– ඔයාගෙ කින්ජ් මොනවද කරන්නෙ? – අපේ ජනතාව එකමුතු කරනවා. අපි හැමෝවම පාරාදීසයට අරගෙන යනවා. – සමහර විට ඒක ඔක්කොම මොළ එකට සම්බන්ධ කරනව ඇති, හරියට මී වදයක් වගේ. – රතු කින්ජ්! – මට ඒක පාලනය කරන්න බෑ. මම භයානකයි. – ඇය හොඳ කෙනෙක්. ඔයාට ඇයව විශ්වාස කරන්න පුළුවන්. – ඒක ගන්න. ඒක අයිති ඔයාට. […]
– ඔයාගෙ කින්ජ් මොනවද කරන්නෙ?
– අපේ ජනතාව එකමුතු කරනවා. අපි හැමෝවම පාරාදීසයට අරගෙන යනවා.– සමහර විට ඒක ඔක්කොම මොළ එකට සම්බන්ධ කරනව ඇති, හරියට මී වදයක් වගේ.
– රතු කින්ජ්!
– මට ඒක පාලනය කරන්න බෑ. මම භයානකයි.– ඇය හොඳ කෙනෙක්. ඔයාට ඇයව විශ්වාස කරන්න පුළුවන්.
– ඒක ගන්න. ඒක අයිති ඔයාට.
– මම ඔයාව වරදවා වටහා ගත්ත කියල මම හිතනවා.
– බැරන්වරිය නිදහස් කරන්න. ඇයට යන්න නිදහස ලැබෙනවා.
– අපේ විවාහ පොරොන්දුවලින් ඔයාව නිදහස් කරනවා. ඔයාට දැන් රෝස්මන්ඩ් එක්ක විවාහ වෙන්න නිදහස තියෙනවා.
– කළු කින්ජ් කෙනෙක් ඉන්නවා. සමහර විට යවල්ලා මරල දාන එකම ආයුධය වෙන්න පුළුවන්.
– කොහෙද ඒක?
– අළු ග්‍රහයා තුළ ඉන්නවා ඒක කොහෙද කියලා දන්න කෙනෙක්.
– කවුද?
– මගේ තාත්තා.– පණපිටින් ආපහු එන්න.
– මම හැම වෙලාවෙම එහෙම කරනවා.
ෆාලිස්ටා එයාගෙ රතු කින්ජ් ආපහු සැරයක් ග්වේන්ටයි ගැරට්ටයි පාවිච්චි කරනවා. ඒකෙ ප්‍රථිඵලයක් විදිහට ෆාලිස්ටා හිරේට දානවා. ඒ අතරෙ යවාල්ලාගෙ කින්ජ් ආසාදනයට බේතක් හොයාගෙන කෙනෙක් මුරපොලට එනවා. හැමෝම වගේ සල්ලි දීලා ඒ බෙහෙත ගන්නවා. ඒ බෙහෙත ගත්ත අය හිතන්නෙ දැන් තමන්ට ආසාදනය වෙන්නෙ නෑ කියලා. ඒ අය නිදහසේ ඉන්නවා. අර අපේ රටේ කොවිඩ් ආසාදනයට කෑගල්ලෙ පැණිය බීපු අය වගේ නේද? හැබැයි ඔන්න ඒ පැණිය බිව්වා කියලා සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර ඉන්න එපා.
ඉතින් මුරපොලේ අයත් මේ පැණිය බීලා “දැන් ඔක්කොම හරි” කියලා හිතපු නිසා මේ ආසාදනය පැතිරෙනවා. මුරපොලේ ආරක්‍ෂකයෙකුත් මේ බේත අරගෙන, ආසාදනය වෙලා හිටපු තමන්ගෙ බිරිඳට දීලා බිරිඳව නිදහසේ ඉන්න දෙනවා. මේ බිරිඳ තමන්ගෙ ස්වාමි පුරුෂයා වගේම තව අයටත් ආසාදනය කරනවා. ඒත් ජැන්සෝ කවුරුත් ඉස්සරහා අර පැණිය හොර එකක් කියලා ඔප්පු කරනවා. පැණිය හදපු කෙනාට හිරේ යන්න සිද්ධ වෙනවා. ඒත් එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ෆාලිස්ටා එයාගෙ රතු කින්ජ් ග්වේන් (රැජිණ)ට පරිත්‍යාග කරන්න හදනවා. ග්වේන් ඒක භාරගත්තෙ නැති වුණත්, ෆාලිස්ටාව හිරෙන් නිදහස් කරන්න තීරණය කරනවා. එහෙම කරන්න කියලා ටොබින් රැජිණගෙන් ඉල්ලනවා. ඊට පස්සෙ ටැලොන්, සෙඩ්, ව්‍රෙන් තුන් දෙනා කළු කින්ජ් හොයන්න අළු ග්‍රහයට යනවා.
ටැලොන්ට කළු කින්ජ් හොයාගන්න පුළුවන් වෙයිද? අළු ග්‍රහයා තුළ දී ටැලොන්, සෙඩ්, ව්‍රෙන් තුන් දෙනාට මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? එහෙදි සෙඩ්ගෙ මල්ලි කෝර්වන් මුණගැහෙයිද? හිරෙන් නිදහස් කරපු ෆාලිස්ටා එයාගෙ රතු කින්ජ් පාවිච්චි කරලා ආපහු නාඩගමක් නටයිද? රතු කින්ජ් පාවිච්චි කරන්න ෆාලිස්ටාට ඉඩ දෙන්නෙ නෑ කියපු ෆාලිස්ටාගෙ ස්වාමි පුරුෂයා ටොබින්ට මොනවා වෙයිද? මේ කොටසෙ දි බලාගන්න පුළුවන්.
The Outpost කතා මාලාවෙ මේ 03 වෙනි Season එකේ තව එක කොටසක් විතරයි තියෙන්නෙ. එ කොටස නම් කරල තියෙන්නෙ Violence Is Futile කියලා. ඒකත් විකාශනය වුණු ගමන්ම මම අරගෙන එනවා. 2020 දෙසැම්බර් 25 වෙනිදා බයිස්කෝප් එකේ මගේ පළවෙනි කඩඉමට (50වෙනි උපසිරැසිය) www.baiscope.lk එකෙන් වගේම Facebook එකේ බයිස්කෝප් සිංහලෙන් Page එකේ මට සුභ පැතුම් එකතු කරලා තිබුණු හැමෝටම මම ස්තූති කරනවා. මම හැමදාම කියනව වගේ උපසිරැසියකට යටින් දාන කමෙන්ට් විතරයි අපට තියෙන එකම සතුට.
එහෙනම් මම මේ “ඈත මුරපොල” තුන්වෙනි කතා මාලාවෙ අවසාන කොටසත් එක්ක මුණ ගැහෙන්නම්..
පරිස්සමෙන් ඉන්න….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,211 downloadsDownload The-Outpost-2018-S03-E12.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
14 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Rasadara Dhanushka
Happy HaPpY Congratulation machan...
isuru
thank you ayya
prasanga
thanks......
Anonymous
thank you jaya wewa
hh
thank you so much ..!!
Samith
Niyamaiii bro
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
Lahiru Lakshan
thanks....
Dan
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thank you for sinhal sub..
chinthaka.max4
thanaks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Outpost (2018-) [S03 : E12] Sinhala Subtitles | මරණය තියෙන තැන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/The-Outpost-S03.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි