Watch Trailer

The Originals [S05 : E10] Sinhala Subtitles | අන්ධකාරයෙන් නපුර මැඩලීම. [සිංහල උපසිරැසි සමඟ]

සති ගාණකට පස්සේ ඔන්න ආයෙමත් මුණගැහෙන්න අවස්තාවක් ලැබුණා ඔරිජිනල්ස් කතාමාලාව එක්ක. දැන් ටික දවසක් වෙන නිසා කලින් කොටස් පොඩියට මතක් කරලා ඉන්නම්කො. ක්ලවුස්, එලයිජා. රෙබෙකා වගේම කෝල්ගෙන් හොලොව්ගේ කොටස් හතර තනියම ලබාගෙන දාරගන්න ගිය හෝප්ට වැඩේ සෑහෙන අමාරු උන බවක් තමයි පෙනුණේ. මොකද හතර දෙනෙක් දරාගෙන හිටිය…

සති ගාණකට පස්සේ ඔන්න ආයෙමත් මුණගැහෙන්න අවස්තාවක් ලැබුණා ඔරිජිනල්ස් කතාමාලාව එක්ක. දැන් ටික දවසක් වෙන නිසා කලින් කොටස් පොඩියට මතක් කරලා ඉන්නම්කො. ක්ලවුස්, එලයිජා. රෙබෙකා වගේම කෝල්ගෙන් හොලොව්ගේ කොටස් හතර තනියම ලබාගෙන දාරගන්න ගිය හෝප්ට වැඩේ සෑහෙන අමාරු උන බවක් තමයි පෙනුණේ. මොකද හතර දෙනෙක් දරාගෙන හිටිය දේ තනියෙන් දාරගන්න අමාරැයිනෙ. හැබැයි ඉතින් අර පොඩි කාලේදී වුණා තරම් දරුණු උනේ නැහැ. එයාගේ හිත තුල බලපාලා තිබුනේ එලයිජා ගැන ලොකු තරහවක්. හෝප්ට ඇහෙන කෙදිරිලි වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න කියලා හිතාගෙන තමයි ක්ලවුස්ට ෆ්‍රේයා එයාට පොඩි කාලේදී හදපු බ්‍රෙස්ලට් එක දුන්නේ. නමුත් පෙනුන විදිහට නම් ඒ වැඩේ සාර්ථක වුණේ ටික වෙලාවක් යනකන් විතරයි වගේ. 

මේ අතරතුරේ තමයි ඩේක්ලන් ආවේ හෙයිලිගේ මරණය ගැන ආරංචි වීමත් එක්ක. එයා ෆ්‍රේයා එක්ක ඇතිවුණු කතාබහ ඒ තරම් හොද අතට හැරුනේ නැති නිසා එයා යන්න ය්නවාමත් එක්ක ඒ දෙන්නා අතර ඇතිවුණු කතාබහ අහගෙන හිටිය එලයිජා ඩේක්ලන්ගේ බාර් එකට ගිහින් මේ අයගේ ඇත්ත සවභාවය ගැන පවා හැමදේම කිව්වා. ඔතනට හෝප් ඇවිත් එයාගේ තරහව එලයිජා පිටින් යවලා සැනසීමක් ලබාගත්තා. වැම්පයර්ලා, වෙයවුල්ෆ්ව වගේ සත්වයින් ගැන දැනගත්ත ඩේක්ලන්ට වැඩි වෙලාවක් මේ ඇත්ත දැනගෙන ඉන්න වුණේ නැහැ මොකද එලයිජා එයාගේ මතකේ නැති කරලා දැම්ම. ඒවගේම තමයි ග්‍රැටාගේ අනුගාමික ඔල්මාද වැම්පයර්ලා නිව් ඔර්ලින්ස්වල මායාකාර රංචුවට වස දීමක් කලා මායාකාරයින් ඒ අනුගාමිකයන්ට වැඩ කරන්න කැමති නැති වුන නිසාත් වගේම වින්සන්ට් වැම්පයර්ලගේ පැත්ත අරගත්ත නිසාත්. 

අද කොටස තුලින් දැකගන්න ලැබෙයි කුපිත වෙලා ඉන්න හෝප් කොහොමද ක්ලවුස්ගෙ උදව්ව ඇතුව එයාගේ තරහව පිට කරගන්නේ කියලා. ක්ලවුස් නම් මුලින් හිතන්නේ එයා හරහා හෝප්ගෙ තරහව පිට කරන්න පුලුවන් කියලා. නමුත් එහෙම බැහැ. මොකද හෝප් වෛර කරන්නේ වෙනින් කෙනෙක්ට? ඒ කෙනා කවුද? එලයිජාද? අද කොටසේ අවසාන හරිය නම් සෑහෙන පුදුමාකාරයි. මොකද එක් දෙයක් හොද පැත්තට හැරෙද්දී තවත් දෙක තුනක් නරක අතට හැරෙනවා. බලලම ඉන්නකො එහෙනම්. 

අවසන් කතාමාලාව අවසන් වෙන්න තවත් කොටස් තුනක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ ත්‍රිත්වයෙ ආරම්භයත් එක්ක මුණගැහෙමු එහෙනම්. ගිහින් එන්නම්. ජය!!

අමතර 

“Ancestral Plane” නොහොත් පෞරාණික ලෝකය කියන්නේ පෙර සිටි දෙවියන්ගෙ සමුහයන්ගෙ එකතුවෙන් නිර්මාණය කරන ලද්දක්. විමානයක් හැටියට වගේම ඕනෑම පෞරාණික බලයන් තියෙන ආත්ම වෙනුවෙන්ම ඉඩ සැලසුණු තැනක්. “Ancestral well”නොහොත් පෞරාණික ලෝකය කියන්නේ නිව් ඔර්ලින්ස්වල ජීවත් වෙනවා හා සමාන තැනක්. නමුත් මෙතැනදී ජීවිතේ තියෙන්නේ ජීවිතය හා මරණය කියන දෙකේම අතරමැද. මේ අස්වාභාවික භුමිය ආරක්ෂා වෙලා තියෙන්නේ බාධාකයක් මගින්. මේ බාධාකය කඩන්න පුලුවන් අසීමිත බලයක් හරහා. ඒ වගේ බලයක් මේ අය ජීවත් සාමාන්‍ය ලෝකයේ නම් නැහැ. ඒවගේම තමයි මේ පෞරාණික ලෝකයක් ඉන්නතාක්ම ඔයාට බැහැ බාහිර ලෝකයට ඇතුළු වෙන්නත්. මොකද මේක ඇතුලේ තියෙන බාධාකය මගින් ඇතුලේ ඉන්න කෙනාව සිරකර තබාගැනීමක් තමයි සිදු කරන්නෙ. මේවායේ තේරුම් වලට ගැලපෙන නම් නැති නිසයි මං ඔය විදිහට දැම්මේ. දැන් ඉතින් ඉංග්‍රීසි වචනෙයි, සිංහල වච්නෙයි සසදලා කියන්න නම් එපා “well” කියන්නේ ළිද නිසා පෞරාණික ළිද කියලා දාන්න තිබ්බා කියලා. -_-

——
අද කතාවේ නම “There in the Disappearing Light”
අධ්‍යක්ෂණය: Daniel Gillies
ලිව්වේ: Eva McKenna & Jeffrey Lieber
විකාශනය වුනේ: 2018 ජුලි 11
මීළග කොටසෙන්: “Til the Day I Die” | 2018 ජුලි 18

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV 264/265 HEVC පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,359 downloadsDownload The-Originals-S05E10.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,359 downloadsDownload Subtitles25 KB

24 comments

  1. BlOoD_sEeKeR

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Bhathiya gamage

    thanks

  4. dsdkavishka

    Thenks bro, meka enakam idiye

  5. Shashmithakausith

    Tnks very much bro. Nice wark.

  6. madawaththa

    Sub ekata tnx bro.

  7. yasiru98

    thnk you bro

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. WDL සඳරුවන් ....

    Sub akataThnkz...

  11. Ruwan Sampath

    chamara sampath machan puluwan nam the vampire diary eake sub diyanko machan eaka patta ban me the origenal wagema vampire love story 1k

  12. rrandika

    Thanks

  13. dil_shan

    tnz sub ekata.

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  15. danumadu

    ela saho

  16. Ostin_Gunathilaka

    thnq

  17. MC

    Thanxx sahoo

  18. URKD

    thnks bro sub ekata

  19. suranuwan

    thank you...

  20. DilanDilshan

    thankz sahoo..jaya wewaa..

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Milinda Sadaruwan

    Thank you bro