” අදින් ආරම්භවන්නා වූ 2020 නව වසර හැමෝටම සතුට පිරි සියළුම පැතුම් ඉටුවෙන සාමකාමී නව වසරක් වේවායි පතමි! “ අලුත් අවුරුද්දේ අරගෙන ආවේ ඩිස්නි+ නාලිකාවෙන් විකාශනය වෙලා අවසන්වුණ හරි අපුරු කතාවක්. මේ කතාව සෘජුවම Star Wars විශ්වය සමග සම්බන්ධයි. හැබැයි ඒ ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව…

” අදින් ආරම්භවන්නා වූ 2020 නව වසර හැමෝටම සතුට පිරි සියළුම පැතුම් ඉටුවෙන සාමකාමී නව වසරක් වේවායි පතමි! “
අලුත් අවුරුද්දේ අරගෙන ආවේ ඩිස්නි+ නාලිකාවෙන් විකාශනය වෙලා අවසන්වුණ හරි අපුරු කතාවක්. මේ කතාව සෘජුවම Star Wars විශ්වය සමග සම්බන්ධයි. හැබැයි ඒ ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව කතාව මුල ඉඳලා රසවිදින්න පුළුවන්. ස්ටාර් වෝර්ස් බලපු අය වෙනුවෙන් මතක් කරන්නෙ, මේ කතාව පටන් ගන්නේ Episode VI – Return of the Jedi (1983) සිදුවීමෙන් පසුව ගතවෙන කාලයේ ඉඳලා.
ඉතිං කවුද මේ මැන්ඩලෝරියන් කියන්නේ. මැන්ඩලෝරියන් කියන්නේ ස්ටාර් වොර්ස් යුනිවර්ස් එකේ මැන්ඩලෝරි කියන ග්‍රහලෝකයේ ඉන්න පිරිසක් තමයි මැන්ඩලෝරියන් කෙනෙක් කියන්නෙ. හැබැයි කවදාවත් ස්ටාර් වොර්ස් ෆිල්ම්ස්වල නම් මෙයාල ගැන මේ විදියටම සඳහන් වෙලා නැහැ. මැන්ඩලෝරියන් කෙනෙක්ව සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ, සුපිරි කමාන්ඩෝ කෙනෙක් විදියට වගේ. ඒ අය කරන්නෙ Bounty Hunter, එහෙමත් නැත්නම් තිළිණ දඩයම්කරණය. මේ අය ගැන සෑහෙන ඉහලින් කතාන්දර පැතිරිලා තියෙනව.
ඉතිං මේ කතාවේ ඉන්නේ තනි මැන්ඩලෝරියන් කෙනෙක් ගැන කතාවක්. හැබැයි කතාවේ ඉන්නේ එයා විතරක් නෙමෙයි. සෑහෙන දෙනෙක්ගේ අවධානය දිනාගත්ත බේබි යෝඩත් ඉන්නවා කතාවේ. ඒ වගේම ඩිස්නි+ එකේ මේ කතා මාලාව 2019 වසරේදී ගේම් ඔෆ් ත්‍රෝන් එක හා සම සමව වගේ ඉන්නවා, ඒ මොනාගෙන්ද දන්නවද? අපි වගේ නීති විරෝධී පිටපත් බාගතකරගත්ත අයගේ ලයිස්තුවේ ඉහලින්ම.
එහෙනම් අද ලබා දෙන්නේ මුල් කොටස් දෙක එක කොටසක් විනාඩි 30ක වගේ ධාවන කාලයක් තියෙන නිසා එකවර කොටස් දෙක බැගින් දෙනව අපි. පළමු කොටස සම්පුර්ණයෙන්ම වෙන් වෙන්නෙ මැන්ඩලෝරියන් කියන්නෙ මොන වගේ කෙනෙක්ද, එයාගේ ක්‍රමය මොකක්ද, එයාගේ වැඩ කොහොමද වගේ දේවල්. ඒත් එක්කම දෙවැනි එකෙන් කියන්නෙ අවුරුදු 50ක් වයස බේබි යෝඩා ගැන. බේබි උනත් වැඩේ කොහොමද කියල බලාගන්න ලැබෙනව දෙවැනි එපිසෝඩ් එක ඉවරවෙනකොට.
ඉතිං මාත් එක්ක මේ වැඩේට ෂෙරින්, නිර්මානි සහ කවිෂල් මලයා එකතුවෙලා ඉන්නවා. දවසට කොටස් දෙක බැගින් එක දිගට කතාමාලාව ඔයාලගේ අතට පත්වෙයි අද ඉඳල. එහෙනම් තවත් උපසිරසියකින් මුණගැහෙමු. නැවතත් හැමොටමට, ලැබුවාවූ නව වසර සියලු පැතුම් ඉටුවන වසරක් වේවා! 🙂
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,043 downloadsDownload The.Mandalorian.S01E01E02.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
24 comments
Hashan M. Priyadarshana
තිසර නියෝ
උපසිරසියට තුති විමෝ.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Rasindu Perera
සුබ නව වසරක් වේවා!!!
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සුපිරිම කතාවක් බලපු....Pasindu16022
Thanks for the sub aiye
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Rangana
Thanks for Subtitle...........
Jayawewa...........!!!!!!!!!!!!!Sandarunimsara
Sub ekata tnx bro
M.W. Dilhani
ලැබෙන එකක් නැති වෙයි කියල හිතුවේ. ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
ටිකක් ප්‍රමාදයි නේද :) අව්ලක් නෑ තද තද ✌ ;)
ඔබටත් බයිස්කෝප් හී සියළු දෙනාටත් සියළු යහපත් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා! ජය වේවා!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Dark Crystal: Age of Resistance (2019)Shaggie
Thnks mchn
ජනිත් කහගල්ල
මම ඒත් බැලුව පරක්කු මොකෝ කියල ..
සබ් එකට තැන්ක්ස් බ්‍රො!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ....................good luck ......................
ChanuPerera
Episode වලට වෙන වෙනම sub හදන්න බැරිද බන්. Epi 2 ම SUB එක එකට ගියාම , එපි වෙන වෙනම බලන කෙනෙක්ට sub control කරගන්න ගියාම එපා වෙනවනෙ
tharidu16
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ... !
Tharindu Madushan 96
Thank saho , the expanse tv show eketh sub denna puluwannam
kevin D...
Thanks...
Witcher
thank you!
Good Luck baiscopelk ❤️ & Vima bro ❤️Bruce
Thanks sub ekat,a. Jayawewa
gayan rathnayake
2022 arambayaeth awa mage kamathima TV series eka balanna thank you suba aluth awruddak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!