පෙර කොටසින් හෝප්ගේ වියරුව පාලනය කරන්න ඕන නිසා ක්ලවුස් හිතුවේ එයාට හෝප්ගේ තරහව ක්ලවුස්ගේ පිටින් යන විදිහට පහර දුන්නම හරියාවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ මොකද හෝප් වෛර කලේ ක්ලවුස්ට නෙවේ රෝමන්ට නිසා. මේ නිසාම රෝමන්ව හංගලා තිබුණු තැනින් ක්ලවුස් එයාව පැහැරගෙන ඇවිත් හෝප්ට බාර දුන්නා නම් ඇති තරම් වද දීලා…

පෙර කොටසින්
හෝප්ගේ වියරුව පාලනය කරන්න ඕන නිසා ක්ලවුස් හිතුවේ එයාට හෝප්ගේ තරහව ක්ලවුස්ගේ පිටින් යන විදිහට පහර දුන්නම හරියාවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ මොකද හෝප් වෛර කලේ ක්ලවුස්ට නෙවේ රෝමන්ට නිසා. මේ නිසාම රෝමන්ව හංගලා තිබුණු තැනින් ක්ලවුස් එයාව පැහැරගෙන ඇවිත් හෝප්ට බාර දුන්නා නම් ඇති තරම් වද දීලා මරලා දාන්න කියලා. එහෙම බාර දුන්නත් එයාට බැරි උනා රෝමන්ව මරලා දාන්න. මොකද මොන තරම් නපුරක් ඇග ඇතුලේ තිබුනත් හෝප් කියන්නේ එයාගේ අම්මා වගේම හොද කෙනෙක්. ඒ නිසයි ක්ලවුස් කිව්වේ ඒ විදිහේ පිහිටීමක් හෝප්ට ලැබුනේ එයාගේ පවුලේ පැත්තෙන් නම් නෙවෙයි කියලා.
මේ අතරේ වස වීමට ලක් වුනු මායාකාරයො ටික ආයෙමත් ඇහැරලා. නිකන්ම නිකන් නෙවෙයි ඇමේට්ගේ වැම්පයර් ලේ වලින්. මරණයෙන් ඇහැරුණු අයට විකල්ප දෙකයි තිබුනේ, එක්කෝ ලේ බිලා පෝෂණය වෙනවා එහෙම නැත්තම් මැරිලම යනවා. මායාකාරයො කියන්නේ කොච්චර උනත් හොද තැනක් තියන් ඉන්න කොටාශයක්. මේ නිසාමයි අයිවී එහෙම තීරණය කලේ මැරිලා යන්න. අනික් පැත්ත ගැන කතා කරනවානම් ඇමේට් අතහැරලා දාපු ගොඩනැගිල්ලක ලොකු වැඩ වගයක් ලැස්ති කර කරයි ඉදලා තියෙන්නේ මාසෙල් එතනට යද්දී. කොහොම කොහොමින් හරි මාසෙල්වත් අල්ලගෙන එයා මාසෙල්ගේ වේනම් එහෙම නැත්තම් විෂ අරගෙන ගිහින් ඔරිජිනල්ස් පරම්පරාව මරලා දාන්නයි හැදුවේ. මාසෙල්ගේ විෂ ටික අරගෙන ඒ වැඩේට බැස්ස එමෙට් වගේම එයාගේ කට්ටිය ගියාට පස්සෙ ජෝෂ් එතනට ගියා මාසෙල් කරදරේක වැටිලා ඉන්නවනම් උදව් කරන පරමාර්ථයෙන්. මාසෙල්ව නම් බේරගන්න එයාට හැකියාව ලැබුනත් ඒ වෙලාවේදී එතන ඇති වෙච්ච සටනෙදි එමෙට්ගේ පැත්තේ වැම්පයර් කෙනෙක් ජෝෂ්ට ඇනපු විෂ සහිත සිරින්ජරයෙ තිබුණු විෂ ජෝෂ්ගේ ඇගට ගිහින් එයා එතනම මැරිලා ගියා.
හෝප්ගේ ඇග ඇතුලේ තියෙන හොලොව් එලියට පිට කරලා නිදහස් කරලා දාන්න ඕන නිසාත්, එයාගේ තරහ පිට කරන්න ඕන නිසාත් එලයිජා ඇන්ටොනෙට් එක්ක ගහපු උගුලට එමෙට්ගේ කට්ටිය එක්කන් ඇබිත් වට කරලා හෝප් එයාගේ තරහව පිට කරලා එතන හිටිය හැම වැම්පයර් කෙනෙක්වම මරලා දැම්මා. එතැනදී උඩ තට්ටුවේ හිටිය ඩේක්ලන් වගේම තවත් මනුස්සයෙක්ටත් හෝප් තරහ පිට කරන්න පාවිච්චි කරපු විදිහ නිසා ලොකු හානියක් වෙලා තිබුනේ. ඩේක්ලන්ව නම් මං හිතන්නේ ක්ලවුස් එයාගේ ලේ දීලා බේරගෙනද කොහෙද ඒත් අර බිල් කියන වයසක මනුස්සයා මැරිලා ගිහින්. ඒ කියන්නේ හෝප් එයාගේ වෙයවුල්ෆ් පැතිකඩ මතුකරගත්තා හා සමාන වෙන දෙයක්.
අද කොටසින්
අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ මොකද අද කොටසත් ආදරය වගේම දුකෙන් පිරුණු හරිම සංවේදී කොටසක්. කොච්චරවත් මතක තිබුණේ නැහැ කියන කෙනෙක්ව මිට කලින් මතකේ තියාගෙන දුක් වේවි පසුතැවෙන කෙනෙකුයි, නිතරම වගේ පවුල වෙනුවෙන් හිටිය කෙනෙක් එක මොහොතකට හරි කරදර, දුක්ගැනිවිලි අමතක කරලා දාලා පවුලේ අයට පස්සේ ආදරය කරන කෙනාව විවාහ කරගන්නත් මොන තරම් නම් දුකක් විදින්න සිද්දවෙනවද කියලත් දැකගන්න ලැබෙයි.
තවත් කොටස් දෙකක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ලබන සතියේ කොටසින් මුණගැහෙමු. ජය!
——
අද කතාවේ නම “Til the Day I Die”
අධ්‍යක්ෂණය: Geoff Shotz
ලිව්වේ: Kyle Arrington & Marguerite MacIntyre
විකාශනය වුනේ: 2018 ජුලි 11
මීළග කොටසෙන්: “The Tale of Two Wolves” | 2018 ජුලි 25
https://www.facebook.com/baiscopemansala/photos/a.355960441192498.1073741824.253151091473434/1752896598165535/?type=3&theater

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,424 downloadsDownload The-Originals-S05E11.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
24 comments
sachintha
dsdkavishka
බොහොම ස්තුති aiya
Bhathiya gamage
thanks mcn
janithrangika
Thanks sub ekata
Lushan Tharinda
Mr. Robot season 3 walatath sub dennako bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Stranger
thanks
MC
Thnxx sahooo
sachintha
Thanks For Sub....
Nilush Angana
Sub ekata thanx
yasiru98
elama bn.nice work
Malidu pathum
Maru
Thanks malla
sam
me kathawa tawamath suppirida?
Shanilka vithanage
Machan terror tv series එකට sub දියන්කෝ
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තව කොටස් දෙකයි නේ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DilanDilshan
thankzz sahoo..
suranuwan
thanks..
aaronramsey
Animal kingdom tv series ekta sub lba denna
Teen wolf
tnxzz Bro...supiriyata karala thiyenawa...
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය