Watch Trailer

The Mandalorian [S02 : E05] Sinhala Subtitles | ග්‍රෝගු සහ ජෙඩායි! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. මොකද කට්ටිය මේක බලන්නෙ නැතුවා වත්ද? එන්න එන්නම අඩු ප්‍රතිචාරයක් සහ අඩු ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් පෙන්නුම් කරමින් පවතින්නෙ. ඒ කොහොම උනත් දෙවැනි සීසන් එකේ අවසානයට තව කොටස් තුනයි. 🙂 පසුගිය…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. මොකද කට්ටිය මේක බලන්නෙ නැතුවා වත්ද? එන්න එන්නම අඩු ප්‍රතිචාරයක් සහ අඩු ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් පෙන්නුම් කරමින් පවතින්නෙ. ඒ කොහොම උනත් දෙවැනි සීසන් එකේ අවසානයට තව කොටස් තුනයි.  🙂 

පසුගිය කතාංගයන් තුළින්,
මේ වෙනකොට මැන්ඩොගේ හිතේ තියෙන්නෙ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට අනතුරුදායක නිසා. ඒත් විශ්වයේ සෑහෙන ප්‍රදේශයක යෝඩලගේ නිජබිමක් හෙව්වට මැන්ඩොට හමුවුණේ නැහැ. ඉතිං දැන් මැන්ඩොගේ අදහස තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන එයාගේ සහයෙන් මේ වැඩේ කරන්න.

ඉතිං ඒ නිසා අපි දන්න කියන මැන්ඩලෝරියන් තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන කරක් ගහනකොට ආරංචියක් ලැබෙනවා මිනිහා කලින් උන්නු ටැටුයින් ග්‍රහලෝකයේ මැන්ඩලෝරියන් කෙනෙක් ඉන්නවා කියල. පුදුමයට පත්වෙන අපේ මැන්ඩො ආයේ ටැටුයින්වලට යනවා. ටැටුයින්වල මොස් පෙල්ග්‍රෝ නගරයෙ තමයි මේ අලුත් මැන්ඩලෝරියන් ඉන්නවා කියල තොරතුරු ලැබෙන්නෙ. මතක ඇතිනේ අන්තිමේ එහෙ ගිහින් අපේ මැන්ඩොගේ බලාපොරොත්තු සේරම බිඳ වැටුන විධිය. අන්තිමේ මොස් පෙල්ග්‍රෝ කාන්තාරේ වැලි අස්සෙන් ඉන්න ක්‍රයට් මකරෙක්ව මරන්නත් සිද්දවෙනවා.

හැබැයි ඒ සිදුවීමෙන් පස්සෙ ආයෙත් මැන්ඩොට ඔත්තුවක් ලැබෙනව තව මැන්ඩලෝරියන්ල ඉන්න තැනක් කෙනෙක් දන්නවා කියල. හැබැයි ඒ කෙනාව අරගෙන යන්න මැන්ඩොට සිද්ධවෙනව.  ඒ වගේම අභ්‍යවකාශයෙ අධි වේගයෙන් යන්නෙ නැතුව සාමාන්‍යය වේගයෙන් යන්න ඕන කියන කොන්දේසිය උඩ. ඒකට හේතුව වුනේ ඒ මගියාගේ බිත්තර ටික ප්‍රවේසම් කරගන්න කරගන්න ඕන නිසා. අන්තිමේ දෙතුන් දෙනාම මාරක අවධානමකට වැටෙනව.

ඒ කාර්යයෙන් පස්සෙ අපේ මැන්ඩෝ එක පැත්තකින් සතුටු වෙන තව පැත්තකින් ටිකක් විතර දුකට පත්වෙන දවසක් උදාවෙනව. අබලන් යානයෙන් ඉබි ගමනින් ට්‍රාස්ක් ග්‍රහලෝකයට ලඟා වෙන මැන්ඩොට, ගෙඹි නෝනා නිසා එහෙද අපුරු යාළුවො ටිකක් මුණගැහෙනවා. ඒ තවත් මැන්ඩලෝරියන්වරු පිරිසක්. හැබැයි එතැනදී අපේ මැන්ඩො දැනගන්නවා තමන්ගෙයි ඔවුන්ගෙයි ලොකු වෙනසක් තියෙන බව. අපේ මැන්ඩෝ ඇවිල්ලා “රැකවලුන්ගේ ළමුන්” කියන දැඩි ආගමික මතධාරී මැන්ඩලෝරියන්වරුන්ගෙන් පැවත එන කෙනෙක් බව හෙළි වෙනවා. අන්න ඒ නිසයි එයා තමන්ගේ හිස් ආවරණය ගලවන්නේ නැත්තෙ. ඉතිං කොහොමහරි එයාලත් එක්ක  ගුවන් කොල්ලයක යෙදෙන්න මැන්ඩොට සිද්දවෙනව. ඒ වගේම මැන්ඩලෝරියන් ග්‍රහලෝකය අනාගතේ දවසක නැවත මැන්ඩලෝරියන්වරුන් අතට පත්වෙනවා කියලත්, ඒකට අනිත් මැන්ඩලෝරියන්වරු කටයුතු කරගෙන යන බවත් අපේ මැන්ඩෝට ඒකට එකතු වෙන්නත් ආරාධනා ලැබෙනවා. ඒත් ඒ ඉල්ලීම පසෙකට දාල අපේ මැන්ඩො, ජෙඩායි කෙනෙක්ව හොයාගෙන යන්න පිටත් වුණා.

ඒ යන අතරමග අපේ මැන්ඩො සහ බේබි යෝඩා පරණ යාලුවෝ දෙන්නෙක් මුණගැහෙන්න නෙවාරෝ යනව මතක ඇතිනේ. එහෙදි මැන්ඩෝට අනාගත කරදරයක් වැටෙනවා විතරක් නෙමෙයි, පරණ ප්‍රභල හතුරෙකුත් නැවත ඉදිරියේදී මුණගැහෙන්න නියමිත බව දැක්වෙනව. ඒ වගේම මැරුණයි කියල හිතන් හිටිය කෙනෙක් තවම ජිවතුන් අතර කියල අපේ මැන්ඩො දැනගන්නවා..

අද කතාංගයෙන්,
අද අපේ මැන්ඩො සහ බේබි යෝඩා ජෙඩායි කෙනෙක්ව මුණගැහෙන්න යනවා. ඒ ගිහිල්ලත් නිකම් ඉන්න ලැබෙන්නෙ නැහැ. ඒ යන තැනත් සුද්ද පවිත්‍ර කරල දාන්න උදව් වෙන්න අපේ මැන්ඩොට සිද්දවෙනවා. ඒ වගේම අදින් පස්සෙ අපි මේ වෙනකම් හිතපු දේ වැරදියි කියල දැනගන්න ලැබෙනවා. මේ ඉන්නෙ බෙබි යෝඩද? බලලම දැනගන්නකො. 🙂

The Jedi

Director: Peyton Reed

Writers: Jon Favreau, Jon Favreau

IMDB Ratings : 9.7

Air Date: 27 November 2020

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,626 downloadsDownload The.Mandalorian.S02E05.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles

6,626 downloadsDownload Subtitles14 KB

25 comments

  1. tharidu16

    hodatama parakkuyi apph... wenadana, friday night weddi denawane. Thanks

    1. විමා

      LPL බලන්න ඕනා හවසට :D

    2. tharidu16

      හාකො... තෑන්ක්ස්. උම්මා

  2. MNUP

    thaaaaanx

  3. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. Kaveesha Lasith

    Thanks ♥️ අයියේ

  7. R_deshan

    අම්ම ගහයි බැට් එකෙන්...මේක නොබල ඉන්න????එකම එපිය තුන් වතාවක්වත් බලනව.සබට තෑන්ක්ස් සහෝ පරක්කු උනාට අවුලක් නෑ.

  8. Anonymous

    Thank brother sub ekt

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Dilanka Maduwantha

    thanks bro

  11. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  13. sineth

    thanks bbro

  14. Mando

    Thank you
    Good luck Baiscopelk & all crew members

  15. Anonymous

    Thanks

  16. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  17. MNUP

    EP 6 oneeeeeeee

    1. tharidu16

      ඔව් බං පරක්කුයි... සො සෑඩ්

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. Amila Mudalige

    බොහෝම ස්තූතියි උපසිරසියට

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. MAALNATH

    Thanks .........good luck .............

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි