– ඔබේ අත ගින්නට දමන්න. – ඔබ ඔවුන්ව බේරා ගත යුතුයි. – අපට ආපහු පණ දෙන්න ක්‍රමයක් නෑ, දහස් ගාණක් ඉන්න ඔයාගෙ අයගෙන් එක් කෙනෙක්ටවත්. – ඔවුන් ඉක්මනින් අවදි නොකළොත්, ඔවුන් හැමෝම මේ විදිහට මිය යනු ඇති. – හය දෙනා මේ පැත්තට එමින් ඉන්නේ. – අල්-කෝරා පිහි වල අයිතිය තියෙන්නෙ ඔබටද? – අල්-කෝරා පිහි? – […]

– ඔබේ අත ගින්නට දමන්න.
– ඔබ ඔවුන්ව බේරා ගත යුතුයි.
– අපට ආපහු පණ දෙන්න ක්‍රමයක් නෑ, දහස් ගාණක් ඉන්න ඔයාගෙ අයගෙන් එක් කෙනෙක්ටවත්.
– ඔවුන් ඉක්මනින් අවදි නොකළොත්, ඔවුන් හැමෝම මේ විදිහට මිය යනු ඇති.
– හය දෙනා මේ පැත්තට එමින් ඉන්නේ.
– අල්-කෝරා පිහි වල අයිතිය තියෙන්නෙ ඔබටද?
– අල්-කෝරා පිහි?
– ඒවා හුවමාරු කර ගන්න නියමිතව තිබුණා, පරම්පරාවෙන් පරම්පරාවට.
– මගේ අම්මගෙ පිහිය.– භාවිතා කරන්න පුළුවන් මේ ආයුධ විතරයි, මගේ වර්ගයාගෙ ආත්ම කින්ජ් වලින් වෙන් කරන්න.
– හත් දෙනෙකුගෙන් එක් කෙනෙකුට ශාරීරිකව ක්‍රියා කරන්න බෑ, කණ්ඩායමේ සාමූහික කැමැත්තට විරුද්ධව. ඒ නිසා මම මිනිස්සුන්ගෙ අල්-කෝරා පිහි භාවිතා කරලා අනෙක් අයව විවේක ගැන්වුවා.
– හය දෙනාම ඔවුන්ගෙ මරණය වෙත යැවිය යුත්තෙ ඔබ.
එහෙනම් ඔන්න “The Outpost” කතාමාලාවෙ අවසාන කොටසත් අරගෙන ආවා. 2018 ජූලි 10 වෙනිදා විකාශය ආරම්භ කරපු The Outpost (ඈත මුරපොල) කතාමාලාවෙ 01වැනි කතා සමය කොටස් 10කින් සමන්විත වෙලා තිබුණා. 2019 විකාශය වුණු 02වැනි කතා සමය කොටස් 13කින් සමන්විත වුණා. 2020 ඔක්තෝබර් 08 වෙනි බුහස්පතින්දා විකාශය ආරම්භ කරපු 03වැනි කතා සමයේ කොටස් 13ම විකාශයට සමගාමීව දෙන්න මට පුළුවන් වුණා. (“විකාශයට සමගාමීව උපසිරැසි දෙමුද?” කියලා මගෙන් ඇහුවෙ චාමර සම්පත් සහෝදරයා තමයි.) ඒ වගේම 2021 ජූලි 15 වෙනි බුහස්පතින්දා විකාශය ආරම්භ කරපු The Outpost කතාමාලාවෙ 04වෙනි කතාසමය 2021.10.07 වෙනි බ්‍රහස්පතින්දා රෑ 09.00ට(ඇමරිකා එක්සත් ජනපදයෙ) CW Network නාලිකාවෙ විකාශය වුණා. ඒ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් නම් 08වෙනිදා සිකුරාදා උදේ 06.30ට. (ඒත් මේකෙ වීඩියෝ පිටපතක් සහ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙද්දි අද 09 වෙනිදා උදේ 06.00යි)
මේ කතාමාලාවෙ මුල්ම කොටසෙ ඉඳලා මේ දක්වා කොටස් 49 පුරාම හිටපු චරිත 03ක් රඟපාපු 03දෙනෙක් හිටියා. ඒ තමයි මේකෙ ප්‍රධාන චරිතය වන “ටැලොන්”ට පණ පොවපු Jessica Green, ටැලොන්ගෙ පෙම්වතා “ගැරට් ස්පියර්ස්”ට පණ දීපු Jake Stormoen සහ මුරපොලේ විද්‍යාඥයා වුණු “ජැන්සෝ”ගෙ චරිතය අපූරුවට කරපු රංගන ශිල්පී Anand Desai-Barochia. මේ හැමෝගෙම මූණු දැන් අපට හොඳට හුරුයි. සමහරවිට වෙනත් අලුත්ම කතාමාලාවකින් ආපහු මෙයාලව දකින්න පුළුවන් වෙයි.
තමන්ගෙ ළඟ තිබුණු කින්ජ්වත් දීලා, ටැලොන් මුරපොලට එක්කගෙන ආපු ඇස්ටර්ගෙ සැලැස්ම වුණේ දෙවිවරු කියන අයව, ජීවත් වෙන්න බැරි තරම් අධික සීතලක් තියෙන වෙනත් ලෝකයකට යවන එක. ඇස්ටර් භාවනාවක් වගේ දේකින් බලලා ඒ වගේ මාරාන්තික ලෝකයක් හොයා ගන්නවා. තමන්ට අනිත් හය දෙනාට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නැති නිසා, ඇස්ටර් තමන්ගෙ කින්ජ් ආපහු ටැලොන්ට දෙනවා. ඒ කියන්නෙ ඇස්ටර් කියන්නෙ ඇත්තටම හොඳ කෙනෙක්. ටැලොන් සහ එයාගෙ යාළුවො දෙවිවරුන්ට එරෙහිව සටන් කරනවා. කාහ්වී බේර ගන්න ජැන්සෝ, ව්‍රෙන් සහ මන්ට් සටන් කරනවා.
ඉතින් එයාලගෙ උත්සාහයන් සාර්ථක වෙයිද? කාහ්වී බේරගන්න පුළුවන් වෙයිද? ඇස්ටර්ට මොකද වෙන්නේ? රාජධානියෙ අලුත් පාලකයා වෙන්නෙ කවුද? ජාන්යා? ඇස්ටර්? කුල්ටෝර්? සෙඩ්? ජැන්සෝ? ගැරට්? ටැලොන්? මන්ට්? වර්ලිටා?
එහෙමනම් වසර ගණනාවක් “The Outpost” කතාමාලාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම බොහොම ස්තූතියි! විවිධ අවස්ථාවල මට සුබ පතපු, කමෙන්ට් එකකින් හරි මාව දිරිමත් කරපු හැමෝටම වගේම බයිස්කෝප් එකේ නොදුටු මිතුරන් හැමෝටමත් ගොඩක් ස්තූතියි! ආපහු තවත් උපසිරැසියකින් හමුවෙමු! ගිහින් එන්නම්.
කවුරුත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි!! දෙවි පිහිටයි!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,010 downloadsDownload The-Outpost-2018-S04-E13.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
18 comments
කසුන්
Anonymous
මේ සීරීස් එකට උපසිරැසි දුන්නට ස්තූතියි.තව මේ වගේ සීරීස් එකකට පුළුවන්නම් උපසිරැසි දෙන්න.
Asala
sthuti upasirasata. iwara wenakanma dunnata godak ithuti. smallvill ekata wage sub denna puluwan weida. puluwanna loku deyak. jaya wewa!
shan
yhank you for you services
Supun Kaushalya
තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට....
Anonymous
Thank you.hodama tv series ekak meka eka digata balanna puluwan.season 4 walin ewara wunath lassana awasanayk thiyanawane.thawath me wage janapriya series ekak aran enna.theruwan saranai! Jaya wewa bro!
RVMENDIS85
Thank you for the sinhala subs
Isuru
Thank you brother.. මුලු කතාමාලාවම මම ආසාවෙන් බැලුවා ඔයාගෙ උපසිරසි නිසා.. තවත් කතාමාලාවකට උපසිරසි ඇරන් එයි කියලා හිතනවා..❤ Thank you අයියා♂️
oshan
Thanks for the sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thank you.hodama tv series ekak meka eka digata balanna puluwan.season 4 walin ewara wunath lassana awasanayk thiyanawane.thawath me wage janapriya series ekak aran enna.theruwan saranai! Jaya wewa bro!
nuwan aruna
superb work .thanks dear
prasanga
thanks...
sashitha
thanks
Dhanushka
Thanks for all hari asawen balapu kata malawak dukai iewara unata
Lahiru Lakshan
thanks machn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝම ස්තූතියි මිත්‍රයා.