මං දන්නේ නැහැ කොහොම පටන් ගන්නද කියලා. නමුත් ඉතිං දැන් කට්ටිය කියයි දැන් ඕක බලලත් ඉවරයි, තව කොටස් දෙකක් දෙන්නත් තියෙනවා, මෙහෙමද හරියට වැඩක් කරන්නේ අරකයි මේකයි රටේ නැති විකාර. මං මෙහෙම ආරම්භයක් ගත්තට සමාවෙන්න. නමුත් මං දැක්කා මේකේ අන්තිම කොටස් කිහිපය කරපු සහෝට එයාගේ පවුලේ අය මතක් කරලා බැනලා තියෙනවා.…
මං දන්නේ නැහැ කොහොම පටන් ගන්නද කියලා. නමුත් ඉතිං දැන් කට්ටිය කියයි දැන් ඕක බලලත් ඉවරයි, තව කොටස් දෙකක් දෙන්නත් තියෙනවා, මෙහෙමද හරියට වැඩක් කරන්නේ අරකයි මේකයි රටේ නැති විකාර. මං මෙහෙම ආරම්භයක් ගත්තට සමාවෙන්න. නමුත් මං දැක්කා මේකේ අන්තිම කොටස් කිහිපය කරපු සහෝට එයාගේ පවුලේ අය මතක් කරලා බැනලා තියෙනවා. හැමෝටම මේකම කර කර ඉන්න තරම් වෙලාවක් නැහැ. උපසිරැසිකරුවන්ට ලැබෙන වෙලාව කොහොමහරි වෙන් කරගෙන තමයි තවත් කෙනෙක්ගේ විනෝදාස්වාදය ගැන සලකලා උපසිරැසි නිර්මාණය කරන්නේ. මාත් මේ එපියේ සබ හෙන දවසක් තිස්සේ ඇදගෙන ගිහින් අද ඉරිදා දවසේ අහවරක් කලේ. එහෙව් එකේ මටත් ඒ කලින් මේකේ දෙවැනි කතාමාලාව කරපු සහෝට මුහුණ දෙන්න වුන සිදුවීම නොවේවි කියලා ප්‍රර්ථනා කරනවා. අනික මං මේක කරන්න තවත් කාරණයක් තමයි කතාමාලා පටන් ගත්තම මේකේ එපියක් ගිහින් දෙවැනි එපිය යන්න තියෙද්දිත් සමීර චතුරංග සහෝගෙන් ඇහුවම තාම මේක කරන්න කවුරුවත් හම්බවුනේ නැහැ කියපු නිසයි, මමත් මේ කතාමාලාව බලන නිසයි කරන්න පටන් ගත්තේ. මං මේක ඉල්ලුවහම බාර දීපු සමීර සහෝට ස්තුතියි. අනික ඔක්කොමත් හරි, මේකට සබ කරන්න ගියාම මාර කට්ටක් තමා කෑවේ. ඇත්තම කියනවනම් මං ලොකුම අමාරුවක වැටුනා සබ කරනකොට. මොකද ඉංග්‍රීසි සබ එක්ක බලනකොට මට නම් කතාව හරිම සරලයි. ඒත් මේක සිංහලට පරිවර්තනය කරනකොට මේකේ තියෙන අමුතු අර්ථයක් තියෙන වචන සම්බන්ධය හා ගැලපීම් කරන්න අපහසු වුණා. කතාව හොදටම පරක්කු නිසා වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.
කලින් දෙවැනි කතාමාලාව ගොඩක් තීරණාත්මක වගේම අපි කවුරුත් නොහිතපු දේවල් වගයක් සිද්දවුණා. ක්ලවුස් අමුතුම විදිහේ සැලසුමක් ගැහුවා. නමුත් එකෙන් නරක ප්‍රතිවිපාක ගොඩක් අනිත් අයට අත්වුණා. හෙයිලි හා ඇයගේ ඉතුරු හැමෝම වෘකයන් බවට පත්වුනා. ක්ලවුස්ට වචනයකින් හරි උදව් කරන්න හිටපු හැමෝම නැති වෙලා ගිහින්. හෝප්ව බලාගන්නේ ක්ලවුස්, ෆ්‍රේයා හා එල්යිජා. එලයිජා නම් එක වචනයක්වත් ඔහු එක්ක කතා කරන්න කැමති නැහැ. කතා කරන්නෙත් නැහැ. හෙයිලි හැම මාසේ පුරහද පෝය දවසට කැලෙන් එලියට ඇවිත් හෝප් ව බලනවා. ඒ අතරේ නගරයේ සංචාරකයෙක්ව මරලා දාලා. ඒක වැම්පයර් කෙනෙක්ගේ වැඩක්. හැබැයි මළසිරුර දාලා ගිහින්. හැමෝම සැක කරන්නේ ක්ලවුස්ව. ඔහුද ඒ වැඩේ ඇත්තටම කලේ? ඒ අස්සේ ක්ලවුස් චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වනවා ඒකට නම් කට්ටිය එන්නෙම නැති තරම්. ආපු අයත් කිසිම හොදක් වර්ණනා කරන්නේ නැහැ. තවත් වැඩි විස්තර බලාගන්න ඕනේ නම් මේ කොටස බලපු නොබලපු අය උපසිරැසිය අරගෙන ආයේ බලන්න කියලා මං සුහද ආරාධනාවක් කරනවා.
මං මේ තණ්හාවට ගත්තට මටත් මහලොකු විවේකයක් නැහැ. නමුත් ඉක්මණින් ඉතුරු කොටස් දෙක ලබා දීලා සමගාමී කොටසේ ඉදන් හොද ලිපියක් ලබාදෙන්නම්. මං අරහෙම උඩ කියලා තියෙන දේට තරහ ගන්නවත්, මුකුත් හිතන්නවත් එපා. ගිහින් එන්නම්.! බයිස්කෝප්වාසි හැමෝටම ජයෙන් ජය.! සුභ සතිඅන්තයක් වේවා.!!
148 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
e0a712a2293541309e2ff63a04a20e65af980dfc222 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
4f1675b2d634125ee4b228ed76943abef1f66b83 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,009 downloadsDownload The-Originalsl-S03-E01.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
Praveen
stefan hasi
sub ekata thnks bro. digatama karamu
Saman Kumara
Thanks machan Suba denaknma thama balan hitiye
R@ndi
Thanks Bro.....
දිගටම කරගෙන යන්නKulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
tilan
thanks bro
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!අනුරුද්ධ(ලියෝ)
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.කව්රුහරි මේක කරනකම් මමත් බලන් හිටියේ.ඔයා කිව්වා වගේම මේ කතාවේ ඉංග්‍රීසි සබ් එක සිංහලට පරිවර්තනය කරන එක එසේ මෙසේ ලේසි වැඩක් නෙවෙයි.සමහර වචනවලට සිංහල අදහස් ගලපන්න ගියාම ඔලුවේ කැක්කුමත් හැදෙනවා.කෙසේ හෝ වේවා සබ් එකට බොහොම ස්තුතියි.දිගටම වැඩේ කරෙන යන්න ශක්තිය ලබෙවාකියලා පතනවා
Prabuddha Kulatunga
patta.anik tikat ikmanta demu digatama :D
kavinda
thank you
nuwan
එල එල මචන් ...දිගටම යමු ..
sachintha
tnx sahoo sub ekata....
parakku nisaa me season 03 ekata sub denne nadda kiyalath hithunaaa.....
digatam demu bro...
jaya wewa....tharindu madushanka
thanks bro. digatama danta.elakiri
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේ seriesසේරිඑස් එක වෙන්න ඇති වැඩිම දෙනෙක් කරපු series එක....
ඔයාටවත් මේක දිගටම කරන්යන්න ලැබෙන්න කියල පතනවා...sajeevi
thanks
yumal
loku udawwak bn thankzzzzzzzzzzzzz
nadeera
ane machan meke sub digatama dipan elazzzzzzzzzzzzzzzzzz
Hirantha
Thanks machan sub eka dunnata. digatama sub denna api me kathawa enakal balan hitiye
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
H_shan
කාගේවත් වචන වලට සැලෙන්න එපා බ්‍රෝ... we always with you..
Rashmi
Tnx 4 sub
wajira
Thanks for sub
Milinda Sadaruwan
thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Originals [S03 : E01] with Sinhala Subtitles | බැදීම් අහිමි වූ ආරම්භයක්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Originals-S3P1.jpg)

Thanks machn. Digatma karagana yamu.jaya!!!!