ජැන්සෝ සහ ව්‍රෙන් එකතුවෙලා කින්ජ් ආසාදනය වුණු අයව හඳුනගන්න පොඩි ගැජට් එකක් හදනවා. ඒකෙ පිහිටෙන් ආසාදනය නොවුණු අයව විතරක් මුරපොල ඇතුළට ගන්න ටැලොන්ට පුළුවන් වෙනවා. රෑට රෑට කාන්තාවන් මරලා දාන හතුරා කව්ද කියලත් හොයා ගන්නවා. ඒ තමයි “ෂබා”. මැරුණු යොබාන් කියන දුෂ්ඨ බ්ලැක්බ්ලඩ්ගෙ ලූ-කිරි තමයි ඒ. ඇත්තටම කිව්…

ජැන්සෝ සහ ව්‍රෙන් එකතුවෙලා කින්ජ් ආසාදනය වුණු අයව හඳුනගන්න පොඩි ගැජට් එකක් හදනවා. ඒකෙ පිහිටෙන් ආසාදනය නොවුණු අයව විතරක් මුරපොල ඇතුළට ගන්න ටැලොන්ට පුළුවන් වෙනවා. රෑට රෑට කාන්තාවන් මරලා දාන හතුරා කව්ද කියලත් හොයා ගන්නවා. ඒ තමයි “ෂබා”. මැරුණු යොබාන් කියන දුෂ්ඨ බ්ලැක්බ්ලඩ්ගෙ ලූ-කිරි තමයි ඒ. ඇත්තටම කිව්වොත් කාන්තාවන් මරලා මේ ලූ-කිරිට පූජා කරන්නෙ ලූ-කිරිලා ව දේවත්වයෙන් අදහන කට්ටියක්.
යොබාන් ළඟ තිබුණු ලූ-කිරිට කතා කරන්න/ කැඳවන්න පාවාච්චි කරන මුද්ද ළඟ තියාගෙන හිටපු බේබද්දෙක් ඒක සල්ලිවලට විකුණලා. ඒ මුද්ද සල්ලිවලට ගත්ත කෙනා තමයි මේ පූජාව කරන ප්‍රධානියා. මන්ට්ගෙ කෙල්ල “වර්ලිටා” තමයි ඊළඟට අතුරුදහන් වෙන්නෙ. ගැරට්, මන්ට් එක්ක එකතු වෙලා වර්ලිටා හොයනවා. ඒකෙන් ලැබෙන හෝඩුවාවල් දිගේ හොයාගෙන යනවා. දැන් “ෂබා” මිනීමස් කන්න පුරුදු වෙලා. ඒත් ටැලොන්ට ඕන වුණේ මේ ලූ-කිරි හොඳ කෙනෙක් කරලා හොඳ විදිහට පාලනය කරන්න. ටැලොන් “ෂබා”ට කරුණාවෙන් සළකලා කොහොමහරි “ෂබා”ව පාලනය කර ගන්නවා. අර පූජාවල් පවත්වපු කට්ටියත් අල්ල ගන්නවා. “ෂබා” කැඳවන්න පුළුවන් මුද්දත් ටැලොන්ට ලැබෙනවා. ඒ කියන්නෙ දැන් ටැලොන්ටත් ලූ-කිරි කෙනෙක් ඉන්නවා. මේ දේවල් සිද්ධවෙන අතරෙ යාවාල්ලාගෙ කින්ජ් ආසාදනය වුණු සෙබළු ටිකක් අගනුවරටත් ඇතුල්වෙනවා.
ඔයාගෙ කින්ජ් මොනවද කරන්නෙ?
ඒක අපි හැමෝවම පාරාදීසයට අරගෙන යනවා.
සමහර විට ඒක ඔක්කොම මොළ එකට සම්බන්ධ කරනව ඇති, හරියට මී වදයක් වගේ.
අපි ආවේ ඔබේ ගමට සාමය අරගෙන.
ආසාදිතයො හතර දෙනෙක් නගරයට ආවොත්,
ඊට පස්සෙ එයාලා එයාලගෙ කින්ජ් වෙන කෙනෙකුට යවනවා
යමෙක් ආසාදනය වුණු හැම අවස්ථාවකම …
65,536 යි.
අගනුවර ජීවත් වෙන පිරිසටත් වඩා වැඩි පිරිසක් ඒ.
යවාල්ලාගෙන් මෙයින් එකක් ලබාගත්ත පළවෙනි කෙනා ග්වේන්.
ඇයට මේ වගේ වෙන්න තව කොච්චර කාලයක් තියෙනවද?
මුල්ම දවස් 20 හෝ 30, ඇය ඉවර වෙයි.
ජැන්සෝට මේ කොටසෙ දි මුරපොලේ අණදෙන නිලධාරීකම ලැබෙනවා. ඒ කියන්නෙ මුරපොලේ පාලකයා ජැන්සෝ. කොච්චර බුද්ධිමතෙක් වුණත්, දක්‍ෂ විද්‍යාඥයෙක් වුණත් පාලකයා විදිහට පත් වුණාම සමහර තීරණ ගනිද්දි ජැන්සෝ ෆේල් කියලා මට හිතෙනවා. මේක බලද්දි ඔයාලටත් එහෙම හිතෙයි. ඒ වැරදි තීරණ නිසා ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා.
“මේක දැන් මගේ මුරපොල!”
අළුතෙන් ආපු කෙනෙක් ඒ විදිහට කෑ ගහල කියනවා. හරියට බ්ලැක්බ්ලඩ්ලා ඇවිත් මුරපොල අල්ලගත්ත දවසෙ වගේ.
ඒ කවුද? කොහොමද එහෙම වුණේ? ජැන්සෝගෙ ෆේල් වීමේ ප්‍රථිඵල ද ඒ? එතකොට ටැලොන් කෝ? ගැරට් කෝ? ඇයි සෙඩ්? එයාලට මොනවද වුණේ?
මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ කොටසෙ තියෙනවා. එහෙමනම් මේක බලලා ඉන්න.
ඊළඟ කොටසත් (Dying Is Painful) අරගෙන ඉක්මනට එන්නම්.!
පරිස්සමෙන් ඉන්න එහෙනම්…!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,032 downloadsDownload The-Outpost-2018-S03-E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
11 comments
Dhanushka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
prasanga
thanks...
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Anonymous
bohoma sthuthyi sub ekata
Anonymous
sub ekata thanx
Lahiru Lakshan
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dan
Thank You.
chinthaka.max4
thanaks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks sub akata