ෂෝ එක නම් මං හිතුව විදිහටමයි ගලාගෙන යන්නේ. ඩොමිනික්ව මරලා දැම්මට එයා නැවත ඉපදුනා. මේ මනුස්සයා කොහොම හරි අර කිනිස්සත් හොරකම් කරගෙන තිබුනා. ඒවගේම එයාට ඕන උනේ මයිකල්සන් පවුල පිටින්ම මරලා දාන්න. නමුත් මේකට එයාට මයික්ල්සන් අංගනයට යන්න ලැබුනේ නෑ මොකද ෆ්‍රේයා ආරක්ෂක සිමා මන්තරයක් දාලා කොටු කරපු නිසා. ඒකෙන…

ෂෝ එක නම් මං හිතුව විදිහටමයි ගලාගෙන යන්නේ. ඩොමිනික්ව මරලා දැම්මට එයා නැවත ඉපදුනා. මේ මනුස්සයා කොහොම හරි අර කිනිස්සත් හොරකම් කරගෙන තිබුනා. ඒවගේම එයාට ඕන උනේ මයිකල්සන් පවුල පිටින්ම මරලා දාන්න. නමුත් මේකට එයාට මයික්ල්සන් අංගනයට යන්න ලැබුනේ නෑ මොකද ෆ්‍රේයා ආරක්ෂක සිමා මන්තරයක් දාලා කොටු කරපු නිසා. ඒකෙන් කිසිම කෙනෙක්ට ඒ අංගයට ඇතුලට යන්නවත් ඇතුලට ගියපු කෙනෙක්ට එලියට එන්නවත් බැරි උනා. මේ අතරේ ෆ්‍රේයා ජෝශුවා එක්කගෙන ගිහින් ඩොමිනික්ගේ වගේ වෙස් මාරුවක් එයාට කරවලා මවා පෑමක් කරලා ඩොමිනික්ව එහෙට ගෙන්නුවා. කොහොමත් ඩොමිනික්ගේ බලාපොරොත්තු වුනෙත් ෆ්‍රේයව මරලා දාලා අර ආරක්ෂක මන්තරේ කඩන්නයි. ඒ කඩලා මුලින් ක්ලවුස්ව මරල දාලා පස්සේ මුළු මයික්ල්සන්ලවම අකුලෝලා දාලා හොලොව්ව පෝෂණය කරන්නයි ඕන වුනේ. ඩොමිනික් මුලදී නම් අහු වෙනවා. නමුත් ඩොමිනික් එතනට ආවේ නිකන් නෙවෙයි අමතර සැලසුමක් ඇතුවයි. එයා කීලීන්ව එයාගේ මිනිස්සු ලවා මරවන්න අමතර දෙවැනි සැලැස්මක් අටවලා තිබුණේ. කීලීන් බේරිලා එද්දී ෆ්‍රේයා බිම වැටිලා ඉන්නවා එයා හොයාගත්තා. පස්සේ පපුව මැද්දට ගහලා බේරගත්තා..
හොදම කොටස වුනේ හෝප් උඩ තට්ටුවේ තිබිලා මාසෙල්ගේ සෙල්ලම් බඩු වගේම කතන්දර පොත් හැමදේම හොයාගන්නවා. පස්සේ හෝප් ගියා පහල මහලට මාසෙල් එක්ක කතා කරන්න. අමුතුවෙන් කියන්න ඕන නෑනේ උඩ වෙන හැමදේම එයාට පහලට හිටියට ඇහෙන්න තමයි සිමා මන්තරේ මතුරලා තියෙන්නේ. හෝප් මාසෙල් එක්ක කතා කර කර ඉන්න අතරේ එලයිජා ගිහින් අස්වනු මංගල්‍යක් නෙලනවා. මේකට පාවිච්චි කලේ ප්‍රංශ අංගනයේ ඉන්න මයාකාරියන්’ගේ දරුවන්ව. මේ අයගේ උගුරු දණ්ඩ කපලා දාලා වින්සන්ට් දෙනවා බිලි පූජාව කරලා මුතුන්මිත්තන්ට පූජා කරලා එයාලට ඒක පිළිගන්වන්න කියලා. නමුත් ඩවීනා ලවා මුතුන්මිත්තන්ට සැබෑ ලෝකයට තියෙන සම්බන්ධය කඩලා දාපු හන්දා ඒ අය හුගක් තරහින් හිටියේ. කොටින්ම මයික්ල්සන් පවුල එක්ක විශේෂයෙන්ම තරහින් හිටියේ. මේ නිසාම අර බිලි පූජාව එයාලා ප්‍රතිඛ්සේප කලා. පස්සේ වින්සන්ට් කරපු වැඩේ ඩවීනාගේ සොහොන්ගෙයින් එයාගේ හිස්කබල අරන් අර මරපු කෙල්ලෝ හතර දෙනාගේ පූජාව පිලි අරන් එයාලට නැවත ජීවිතය දෙන්න කියලා වින්සන්ට් යදින්න ගත්තා. ඩවීනා ඒ වෙලාවේ හැටියට නම් ඒක පිළිගෙන සම්බන්ධතාවය යලිත් අලුත් කලා. මේ අතරේ ඩොමිනික් ගිහින් ක්ලවුස්ව මරන්න හැදුවේ. නමුත් ක්ලවුස් ඉස්සර වෙලා ඩොමිනික්ව මරලා දැම්මා. එතැනදී එයාගේ ඔලුව ගාවින්ව වෙන් කරලා දැම්මේ ඇයි කියලත් කියන්නම්. ඩොමිනික් කියන්නේ සර්පයෙක් දරාගෙන ඉන්න කෙනෙක්. ඔය සර්ප සම්බන්ධ මිනිස්සු නෙවෙයි අමුනුස්සයින්ව වුනත් අහක් කරලා දාන්න ඕන නම් ඔලුව ගාවින්ව වෙන් කරලා දාන්න ඕන. එතකොට තමයි මැරෙන්නේ. ඩොමිනික්ගේ මිනිස්සු මාසෙල්ව අල්ලගන්න කියලා තමයි පහලට ගියේ. මේ වෙද්දී හෝප් හැදුවේ එයාගේ මායාකාර බලයෙන් ඒ අය ගැන බලාගන්න. නමුත් මාසෙල්ගේ දැඩි ඉල්ලීම පරිදි හෝප් මාසෙල්ව නිදහස් කරලා තිබුනා. මේ නිසාවෙන් මාසෙල් හෝප්වත් බේරගෙන තිබුනා. කොටින්ම මාසෙල් ඒ මිනිස්සුන්ව මරණ එකවත් හෝප් දැකලා නෑ. ක්ලවුස් මාසෙල්ට පොඩි කාලෙදි කරන්න කිව්ව “ඇස් දෙක වහගෙන සිංදු කියන්න” කියලා කියපු එකම මාසෙල් හෝප්ට කියලා තිබුනා. මේ නිසාවෙන් මේ දෙන්නා හුගක් හොද යාලුවෝ බවට පත්වෙලා තිබුනා..සොෆීයා හිතපු තරම් එයාට ඩොමනික්ගෙන් බේරෙන්න ලැබුණේ නෑ. ඩොමිනික් සොෆීයාට කිණිස්සක් බස්සල තමයි එයා අර වැඩේට ගියේ. ඉතින් ඩොමිනික් මැරුණු නිසා සොෆීයා තාමත් අර ගෙදර වැටුණු තැනමයි හිටියේ. පස්සේ හොලොව් එයාගෙන් ඒක එලියට අරගෙන සොෆීයාගේ ඇග ධාරකයෙක් කරගත්තා. ඔයාලා හුදෙක්ම හොලොව්ගේ ස්වරුපය දකින්න ඇති කියලා විශ්වාස කරනවා. අන්තිමටම ඔයාලා දකින්න ඇති හෙයිලි හෝප් ලගට ඇවිත් නිදියගන්න සිද්දිය. එතකොට ඔයාලා දකින්න ඇති අඩ සදක සලකුණක් දකුණු උරහිසේ උඩට වෙන්න. මේක හෙයිලිගේ තාත්තගේ, හෙයිලිගේ වගේම හෝප්ගෙත් තිබුනා. මේ සලකුණ වෘකයින්ට සම්බන්ධ දෙයක්. නමුහ් මේක හොලොව්ගෙත් තිබුනා ඔයාලා හොදට බැලුවා නම් එයා සොෆීයාව ධාරකයා කරගන්න වෙලාවේදී දකින්න ඇති. ඒවගේම ෆ්‍රේයා හොයාගන්නවා අර ඇටකටු වලට ලෝක්වුඩ් පවුල සම්බන්ධයි කියලා. වැම්පයර් ඩයරීස් බලපු ඈයො නම් ටයිලර් ලෝක්වුඩ්ව දන්නවා ඇති. මං කිව්වනේ අද කතාවට වැම්පයර් ඩයරීස් සෙසු චරිතයක් එනවා කියලා. ෆ්‍රේයා හා කීලින්ගේ ආදර සම්බන්ධතාවත් පටන්ගැනීමක් වුන මේ දෙන්නගේ උණුසුම් හාදුවෙන් පස්සේ. බලමු අද කොටසදී මොකද වෙන්නේ කියලා.
මේක කිව්වා කියලා ස්පොයිල් වෙන්න දෙයක් නෑ මොකද වැම්පයර් ඩයරීස්වල එලාරික් එනවා කියල ගිය සතියේ කොටස විකාශය වුන දවසෙදීම කියලා තිබුනා. ඔව්. එලාරික් එනවා. ඒත් ඒ මොකටද? එයා ඔය වගේ පෞරාණික දේවල් ගැන හොයලා බලන වගේම අර කැරොලයින් එක්ක අර අස්වාභාවික හැකියාවන් තියෙන ළමයින්ට දාපු ඉස්කෝලේ උගන්වන කෙනෙක් නෙහ්. එයා හොද දුනුවායෙක් උනාට එයාට තියෙන දැනීම ගැන කියලා වැඩක් නැහැ. එතකොට වින්සන්ට් කොහොමහරි හොලොව්ට විරුද්ධව නැගිසිටින්න මිත්‍ර පාර්ශවයක් ඇති කරගත්තා. ඒ තමයි ඩවීනා. එයා ඇවිත් මොනවා කරාවිද? එතකොට අර හොලොව්ගේ ඉතිහාස කතාවම බලාගන්න පුළුවන් වෙනවා අඩ සද සංකේතේ ගැන ඇතුළුව. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
ගිහින් එන්නම්. සුපර්නැචුරල් අවසාන කොටස් දේකින් හමුවෙමු. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
405 downloadsDownload The-Originals-04x08.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
14 comments
shehan
Gayan
tnx bro ...Fttai
Yumal Kasun
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!
ටෘ තමන්නා
පහරක්
Randi
Thanks Machan
Jaya WewaTharusika Sandamal
Tnx mchn sub ekata digatama sub demu
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සාමරයෝ
RANA D
උපසිරසියට ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ada mama frist vage thanks machan