Watch Trailer

The Mentalist [S02 : E13] | මිනීමරු කාර්… [සිංහල උපසිරසි සමඟ]

අද දවසේ The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 13 වෙනි කතාංගයට තමයි විමර්ශණයට භාජනය වෙන්නේ. මෙතැනදී කාර් රථ වෙන්දේසියක් සිදුවන අවස්ථාවකදී. තැරැව් කරුවෙක් තමන්ගේ සේවා දායකයාට කාර් රථය පෙන්වන්න ඩිකිය අරින අවස්ථාවක දකින්න ලැබෙන්නේ, තමුන් සමග එකට වැඩ කරපු ලිසෙල් කියලා ගැහැණු කෙනෙකුගේ මල සිරුරක්. ඊට පසුව තම…

Mentalist 3
අද දවසේ The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 13 වෙනි කතාංගයට තමයි විමර්ශණයට භාජනය වෙන්නේ. මෙතැනදී කාර් රථ වෙන්දේසියක් සිදුවන අවස්ථාවකදී. තැරැව් කරුවෙක් තමන්ගේ සේවා දායකයාට කාර් රථය පෙන්වන්න ඩිකිය අරින අවස්ථාවක දකින්න ලැබෙන්නේ, තමුන් සමග එකට වැඩ කරපු ලිසෙල් කියලා ගැහැණු කෙනෙකුගේ මල සිරුරක්. ඊට පසුව තමයි හැමදාමත් වගේ CBI එකට මේ බර කරත්තේට කර ගහන්න වෙන්නේ. දැන් බලමු කෙටියෙන් මෙයාලා කරත්තේ අදින්නේ කොහොමද කියලා.

මෙයාලා හැමෝටම වගේම මරණ පරීක්ශකගේ වාර්ථාව ලැබෙන්නේ, මොට ආයුධයකින් හිසට පහර දීමෙන් සිදුවුනු මරණයක් කියලා. එතැන ඉඳන් තමයි මේ කතාවේ විමර්ශණ ආරම්භ වෙන්නේ. මෙයාලා ඒකෙන් පස්සේ එතැන ඉන්න තැරැව් කරුවන්ගෙන් ප්‍රශ්ණ කරනවා. එතැනදී දැනගන්නවා, ව්‍යසකයාත් එයාලා වගේම තැරැව්කාරියක් කියලා. පසුව හැමදාම වගේ ජේන් විසින් පොඩි පහේ රණ්ඩුවකුත් ඇති කරනවා. නැතිනම් මේ කතාව පරිප්පු නැති හෝටලේ වගේ වෙනවා නේ. ඊට පසුව තමයි මේ මිනීමැරුම සංකීර්ණ තත්වයට පත්වෙන්නේ. ව්‍යසකයාගේ පෙම්වතා මේ සිද්ධියට සම්බන්ධයි කියලා සැක කරන්න පටන් ගන්නවා. ඒ වගේම වෝල්ටර් මැශ්බර්න් කියලා චරිතයක්වත් හමු වෙනවා, මෙයාත් එක්තරා සැක කාරයෙක්. ඒත් ජේන් මේ මනුස්සයා එක්ක ගොඩක් විනෝදෙන් තමයි ඉන්නේ. ඒක නිසා හොඳම ජාතියේ ලැම්බෝගිනි කාර් එකකුත් වෝල්ටර් මැශ්බර්න්ට නැති වෙනවා. ඒ වගේම තමයි වෝල්ටර් මැශ්බර්න් ලිස්බන්ට පැණිය හලන්නත් පටන් ගන්නවා. මෙතැනදී මෙයාලට දැනගන්න ලැබෙනවා කාර් රථයකින් හැප්පීමකින් තමයි මේ මිනීමැරුම කරලා තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ කාර් රථය ජේන් විසින් හොයාගන්නවා. ඒත් බලමු සැකකාරයින්ගෙන් කවුද මිනීමැරුම කලේ කියලා.

ච්‍ත්‍රපට වලදී අපිට බලන්න වෙන්නේ, මිනීමරුවා අල්ලාවිද නැද්ද කියලා. ඒත් රූපවාහිනී කතා මාලාවන්හිදී අපි බලන්නේ කොහොමද මිනීමරුවා ඇල්ලුවේ කියන කාරණාව. කොහොම නමුත් The Mentalist කතා මාලාවෙන් මනුශ්‍ය මානසික ස්වභාවය ගැන වටිනා අවබෝධයක් ලබාගන්න පුළුවන්. මනුශ්‍යයෙක් අපරාධ කරන්න පෙලඹෙන්නේ කොහොමද කියලා අපිට අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ක්ශනික තීරණ අපේ ඉරණම තීරණය කරන්නේ කොහොමද කියලා අපිට බලාගන්න පුළුවන්. ඒ වුනාට ඉවසීමෙන් වැඩ කලෝතින් මොන බරකරත්තේට කර ගහන්න වුනත්, මේ කතාව අන්තිමේදී වගේ කාර් එකක යන්න කාටත් වාසනාව ලැබෙන එක නම් විශ්වාසයි.

එහෙමනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! ___/|\___

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,181 downloadsDownload The.Mentalist.S02E13.zip148 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,181 downloadsDownload Subtitles148 KB

16 comments

  1. randy

    thanks bro..

  2. ravi

    elazzz ada mama 1ka...
    thankzzzz

  3. nuvan sanjeeva

    degatama karagena yanna. aluth ekak enakan api bala ennava. mekanam superb.. thanx....

  4. Sach

    Thanks !

  5. sajeevi

    thanks

  6. “චූටී මල්ලි”

    දිගටම දෙමු
    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. චතුර බුද්ධික

    බොහොම ස්තුතියි මචන්...

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. prabhath

    thanmks digatama demu niyama kathawa

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. චන්දිම අමරසිංහ

    ජයවේවා..!
    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..

  14. LAKSHAN

    සබ් එකට බොහොම ස්තුතියි

  15. LakshanD

    ස්තූතියි බං එල ❤️

  16. Mano

    Godak sthuthi..Jaya wewa!