Watch Trailer

The Originals [S04 : E10] with Sinhala Subtitles | දහසකුත් මතකයන් අතරින් [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකට පස්සේ ඔන්න අපි ආවා ආයේ. දවල් වෙලා සබ ඇවිත් තිබ්බ නිසා හවස හයාමාර වගේ වෙද්දී ඔක්කොම ඉවරයක්කරගත්තා. හොලොව් එලයිජාව අල්ලගත්තනෙ. අල්ලගත්තා විතරක් නෙවෙයි මාසෙල්ගේ ලේ වලින් හදපු රෝස කටු අත්තෙන් ඇන්නා. මේ රෝස කටු අත්තක තියෙන එක කටුවකින් පුලුවන් මයිකල්සන් කෙනෙක්ව මරලා දාන්න. එලයිජා මැරෙන ගමන…

සතියක විරාමයකට පස්සේ ඔන්න අපි ආවා ආයේ. දවල් වෙලා සබ ඇවිත් තිබ්බ නිසා හවස හයාමාර වගේ වෙද්දී ඔක්කොම ඉවරයක්කරගත්තා. හොලොව් එලයිජාව අල්ලගත්තනෙ. අල්ලගත්තා විතරක් නෙවෙයි මාසෙල්ගේ ලේ වලින් හදපු රෝස කටු අත්තෙන් ඇන්නා. මේ රෝස කටු අත්තක තියෙන එක කටුවකින් පුලුවන් මයිකල්සන් කෙනෙක්ව මරලා දාන්න. එලයිජා මැරෙන ගමන් ඉන්නෙත්. හොලොව් වින්සන්ට්ව හම්බෙලා කියනවා එයාගේ අනික් ඇටකටුව මයික්ල්සන්ලාගෙන් අරන් ඇවිත් ගෙනත් දෙන්න නැත්තම් මුළු නගරයම පොලොවට සමතලා කරනවා කියලා. ෆ්‍රේයා හදන්නේ එයා වතාවක් ෆින්ව පෙන්ඩන්ට් එකක තියාගෙන ජීවතුන් අතර තියාගත්තා වගේ එලයිජාගේ ජීවිතේ හොලොව් උදුරගන්න කලින් එලයිජාගේ ජීවිතෙත් ඒ පෙන්ඩන්ට් එක ඇතුලට අරගන්න. මේ අතරේ මාසෙල්ට ඕන එයාගේ පෙම්වතිය, සොෆියාව බේරගෙන හොලොව්ට කරන දෙයක් කරන්න. ඩවීනා හොලොව්ව හිර කරන්න හැදුවේ ක්ලවුස්ගේ බලය සම්බන්ධ කරගෙන නෙහ්. ඒකට ක්ලවුස්ට මැරෙන්න වෙනවා. එදා ඒකට ඩවීනාට ඉඩ නොදුන්නට කරන්න දෙයක් නැති කමට ක්ලවුස් එයාගේ කැමැත්තෙන් වින්සට් ලවා කරගන්න හැදුවෙත් ඒකයි.නමුත් ඒක සාර්ථක වෙන්නේ නෑ මොකද ඒ වෙද්දී හොලොව් එයාගේ අනුගාමික කට්ටියක් යවලා ඒ වැඩේ විනාශ කරනවා. එලයිජා ඉන්න තැන හොයාගෙන ෆ්‍රේයා හා හෙයිලි ගියා. මේ අතරේ මාසෙල් එයාගේ සැලසුමට අනුව හොලොව්ව නතර කලා. ඒත් ඒකත් ටික වෙලාවකට විතරයි. හොලොව් එලයිජාගේ ජීවිතේ උදුරගෙන අවශ්‍ය කරන බලය ලබාගත්තා. ෆ්‍රේයා කරන්න හිටිය එලයිජාව පෙන්ඩන්ට් එකට ගන්න හදපු වැඩේ හරිගියෙත් නෑ. පෙන්ඩන්ට් එක කෑලි කෑලි වලට කැඩිලා ගියා. ක්ලවුස් හුගක් කේන්තියෙන් හිටියේ මේ වෙච්ච වැඩේ නිසා. ෆ්‍රේයා නොසැහෙන්න උත්සහ කලා එලයිජා ඒ පෙන්ඩන්ට් එක ඇතුලේ ඉන්නවද කියලා බලන්න. නමුත් හිටියේ නෑ. පස්සේ හෝප් ඇවිත් ෆ්‍රේයාගේ ඇගට අත තිබ්බා විතරක් එලයිජා අර කෑලි කෑලි වලට කැඩුණු පෙන්ඩන්ට් එක ඇතුලේ ඉන්නවා කියලා මේ දෙන්නටම දැනුනා. මේක මෙහෙම වුනේ හෝප්ට තියෙන පුදුමාකාර බලය නිසා. නමුත් එලයිජා හිටියේ හුගක් වියරුවෙන් වගේ මර ලතෝනි දෙන ගමන්. මේ අස්සේ හොලොව්ගේ සියළුම ඇටකටු ටික සම්පුර්ණ වීමත් එක්ක නැවත මනුෂ්‍ය ජීවයක් ලැබුණා.

අද කොටසින් දැකගන්න පුලුවන් හොලොව් එලයිජාගේ ජීවිතේ උදුරගත්ත නිසා එයාගේ ගැතියන් පවා මැරිලා යනවා. මෙහ් ගැන රෙබෙකා හා කෝල් දැනගන්නවා ක්ලබ් එකක ඉන්න අතරේ. නිව් ඔර්ලින්ස් අතහැරලා ගොයපු මේ දෙන්නට ආයේ නිව් ඔර්ලින්ස් වලට එන්න වෙනවා. (මේවා ස්පොයිල් නෙවෙයි කතාංගය විකාශය වෙන්න කලින් මේ ගැන ෆේස්බුක් පිටුවල පින්තූර එක්කම දැනුම් දෙනවා.) එලයිජාගේ මතකයන් ඇතුලට ගිහින් එයාව ඇහැරවන්නයි ඕන. එතකොට පුලුවන් වෙනවා පෙන්ඩන්ට් එක ආයේ හදන්න. මේකට මුලින් යන්නේ ෆ්‍රේයා. එයාට පුලුවන් වෙයිද? එතකොට හොලොව් නගරයට ඇවිල්ලා මායකාරයෝ මර මර යනවා. එයාට ඕන එයාට පක්ෂපාති වෙන අයව බදවගන්න. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!

 

The Originals S04ExE11 Promo 

The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

6,619 downloadsDownload The-Originals-S04xE10.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,619 downloadsDownload Subtitles48 KB

37 comments

  1. s.a.s

    thank U saho...

  2. Gayan

    Tnx bro..fttai

  3. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  4. Gathsara Umesh Kumara

    ada welasaninma genallnee..
    bohoom sthuthiy chamara ayyeee...
    ikmanin 11n hamuwemmo....

  5. sh

    Thanks. Scorpion last episode akata tama sub aka ne mchn. Pluwn nm ekat denna. Dn gdak kal.

  6. Chamod98

    Thanks lot saho....

  7. RMC

    ස්තුතියි සහෝ

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Sajeevi

    Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Pesandu Jayawardana

    niyamai sahoo

  12. Randika Madushani

    thank you brother......

  13. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  14. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    11 වෙනි කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  15. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    11 වෙනි කොටසත් මේ වගේම ආපු ගමන් සබ් දෙමු

  16. උදාර දිල්ශාන්

    නියමයි සහෝ අපි වෙනුවෙන් කාලය මහන්සිය කැපකරමින්
    මේ කරන සත්කාරයට ගොඩාක් ස්තූතියි
    තව කොටස් 3 යි තියෙන්නේ කතාව නම් සුපිරියට නැගලා යනවා
    ඊලග කොටසෙන් නැවත මුන හැහෙමු චාමර සහෝ

    1. Chalitha

      Ai bn me season eka iwara wenawada thawa episode තුනෙන්

  17. Malindu

    Thanks Bro...

  18. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට....

  19. කනිශ්ක ලක්මාල්

    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    ස්තූතියි

  20. Randika N Jayarathne

    bro...... thnkz sub1 t......denakan tama maga balagena hitiy.....jayn jayama wewa puthiiiiiii

  21. Randi

    Thanks

  22. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  23. Mahesh

    Sub ekata thanx

  24. Himaru

    Thanks

  25. geeth

    tnz mchan...api balan inne koi weleda saba enne kyla thma.

  26. KAVINDA GAMAGE

    මෙම කථාමාලවට උපසිරැසිය රැගන ඒම සදහා නන් අයුරින් සහය වූ සැමට
    මාගේ අවංක ආදර ස්තුතිය !

  27. Nikalus

    11 සබ plZ

  28. Randika Madushani

    11 sub aka ada denawada.... plzzz ikmanta dennako..

  29. kavindu

    Ko bn 11 sub eka.....පරක්කුයි kollo

  30. Nikalus

    11සබ

  31. Randika Madushani

    Thamath naneee wenadata irida danawane..

  32. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  33. elactrical

    Thanks baiscop ........️️️️️️️️️️

  34. Milinda Sadaruwan

    Thank you bro

  35. Mathew sheron

    Thank you

  36. Mathew sheron

    Thank you Bro