හැමදාම පරණ කතා දුන්නු එකේ, ඔන්න අලුත් කතාවක් පටන් ගත්තා. කොහොමත් බයිස්කෝප් අඩවියේම තියෙන කතා වලින් Supernatural ගණයේ කතා ගොඩක් අඩුයිනේ. මේ කතාවත් එහෙම එකක් තමයි. අත්භූත සිදුවීම් පිරුණු කතා වලට කැමති අයට නම් කියාපු කතාවක් තමයි මේ The Messengers කියලා කියන්නේ. කතාවේ මුල් විකාශය සිදු වුනේ නම් පසුගිය 1…
හැමදාම පරණ කතා දුන්නු එකේ, ඔන්න අලුත් කතාවක් පටන් ගත්තා. කොහොමත් බයිස්කෝප් අඩවියේම තියෙන කතා වලින් Supernatural ගණයේ කතා ගොඩක් අඩුයිනේ. මේ කතාවත් එහෙම එකක් තමයි. අත්භූත සිදුවීම් පිරුණු කතා වලට කැමති අයට නම් කියාපු කතාවක් තමයි මේ The Messengers කියලා කියන්නේ. කතාවේ මුල් විකාශය සිදු වුනේ නම් පසුගිය 17 වෙනි සිකුරාදා දිනයේ.
කතාව ගැන කොහොම කියන්න පටන් ගන්න ඕනේද කියලා මටවත් තේරෙන්නේ නෑ. මොකද කිව්වොත් කතාව බලපු මටත් තාම මේක සම්පූර්ණ අභිරහසක්. ඒ වගේම තමයි ඊලඟ කතාව එනකං මග බලාගෙන බැරුව තමයි මාත් මේ ඉන්නේ. ඒක නිසා කතාව හොඳද නැද්ද කියලා මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කොහොම වුනත් කතාව බලන්න ඉන්න හැමෝටම පොඩි ආලෝකයක් දෙන එක මගේ යුතුකම නෙව. ඔන්න එහෙනං කතාවේ සැකිල්ල මෙහෙමයි.
අභිරහස් වස්තුවක් පෘථිවියේ ගැටෙනවා. මේ ඝට්ටනය නිසාවෙන් කම්පන තරංග මාලාවක් ඇමරිකාව පුරාවටම විසිරී යනවා. මේ කම්පන තරංග වලට නිරාවරණය වුනු පුද්ගලයින් 5 දෙනකුගේ පමණක් ප්‍රාණය නිරුද්ධ වෙනවා. නමුත් ඒ වැඩි වෙලාවකට නෙමෙයි. මොවුන්ට නැවතත් අභිරහස් විදියට විනාඩි කිහිපයකින් පසුව පණ ලැබී නැගී සිටිනවා. ඒ වගේම නැවත පණ ලැබීමෙන් පසුව මේ හැම කෙනෙකුටම අත්භූත විදියේ අමුතු දෙයක් සිද්ධ වෙනවා. මේ අතරතුර වැටුණු උල්කාපාතය හුදෙක්ම උල්කාපාතයක් පමණක්ම නෙමෙයි. මේ උල්කාපාතය මැදි කොට මිනිසෙක් තමයි ඉන්නේ. මෙන්න මෙයා තමයි කතාවේ ලොකුම අභිරහස.
මේ වගේ කෙනෙක් උල්කාපාතයක් විදියට ඇයි පෘථිවියට ආවේ? ඒ වගේම මිනිස්සු 5 දෙනෙක් පමණක් ඇයි මේ කම්පන තරංග හේතුවෙන් මැරිලා ආයෙමත් පණ ආවේ? ඒ වගේම ඒ මිනිස්සු 5 දෙනාගේ සිදුවුනු වෙනස කුමක් ද? ඔයාලට කතාව බලලාම මේවට පිලිතුරු හොයා ගන්න පුළුවන්.
මම කතාව ගැන වැඩිදුර තවත් විස්තර කියන්න යන්නේ නම් නෑ…
අපේ කවිඳු ගිම්හාන් සහෝදරයා බයිස්කෝප් මංසලේ මීටත් වඩා හොඳට ලිපියක් පල කරලා තියෙනවා. ඒක ඔයාලට මෙතනින් කියවන්න පුළුවන්.
ඔන්න ඉතිං හැමෝටම තම තමුන්ගේ කතා වලට මේ කතාවක් එකතු කරගන්න කියලා ආරාධනා කරන ගමන්ම මම අදට සමුගන්නවා….
ආයු -බෝ -වේවා !!!
CB96DB3B50048B459DD535002C7A0E5C98AAAEAF 33d7882f3c1113d08efad8a403da9a0a3e1d789b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,881 downloadsDownload The-Messengers-S01E01.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
59 comments
ASH Clicks
හර්ෂණ
ඔන්න බෑව එහෙනම්
huuuuuuuuuuuuuuuuuu
huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
ඉසු ඩිපි (Isu DP)
අයියෝ, අයියෝ. Comment එකක් දාන්නනම් ගොඩක් පරක්කු උනා. :-(
මේකත් ඉතින් බලන ගොඩේ තමා. CW එකෙ කතාවක් අතාරින්න බෑනේ. අනික Sci-Fi කතාවක්. ;-)
අපේ ඇරෝ මල්ලි Trailer එකට සබ් දාපු නිසා ඒයාම සබ් දෙයි කියලා හිතුවේ,
ඒත් බලද්දි සබ් දිලා තියෙන්නෙ අපේ Mentalist මල්ලි නේ. :-P
ආයිත් ඉතින් දෙන්නට දෙන්නා නොදෙවෙනි නැති නිසා වෙනසක් නැතුව කතාව බලතැකි.
ලබන සතියේ ආපු ගමන් සබ ගේමු.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-D
ජය වේවා. !ප්‍රදීප් මධුසංඛ
නෙට් එකට දාපු දවසෙම හිතුනා මේකත් අපේ අඩවියෙන්ම දෙයි කියලා.
ආයේ අහන්න් දෙයක් නෑ සහෝ උපසිරසිය සුපිරියටම කරලා ඇති.
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:D
dev
niyamai....meka enakanma tama balan hitiye.....
bohoma stuti saho.... .jema
tnx saho
digatama karagana yanna subapathum :DKulanjana Maduranga
patta ahhhhhh....aniwa bamak thama ithin,,,thanks PANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
Soryyy...........PRANEETH saho ne wenna ona...waradila type une....
harsha
ඔන්න මාත් එකතුවෙනවා එහෙමන් බලමු නේද කොහොමද වැඩේ යන්නේ කියලා ස්තූතියි ජයවේවා
chamath
supirima kathawak wage.. nthanx sub eka mahansiwela ikmanatama karala dunnata.. habayi seen eka kiyanne me hamadema wenne AMERICA watamane =D .. elaz jayawewa
chamath
supirima kathawak wage.. nthanx sub eka mahansiwela ikmanatama karala dunnata.. habayi seen eka kiyanne me hamadema wenne AMERICA watamane =D .. elaz jayawewa
Kulanjana Maduranga
PRANEETH saho 'Nikita' 1k atharinna epa...ekath ona...
ෂෙරින් සමාධි ගිනිගේ
අප්පා.... පිස්සු හැදෙනවනේ....
දැන් ප්‍රනීත් අයියා නිසා කතා දෙකකට එකපාර ඇබ්බැහි වෙන්නයි වෙන්නෙ.
නිකිටා එකේ සබ් එක දානකම් නිතරම සයිට් එකට ඇවිත් බලනවා.
දැන් ඉතින් කිව්වත් වගේ තව එකක් එකතු උනා...
මං හිතේ බරක් අඩු උනා කියලා හිතුවා ස්කෝපියන් ඉවර උන නිසා...
ඒත් කොහේද සබ් එක දීලා ඇවිත් බලද්දි තව අළුත් එකක්...
උපසිරැසියට බෙහොම ස්තූතියි අයියේ...
ඔයා සබ් දෙනවනම් ඉතින් අහන්න දෙයක් නෑනේ...
බලන්න විතරයි තියෙන්නෙ...
ජය!!!manula pankaja
thanks!!!!!!!
Dilan
නියමයි.................... ප්‍රනීත් good job.. කථාවක් හැටියට බලනවානම් මේක නියමයි වගේ. හැබැයි මේක අල්ලගේන බයිබල් ආගම් පිස්සු නටයිද දන්නේ නෑ..... මොකද මේක පාදක වෙලා තියෙන්නේ දෙවියන් හා යක්ෂයා අතර ගට්ටනයක් වගේ නේද..? any way.. thank you machan''
isuru
thanks bro!
Sandun Tharuka
Thnx Broo..Elzzzzz
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ...
ඔන්න මමත් මේක බලන්න පටන් ගන්නවා..
හැමදාම බලනවා බලනවා කිව්වට බැලුවේ නැහැ නේ..
ඒ නිසා ඔන්න මම මේ කතාව බලන්න පටං ගන්නවා..
ඒ වගේම හැම සතියෙම දෙයියනේ කියලා මේකට කමෙන්ට් එකක් දාන්න බලන්නම්..
ජය වේවා මචෝ..
කරගෙන යමු..
ජය වේවා!!දීනු
Thankx
raki
niyamai bro thanks aluth kathawata...!!! ~~~jaya wewa~~~ ***god bless***
Rasidu
නියමයි,මේකට sub දායි කියලා බලන් හිටියේ
sub ඒක දැම්මට බොහොම ස්තූතියි.alan wake
ela ela ela sub ekata thanks
indika
site aka nitarama off line wanawa.mokak hari aulak ati.sub akata thanks machan
achi
thanx sahooo... digatama karagena yanna. good luck
සුපුන් බුදිධික
මේක දෙනකම් බලාගෙන හිටියේ...
කොහොම හරි එකත් දුන්නා ඈ...
නිකිටා අක්කිවත් දිගටම දෙමු..
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!#ChalinduDeshan (කිනා)
බෑමක්.
දෙනකං උන්නේ.
එලම තමා.
ජය!එල්.සී. දමැල්
නියම කථා මාලාවක් වගෙයි...
එහෙනම් උපසිරසට තුති...
ජයෙන් ජය ප්‍රණීත් සහෝ!chamika dilhara
මම මේ වෙනකම් ෆිල්ම් බැලුවේ KM එකෙන්.. අවුලක් තිබ්බෙ නෑ.. ඒත් මේකෙ 140 MB කොපිය KM එකේ වැඩ නෑනේ....... සබ වැඩ සද්දෙත් තියෙනවා..... වීඩියෝ වැඩ නෑ.. අනෙත් ඕනෙ Player එකක වැඩ..... ඇයි එහෙම වෙන්නේ.. මොකද කරන්නේ.. දන්න කෙනෙක් කියල දෙන්නකෝ......
සබට බොහොම ස්තූතියි සහෝ..... එල
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කලින්ම Player එක update කරලද කියලා බලන්න.
KMPlayer එක සිංහල උපසිරැසි වලට සහාය දැක්වුවත්, උපසිරැසි වල ගොඩක් Function වලට සහාය දක්වන්නේ නෑ. ඒ වගේම තමයි වෙලාවකට Player එක උපසිරැසි එක්ක හිරවෙන ගතියක් දකින්න ලැබෙනවා. ඒකට හේතුව තමයි KMPlayer එක ක්‍රමලේඛණය අතින් Complex Organize බවක් පැවතීම. ඒ වගේම KMPlayer වල ගොඩක් Feature තියෙන්නේ Half Standalone සිස්ටම් එකකට. ඒක නිසා KMPlayer එකට කම්පියුටර් රිසෝස් පාවිච්චි කරනවා වැඩියි.
ඒත් MPC (Media Player Classic) අතුරු මුහුණතට දැඩි අවධානයක් නොදක්වන, Strong Code ක්‍රමයකට පෙලගස්වපු Media Player එකක්. ඒ වගේම තමයි ඒකේ තියෙන හැම Feature එකක්ම Main Panel Base ක්‍රමලේඛණයක් සහිත ඒවා. ඒක නිසා ඒකත් එක්ක සිදුවෙන හැම Process එකක්ම පිලිවෙලකට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි උපසිරැසි සඳහා වෙන්වුනු Virtual Analytic Engine Feature එකක් තියෙනවා (ඒ ලඟින් යන ක්‍රමයක්). මේක නිසා උපසිරැසි බරබාගේ ඇදගෙන උනත් ඒකේ වැඩ. ඒ වගේම තමයි බහුතරයක් උපසිරැසි ෆෝමැට් වර්ග වල Override code ගොඩක් හොඳට වැඩ කරනවා.
ගොඩක් අය KMPlayer පාවිච්චි කරන්නේ “[” “]” වලින් උපසිරැසි කාලය සුසර කරගන්න පුළුවන් නිසා.
ඒත් MPC Player එකේත් ඒ සිද්ධියම කරගන්න පුළුවන් “F1″ සහ “F2″ බට්න් වලින්.
මම නම් අනුමත කරන්නේ ඕනේම උපසිරැසියක් MPC Player එකේ බලන්න කියලා.
tiron
niyamai................thankzzzzzzzzzzzzzzzzzzzzzzzz
Bhathiya
meka enakan balagena hetiye..Thanksss......... macho sub ekata.
digatama sub damu .jaya wewa....!සිංහලයෙක්
මම මේ සයිට් එකෙන් ගොඩාක් ෆිල්ම්ස් ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒත් මේ මගේ පලවෙනි කොමෙන්ටුව..
මේ සයිට් එක ගොඩාක් හොඳයි..මම සුබපතනවා සාර්ථකව දීර්ඝ ගමනක් යන්න ලැබෙන්න කියලා ..ඒ වගේම මේ උපසිරැසි හදන අයටත් අවංකවම ස්තූතිවන්ත .වෙනවා..
සුබ රාත්‍රියක්
sampath
ටොරන්ට් එක බෑවා audio විතරයි play වෙන්නේ. අපරාදේ 140MB ඉවරයි. ලින්ක් එක හරියට වැඩකරනවද කියලා බලලා දාපල්ලකෝ බන්. අපරාදේ සල්ලි!!!!!!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මතක ඇතුව ප්ලෙයර් එක අප්ඩේට් කරලාද බලන්න.
ඔයාට විතරක් නෙමෙයි, මටත් ඇති තරම් එහෙම වෙලා තියෙනවා.
ඔයා පාවිච්චි කරන ප්ලෙයර් එක මාරු කරලා ප්ලේ කරන්න බලන්න.
Anymouse
Thanks Brother ....
Use this for Torrent. 100% work. Cheked. (103 MB)
https://kickass.to/the-messengers-s01e01-x264-t10522260.htmlHasitha
thanks sahooo digatama karagena yamu
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ravindu Lakruwan
onna baawa ehenam.... balamuko kohomada kiyalaa.... Sub ekata Thanks......!!!!!!!!
Prasanga
ela ela digtama kragena ymu............HVEC 720P file type eknam pttta awul...paly wenne struck wewi.....plyer maru kla.update kla but tma ehemai... :-(
sajeevi
thanks
යස්මික
ඔන්න දැනුයි බලලා අහවරක් කළේ.
ඒ කාලෙ ඉඳන්ම බලාගෙන උන්නු කතාවක් තමයි මේක.
පළවෙනි එපියටම හිතා ගියා. පට්ටම කතාවක් වෙයි ඉස්සරහට.
CW ගැහුවොත් ගහන්නෙ මේ වගේ එකක්ම නෙව :D
හැබැයි මේකෙ දෙයියොන්ගො හුටපටේ තමයි පොඩ්ඩක් කේස් එකකට තියෙන්නෙ :(
කොහොම වුණත් ටීවි එකට අරගෙන තියෙන නළු නිළියන්ගෙත් පොඩි ගතියක් තියෙනවා.
සමත්ථයක් හැටියට පට්ට කතාවක ආරම්භයක්.
ඒ වගේමයි මේකෙ පොඩි කොපිය (720p) සෑහෙන වීඩියෝ කොලිටි එකක් තියෙනවා.ඔන්න ප්‍රනීත් සහෝ එපි සෙට් එක දිගටම ඇදලා දාමු හොඳේ..
ඊළඟ සිකුරාදා වෙනකල් ඇඟිලි ගැන ගැනයි ඉන්නෙ :)
බලමුකො ඉස්සරහට මොනද වෙන්නෙ කියලා.
සබට බෝම තුති...................kasun
matath balanna be... math kmp ken thamai balanne... eth meke audio eka witharai yanne
chathuka
thnx bro!!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න මේ කියන හරුපෙ මොකක්ද කියලා. :) ජය෴෴ :P :P
lakshitha
thnx saho sub 1te :D
නදීර මිහිරන්ග
අන්තිමටම මම බලපු හොඳම කතාව the Walking Dead ඒකෙ ඊලඟ සීසන් එක එනකන් බලන් ඉඳලා ඉඳලා තිත්තයා නරක් වෙලා හිටියෙ... කියන විදිහට නම් මේකත් හොඳයි වගේ. ඔන්න එහෙනම් බලන්න පටන් ගන්නවා....
තෑන්ක්ස් කොල්ලෝ සබ් එකට..... ජය...!!!!
madhu..
cw ne ahanna dyak ne. thanks brother.. grimm ekata kauru hari sub denna ekath niyama kathawak
Kushen
Thanks saho meka enakan balan hitiye :)
akalanka
තැන්ක් bro
akalanka
ඔන්න එකත් බැවා....... thank you
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........Lahiru Udayanga
Thanks !!!
Amil
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
Amalka
සබට තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Messengers [S01:E01] | පණිවුඩකරුවන්ගේ සම්ප්‍රාප්තිය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/The-Messengers-2015-TV-2-.jpg)

elama thamai ehenam me para mamai 1st download and 1st comment . hehehe ela jaya. :D