බයිස්කෝප් අඩවියේ සහෝදර උපසිරැසිකරුවන් කිහිප දෙනෙක් එකතු වෙලා කරන තවත් කතා මාලාවකට උපසිරැසියක් කරන්න මටත් අවස්ථාවක් ලැබුනා.පසුගිය කොටස්වල මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. පසුගිය කොටස හරහා දැකගන්න ලැබෙනවා ජේකබ් උසාවි වාරයකට පෙනී ඉදලා එයාගෙ අම්මයි, තාත්තයි සෑහෙන ලොකු ඇප මුදලකුත් ගෙවලා ජේකබ්ව බේ…

බයිස්කෝප් අඩවියේ සහෝදර උපසිරැසිකරුවන් කිහිප දෙනෙක් එකතු වෙලා කරන තවත් කතා මාලාවකට උපසිරැසියක් කරන්න මටත් අවස්ථාවක් ලැබුනා.පසුගිය කොටස්වල මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
පසුගිය කොටස හරහා දැකගන්න ලැබෙනවා ජේකබ් උසාවි වාරයකට පෙනී ඉදලා එයාගෙ අම්මයි, තාත්තයි සෑහෙන ලොකු ඇප මුදලකුත් ගෙවලා ජේකබ්ව බේරගන්නවා. ජේකබ් වෙනුවෙන් පෙනී හිටියෙ දෙවෙනි කොටස වෙද්දී අපරාධකරුවා කියලා සැක කරන්න පුලුවන් මිනිහා වෙනුවෙන් පෙනී හිටිය නීතිඥවරියමයි. කොහොම හරි ගෙදර ඇවිල්ලා වැඩිවෙලා යන්න කලින් මේ අයට නන්නාඳුනන අයගෙන් කරදරකාරී ඇමතුම් ලැබුනා. සාමාන්‍ය පවුලක් විදිහට කෑමකට එලියට ගියත් හැම කෙනෙකුගේම මානසිකව වදයක් වෙන ව්දිහේ අවධානයක් ලැබෙන්න ගත්තා. ඉස්කෝලෙ යන්න බැරි නිසා ජේකබ්ගෙ අම්මයි තාත්තයි එකතු වෙලා ඉගෙනීම් කටයුතු කරන්න කියලා ගුරුවරියක්ද ගෙදරට එක්කගෙන ආවා. මේ අතරේ ලෝරි ආපහු වතාවක් රැකියාවට ගියත් එතනිනුත් සැනසීමක් ලැබුනෙත් නැහැ.
අද කතාවෙ ජේකබ් තමන්ගෙ දෙමව්පියෝ එක්ක ජොආනට මිනීමැරුම සිද්ද වුන දවසෙ බෙන්ගෙ මල සිරුර හොයාගත්ත විදිහ පැහැදිලි කරනවා.ඒත් ජේකබ්ගෙ කතාවෙ පොඩි පොඩි අපැහැදිලි තැන් තියෙනවා.නඩුවෙදි ඇන්ඩෘගෙ තාත්තා ගැනත් ලොකු දෙයක් හෙලිවෙනවා.ඔහු මිනීමැරුමකට සහ දූෂණයකට ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න කෙනෙක්.ඉතින් පැමිණිලි පාර්ශවයේ නීතිඥයා ජේකබ්ගෙ සීයාගෙ ජාන ජේකබ්ටත් පිහිටලා කියලා කියන්න උත්සහ කරනවා.නඩුව දිනන්න බැරි වුනොත් කියලා ජොආනා ජේකබ්ගෙ දඬුවම අඩුකරගන්න මේ ජානය ගැන හොයන්න ඔහුව වෛද්‍යවරියක් ලඟට යවනවා.ඒත් ජේකබ්ගෙ සීයා DNA සාම්පල දෙන්න නම් ඇන්ඩෘට එන්න කියලා කියනවා.නඩුව නිසා ලෝරි ඉන්නෙ ලොකු කනස්සල්ලකින්.ඇන්ඩෘගෙ තාත්තා ගැන හොයන්න ඇය පුවත්පත් ලිපි පවා ගෙන්න ගන්නවා.මිනීමැරුම වුන දවසෙ පාක් එකේ හිටිය ලෙනාඩ් පැට්ස් කියලා කෙනෙක් ගැන හොයන්න ඇන්ඩෘ මැතිව් කියලා ලමයෙක්ව හොයාගෙන ඔහුගෙ ගෙදරට යනවා.ඔහුට තොරතුරක් හොයාගන්න ලැබේවිද?
එහෙනම් මේ කොටස නරඹන්න ඔබට බාර කරමින් මං සමුගන්නවා.හොඳ නරක කියලා කමෙන්ටුවක් දාගෙනම යන්න.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,759 downloadsDownload Defending-Jacob-2021-S01-E04.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
- #2020
- #Betty Gabriel
- #Cherry Jones
- #Chris Evans
- #Defending Jacob
- #Editor's Pick
- #J.K. Simmons
- #Jaeden Martell
- #LaHIRU
- #MaxxA
- #Michelle Dockery
- #Offbeat
- #Pablo Schreiber
- #Sakina Jaffrey
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
5 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sandun
thanks sub ekata ithuru tikath ikmanata denna jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Advertisement



තෑන්ක්ස් සබ් එකට