Watch Trailer

The Mandalorian [S03 : E06] Sinhala Subtitles | කුලී ඝාතකයින්! [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ හයවෙනි එපිසෝඩ් එක. සුපුරුදු පරිදි ප්‍රමාදයි. පෞද්ගලික වැඩ රාජකාරි නිසාවෙන් අතිශය කාර්‍යබහුල කාලයක් ගතවෙන්නේ. මේක බාර දෙන්න කෙනෙක් හෙව්වත් හම්බුනේ නැහැ. මොකද මේ කතාව සහ මේ කතාව දිවයන විශ්වය සම්බන්ධ දැනුමක් ඕන මේ සබ් එක හරියට ක…

හැමෝටම සුබ දවසක්!

මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ හයවෙනි එපිසෝඩ් එක. සුපුරුදු පරිදි ප්‍රමාදයි. පෞද්ගලික වැඩ රාජකාරි නිසාවෙන් අතිශය කාර්‍යබහුල කාලයක් ගතවෙන්නේ. මේක බාර දෙන්න කෙනෙක් හෙව්වත් හම්බුනේ නැහැ. මොකද මේ කතාව සහ මේ කතාව දිවයන විශ්වය සම්බන්ධ දැනුමක් ඕන මේ සබ් එක හරියට කරන්න නම්. එහෙම නැති කෙනෙක් මේක කලාම තනිකර විහිළුවක් බවට පත්වෙනවා. ඒ නිසා ගොඩක් අය සබ් එක කරන්න කැමති වුණත් මේ හේතුව නිසා පස්ස ගහනවා. ඒ නිසාවෙන් කොහොමහරි මට පුළුවන් උපරිමයෙන් මේ වෙනුවෙන් කාලය යොදවලා ඔයාලට මේක ඉවර කරලා දෙන්නම්. 🙁 

කතාවේ පැරණි මතකයන්

මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් තියෙන ලිවින් වෝටර් නමින් හඳුන්වන ජලයෙන් ස්නානය කරන්න ඕනා. හැබැයි එකම ගැටලුව අපි කවුරුත් දන්න විධියට මේ වෙනකොට මැන්ඩලෝරියාවක් නැහැ. ග්‍රහලෝකයම විනාශ කරලා ඉවරයි. ඒ නිසා ඒ පතල් ඉතුරුවෙලා නැහැ. හැබැයි මැන්ඩොට මේ ගැන සැකයක් ඇතිවෙන විධියේ සාධකයක් හමුවෙනවා. ඒ නිසා ඒ සාධකය ඔස්සේ ඉදිරියට යන්න මැන්ඩො තීරණය කරනව. අන්තිමේ මැන්ඩො වැදගත් අනාවරණයක් කරගන්නවා.

පර්ජ් එක වෙන කාලේ මැන්ඩලෝරියාවේ පාලකයා විධියට හිටිය බෝ-කටාන් විසින් මැන්ඩොට මේ ගැන කලින් කිව්වට විස්වාස කලේ නැහැනේ. ඒ නිසා වෙච්ච දේවල් මතකයිනේ ඔයාලට. බෝ-කටාන් ලඟට මැන්ඩො ගිහින් ආයේ මැන්ඩලෝරියාවට යන්න කරපු ආරාධනාව බෝ-කටාන් විසින් ප්‍රතික්ෂේප කරනව. ඇයි කියල මතකයිනේ? අන්තිමේ මැන්ඩොගේ උදව්වට බෝ-කටාන්ව ගෙන්නගන්න සිද්දවෙනවා. ඔහොමයි අලුත් ස්ටොරිය සිද්දවුනේ. ඒ වගේම මැන්ඩලෝරියානුවන්ගේ සංඛේතය වෙන මිතොසෝරස් ගැනත් දෙවැනි එපිසෝඩ් එකේදී කියවුනා මතක ඇති නේද? තෙවැනි එපියේදී අපිට දකින්න ලැබුනා බෝ සහ මැන්ඩො දෙන්නා පුරාණ ඇදහිල්ල අනුව ජිවත් වෙන්න එකඟ වෙනවා. ඒ වගේම ආචාර්‍ය පර්ශියන්ගේ කතාව වෙත අපිව අරගෙන ගියා. ඒ ඇයි කියල ඉදිරියේදී දකින්න ලැබෙයි. ගොඩක් අය ඒ එපිය ගැන මිශ්‍ර අදහස් පලකලා. ඒ වගේම එදා මෙදාතුර අඩුම imbd අගයක් ලැබුනේ ඒ එපියට. සිව්වැනි කතාංගය වැඩි වශයෙන් යොමු වුනේ ග්‍රෝගු දිහාවට. ඒ වගේම බෝ කටාන් විසින් ඉපැරණි විධිය වෙත යොමු වෙන ලකුණු පහල වුණ එපියක්.

දැන් මේ ඉන්නේ මැන්ඩලොරියන්වරු අතරේ තමන්ගේ තැන ලබාගැනීම ඇය විසින් සිදුකර අවසන්. ඇය තමයි දැන් මැන්ඩලෝරියන්වරුන්ගේ අනාගතය. ඇය තමයි දැන් හිස් ආවරණය ඉවත් නොකරන ප්‍රතිපත්තිය රකින, පුරාණ ක්‍රමය අනුව ඉන්න මැන්ඩලෝරියන්වරුන් සහ පුරාණ ක්‍රමයෙන් බැහැර වෙලා ඉන්න මැන්ඩලෝරියන්වරුන් අතර පාලම වෙලා ඉන්නේ. ඒ පාලමට සවිය සපයන ආධාරක වෙලා ඉන්නේ අපේ කතා නායකයා සහ ග්‍රෝගු.

අද කතාංගයෙන්

ඉතිං මේ කොටසින් අපිට දකින්න ලැබෙනවා ඩින් ජාරින් සහ බෝ කටාන් චක්‍රාවාටය පුරා විසිරිලා ඉන්න මැන්ඩලෝරියන්වරුන් සොයාගෙන යන ආකාරය.ඒ යන අතරේ වෙන අයගෙත් ප්‍රශ්න විසඳන්න වෙනවා. හැබැයි මේ වෙන අය කිව්වට හරියටම බැලුවොත් ආපහු කැරකිලා එන්නේ මැන්ඩලෝරියන්වරුන්ගේ පරම සතුරෙක් වෙන මොෆ් ගිඩියන් වෙත. මට නම් හිතෙන්නෙම ඩිස්නිලා මේ සැරසෙන්නේ ආපහු ෆිල්ම් සෙට් එකක් එලියට දාන්න කියලමයි. එහෙම නොවුනත් ඩිස්නිලා මේ කරන්නේ නම් සුපිරි වැඩක්. 🙂 

එහෙනම් අපි මීළඟ කොටසින් හැකි ඉක්මනට මුණගැහෙමු, මේ සිදුවෙන පමාවට හෘදයාංගම සමාව!

Chapter 22: Guns for Hire

Director: Bryce Dallas Howard

Writers: Jon Favreau, George Lucas

IMDB Ratings : 6.3

Air Date: 05 April 2023

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,475 downloadsDownload The.Mandalorian.S03E06.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

2,475 downloadsDownload Subtitles24 KB

11 comments

  1. Lahiru Bandara

    අම්මා ඇති සබ් එක දීලා තෑන්කුයි මචන්. මෙක සබ් එක දෙනකම්ම තමා හිටියෙ ෆයිල් ටික බාගෙන. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න. සබ් එක දෙනකම්ම තමා බලන් ඉන්නෙ බාපු ටික බලන්නෙත් නැතිව. කානිවල් රො එකෙ ඉතුරු ටිකත් දාන්නකො. පුළුවන් නම් හර් ඩාර්ක් මැටීරියල් එකටත් දෙන්නකො ඒකෙ අන්තිම සීසන් එකනෙද තියෙන්නෙ.

    1. Dhanushka sampath

      Thank you so much for sub!!! :)

  2. Asanga kb

    thank you bosa

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ishan

    Ithuru epi 2th ikmanin danna

  5. Kavinda Robertson

    7 one eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee 8 onnnnnnnnnnnnnnnnnnnnneee

  6. Anonymous

    Ithuru episode 2ta ikmanata sub eka denna.. Thanks

  7. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා ❤ පුලුවන් වෙලාවට දෙන්න

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  9. Dewadithya

    Thanks for Sub!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P