

    ep 8 ooni

  46. Kawsh

    Ep 8 tama naddooo..ikmanata dennako...

  47. Lahiru Bandara

    ( O O )
    <
    U

  48. Rush

    Ado. 8 denna thawa parakku wenwada ?

  49. prabhasoft

    Thank you...!!!

  50. Amila

    thanx for da sub bro...

Load more comments