“අපිත් මිනිස්සුත් එක පවුලක්. අපි එකම සමස්තයේ කොටස් දෙකක්. මනුෂ්‍ය සහ මනුෂ්‍ය නොවන ජීවිතවල සාපේක්ෂ වටිනාකම තීරණය කරන්නෙ කවුද? මම විශ්වාස කරනවා පෘථිවියේ ඉන්න ඔක්කොම ජීවීන්ට යම් ආකාරයක නියමයක් ලැබිල ඇති කියලා. මම මේ මිනිස් මොළය යටත් කර ගත්තම, මට නියමයක් ලැබුනා. ඒකෙන් කිව්වෙ, ‘මේ විශේෂය ගිල දමන්න’ කියල…

“අපිත් මිනිස්සුත් එක පවුලක්.
අපි එකම සමස්තයේ කොටස් දෙකක්.
මනුෂ්‍ය සහ මනුෂ්‍ය නොවන ජීවිතවල සාපේක්ෂ වටිනාකම තීරණය කරන්නෙ කවුද?
මම විශ්වාස කරනවා පෘථිවියේ ඉන්න ඔක්කොම ජීවීන්ට යම් ආකාරයක නියමයක් ලැබිල ඇති කියලා.
මම මේ මිනිස් මොළය යටත් කර ගත්තම, මට නියමයක් ලැබුනා.
ඒකෙන් කිව්වෙ, ‘මේ විශේෂය ගිල දමන්න’ කියලයි.”
ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියල පිළිගන්න අතරෙ මගේ 11 වන උපසිරැසි නිර්මාණය එක්ක මම අද අරන් ආවෙ වෙනදට වඩා ටිකක් විශේෂ ඇනිමෙ කතා මාලාවක්.මේ කතා මාලාව ගැන කියන්න කලින් මම පොඩි මතක් කිරීමකට යන්නම්.ඔයා Kingdom කියන කොරියානු කතා මාලාව බලල තියෙනවද?බලල නොතිබුණත් මේකට ප්‍රශ්නයක් නෑ.ඒ කතාවෙ වෙන්නෙ එක්තරා විශේෂ මලක් මත තියෙන බිත්තරය වර්ගයකින් එන පණුවෙක් මිනිස් මොළය යටත් කරගෙන ඒ මනුස්සයාව මිනී මස් කන සොම්බියෙක් බවට පත් කරන එකනෙ.සරලව ඕක තමයි වස්තු බීජය වෙන්නෙ.බලපු අය නම් දන්නවා.මෙන්න මේ වගේ දෙයක් වෙන ඇනිමෙ කතා මාලාවක් තමයි මේ අරගෙන ඇවිත් තියෙන්නෙ.ඒ වගේ කිව්වට ඒ වගේ නොවන ‘ජීවය’ ගැන ගැඹුරු අර්ථයක් තියෙන කතාවක්.අපි බලමු මේ කතාව මොකක්ද කියලා.
2014 වර්ෂයේ Fall Season එකේදි ප්‍රදර්ශනය ආරම්භ වුනු Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim කියල කියන්නෙ IMDB දර්ශකයේ 8.3 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.35 ක අගයක් ලබාගෙන Top Anime ලැයිස්තුවේ 195 වන ස්ථානයේ රැඳී ඉන්න, මිනිත්තු 23 බැගින් වූ කොටස් 24 ක් පුරා ධාවනය වුනු එක් කතා සමයකින් යුක්ත ඇනිමෙ කතා මාලාවක්.Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen කියන Genre වලට අයත් වෙන මේ කතා මාලාව R-17+(Violence & Profanity) යටතේ rate වෙලා තියෙනවා.
1988-1995 යන කාලයේ නිකුත් වුනු Hitoshi Iwaaki සෙන්සේ විසින් රචිත, එහි මන්ගා පිටපත් මිලියන 11 කට වඩා අලෙවි වෙමින් වාර්තා තැබූ Kiseijuu manga එක යොදා ගනිමින්, ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු කළේ ඇනිමෙ ලෝකයේ Death Note,Monster,Wicked City,Paprika,One Punch Man වගේ විශිෂ්ඨ නිර්මාණ බිහි කරපු MADHOUSE Studio එක විසිනුයි.ඉතින් ඇනිමේෂන් නම් 2014 වර්ෂයේ ඇනිමේෂන් අතරින් ඉස්තරම්ම ඇනිමේෂන් අපිට බලාගන්න ලැබෙනවා.කතාවෙ Humans,Facial expressions,Creature formations,World building කියන කාරණා හරිම අපූරු විදිහට නිර්මාණය කරල තියෙනවා.

– Hitoshi Iwaaki සෙන්සේ –

– Kiseijuu Manga (Volume 1) –
කතාවෙ Music ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනි.කිව්වෙ නැත්නම් ඒක කරන අසාධාරණයක්.කතාවෙ Opening Theme එක තමයි මේ කතාවට නියම Psychological,Horror vibe එකක් දෙන්නෙ.’Let me Hear’ නම් වූ ඒ ගීතය Fear,and Loathing un Las Vegas කණ්ඩායම ගායනා කරන අතරෙ කතාවෙ Ending Theme එක වෙන ‘Its the right time’ ගීතය Daichi Miura විසින් ගායනා කරනවා.මේ ගීතය කතාව අවසානයේ සියලු දුක් භීතියන් මොහොතකට අමතක කරවන හරිම ලස්සන චාම් ගීතයක් වෙන බවට නම් නිසැකයි.ඒ වගේම තවත් නාද රටා කිහිපයක්ම අපිට කතාව අතරෙදි අහන්න ලැබෙනවා.
ඒ වගේම MyAnimeList දර්ශකය අනුව මේ කතා මාලාව;
- Top 20 Sci-fi Anime Series all the time අතරින් එකක් වෙනවා.
- 15 of the Most terrifying Creatures and Demons Anime අතරින් එක0ක් වෙනවා.
ඒ වගේම;
- Behind the Voice Actors Awards(2017) හි BTVA Anime Dub Television/OVA Voice Acting Award හි Winner හා එහිම Nominee එකක් ලබාගන්නවා.
- Behind the Voice Actors Awards(2016) හි BTVA Anime Dub Television/OVA Voice Acting Award හි Nominee 2 ක් ලබාගන්නවා.
ඒ වගේම මේ ඇනිමෙ කතා මාලාවට සමගාමීව Live Action චිත්‍රපට දෙකකුත් නිකුත් වෙලා තියෙනවා.
කතාව ගැන මේ වර්ණනාව හොඳටම ප්‍රමාණවත්.දැන් යමු කතාව පැත්තට… රට පුරා මිනීමැරුම් සිද්ධ වෙමින් තියෙනවා.ඉතා දරුණු ගණයේ මිනීමැරුම් වෙන මේවා සමහර සිරුරු ඉරා දාල තියෙද්දි හම්බ වෙනවා.සමහර සිරුරුවල ඉතුරු වුනේ පොඩි කෑලි කිහිපයක් විතරයි ඒ දිහා බලන්නවත් බැරි තරමට.කරපු කෙනෙක් හොයාගන්නත් නෑ.මේ මිනීමැරුම් ‘මින්ස්මීට් මිනීමැරුම්’ කියල හැඳින්වූවා.
ඉසුමි ශිනිචි කියල කියන්නෙ වයස අවු.17 ක් වෙන උසස් පාසල් ශිෂ්‍යයෙක්.හැබැයි මෙයා හරිම ලැජ්ජා බයට හැදුනු කොල්ලෙක්.එහෙමයි කියල නෑ මෙයා මෙයාගෙ වයසෙම තවත් ගැහැණු ළමයෙකුටත් කැමැත්තෙන් ඉන්න කෙනෙක්.දවසක් දා රෑ පණුවෙක් වගේ අමුතු සතෙක්.මෙයාගෙ නහයෙන් ඇඟ ඇතුළට රිංගන්න හදනවා.ඒ ඒ පණුවට ඒක කරගන්න බැරි වෙනවා.එතකොටම මේ පණුවා වෙන තැනකින් ඇඟට ඇතුල් වෙනවා.මේ සිදුවීම නිසා ශිනිචිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙනවා.හැමෝගෙන්ම හංගන්න වෙන විදිහෙ රහසක් එක්ක ශිනිචිට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න සිද්ධ වෙනවා.මේ නිසා ශිනිචි කවදාවත් නොහිතපු විදිහෙ දේවල් ශිනිචිගෙ ජීවිතයේ සිද්ධ වෙන්න පටන් ගන්නවා… මේ පණුවා වගේ සතා කවුද? ආවෙ කොහෙන්ද? මොකටද? ශිනිචිගේ රහස මොකක්ද? ශිනිචිගේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොමද? මේ මින්ස්මීට් මිනීමැරුම් මොනවද? ඒවා කරන්නෙ කවුද? මේ හැම සිදුවීමකටම හේතුව මොකක්ද? මම මීට වඩා කියන්න යන්නෙ නෑ.කතාව බලලම ඔයාට මේවට උත්තර හොයාගන්න වෙනවා.
එක සතෙක්ට තව සතෙක්ව මරාගෙන කන්න අයිතියක් දුන්නෙ කවුද? මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනව නම් සත්තුන්ට එහෙම අයිතියක් නැද්ද? ජීවයේ පැවැත්ම තීරණය කරන්න පුලුවන් කාටද? හැමෝටම සහයෝගයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න බැරිද? ජීවත් වීමේ අයිතිය,මිත්‍රත්වය,පවුල,ආදරය.මනුෂ්‍යත්වය කියන කාරණා බෙහෙවින් ඉස්මතු කරන මේ ඇනිමෙ කතා මාලාව නරඹන්න කියල මම ආරාධනා කරනවා.උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මීළඟ කොටස් දෙකෙන් හමුවෙනකල් හැමෝටම සුභ වේවා! ජය වේවා!
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.
2,868 downloadsDownload PTM-S01-E01-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2014
- #Adam Gibbs
- #Aya Hirano
- #Brittney Karbowski
- #Editor's Pick
- #Kana Hanazawa
- #Luci Christian
- #MaxxA
- #Nobunaga Shimazaki
- #Offbeat
- #Parasyte
- #Rinka H.B.B.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Takuma Suzuki
- #the maxim
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #පැටසයිට්
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Pahasara
Anonymous
me sub eka denakam sehena kal balan idiya.. sub ekata thanks bro...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ddr
thanksssss
ලංකන් weebs
හැමෝටම ගොඩක් ස්තූතියි.`(^•^)´
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Episode 1, 2 ta passe sub nane ane.
404 error, page not found
Kiyala watenawaNuwan
SUB එකනම් .
❤❤❤ ඉතින්Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thankz machn sub ekata...