2014 සැප්තැම්බර් 25 වෙනිදා බයිස්කෝප් අඩවියට අළුත් සාමාජිකාවක් උන මම අළුත්ම කතා මාලාවක් ඔයාලා හමුවට අරන් ආවා. ඒ තමයි හිතුවක්කාර මොළකාරයන්ගේ වැඩ කිඩ පෙන්වපු ස්කෝපියන් කතා මාලාව. වෝල්ටර් ඕ’බ්‍රයන් කියන පුද්ගලයාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාවේ පළමු අදියරය අදින් අවසන් වෙනවා. කොටස් 22…
2014 සැප්තැම්බර් 25 වෙනිදා බයිස්කෝප් අඩවියට අළුත් සාමාජිකාවක් උන මම අළුත්ම කතා මාලාවක් ඔයාලා හමුවට අරන් ආවා. ඒ තමයි හිතුවක්කාර මොළකාරයන්ගේ වැඩ කිඩ පෙන්වපු ස්කෝපියන් කතා මාලාව. වෝල්ටර් ඕ’බ්‍රයන් කියන පුද්ගලයාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාවේ පළමු අදියරය අදින් අවසන් වෙනවා. කොටස් 22ක් පුරාවට විවිධ අභියෝග, තාක්ෂණික තොරතුරු සහ විවිධාකර සබඳතා අතරින් ගොඩනැඟුණු මෙම කතා මාලාවට බයිස්කෝප් හිතවතුන් කොච්චර කැමති උනාද කියන එක කමෙන්ට් සහ බාගත කරපු ප්‍රමාණයෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් මේ කතා මාලාවේ පළමුවන අදියරයේ අවසාන කොටස මෙසේ දිග හරින්නම්.
පහුගිය සතියේ සිද්ධ උන පෙරළිය එක්ක කෙනෙක්ට හිතෙන්න ඇති මේක කතාවේ අවසානයද කියලා. නමුත් වෝල්ටර් කියන්නෙ තාමත් ජීවත් වන පුද්ගලයෙක් නිසා කතා මාලාව තුලදි ඔහුව මරණයට පත් කරන්නෙ නැති වග ඔයාලට හිතෙන්න ඇති. ඒත් අද එහෙම වෙයිද කියලා ඔයාලම බලා ගන්නකෝ. පහුගිය කොටසෙදි වෝල්ටර් දැන ගන්නවා කේබ් තමන්ට බොරු කළ බව. ඒ නිසා කේන්තියට හා දුකට පත් වන වෝල්ටර්ගේ හැසිරීම නිසා ඔහු විසින් කේබ්ව කණ්ඩායමෙන් ඉවත් කරනවා. ඒ අතර රැල්ෆ් වෝල්ටර්ව අනුගමනය කරමින් ඔහුව අනුකරණය කිරීම ගැන නොසතුටෙන් ඉන්න පේජ් කණ්ඩායම අත්හැරලා යන්න තීරණය කරනවා. මෙලෙස කණ්ඩායමේ වැදගත් පුද්ගලයන් දෙදෙනෙක් එක්වරම ඉවත්වීම වෝල්ටර්ට දරා ගන්න බැරුව ඔහුට තෑග්ගක් ලෙස ලැබුණ සුපිරි කාර් රථයෙන් ඉතා වේගයෙන් ගමන් කරන අතරතුර ඔහුට සිදු වූයේ කුමක්ද? අද කතාව එතැන් සිට… අද කොටසේ වෙන්න යන දේ ගැන මම මුකුත් කියන්නෙ නැහැ. මොකද කුතුහලය පිරුණු ත්‍රාසජනක අවස්ථා මෙන්ම බොහොම හැඟීම්බර අවස්ථා වලින් පිරුණු කතාවක් අද ඔයාලට නරඹන්න පුළුවන්.
අදින් පළමු අදියරය අවසාන වෙන්නෙ දෙවන අදියරය ගැන අපිට බලාපොරොත්තු ඉතිරි කරමින්. ඒ ගැන මං කලින් ලිපි වලත් සඳහන් කළා. කෙසේ වෙතත් දෙවන අදියරය කවදා පටන් ගන්නවාද යන්න තවමත් හරි හැටි දැන ගන්නට ලැබුණෙ නැහැ. නමුත් මේ වසර අවසාන වීමට පෙර දෙවන අදියර ආරම්භ කරාවි යන්න අදහස් පළ වෙලා තියෙනවා. මෙම අදියරයේ වැඩිම රේටිං ලැබුණු කොටස (9.4) ලෙස දැනටමත් මුල් තැන අරන් තියෙන්නෙ Postcards from the Edge යන මාතෘකාව යටතේ විකාශය වූ අවසාන කොටසයි. සීසන් ෆිනාලේ එක එනකම් මමත් බොහොම ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලන් හිටියා. එහෙනම් ඔන්න ඔයාලට ඒක බලන්න ආරාධනා කරනවා.
යන්න කලින්, මාස 7කට ආසන්න කාලයක් පුරාවට මාත් එක්ක එකතු වෙලා මේ කතා මාලාව බලපු හැමෝටම, කමෙන්ට් දාපු නොදාපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මූණු පොත හරහා මේකේ සබ් එක පරක්කු වෙනකොට ඒ ගැන මතක් කරපු යාළුවන්වත් මතක් කරන්න ඕනෙ. අන්තිමට මට මේ වැඩේට අවස්ථාව දුන්න බයිස්කෝප් අඩවියේ අපේ අයියලා මල්ලිලා ඇතුළු කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි. විශේෂයෙන් රොයිලි අයියා, හසන්ත අයියා සහ සමීර චතුරංග අයියා මතක් කරන්න ඕනේ. සබ් එක ආපු ගමන්ම මට දැනුම් දෙනවා. ඒත් ඇත්තම කිව්වොත් අඟහරුවාදා උදේ ඇහැරෙන්නෙ කතාව බාන්න බලාගෙන. 10 ට විතර සබ් එක ලැබුණම ඉතින් එක දිගට මහන්සි වෙලා තමයි ඔයාලගේ රසවින්දනය වෙනුවෙන් සිංහල උපසිරැසි ගේන්නෙ. තාම උණ හොඳ උනා විතරයි. ඒ නිසා වැඩිපුර කියෙව්වද මන්දා…. අද මේක කලින්ම දෙන්න ලැබුණෙ මට අනිද්දා විභාගෙ පටන් ගන්න නිසයි. විභාග වැඩ කටයුතු වල හිර වෙලා හිටියත් කතාවෙ අවසාන කොටස මමම කරන්න ඕනෙ කියලා හිතා ගෙන හිටපු නිසා ඔන්න කොහොම හරි ඒකත් කළා…
එහෙනම් මෙච්චර කාලයක් මේ කතා මාලාව තුල උපසිරැසි වල යම් අඩුපාඩුවක් එහෙම තිබුණා නම් මට සමාවෙන්න. දෙවන අදියරය පටන් ගත් සැනින් උපසිරැසි ලබා දෙන පොරොන්දුවත් එක්ක එහෙනම් මම සමුගන්නවා. තවත් කතා මාලාවක හෝ චිත්‍රපටයක උපසිරැසි සමඟින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය !!!
07AB56028E87E0232F3E653D872960B2DA0EC90E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,270 downloadsDownload Scorpion-S01E22.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Second Season >>
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
86 comments
Kaviya
Haritha Prabuddha
ගොඩක් මහන්සි වෙලා තියෙනවා... බොහොමත්ම ස්තූතියි. Season 2 මේ වගේ ම Release උන ගමන්ම දෙන්ඩ පුලුවන් වෙන්න කියල පාර්ථනා කරනවා....
thisal
තැන්ක්ස් අක්කෙ දිගටම සබ දුන්න එකට තැන්ක්ස් මෙක සුපිරිම කතාවක් මාර ආසාවෙන් බැලුවෙ හෙන අවුල් මෙක අදින් ඉවර වෙන නිසා එත් ඉලග සිඉසන් එක ලගදිම එන නිසා අවුලක් නැ එක ආවම එකටත් සබ දෙමු හොදෙ තැන්ක්ස් සබට ජය වෙවා
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
බොහෝම ස්තුතියි මෙතෙක් කතා මාලාවට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන්.
මේ විරාමය අතරේ අලුත් කතා මාලාවකට උපසිරැසි දෙන්න බලමු නේ.... :)මීලඟ සමය ආපු ගමන්ම උපසිරැසි ගන්න බලාගෙන ඉන්නවා...
ආයු -බෝ -වේවා !!!
Mahesh
sub ekata thanx aaaa
Dooma
Thanks Dr...............
Janith
Hope you will see in season 2 :D Thanks (y)
madhu..
thanks. grimm ekata sub dennakoo
Ashan
bohoma sthuthi sahodaraya
Chali100
Thanks..Aluth akain aye hamba wemu
malinda
thnks akke..ilaga season ekath apu gamanma denna hode.
èxit_9.1
ස්ත්තිය් දිගටම ඉවර වෙනකන්ම අපිත් එක්ක හිටියට අතරමං නොකර අපිව.
ඊලග කොටසටත් sub දෙන්න හොදේ.
එතකන් ඉතිං තවත් එකක් පටන් ගමු නේද සිස්.....:eek::eek: බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:isurufeat
elaz...
kushan
thnqqq sis...
amila kaushalya
බොහෝම ස්තුතියි මේ අතරේ අලුත් කතා මාලාවකට උපසිරැසි දෙන්න සිස්
raki
***thanks samadi sub walata masa 7k purawata scorpion katha malawa genawata.thanks**** so2 aken ikmanatama hamu wemu!!! ~~~jaya wewa~~~ god bless...!!!
Pramod
TNX SIS
widuranga
thanx sister sub ekata,,,
exam ekata good luck......
thawath sub ekakin hamu wemuuuuRasidu
මරු මරු,එකත් ඉවරයි නේ,මරු කතාව
sub එකට ස්තූතියි.
අලුත් tv series එකකට sub දාන්න,season 2 එනකං......R.D
1 වන සීසන් එක ඉවර කලාට අපෙන් සුබ පැතුම්.2 සීසන් එක දෙන අතරතුර තව TV සීරීස් එකකට සබ් දෙමු හොඳේ.බොහෝම ස්තුතියි මෙච්චර කාලයක් කරපු සේවයට.නැවතත් සබ් එකකින් හමු වෙමු.සුබ අනාගතයක්.............
Gayan Lakshitha
Thank U very much sis. Meka thamai mama balapu hondama
tv series eka... sub tika lassanata thibba.alan wake
ela sub ekata thanks
මම අහිංසකයි
උපසිරැසියට ස්තුති . විභාගයට සුබ පැතුම්
lakshitha
thnx sherin akki sub ekate exsm ekte suba pathanawa jaya wewa
සුපුන් බුදිධික
එහෙනම් එකත් ඉවරයි ඈ...
බොහෝම ස්තූතියි සබ් එකට...
නැවත හමු වෙමු..ජය වේවා !!!
dushan135
ela ela
අදිත ප්‍රවීන්
නියමයි අක්කේ !
ඊළඟ සීසන් එකත් දෙමු එහෙනම් .
බොහොම ස්තුතියි උපසිරැසිවලට .Gayashan
බොහොම ස්තුතියි උපසිරැසිවලට
Saketha Pulasthi
ගොඩක් ආසාවෙන් බලපු ටිවී සීරීස් එකක් තමයි මේක. සම්පූර්ණ සීසන් එකටම උපසිරසි දුන්නට බොහොම ස්තූතියි :) .
පුලුවන්නම් දෙවෙනි සීසන් එක එනකන් Avengers Assemble කාටුන් සීරීස් එකට සබ් දෙන්නThimothy
thanks
Kulanjana Maduranga
Aiyo mekath iwarai ne.SHEREEN sis meke season 2 awama ekatath sub denn.e wgema methuwak kal api wenuwen kala kapakirimata godak pin.thanks SHEREEN Sis sub walata...digatama sub denn shakthiya labewa.jayen jaya...
lakshyan
Thank u sis!! :)
chameera
Tnx sis,,,
මධුකප්‍රිය පෙරේරා
ආ ... බොහොම තුති මුල ඉදන්ම වෙලාවට සබ් දුන්නාට ..
ඉතින් එහෙනම් අපි 2වනි කතාංගය එනකන් බලන් ඉන්නව ..
ඒකත් මේ වගේම දෙමු ... එතෙක් ඔබට ජය ..Pasindu
thank...thank...akka.
madusanka jayasooriya
thanks. mama mula idanma balapu patta series ekak.
La හිරු
තැන්කු සමාධි... අපි හුගාක් අසාවෙන් බලුව සීරීස් එකක් මේක..
Ruwan
Thanks a lot... c u again soon
Virus
godaaak isthuthi akkiii
:)Gayan Sampath
Thanks Sis......!!!
Aruna
Thanks
Sanjeewa
Thanks sister, Jaya wewa . . . .
Hasitha
thanks akke......(Y)
thawath sub ekakin hamu wemu :D :D :Dහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
Dananjaya
patta...thax ikmanatama dunata...
chamila
thanx sis
chathuka
smuganmak nowe aluth arambayaka mull piyawarai me,
gadka gdkam gdkama thnx me wechha manziyata,
ikkman suwaya pathanawa mulu hadinnma!
c u soonnnnnnnnnnnShanu
Aasawen balapu kathawak iwara una onna, inda hta cmnt krath lst epsde ekata cmnt nkra inna beri una, meke sub eka ganna mn kee wathawak baiscope ekata log wenna edda, e tharam aaswen baalpu tv srs ekak thamai meka, tnx akke mulu season ekatama sub dunnata, meke tyena wachanath ekka sub eka krannath lesi na, ithin akke 2 season ekath aapu gmn sub ganna balaporoththu wenawa oyage, tnx akke, keep it up, jayawewa!!!
sajeevi
thanks a lot
Walter J
බොහොම ස්තුතියි සමාධි :*
danu
sub tika hariyatama dunnata bohoma sthuthi..... next season eka enakam balan inne.... oyage exam ekatath wish karanawa mama high marks ganna puluwan wenna kiyala.. ehenam jaya wewa.... thanks again..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S01 : E22] | වැදගත්ම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Scorpion-tv-1-.jpg)

thnx sis !!!...