හම්මේ ඉතිං කට්ටිය මට නොසැහෙන්න බනින්න ඇති නෙහ්. මොකද සබ අම්බානක පරක්කු නිසා. ඇත්තටම ලොකු හේතුවක් තිබුනා ගිය සතියේ මගේ මොනිටරේ පිච්චුනා තවම එකක් ගත්තේ නැහැ. මේකේ සබ භාගයක් දුරට කරලා තිබුණේ. අනික pc එකේ තමා මං කරපු සබ් ටික තිබුණේ. මට බැකප් දාගන්න ලැබුනෙත් නැහැ. ඒ නිසා මුල ඉදන් ආයේ සබ ලැපෙන් කරන්න වුන…

හම්මේ ඉතිං කට්ටිය මට නොසැහෙන්න බනින්න ඇති නෙහ්. මොකද සබ අම්බානක පරක්කු නිසා. ඇත්තටම ලොකු හේතුවක් තිබුනා ගිය සතියේ මගේ මොනිටරේ පිච්චුනා තවම එකක් ගත්තේ නැහැ. මේකේ සබ භාගයක් දුරට කරලා තිබුණේ. අනික pc එකේ තමා මං කරපු සබ් ටික තිබුණේ. මට බැකප් දාගන්න ලැබුනෙත් නැහැ. ඒ නිසා මුල ඉදන් ආයේ සබ ලැපෙන් කරන්න වුනා. මට ලැපෙන් සබක් කරනවා කියන්නේ සංසාරෙම එපා වෙන වැඩක්. අනික මේ වගේ වචන ගලපලා වාක්‍ය ගැටගහන්න අමාරු සීරිස් එකක්.! දැන් හිතනවා ඇති නේද ඒත් සති ගාණක් තිස්සේ? ඔව් වෙලාවක් තිබ්බේ නැහැ. ඒත් ඉතිං ඊයේ කොහෙම්න් කොහොම හරි සුපර්නැචුරල් එක නම් ගොඩදාගත්තා.
කලින් කොටසේ නම් ගොඩක් හොද දේවල් වගේම නරක සිද්දි ගණනාවක්ම සිද්ද වුනා. හෙයිලිව මැජික් බලයෙන් පැහැරගෙන ගිහින් තිබුනේ ඩවිනා. ඒවගේම ඇයට බන්ධනයකින් හිර කරලා තියාගෙන ඉන්නේ. ජැක්සන් හා දෙතුන්දෙනෙක් බේරුනා අර දඩයම්කරුවන්ගෙන් එලයිජා ඔක්කොම දඩයම්කරුවන් මරපු එකට පිං සිද්දවෙන්න. 😀 ජැක්සනුත් හොදටම හෙම්බත් වෙලා හිටියේ. කොහොම නමුත් ඩවිනා උදව් කරනවා වෘක ශාපයෙන් කට්ටියව මුදවාගන්න. ඒකත් අයගේ වාසියට. මතුරන ලද ඉටිපන්දමක්. ඒවගේම අර ඒ කාලයේ හිටපු තවත් යාලුවා ලූෂන්(ලූෂියන්). එයා ළග ඉන්න අනාවැකි කියන ගැහැණිය අනාවැකියක් කියලා පුදුම දුකක් තමා විදින්නේ. මොකද ෆ්‍රේයා ඒක නැවත පරික්ෂා කළා. එකෙන් ගොඩක් ලොකු විනාශයක් වන බව දැනගත්තා. තව ජැක්සන් හා හෙයිලි ගොඩක් ලොකු තරහකින් ඉන්නේ ක්ලවුස් කරපු වැඩේ නිසා. ඒවගේම තමා හෝප් ඇවිදින්න පටන් අරගෙන. ඔය වගේ කතා කෝටියයි.
අද කොටසේ ගොඩක් තියෙන්නේ යටගිය කතාවක්. ඒ කිව්වේ ඉතිහාසයේ වුන සිද්දි එහෙම පිටින්ම තියෙනවා. ලූෂන් කොහොමද වැම්පයර් කෙනෙක් වුනේ. එතකොට එයාද අර නිව් ඔර්ලින්ස්වල මිනීමැරුම් වළට වගකියන්න ඕනේ? ඒ කාලයේ හිටපු තවත් ඩබලක් පහුගිය කතාංග දෙකේ දකින්න ඇති. නමුත් අද තමා එයාලගේ හරි ආගමනය වෙන්නේ. බලලම ඉන්නකෝ එහෙනම්. මං විශ්වාස කරනවා සබ එක්ක මේ කතාව බලන අයට සබ නැතුව මේ කොටස බැලුවනම් තේරුම් ගන්න අමාරු වෙන්න ඇති. මොකද සංකීර්ණ බවින් නම් මේකේ කිසිම අඩුවක් නැහැ. අද පසෙවනී කොටස ආවා. පුලුවන් තරම් උත්සහ කරනවා සමගාමී කොටස වෙත ළගාවෙන්න.
එහෙනම් ඉතිං ගිහින් එන්නම්. ලබන්නා වූ සතිඅන්තය සුභම එකක් වේවා යයි මං ප්‍රර්ථනා කරනවා…!! ජය.!!!
152 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
DDF9D93EBC3AE7ECACFC6DD9D2E38063FF1CF10B211 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
FCD285DDACD86F48EB4927B714725064950428CE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,537 downloadsDownload The.Originals.S03E03.baiscopelk.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Eepisode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
18 comments
රොයිලි
ishanka sajith
thnx bro.. keep it up
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
yumal
thankz macho ilaga akath ikmantama demu
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
R.I.P. මොනිටරේ! =D
ජය!!!!!!!සුපුන් බුද්ධික
ටිකක් පරක්කු උනාට අවුලක් නෑ..
උපසිරැසි දෙන එකයි වටින්නේ..
කොහොමත් මේක උපසිරැසි කරන්න ලේසි එකක් නෙමෙයි..
ගොඩක් ස්තූතියි සහෝ..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
sachintha
tnx sahoo sub ekata...
jaya wewaa...රයන් ද සිල්වා
ගොඩක් ස්තූතියි සහෝ..
දිගටම කරගෙන යමු..
සමගාමී විකාශණයක් දෙමු..
ජය වෙවා...Harshitha
තෑන්ක්ස් මචෝ!
දිගටම කරගෙන යමු....
ජය වෙවා…tharindu madushanka
thanks
R@ndi
Thanks මචන්!
chammuuu
Thank you! <3 :)
shanu emoz
vampire diaries valta sinhala sub kata hari denna puluvanda?
kavuruvath vampire diaries valta sinhala sub hadala na!Rashmi
sub walata tnx
wajira
Thanks for sub
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P