මේකි අපේ පවුලේ නම්බුව නැති කරා. කෙල්ලව මරලා ඒක කොල්ලගේ පිට දාපන් පණ්ඩිත්, මොනා වුණත් කෙල්ල බේරෙන්න බෑ වැඩේ වුණා කියලා හිතාගන්න ඕම් ශාන්ති!! 2020 නොවැම්බර් මස 20වෙනිදා පටන් Sony Liv විසින් නිකුත් කරපු අලුත්ම අලුත් බ්ලැක් කොමඩි වෙබ් සීරීස් එක තමයි බයිස්කෝප් අපි මේ අරන් එන්නේ. කොටස් 7කින් සමන්විත මේ ක…

මේකි අපේ පවුලේ නම්බුව නැති කරා.
කෙල්ලව මරලා ඒක කොල්ලගේ පිට දාපන්
පණ්ඩිත්, මොනා වුණත් කෙල්ල බේරෙන්න බෑ
වැඩේ වුණා කියලා හිතාගන්න
ඕම් ශාන්ති!!
2020 නොවැම්බර් මස 20වෙනිදා පටන් Sony Liv විසින් නිකුත් කරපු අලුත්ම අලුත් බ්ලැක් කොමඩි වෙබ් සීරීස් එක තමයි බයිස්කෝප් අපි මේ අරන් එන්නේ. කොටස් 7කින් සමන්විත මේ කතාවට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරගෙන තියෙනවා. දන්න කියන අය විදිහට මොහොමඩ් සීෂාන් අයියුබ්, ප්‍රියා ආනන්ද්, සුෂාන්ත් සිං වගේ ගොඩ දෙනෙක් රංගනයෙන් මේ කතාවට දායක වෙනවා. ඉතින් බ්ලැක් කොමඩි වල රහ දන්න අයට අමුතුවෙන් මේ ගැන සඳහන් කරන්න දෙයක් නෑ කියලා හිතනවා. Delhi Belly (2011), Blackmail (2018), Kaalakaandi (2017), Neram (2013), Soodhu Kavvum (2013), Ghanchakkar (2013), Afsos (2020) වගේ නිර්මාණ රහ විඳපු අයට මේකත් අරන් බලන්න කියලයි ඉල්ලා හිටින්නේ. බලපු කරපු අයගේ අදහස් ටිකක් දැනගෙනම ඉන්න එකත් වටිනවා. මේ තියෙන්නේ එහෙම ඒවායින් ටිකක්.
හාස්‍යය, ක්‍රියාදාම, ආදරය, ද්‍රෝහිවීම්, පුදුමකිරීම්, කුතුහලය
මේ හැමදේම මේ කොටස් 7 ඇතුලේ තියෙනවා.
මග ඇරගන්න එපා. අවස්ථාවක් දීලා බලන්න
(sameerlodaya : Rating 7/10)
හින්දු-මුස්ලිම් කතන්දරයක් ඇදගෙන ගොඩක් අය මේකට බැන්නට
මං නම් මේ කතාවෙන් හොඳට විනෝද වුණා
(adeel-baloch71 : Rating 10/10)
හොඳටම හොඳයි කියලා නම් කියන්නෑ.
ඒත් හොඳම කාස්ට් එකක් සහ කතාවත් යම් මට්ටමක තියෙන නිසා
බැලුවට පාඩුවක් නැහැ. අනවශ්‍ය ප්‍රචාරණ නැවැත්තුවා නම් තවත් හොඳයි.
(rghvvikas : Rating 7/10)
අන්ධාදූන් සහ බ්ලැක්මේල් බලපු අයට නම් මේකෙන් සෑහෙන්න බෑ.
කතාව හෙන ළාමකයි.
(Rish_tweets : Rating 4/10)
එහෙනම් ඊළඟ කොටස අරගෙන පසිඳු එයි. ගිහින් එන්නම්.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,710 downloadsDownload ASM-S01E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
10 comments
sachintha
Arosha
සබ් එකට තෑන්ක්ස් ,,තව තවත් මේ වගේ කටයුතු කරන්න ශක්තිය ලැබේවා..ජය ඔබට
Pasindu Madumal
- සිම්පල් මර්ඩර් -
සබට තුති අයියේ ❤️මයුර
සබට ස්තූතියි බම්
-චානක ඉඳුනිල්-
උපසිරැසියට ස්තූතිය!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Sohan Jayasooriya
ස්තූතියි අයියෙ සබ් එකට
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට ස්තූතියි මල්ලි.
tharidu16
THANKS. OKKOMA DENAKAL HITIYE. EKAPARA BALANNA
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි