කොහොමද හැමෝටම? මෙන්න එහෙනං මේ සතියෙත් සුපුරුදු විදියට පණිවුඩකරුවන්ගේ කතා මාලාවේ 4 වෙනි කොටසට උපසිරැසි අරගෙන මම ඔයාලා ලඟට ආවා. මම කතාව බලලා තිබුණු කික් එකටත් එක්ක පැය 2 හමාරෙන් උපසිරැසිය නිම කලා. පසුගිය කතාවේදී ඔයාලට ගොඩක් දේවල් බලන්න ලැබෙන්න ඇති කියලා හිතනවා. කතාව බලන අපිට තියෙන ගොඩක් ගැටලු වලට පිල…
කොහොමද හැමෝටම? මෙන්න එහෙනං මේ සතියෙත් සුපුරුදු විදියට පණිවුඩකරුවන්ගේ කතා මාලාවේ 4 වෙනි කොටසට උපසිරැසි අරගෙන මම ඔයාලා ලඟට ආවා. මම කතාව බලලා තිබුණු කික් එකටත් එක්ක පැය 2 හමාරෙන් උපසිරැසිය නිම කලා. පසුගිය කතාවේදී ඔයාලට ගොඩක් දේවල් බලන්න ලැබෙන්න ඇති කියලා හිතනවා. කතාව බලන අපිට තියෙන ගොඩක් ගැටලු වලට පිලිතුරු වෙනුවට, කතාව ඉදිරියට යන්න යන්න තවත් කුතුහලයෙන් පිරුණු සිදුවීම් ගොඩගැහෙනවා විතරයි. 🙁 😐 🙂
පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති වේරා උල්කා කැබැල්ලත් අරගෙන ඇලන් එක්ක ග්‍රහලෝක භූ විද්‍යාඥයෙක් වෙන ලියෝ ට්‍රැවර්ස් ලඟට ගියා. එයා තමයි වේරා ඉස්සර ආදරය කරපු කෙනා. ඒ වගේම තමයි අවුරුදු 7කට කලින් අතුරුදහන් වුනු වේරාගේ පුතා වෙන මයිකල්ගේ තාත්තා. ඒ වගේම තමයි උල්කා කෑල්ල පරීක්ශා කරපු ඇලන්ට දැකගන්න ලැබෙන්නේ, ඒ උල්කා කැබැල්ලේ මේ මහපොලව මත මිනිසා විසින් හොයාගත්තු සෑම මූලද්‍රව්‍යක්ම අන්තර්ගත වෙන බව. ඒ වගේම තමයි ඊට අමතරව සොයා නොගත් මූලද්‍රව්‍යකුත් ඒකේ ඇතුලත් වෙනවා. ඒ වගේම ඇලන් ඒ ගල් කෑල්ල විද්‍යාගාරයේ තියලා ගියපු අතර් ඔයාලා දකින්න ඇති ඒ ගල් කෑල්ලෙන් නිකුත් වුනු යම් බලයක් නිසා ඒ ලඟම තිබුණූ පැලයක ක්ශනයෙන් මල් පිපුණු බව. ඒත් ඇලන් අනිත් අයත් එක්ක එනකොට ඒ ගල් කෑල්ල අතුරුදහන්. ඒකට හේතුව මේ වැටුනු උල්කාවේ සෑම කොටසක්ම විද්‍යාඥයෝ පිරිසක් එකතු වෙලා එකතු කිරීම. ඒ වගේම තමයි ඒක අධි රහසිගත විදියට කරන දෙයක් කියලයි අපිට දැනටමත් පේන්න තියෙන්නේ. මොකක් වුනත් මේක තාමත් අපිට අභිරහසක්. වෙන කවුද මේ ගැන දන්නේ ? ඒ වගේම තමයි වේරා ඒ ගල් කෑල්ල ගත්තු කෙනා පිටිපස්සේ දුවගෙන යද්දී එක පාරටම දොරක් අස්සෙන් යනවා. හැබැයි එයා ආපස්සට හැරිලා එද්දී එයාට දකින්න ලැබෙනවා තමුන්ම මැරිලා වැටිලා ඉන්නවා. වේරා තමයි පණිවුඩකරුවෝ අතරින් හැකියාවක් නොමැතිව හිටපු එකම කෙනා. නමුත් ඒ වෙලාවේ දැකගන්න ලැබෙනවා ඇත්තටම ඇයට තියෙන හැකියාව මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් ඒක නියම හැකියාවක්. ඒ තමයි ආත්ම චරනය. ඒ කියන්නේ තමුන්ගේ ශරීරයෙන් වෙන් වෙලා, තමුන්ගේ මනෝ කායට පුළුවන් වටපිටාවේ ඇවිදින්න. තමුන්ට බැරි තැන් වලට ගමන් කරන්න. නොදකින්න පුළුවන් දේවල් දකින්න. ඒ අනුව මේ සියලු දෙනාගේම හැකියාවන් නැවතත් මේ විදියට පෙලගස්වන්න පුළුවන්.
1. ජෝශුවා = අනාගතය, දර්ශණ වශයෙන් දැකීමේ හැකියාව.
2. රවූල් = සිතිවිලි කියවීමේ හැකියාව.
3. එරීන් = සුවපත් කිරීමේ හැකියාව.
4. රෝස් = ලෝකයේ තිබෙන සියලුම භාශාවන් භාවිතයේ සහ තේරුම් ගැනීමේ හැකියාව.
5. පීටර් = අසාමාන්‍ය ශක්තිය.
6.වේරා = ආත්ම චරණය හෙවත් ශරීරයෙන් වෙන්වී ආත්මයක් වශයෙන් වටපිටාවේ ඇවිදීමේ හැකියාව.
හැබැයි ඒත් යක්ශයා සහ අසරුවන් 4 දෙනා සමග හැප්පෙන්න නම් තවත් පණිවුඩකරුවෙක් මෙයාලා සමග එකතු විය යුතුයි. නමුත් තාම එයා ගැන නම් කිසිම ඉඟියක් අපිට දැකගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි පසුගිය කතාවේ පීටර්ව මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුනා. මේ සතියේ එයාට මොනවා වේවිද කියලා බලාගන්නත් තියෙනවා.
ගිය සතියේ ඉඳන් උද්ගත වෙලා තිබුණු ගැටලුවක් තමයි “කවුද මේ යුද්ධයේ අසරුවා ?” කියන එක. අදත් හැමෝම එකතු වෙලා එයාව හොයාගෙන ලොකු පාපයක් කරලා එයාගේ දුශ්ඨත්වය යටපත් කරලා තියෙන මුද්‍රාව බිඳින එක වලක්වන්නයි සූදානම් වෙන්නේ. ඉතිං මේ හැම දේම කරන්නත් කට්ටිය අසරුවා කවුද කියලා හොයා ගන්න එපැයි. හැබැයි දැනට මෙයාලා දන්න තරමින් එයා ඇෆ්ගන් අගමැති අබ්දුල් නසාරි හෝ සෙනෙටර් රිචර්ඩ්ස් වෙන්න පුළුවන්. ඒත් මේ දෙන්නගෙන් කවුද යුද්ධයේ අසරුවා? මෙයින් කෙනෙක් ද? දෙන්නම අසරුවෝ ද? දෙන්නම නෙමෙයි ද? ඒ වගේම එයා කවුරු වුනත් එයාගේ මුද්‍රාවේ බිඳීම වලක්වන්න පුළුවන් වේවි ද?
මේ ප්‍රශ්ණ ගොඩටම නැතත් කිහිපයකට හරි පිලිතුරු ලබාගන්න කතාව නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
C6BFE7B9116250838C6C5ECB38A4159F9E100678 A84B90A4577AEF9C9508A88E8FAB30C4A1655D85 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,250 downloadsDownload The_Messengers_S01E04_baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
41 comments
KP Muthukumarana
Kasun Widusha
Tnx Praniyo sub kata.....................
tiron
අද උදේ ඉඳන්ම මේක එනකන් බලාගෙන හිටියෙ.බොහොම ස්තුතියි ඔබට.
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
thanks sahoo sub ekata....
Pradeep
MDG සහො sub කරපු Supernatural Fan කෙනෙක්ට නම් මේ සිරියස් එක හොඳට තේරෙනො... එක සීසන් එකක්ම ගියේ මේවගෙ සීන් එකක්මනෙ.. මෙ සීරියස් එකත් පට්ට.. ටැංකු ප්‍රණිත් සහො
Malith Udara
thnx ane enakam hitiye ;) ;) :D
Anju
Obata thuthi saho...........
Nicol Vishan
මේක එනකන්ම තමයි බලාගෙන උන්නේ. එළකිරි. දිගටම සබ් දෙන්න. සබ් එකට තැන්ක්ස්...
Ama
බොහොම ස්තුතියි!!!
ck
Thanks man...... din gena gena hitiye enakam
Asel
elaz
SHEHAN
thanks broo
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Vidura
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
hiran
එල සහෝ පට්ට
thisal
සබ් එකට තැන්ක්ස්…
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !ugatha
me kathawa boring ban..sub dunnata wadak ne
Tharindu
elakiri nymai
raveen
elazz..
sachira
elz elz elz elz elz elz elz elz elz elz elz elz :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
akalanka
thnxxxxxxxxxxx bro
harsha
සබට ස්තූතියි ජයවේවා
මධුකප්‍රිය පෙරේරා
නියමයි සහෝ සබ එකට තුති..
ඊලග එකත් ඉක්මනට ගෙන්න..Ravindu Thenabadu
මේක එක සීසන් එකකින් ඉවරකරනවා කියනවනෙ බං... මේකෙ රේටිං අඩුයි කියල නවත්තනවලු බං.... අයියෝ... :'(
යස්මික
කතාවනම් නියමයි. සීසන් 01 එක විතරක් පෙන්නලා නවත්තන එක නම් අවුල... කමක් නෑ සහෝ.. ඔයා නියමෙට සබ් එක කරලා තියෙනවා. බෝම පිං.........
lakshan
බොහොම ස්තූතියි සහෝ…..
Chandima
Niyamai Praneeth Aiyeeee.supiri kathawa.thankzzzzzz
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
NIYAMAI NIYAMAI PRANEETH SAHO..
MENNA GANNAWA...
MEKANAM DAN DENA DAWASEMA WAGE BALNAWA..
KATHAWA LASSANATA YANAWA..
EKANEWI,
DEDDI ARA 265 COPYE LINK EKATH DENNAKO, DIRECT HARI TORRENT HARI..
EHENM JAYA WEWA!!isuru
thanks bro!
Supun Madhusanka (Bunny)
Thanks saho.....
Anymouse
Thanks bro ...
Amil
බොහෝම ස්තුතියි සබට
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Upeksha
bro, sub parakku karannepa bro
Amalka
සබට තුති සහෝ
sajeevi
thanks
Tharindu
thank saho ela
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Advertisement
![The Messengers [S01:E04] | ප්‍රථම අසරු මුද්‍රාව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/The-Messengers-2015-TV-2-.jpg)

Nice Work....
Good Luck....
Keep It Up....
Thanks For Sub...
:) :) :) :) :)