මුතුන්මිත්තන් හෝප්ට කතා කරලා කිව්වා ශාන්ත ඇන් පල්ලියට හෙයිලිව එවන්නයි කියලා. පස්සේ ඉතින් හෙයිලිට කරන්න දෙයක් නැති නිසා ක්ලවුස් එක්ක එයා ශාන්ත ඈන් පල්ලියට ගියා. හත්වෙනි කොටසේදී කිව්වා මතක ඇතිනේ අර ඉතිරි ඇටකටුවක් ගැන ටයිලර් ලොක්වුඩ් එක්ක සම්බන්ධයක් ගෙන හැර පෙන්නුවා. එලයිජා හිතුවේ ඒවා තියෙන්නේ මිස්ටි…

මුතුන්මිත්තන් හෝප්ට කතා කරලා කිව්වා ශාන්ත ඇන් පල්ලියට හෙයිලිව එවන්නයි කියලා. පස්සේ ඉතින් හෙයිලිට කරන්න දෙයක් නැති නිසා ක්ලවුස් එක්ක එයා ශාන්ත ඈන් පල්ලියට ගියා. හත්වෙනි කොටසේදී කිව්වා මතක ඇතිනේ අර ඉතිරි ඇටකටුවක් ගැන ටයිලර් ලොක්වුඩ් එක්ක සම්බන්ධයක් ගෙන හැර පෙන්නුවා. එලයිජා හිතුවේ ඒවා තියෙන්නේ මිස්ටික් ෆෝල්ස්වල කියලා. වැම්පයර් ඩයරීස් වලට අනුව ස්ටෙෆන් ටයිලර්ව මරලා දැම්මා. ඉතින් මේ ගැන හොයන්න පවරා තියෙන්නේ එලාරික්ට. විස්තර හොයාගෙන එලාරික් නිව් ඔර්ලින්ස් වලට එන්නයි හදන්නේ. නමුත් ඇත්තටම එයා ආවට ක්ලවුස් යන්නේ නැති නිසා ක්ලවුස් කිව්වා එලයිජට මාසෙල් එක්ක යන්න කියලා. මාසෙල්ව හම්බෙන්න එලයිජා ගියහම මාසෙල් ඒ වෙලාවේ හිටියේ සොෆියා එක්ක. දන්නවනේ එයාගේ ඇගේ තමයි හොලොව් කියන ආත්මේ ඉන්නේ. නමුත් මාසෙල් නම් දන්නේ නෑ සෑහෙන වෙලාවක් යනකන්. එලයිජා ඇවිත් කිව්වා කෙනෙක් මිස්ටික් ෆෝල්ස්වල ඉදන් එනවා ගිහින් එයාව හම්බවෙමු කියලා. මේක සොෆීයා අහන් ඉදලා එයා හැමෝටම කලින් ගියා එලාරික්ව මගදීම අල්ලගන්න. එයාගේ ඇගේ තියෙන මායාකාර බලයෙන් එලාරික්ගේ වාහනේ කඩලා එලාරික්ට පහර දුන්නා. පස්සේ එලාරික්ට කරගන්න දෙයක් නැති තැන එයා වාහනේට වෙඩි තියලා ඒක පුපුරවලා දැම්මා. ඊටපස්සේ මාසෙල් හා එලයිජා එතනට ආවට පස්සේ තමයි දැනගත්තේ සොෆීයාව ධාරකයා කරගෙන කියලා. එලාරික්ගේ ටයිලර්ලගේ වාර්තා පරික්ෂා කිරීමක් කරලා තියෙනවා. එතකොට එයා හොයාගෙන තියෙනවා ඩේල් රොබ්ලස්ලගේ සොහොන්වල තමයි මේවා තැන්පත් කරලා තියෙන්නේ කියලා.
හෙයිලි හා ක්ලවුස් දෙන්නා ගියානේ ශාන්ත ඈන් පල්ලියට. ඒ වෙලාවේදී එයාලට අර හාව්ස්ට් කෙල්ලෝ එහෙමත් නැත්තම් ප්‍රංශ අංගනයේ හිටාපු මායාකාරියන්ගේ දුවලා මරලා අරන් ඇවිත් මුතුන්මිත්තන්ට බිලි දෙන්න හදපු අය ඇවිල්ලා ක්ලවුස්ටයි හෙයිලිටයි එයා පැත්තට ඒ කිව්වේ මුතුන්මිත්තන් ඉන්න එයාලගේ ලෝකෙට ගමන් මග සලස්වන්න හැදුවේ. කරන්නම දෙයක් නැති නිසා මේ දෙන්නා අනික් පැත්තටත් ගියා. අන්න එතනදී හුගක් හුරු පුරුදු නිව් ඔර්ලින්ස් මායාකාරිය ඩවීනා ඇවිත් මේ දෙන්නට උදව් කරන්න පොරොන්දු වුණා. මොකද මේ වෙලාවේ හැටියට මේ අයට ඉන්න එකම මිත්‍ර පක්ෂය ඩවීනා හන්දා. ඩවීනා පස්සේ මේ හොලොව්ගේ ඔරීජින් ස්ටොරිය නොහොත් ඉතිහාස කතාව කියන්න ගත්තා. කෙටියෙන් කියනවනම් මෙහෙමයි හෙයිලි හා ජැක් දෙන්නාගේ වෙඩිම මතක ඇතිනේ. ඒ දෙන්නා පෙළපත් දෙකක මිනිස් වෘකයෝ දෙන්නෙක්. ඒ දෙන්නා විවාහ වුණේ වෘක රංචුයි වැම්පයර්ලා අතරෙයි තියෙන සමගිය ඇති කරන්න නෙහ්. ඉනාඩුගේ අම්මයි තාත්තයි කියන්නෙත් එහෙම වංශ දෙකක දෙන්නෙක්. මේ දෙන්නා විවාහ වෙලා එයාගේ අම්මට ලැබෙන දැරුවා සියළුම බලයන්ගෙන් සපිරි දරුවෙක් හැටියට උපත දෙන්නයි එයාලගේ වැඩිමහල් මායාකරියෝ කරන්න හැදුවේ. ඒක නම් සාර්ථක වුණා. නමුත් මේ අය දැනගෙන හිටියේ නෑ එයාලා මේ මොකක්ද කරන්නේ කියලා. කොහොම කොහොමින් හරි මේ උපත ලැබුණු දැරුවා තමයි හොලොව් කියන්නේ. දැන්ම නෙවෙයි හොලොව් වුණේ. මෙයාට කරපු මායාකාර්මයන්වල ප්‍රතිවිපාක හැටියට මෙයාට ඇතිවුණේ අසීමිත කුසගින්නක්. මේ නිසා මිනිස්සු මරලා තමයි පෝෂණය වුණේ. හරියට සුපර්නැචුරල්වල අදුර නොහොත් අමාරා වගේ. මෙයාව නවත්තන්න හැදුවට ඒ ගමේ අයට බැරිවෙලා තියෙනවා
පස්සේ එයාව මරන්න තීරණය කරලා තියෙනවා. වැඩිමහල් මායකරියන්ගේ මායාබලයෙන් කවපු මායා පොරොවකින් ඇයව මරලා දාලා තියෙනවා. මේක කරන්න වුණේ එයාගේ වදාපු අම්මටටමයි. මෙයා මැරෙන්න මොහොතකට කලින් ශාපලත් වෙන්න මන්තරයක් මතුරලා තියෙනවා. මෙතනින් පස්සේ තමයි මිනිස් වෘකයන්ගේ ශාපය ඇති වෙලා තියෙන්නෙත්. මේ ශාපේ නිසාම මේ රැලේ කට්ටිය අඩසද දවසට වෘකයෝ බවට පත්වෙලා තියෙනවා. ඉනාඩුගේ ඇටසැකිලි පවා එක ලග තියෙන එක පවා අනතුරු දායක නිසා මේ ඇටකටු රැලේ එකිනෙකා අතර බෙදලා දීලා තියෙනවා ආරක්ෂා කරන්න කියලා. ඒවගේම ආයේ මුණනොගැහෙන්න ඕන කියලා පොරොන්දු කරගෙන තියෙනවා. හෙයිලි පැවතෙන්නේ ලෙබනයර්ස්ලගේ පරපුරින්. මේ නිසාම තමයි පරම්පරවෛන් පරම්පාරාවට උරුම වෙච්ච මේ ඇටකටු හෙයිලිගේ අම්මයි තාත්තයි කාලයක් තිස්සේ ආරක්ෂා කරලා මැරිලා ගියේ. හොලොව්ගේ වංශයට වඩා හෙයිලිගේ වංශය බලවත් මේ නිසා ඩවීනා හෙයිලිව යැව්වා හොලොව් එක්ක සටන් කරන්න කියලා නමුත් ක්ල්වුස්ව හිර කරගෙනයි එහෙම කලේ. මොකද එයා හෙයිලිට කිව්වේ නෑ හෙයිලිගේ ලේ වලින් හොලොව්ට අනතුරක් කරන්න නම් මායිම් මන්තරයක් කරලා කොටු කරන්න ඕන කියලා. මේ නිසා මාසෙල් හා එලයිජා අමාරුවෙන් හොයාගත්ත ඇටකටුවත් සොෆීයා අරගෙන ගියා. ඩවීනා හැදුවේ ක්ලවුස්ගේ අමරණිය බලය සමබන්ධ කරගෙන හොලොව්ව කොටු කරලා දාන්න. ඒකට ක්ලවුස්ට මැරෙන්න සිද්දවෙනවා. ඩවීනට ඕනේ උනෙත් ඒකමයි. ඒ නිසා එයා ක්ලවුස්ව මරන්න ඔන්න මෙන්න තියෙද්දී හෝප් ඇවිත් ඩවීනට ප්‍රතිප්‍රහාර එල්ල කරලා ක්ලවුස්ව බෙරගත්තා. හෙයිලිගේ කීම නිසා අන්තිමේදී එලයිජා ගියා මාසෙල්ට අර කිනිස්ස දෙන්න. නමුත් ඒ වෙලාවේ මාසෙල් ඉන්න තැන මාසෙල් හිටියේ නෑ. එතන හිටියේ සොෆීයාගේ ඇග ධාරකයා කරගත්ත හොලොව්. පේනහැටියට නම් එලයිජාගේ තත්වේ හොද නෑ. බලමුකෝ අද මොකද වෙන්නේ කියලා.
එලයිජාව හොලොව් අල්ලගත්තනේ අර විෂ කවපු රෝසකටු වලින් ඇනලා. දැන් මෙතනින් පස්සේ එයා එලයිජාව හිර කරගෙන ඉන්නේ. මොකද එයාට අවසන් ඇටකටුවත් ඕන වෙලා. ඒක දුන්නා හෝ නැතා එයා එලයිජාව බිලිගන්නයි හදන්නේ. මොකද එයාට ආයේ ජීවය ඕන නිසා. ඔයාලා හිතනවද එලයිජාට මැරෙන්න වෙයි කියලා අද කොටසෙදි? ක්ලවුස් හදන්නේ එලයිජා වෙනුවෙන් ඉදිරිපත් වෙලා එලයිජාගේ ජීවිතේ බේරගන්න.බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
ප:ලි: – නැවත ඔරිජිනල්ස් කතාමාලාවේ ඉතිරි කතාංගය ලබන සතියේ විකාශය වීමක් වෙන්නේ නැහැ. එහෙ නැවත විකාශය අරඹන්නේ ජූනි (02) වැනිදා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
6,865 downloadsDownload The-Originals-04x09-1.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
මධුකප්‍රිය පෙරේරා
RMC
ස්තුතියි...........
johnnysand
සබට ගොඩක් තෑන්ක්ස් මචෝ....
HUNTER
THANK YOU BRO...! ☺
shehan
thanks machoo........dan ithin 2 venakan hitapiyako
Gayan Madushanka
ෆට්ට මචං……..
Randika Madushani
thanka sub akata...
Sajeevi
Thanks
Yumal Kasun
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
RANA D
උපසිරසියට ස්තුතියි
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාකවීන් ලහිරු
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
10 වෙනි කොටසෙන් හමු වෙමු
:) එලම :)උදාර දිල්ශාන්
සබ් එකට තුති
ඊලග කොටසෙන් නැවත මුන ගැසෙමුGathsara Umesh Kumara
Bohoom sthuthiy krn sewyt..sthuthi krnn thyen ek wdh mek wuthryi..nethnm awill umm denwa...
Nexf epiyen hmuwemoo..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chamod98
Thanks saho sabata
Sumudu Nuwan
thda dapu gamn demu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
chan
AMERICAN gods tvs sub?
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ.
Ishanka
Subtitle now working. Unable to Unzip.
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you
Anjana
The originals Season 4 episode 9.10.11.12.13 Episode wala Subtitles download karanna be ne
Vimukthi
Ow download karanna be
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තුතියි සාමරයෝ