Watch Trailer

The Outpost (2018-) [S03 : E13] Sinhala Subtitles | මරණය තියෙන තැන [සිංහල උපසිරසි]

– කළු කින්ජ් එකක් තියෙනවා. සමහර විට ඒක යවාල්ලා මරල දාන එකම ආයුධය වෙන්න පුළුවන්. – කොහෙද ඒක? – අළු ග්‍රහයා තුළ ඉන්නවා ඒක කොහෙද කියලා දන්න කෙනෙක්. – කවුද? – මගේ තාත්තා. – අපට ඔයාගෙ උදව් අවශ්‍යයි. දැන්. – මුරපොල මගේ යටතට අරගන්න. – එයාලා හැමෝම ආසාදනය වෙලා! – ඒ බාධකය හරිගස්සන්න! – කවුරුහරි […]

– කළු කින්ජ් එකක් තියෙනවා. සමහර විට ඒක යවාල්ලා මරල දාන එකම ආයුධය වෙන්න පුළුවන්.
– කොහෙද ඒක?
– අළු ග්‍රහයා තුළ ඉන්නවා ඒක කොහෙද කියලා දන්න කෙනෙක්.
– කවුද?
– මගේ තාත්තා.

– අපට ඔයාගෙ උදව් අවශ්‍යයි. දැන්.

– මුරපොල මගේ යටතට අරගන්න.

– එයාලා හැමෝම ආසාදනය වෙලා!
– ඒ බාධකය හරිගස්සන්න!

– කවුරුහරි ෆාලිස්ටාව දැක්කද?

– මේ ඉන්නේ.

– ඔයා ආවේ මං වෙනුවෙන්.

– බිත්තියට ළංවෙලා ඉන්න. මම ඔයාගෙ පස්සෙන් එන්නම්, හරිද? යන්න.

– රැජිණ ආරක්ෂා කරන්න ඔයාගෙ බලය පාවිච්චි කරන්න.

– මේක තමයි තැන.

– ටැලොන්, මම හිතන්නෙ ඒ ඔයාගෙ තාත්තා.
– ඒ ඔහු තමයි.
– මාව අල්ලන්න එපා!

අළු ග්‍රහයා ඇතුළට ගියපු ටැලොන්, සෙඩ්, ව්‍රෙන් තුන් දෙනාට සෙඩ්ගෙ මල්ලි “කෝර්වන්” මුණ ගැහෙනවා. කෝර්වන් විෂක් ශරීරගත වීමක් නිසා පිස්සු හැදිලා ඉන්නෙ. කොහොමහරි කෝර්වන්ගෙ උදව්වෙන් මේ කට්ටිය ටැලොන්ගෙ තාත්තා “සයිවෙක්” හොයාගන්නවා. අවුරුදු ගාණක් පාළු ගුහාවක් ඇතුළෙ හෙල්ල 4ක් ඇනිලා හිටියත් එයා පණපිටින් ඉන්නෙ එයාගෙ ඇඟේ තියෙන කළු කින්ජ් නිසා. ඒ අතරෙ යවාල්ලාගෙ අනුගාමිකයො මුරපොලට පැනලා ගොඩාක් දෙනෙක් ආසාදනය කරනවා. ෆාලිස්ටාව බේරගන්න ගිහින් ටොබින් මැරෙනවා. ජැන්සෝ ටොබින්ව බේරගන්න කොච්චර උත්සාහ කළත් වැඩක් වෙන්නෙ නෑ.

මේක තමයි “ඈත මුරපොල” තුන්වැනි කතා මාලාවෙ අවසාන කොටස. මේකෙදිත් හිතුවෙවත් නැති විදිහෙ දේවල් ටිකක් සිද්ධ වෙනවා. ෆාලිස්ටා තමන්ගෙ රතු කින්ජ් පාලනය කරන්න ඉගෙන ගන්නවා. එයා ඒකෙන් ප්‍රයෝජනයක් ගනීවිද? මුරපොලයි මුරපොලේ මිනිස්සුයි බේරගන්න පුළුවන් වෙයිද? ඒකට කී දෙනෙකුට ජීවිත පූජ කරන්න වෙයිද? මේ ඔක්කොටම උත්තර මේකෙ තියෙනවා. මම කතාව කියන්න යන්නෙ නෑ. ජැන්සෝටත් ආසාදනය වෙනවා. සාමාන්‍යයෙන් ඕනම කතාවක ප්‍රධාන චරිත කවදාවත් මැරෙන්නෙ නැති වුණත් මේකෙ දි ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා.

මේ කතාමාලාව මෙතනින් අවසාන වෙන්නෙ නෑ. 04වෙනි කතා මාලාවත් එනවා. ඒකත් කොටස් 13කින් හදන්න මේකෙ නිෂ්පාදකයො හිතාගෙන ඉන්නවා.

එහෙමනම් පළමුවැනි කතාමාලාවෙ කොටස් 10කුත්, 02වැනි කතාමාලාවෙ කොටස් 13කුත්, 03වැනි කතාමාලාවෙ කොටස් 13කුත්එක්ක සම්පූර්ණ කොටස් 36ටම සිංහල උපසිරැසි දෙන්න මට පුළුවන් වුණා. මේ 03වැනි කතාමාලාවෙ සිංහල උපසිරැසි, විකාශනයට සමගාමීව දෙන්න පුළුවන් වුණු එක ගැනත් සතුටුයි. මේකෙ 04වැනි කතාමාලාව මේ අවුරුද්දෙ අන්තිමට වගේ එයි කියල හිතනවා. ඒක ආවාම ඒකටත් උපසිරැසි දෙන්න උත්සාහයක් ගන්නම්.

2017 ඔක්තෝම්බර් මාසෙ baiscopelk එකට උපසිරැසිකරුවෙක් විදිහට එකතු වුණු මම, පහුගිය දවසක මගේ පළමුවැනි කඩඉම වෙන 50වැනි උපසිරැසියත් පහුකළා. මගේ පළවෙනි කඩඉමට සුභ පතපු හැමෝටම මම ආපහු සැරයක් ස්තූති කරනවා. මගේ උපසිරැසි වලට හොඳ කියපු, අඩුපාඩු පෙන්නලා comment කරපු හැමෝටමත් ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. එක එක්කෙනාට වෙන වෙනම ස්තූති කරලා නැත්නම් සමාවෙන්න. එහෙනම් තෑන්ක් යූ හොඳේ…

මේ දවස්වල ශ්‍රී ලංකාවට වගේම මුළු ලෝකෙටම වසංගතයක් වෙලා තියෙන COVID-19 වෛරසයෙන් මුළු ලෝකෙම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කටයුතු කරලා මේ වසංගතය පැතිරෙන එක නවත්වන්න උදව් කරන්න කියලත් ඉල්ලනවා.

මේක මගේ 52 වෙනි උපසිරැසිය. 53 විදිහට, ළඟදි නිකුත්වුණු යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 03කට උපසිරැසි කරන්න හිතාගෙන ඉන්නවා. ඒකත් ඉක්මනටම දෙන්නම්.

ටටා බායි… ගිහින් එන්නම්…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,415 downloadsDownload The-Outpost-2018-S03-E13.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,415 downloadsDownload Subtitles22 KB

18 comments

  1. Anonymous

    Thanks for all episode

  2. Sanjaya

    thanks saho...bs

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    thanks putha

  5. Anonymous

    sub ekata bohoma sthuthiy saho

  6. Anonymous

    season 4 eddi ekatath sub eka denna yalua. oyage sub hodai, jaya wewa.

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට... 4වෙනි සීසන් එක ආවම ඒකටත් සබ් දෙන්න සහෝ සුපිරි කතාව මේක

  8. prasanga

    thanks...

  9. Anonymous

    සබ් එක දුන්නට ස්තූතියි සහෝ.

  10. Anonymous

    Tnxs උපසිරැසියට.

  11. Anonymous

    thanks macho... good luck

  12. Anonymous

    thank you

  13. Dan

    Thank You.

  14. Anonymous

    sub walata thnx
    continue krgenma yanna

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Anonymous

    සබ් දීපු එකට ස්තූතියි සහෝ.සීසන් 4 ආවම ඒකටත් සබ් එක දෙන්න.

  17. chamika piyumal

    සීසන් 4 එපිසොයිඩ් 2

  18. chinthaka.max4

    thanaks machan