ආයුබෝවන් හැමෝටම. ඉතින් අද මේ ඕගොල්ලන්ට ගෙනල්ල තියෙන්නේ The Outsider කතා මාලාවේ හතර වන කතාවයි. ඉතින් මේ එපිය ගේන්න ටිකක් පරක්කු උනා කිව්වොත් හරි.හරියටම කිව්වොත් එපිය නිකුත් වෙලා සතියක් විතර පහු වෙලා තමයි මේ විදියට ඕගොල්ලන්ට ගේන්නේ. පරක්කු වුනේ මොකද කිව්වොත් මේ එපිය නිකුත් වෙන සතියේ නොසිතූ විදියට ගොඩ…

ආයුබෝවන් හැමෝටම. ඉතින් අද මේ ඕගොල්ලන්ට ගෙනල්ල තියෙන්නේ The Outsider කතා මාලාවේ හතර වන කතාවයි. ඉතින් මේ එපිය ගේන්න ටිකක් පරක්කු උනා කිව්වොත් හරි.හරියටම කිව්වොත් එපිය නිකුත් වෙලා සතියක් විතර පහු වෙලා තමයි මේ විදියට ඕගොල්ලන්ට ගේන්නේ. පරක්කු වුනේ මොකද කිව්වොත් මේ එපිය නිකුත් වෙන සතියේ නොසිතූ විදියට ගොඩක් වැඩ ටිකක තමා හිටියේ. චාමර සම්පත් සොහොයුරාගේ මතක් කිරීම යටතේ ඔන්න වැඩේ ඉක්මන් වෙලා මෙන්න මේ විදියට ඉක්මනට ගෙනාව. ඉතින් මම මේ සීරිස් එකේ අනිත් කොටස් ටිකත් පරක්කු නැතුව ඉක්මනට දෙන්නම්. එහෙනම් ඉතින් අපි බලමු මේකේ පසුගිය සතියේ මොකක්ද වුනේ කියල කෙටියෙන් ටිකක්…
පසුගිය කොටසින්….
මේ කතාවේ ටෙරී මේට්ලන්ඩ් කියන කෙනා ෆ්‍රෑන්කි පීටර්සන් කියන පොඩි ලමයව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා. එත් ඇත්තටම මේ ටෙරී කියන්නේ ඇත්තටම මේ ගැන කිසිම දෙයක් දන්නැති අහිංසක කෙනෙක්. මෙයා නොකළ වරදකට තමා හිරේට යන්නේ. ඊට පස්සේ අපිට මේකෙදි දැනගන්න ලැබුණා ඔහු උසාවියට යන මගදී කෙනෙක් අතින් වෙඩි කෑමක් හින්දා මිය යනවා. ඉතින් ටෙරීට යුක්තිය ඉටු කරන්න එයාගේ බිරිද ග්ලෝරි මේට්ලන්ඩ් වගේම, පරීක්ෂක ඇන්ඩසන්, නීතිඥ හාවඩ් ලොකු උත්සාහයක නිරත වෙනවා බලා ගන්න පුළුවන්. පසුගිය සතියේදී මේ පරීක්ෂණයට සහය ලබා ගැනීමට හෝලි ගිබ්නි නම් තොරතුරු විමර්ශනය කරන සුපිරි වැඩ්ඩේක්ව මේකට හවුල් කර ගත්තා. හෝලි කියන්නේ මේ සම්බන්ධයෙන් ලොකු අත්දැකීමක් හා ලොකු දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් අපිට බලාගන්න පුළුවන් මේ හෝලි කොහොමද ටෙරී මේට්ලන්ඩ් ගේ නඩුවේ අභිරහස් එක එක විසදන්නේ කියල. ඒ වගේම අපිට ගිය සතියේ බලාගන්න පුළුවන් වුනා එක්කෙනක් ඇවිල්ල ජෙසා ට කියනවා රැල්ෆ් ට පණිවිඩයක් දෙන්න කියල.එකේ කියන්නේ රැල්ෆ්ට මේ ගැන හොයන එක නතර කරන්න කියල.එහෙනම් අපි පොඩ්ඩක් බලමු මෙවර එපිය ගැන පොඩි සාරාංශයක්.
මෙම කොටසේදී ….
මේ කොටසේදී අපිට බලාගන්න පුළුවන් හෝලි ගිබ්නි සොයා ගන්නවා ටෙරී මේට්ලන්ඩ්ගේ නඩුවට ඉතාමත්ම අතිශයෙන්ම සමාන නඩු දෙකක්. එකෙන් එක්කෙනෙක්ගේ නම හීත් ෆොස්ටර් කියලත් අනිත් කෙනා මාරියා කියල ගැහැණු කෙනෙක් බව අපිට බලාගන්න පුළුවන්. ගිය සතියේ කතාව ඉවර වෙනකොට තමන්ම මරා ගත්ත කෙනාගේ පසුබිම් කතාවත් අපිට අද එපින් බලාගන්න පුළුවන්. ඒ වගේම අද හෝලි ගිබ්නිගේ පරීක්ෂණ වලින් ලොකු හෝඩුවාවක් හොයා ගන්නවා මේ කවුද මේක කලේ කියල. එහෙනම් ඒ හෝඩුවාව මොකක්ද කියල ඕගොල්ලෝ බලලම දැන ගන්න ලෙස මම කියනවා. මේකේදී අපිට බලාගන්න පුළුවන් වෙනවා හෝලි ගිබ්නිට හම්බෙනවා එල් කොකෝ කියල පුරාණ මිත්‍යාවක්. මිත්‍යාවක් කිව්වට එක ඇත්ත වෙලා කියල තමා පෙන විදියටනම්. එල් කොකෝ කියන්නේ ළමයින්ව ආහාරයට ගනිමින් මිනිසුන්ගේ දුක කියන එක ඔහුගේ පෝෂණයට යොදා ගත්ත යක්ෂයෙක් කියල තමයි කියන්නේ. එහෙනම් ඉතින් එල් කොකෝ ගේ විස්තරය මේ මේ එපියෙන් බලල දැන ගන්න කියල මම ඉල්ලනවා.
මෙම කොටසේ නම – Que Viene EL Coco
විකාශය වූ දිනය – 2020/01/26
ඊලග කොටසේ නම – Tear-Drinker
විකාශය වන දිනය – 2020/02/02
එහෙනම් ඉතින් හෙට අනිද්දම එන ඊලග කොටසෙන් දුන්න ගමන්ම සබ් එක ඕගොල්ලන්ට දෙන්න මන් ලැස්ති වෙලා ඉන්නවා. ඔය පහල තියෙන comment box එකේ මොනාමහරි කොටාගෙන යන්න අමතක කරන්න එපා ඉතින්. එහෙනම් ඊලග කොටසෙන් හම්බෙන තෙක් ඕගොල්ලන්ට සුභ දවසක්. ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,969 downloadsDownload The-Outsider-S01-E04.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
16 comments
sachintha
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
suranuwan
thanks....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Suranjan
Thanks jayawewa......!
samindalasith
machan next epiyath relase wela thiyenne net eke...
Bruce___Wayne
please update bluray extended
Chandimanirmalhg
Thakz bro
harshahjk
බොහෝම ස්තූතියි රවිඳු සබ අරගත්තා ජයවේවා
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු...Prasanck
හම්මෝ ඇති යන්තම්....ඊළග කොටසනම් පරක්කු කරන්න එපා....
Naveen Rangana
Thanks for Subtitle...........
Jayawewa...........!!!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IshankaDK
thanks bro
chinthaka.max4
thankx machan
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ