Watch Trailer

The Messengers [S01:E03] | අසරුවන් සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදියටම අදත් පණිවුඩකරුවන්ගේ අප්‍රභ්‍රංශ්‍ර කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා හමුවට මේ එන්නේ. 🙂 පසුගිය කතාවේදී නම් හැමෝම එකට හමුවෙලා කථාවේ තිබුණු ගැටලු පැටලුම් සියල්ලක්ම විසඳුණා කියලා තමයි හිතාගෙන හිටියේ. හැබැයි මට එහෙම හිතුණේ කතාව බලන්න කලින් විතරයි. කතාව බැලුවට පස්සේ තවත් ගැටලු…

The Messengers (2015) (TV)-2

ඔන්න ඉතිං සුපුරුදු විදියටම අදත් පණිවුඩකරුවන්ගේ අප්‍රභ්‍රංශ්‍ර කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා හමුවට මේ එන්නේ. 🙂 පසුගිය කතාවේදී නම් හැමෝම එකට හමුවෙලා කථාවේ තිබුණු ගැටලු පැටලුම් සියල්ලක්ම විසඳුණා කියලා තමයි හිතාගෙන හිටියේ. හැබැයි මට එහෙම හිතුණේ කතාව බලන්න කලින් විතරයි. කතාව බැලුවට පස්සේ තවත් ගැටලු සහගත තත්වයන් ඔයාලට ඇතිවෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද කිව්වොත් අවුරුදු 7ක් තිස්සේ කෝමා එකක හිටපු රෝස් එක පාරටම නැගිට්ටා. ඒ වගේම ඇය අනිත් හැමෝටම වඩා මේ පිළිබඳව විස්තර දන්නවා. ඇයගේ විස්තර අනුව තමයි වේරාට දැනගන්න ලැබුණේ, ඇයගේ පුතා වෙන මයිකල්ව සොයා දෙන්න කියලා උදව් කරන්න පෙළඹුණු මනුස්සයාට තමයි මේ යක්ෂයා කියන්නේ කියලා.

කතාවේදී වැදගත්ම කොටස වුණේ, පණිවුඩකරුවන් වෙන වේරා, ජෝෂුවා, එරීන්, රවූල්, පීටර්, රෝස් සියලුම දෙනා එකට එකතු වුණු අවස්ථාව. මෙතැනදී සියලුම දෙනා කිසිසේත්ම අහන්නට බලාපොරොත්තු නොවුණු විදියේ කතාවක් තමයි රෝස් විසින් පැවසුවේ. හැමෝම පණිවුඩ කරුවන් බවත්. ඒ වගේම සියල්ලන්ටම ලෝකය ප්‍රහර්ෂයකින් බේරාගන්නට කාර්ය භාර්යයක් පැවරී ඇති බවත් සඳහන් කරනවා නමුත් හැමෝටම තියෙන ගැටලුව තමයි, ලෝක විනාශයක් වගේ ලොකු දෙයක් 6 දෙනෙකු විතරක් එකට එකතු වෙලා කොහොම නවත්වනවාද කියන එක. මේ අවස්ථාවේදී තමයි රෝස් විසින් 6 දෙනාට ලැබී තිබෙන එකිනෙකට වෙනස් හැකියාවන් පිළිබඳව සඳහන් කරන්නේ.

1. ජෝෂුවා = අනාගතය, දර්ශන වශයෙන් දැකීමේ හැකියාව.
2. රවූල් = සිතිවිලි කියවීමේ හැකියාව.
3. එරීන් = සුවපත් කිරීමේ හැකියාව.
4. රෝස් = ලෝකයේ තිබෙන සියලුම භාෂාවන් භාවිතයේ සහ තේරුම් ගැනීමේ හැකියාව.
5. පීටර් = අසාමාන්‍ය ශක්තිය.

මේ විදියට මේ 5 දෙනාගේ හැකියාවන් හෙවත් ත්‍යාගයන් පිළිබඳව සඳහන් කළත්, වේරාගේ හැකියාවන් පිළිබඳව රෝස් සඳහන් කරන්නේ නෑ. මොකද කිව්වොත් ඇයගේ හැකියාව තවමත් ඇය විසින් අනාවරණය කරගෙන නොමැති නිසා. එමෙන්ම රෝස් විසින් 7 වන පණිවුඩකරුවෙකු පිළිබඳවත් සඳහන් කරනවා. නමුත් එයා අනාගතයේ පහළ වීමට නියමිත බවයි රෝස් විසින් හැමෝටම පවසන්නේ.

කොහොම වුණත් හැමෝම රෝහලේ පල්ලිය තුළ සිදුවුණු කථාවෙන් පස්සේ විසිරිලා යනවා. මේ අතරේ ජෝෂුවා වේරාගේ පුතා ඉන්න තැන පිළිබඳව දර්ශනයක් දකිනවා. මේ නිසා ජෝෂුවා වේරා එක්ක ඇයගේ පුතාව හොයන්න ගියා කියලා මතක ඇති. ඒ වගේම තමයි රවූල් තමුන්ගේ අයියාගේ ගෙදර ගියත් එයාව පැහැරගෙන කියලා තමයි දැකගන්න ලැබුණේ. පසුව රවූල්ට තමුන්ගේ නෑනව කුඩුකාරයින්ගෙන් බේර ගන්න ඇයව තමුන් එක්ක එක්කගෙන යන්න සිදු වෙනවා. කොහොම නමුත් මෙයාලා අවසානයේ නැවතත් එකට එකතු වෙනවා. ඒත් මේ හැම දෙයක්ම අහම්බෙන් සිදුවෙන දේවල් කියලා තමයි වේරා විශ්වාස කරන්නේ. නමුත් රෝස් කියන විදියට මේ හැම දෙයක්ම දෛවෝපගතයි. මේ පිළිබඳව විශ්වාස නොකරන අදේව වාදී වේරාට හැමෝටම අදෘශමානව ඇවිත් තියෙන පියාපත්, කණ්ණාඩියෙන් පෙන්වනවා. මේ අතරේ තමයි ජෝසුවාට තවත් දර්ශනයක් වශයෙන්, අසරුවෙකු පිළිබඳව අනාවැකියක් දකින්නට ලැබෙන්නේ. ජෝෂුවා දැකපු විස්තර අනුව රෝස් කියන්නේ නම් ඒ යුද්ධයේ අසරුවා වෙතට යොමුවෙන දර්ශනයක් කියලා.

අද කතාවේදී මෙයාලා හැමෝමටම සිද්ධ වෙන්නේ යුද්ධයේ අසරුවා හොයන්න. නමුත් අද දවසේ රවූල් එයාගේ අයියව එල් හෙෆේ ගෙන් බේරගන්න තමයි යන්නේ. මේ අතරේ යක්ෂයාත් එහෙන් මෙහෙන් මේ සිද්ධියට ඇඟිලි ගහනවා. නමුත් අපි දන්නේ නෑ මෙයා අර අදින්නේ මොකකද කියලා. ඒ වගේම වේරා ඇලන් එක්ක එකතු වෙලා උල්කාපාතය වැටුණු තැනින් හොරාට ලබා ගත්තු උල්කා කෑල්ල පරීක්ෂා කරන්නයි සූදානම් වෙන්නේ. ඔයාලට පසුගිය කතාවේදී මතක ඇති හමුදාව විසින් වටලපු උල්කා ආවාටය බලන්න ගියපු ඇලන්ට උල්කාවක් වැටුණු බවට සලකුණක්වත් දැකගන්න ලැබුණේ නෑ කියලා. ඒක අත්භූත විදියට සම්පූර්ණයෙන්ම අතුරුදහන්. මේක නිසා වේරාට වගේම ඇලන්ට ලොකු කුතුහලයක් ඇති වෙනවා රජයට තමුන්ගේ රස්සාවනුත් නැති කරලා, උල්කා ආවාටයකුත් වහලා දාන්න තරම් හේතු වුණු කාරණාව මොකක්ද කියලා. මේ සිදුවීම දාමය නිසාම ඇලන් හිතන්නේ මේ උල්කාව ගොඩක් විශේෂයි කියලා. නමුත් වේරා විසින් මේ උල්කාව විශේෂයි කියලා හිතන්නේ, මොකක් නිසාද කියලා අපි හැමෝම දන්නවා. ඒ තමයි සාතන් හෙවත් යක්ෂයා ඒ මගින් පොළවට පැමිණීම කියන විකාර කතාව සහ, තමුන්ට අත් දකින්න සිදුවුණු දහසක් දේවල් වලට පිළිතුරු කිහිපයක් හෝ ලබා ගන්න පුළුවන් කියන බලාපොරොත්තුව. මේක නිසා මෙයාලා මේ උල්කා කොටස පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණ වාර්තා වල දකින්න ලැබුණූ දේවල් නම් !? !? !? !? !?.

අද කතාවේදී පණිවුඩකරුවන්ට යුද්ධයේ අසරුවා හොයා ගන්න පුළුවන් වේවිද? ඒ වගේම ඇලන් වේරා එක්ක එකතු වෙලා පරීක්ෂා කරන උල්කාවෙන් මොනවාද හොයා ගන්න ලැබුණු (දේ / දේවල්)? ඒ වගේම රවූල්ට තමුන්ගේ අයියාව බේර ගන්න පුළුවන් වේවි ද? වේරාට තමුන්ගේ හැකියාව මොකක්ද කියලා දැනගන්න පුළුවන් වේවි ද?

ඔන්න ඔහොම ප්‍රශ්න වගේම අද කථාවේ අරුම පුදුම දේවලුත් ගොඩයි. මීළඟ කතාව එනකං මම නම් මග බලාගෙන ඉන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම මීළඟ කථාවෙන් හමුවෙමු. 🙂 🙂 🙂 🙂

ආයු -බෝ -වේවා !!!

The Messengers (2015– )  on IMDb

 

 

212 MB කොපිය මෙතනින් බාගන්න

2817BCBE59DBF274B2081B02C2E1ECEE7540ECF5

343 MB කොපිය මෙතනින් බාගන්න

22D99DAE4D52C3C208DEBADC14CB379EB8FDCF04 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,326 downloadsDownload TMS01E03baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

4,326 downloadsDownload Subtitles44 KB

39 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහො

  2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyaamai macho..
    onna gannawa ...
    thawama hevc copiya daala nadda koheda?
    kamak naha anith kopiyama gannawa..
    jaya wewaa!!

  3. yg

    tnzz broo

  4. Vidura

    Tnx

  5. pj

    Maga balagena hiteye.
    Tnx aiye.......

  6. sameera lakshan

    thanks mcn niyama kathawa...next akath apu gaman denna....

  7. Keshan Wasala

    ගොඩක් ස්තුතියි ප්‍රණීත් සහෝ මෙන්න සබ ගත්තා :D අද ලිපියත් නියමයි !!

  8. GPH

    පට්ට මචං....

  9. Bhathiya

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට.. ජය වේවා.....!

  10. jamson

    Thanks saho..

  11. S.K.Ruchiranga

    thx machooo enakm hityee

  12. මැකා

    මම අයි දන්නේ release කියලා.... ඔන්න ඉතින් සබ් එකට තැන්කු....
    අද ඉඳන් මමත් මේක බානවෝ....!!!

    1. මැකා

      **අදයි දන්නේ**

  13. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. lakshitha

    thnx saho :D

  15. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  16. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    ජය!!!

  17. Sam

    thnkss brooo...//

  18. නලින්

    ස්තුතියි ප්‍රණිත් සහෝ.. එලස්ස් වේවා! ජය වේවා!

  19. alan wake

    ස්තුතියි සහො

  20. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  21. tharindu

    නියමයි මම මේකට වහ වැටිලා ඉන්නෙ. සබට ස්තුතියි සහෝ.

  22. sachira

    thanx saho :) :)

  23. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

  24. thisal

    ttnnxxxx bnn

  25. Sahan

    thankz a lot saho...

  26. Tharaka

    ThanKkQuuu Saho ...Sub akata :)

  27. silent$

    thanx bro !!!!!!!

  28. isuru

    thanks bro!

  29. dila

    thnx
    chicago pd season 2 ithru tikata sub denna puluwanda

  30. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  31. Sahan

    thankz a lot saho..

  32. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  33. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Malith Udara

    4 episode came subs please ;)

  35. Amalka

    සබට තුති සහෝ

  36. sajeevi

    බොහොම ස්තූතියි සබට.
    දැන් තමයි කතාව බලන්න ගන්නේ.
    කට්ටියගේ ප්‍රතිචාර වල හැටියටනම් නියම කතාවක් වගේ.

  37. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  38. Mangala

    tnx mcn