අද දින The Mentalist කතාංගයෙන් පෙන්වන්නේ සාමාන්‍ය ආරයෙන් ඔබ්බට ගියපු කතාවක්. මේ කතාවේදී නියෝජිත චෝ හට මිතුරු යුතුකමක් ඉශ්ඨ සිද්ධ කරන්න වෙනවා, මේ සිදුවීමේදී චෝගේ ප්‍රශ්ණයට ලිස්බන්ට හොරෙන් වුනත් හැමෝම උදව් කරනවා. කවුරුත්ම තමන්ගේ යුතුකමක් වගේම තමයි මේ විමර්ශණය සිදු කරන්නේ. ඒකයි කණ්ඩායම් හැඟීමක් කියන්න…

අද දින The Mentalist කතාංගයෙන් පෙන්වන්නේ සාමාන්‍ය ආරයෙන් ඔබ්බට ගියපු කතාවක්. මේ කතාවේදී නියෝජිත චෝ හට මිතුරු යුතුකමක් ඉශ්ඨ සිද්ධ කරන්න වෙනවා, මේ සිදුවීමේදී චෝගේ ප්‍රශ්ණයට ලිස්බන්ට හොරෙන් වුනත් හැමෝම උදව් කරනවා. කවුරුත්ම තමන්ගේ යුතුකමක් වගේම තමයි මේ විමර්ශණය සිදු කරන්නේ. ඒකයි කණ්ඩායම් හැඟීමක් කියන්නේ.
මේ කතාව ආරම්භයේදී චෝ තමුන්ගේ පෙම්වතිය සමග රෑ කෑමකට යන්න සූදානම් වෙනවා. කවුරුත් සතුටින් තමයි ඉන්නේ. නමුත් තමුන්ට පැමිණි දුරකථන ඇමතුමකින් කියවුනේ, ඹ්ක්ලන්ඩ් වල සිදුවුනු මිනීමැරුමක් හඳුනා ගන්න චෝ,ට පැමිණෙන්න කියලා. චෝ මේකට සම්බන්ධ වෙන්නේ, මැරුණු පුද්ගලයා ඔහුට දවස් කිහිපයකට කලියෙන් දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගැනීම නිසා. කොහොම නමුත් ව්‍යසකයාගේ හැඩරැව විමසා බලද්දී, තමුන්ගේ පෙම්වතියගේ රෑ කෑම පැත්තකට දාලා, චෝ එතැනට යනවා. ජේනුත් චෝ,ගේ ගමනට සහභාගී වෙනවා. මෙතැනදී මිය ගිහින් තියෙන්නේ තමුන් අතීතයේ සහෝදරයා වගේ එකට හිටපු යාළුවා වන ඩේවිඩ් සංග් නැමැත්තෙක්. චෝ ආපු කාරණාව ඉශ්ඨ කරලා එතැනින් යනවා. චෝ හිතන්නේ ඔහු මැරුණේ තමුන් අතීතයේ සාමාජික වෙලා හිටපු මැර කල්ලියේ නරක වැඩකට සහභාගී වුනු නිසා කියලා. තමුන්ගේ මියගිය යාළුවාගේ මවගේ පෙරැත්ත උඩදී වුනත් මොහු මේක ගැන හොයන්න ප්‍රතික්ශේප කරනවා. නමුත් ඇය කියන්නේ ඔහු කිසිම නරක වැඩකට සහභාගී වුනේ නෑ කියල යි. කොහොම නමුත් ජේන් විසින් බලෙන්ම වගේ චෝ මේකට ඇදගෙන යනවා. රිස්ග්බි වගේම වෑන් පෙල්ට් පවා ලිස්බන්ට හොරෙන් චෝට උදව් කරනවා. සොයා බැලීමෙන් පස්සේ තහවුරු වෙනවා තමුන්ගේ යාළුවා සෑම නරක වැඩකින්ම ඉවත් වෙලා හිටපු බව. මේ සිදුවීම ගැන හොයපු නිසා චෝ සහ ඔහුගේ පෙම්වතියගේ නිවසට මැරයෝ පිරිසක් පැනලා පහරදෙනවා. මේක නිසා CBI එකටත් මේ සිදුවීමට අත දාන්න වෙනවා. එතැන ඉඳන් මෙයාලා පරීක්ශණ කරලා මිනීමරුවාව අල්ලනවා. ඒක කරන විදිය ඔයාලට බලන්නම වෙනවා.
සිදුවෙන අපරාධ අස්සෙන්, තවත් අපරාධ ගොන්නක්ම විසඳන්න, මම එන්නම් තවත් උපසිරැසියක් අරගෙන. එතකං කවුරුත් මේ කතාංගය බලන්න.
එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,085 downloadsDownload The.MentalistS02E14.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
Kulanjana Maduranga
අනුරාධ
බොහොම ස්තුති :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sach
Thanks !
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!yasiru
supiri series eka,comment adu unata kamak ne.digatama demu.komath honda story hemoma balan ne ne. thank you saho.....................
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
හසිත එරන්ද
නියමයි මචන්....සුපිරි වැඩක්
lakshan
සබ් එකට බොහොම ස්තුතියි
destiny
anna ekata nam duka hithuna bn
LakshanD
ස්තූතියි බං එල ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......