ආයුබෝවන් හැමෝටම..!! සුපර්නැචුරල් ආව දවසෙම ලෙඩ අස්සේ කොහොමහරි අරගෙන ආවා. අද මට හුඟක් විශේෂ දවසක්. සමහරු නම් මේ වෙනකොටත් දන්නවා ඇති, ඒ තමා අද මේ අරගෙන එන්නේ මගේ උපසිරසි දිවියේ සියවෙනි උපසිරසිය. ඒ කියන්නේ ඔන්න මමත් අද උපසිරසි වලින් ශතකය වාර්ථා කලා. පොඩි දේවල් ටිකක් කියන්න යන්නේ. ඒක කරදරයක් වගේ නම් පහල…

ආයුබෝවන් හැමෝටම..!! සුපර්නැචුරල් ආව දවසෙම ලෙඩ අස්සේ කොහොමහරි අරගෙන ආවා. අද මට හුඟක් විශේෂ දවසක්. සමහරු නම් මේ වෙනකොටත් දන්නවා ඇති, ඒ තමා අද මේ අරගෙන එන්නේ මගේ උපසිරසි දිවියේ සියවෙනි උපසිරසිය. ඒ කියන්නේ ඔන්න මමත් අද උපසිරසි වලින් ශතකය වාර්ථා කලා. පොඩි දේවල් ටිකක් කියන්න යන්නේ. ඒක කරදරයක් වගේ නම් පහලටම ගිහින් සබ් එක ගන්න ඈ.
මෙහෙමයි මම මේ සයිට් එක ගැන දැනගත්තේ යාළුවෙක්ගේ මාර්ගෙන්, ඊට පස්සේ මේ සයිට් එකේ සබ් අරගෙන ෆිල්ම් සිරීස් ඩවුන්ලොඩ් කරලා සබ් දාගෙන බලනකොට මට හිතුනා සබ් එකක් කරන්න. ඒ හින්දා මම සයිට් එකට ඊමෙල් එකක් දැම්මා. දැම්මට පස්සේ මට සිසිල අයියා තමා මුලින්ම මට රිප්ලයි කරලා Godzilla: Planet of Monsters ෆිල්ම් එක කරනවද ඇහුවා. ඉතින් භාරගෙන දවස් ගාණක් ගිහින් හරියටම 2018 ජූනි මාසේ තිස්වෙනිදා උපසිරසිය සයිට් එකේ පල වෙනවා. එදා දැනුන සතුට කියලා නිම කරගන්න බෑ. එදා පටන් ගත්ත මේ මෙහෙවරේ පලවෙනි කඩයිම විදිහට 2019 ජූනි පහලොස්වෙනිදා පනස්වෙනි උපසිරසි නිර්මාණය විදිහට Dumbo සිනමාපටයට උපසිරසි ගැන්වුවා. අද වෙනකොට මම සයිට් එක සමඟ එකතු වෙලා අවුරුද්දකුත් මාස හතක් වෙනවා. ඒ වගේ පොඩි කාලයක් තුල උපසිරසි සීයක් කියන්නේ නිකන් හීනයක් වගේ. කීයටවත් හිතුවේ නෑ නිකන් ඉන්න ගමන් පටන් ගත්ත මේ කෙරුවාව මෙච්චර දුර එයි කියලා.
ඒ විදිහට පොඩියට පටන් ගත්ත මගේ උපසිරසි දිවියේ වැඩියක්ම උපසිරසි ලබාදීලා තියෙන්නේ රූපවාහිනි කතාමාලවලට. ටීවී සීරීස් කොටස් 77ක් මම උපසිරසි ගන්වලා තියෙනවා, ඒ වගේම තව චිත්‍රපට 23කුත් මගේ ශතකයට අයත් වෙනවා. ඒ අතරේ භාෂා 12කට අධික සංඛ්‍යාවක උපසිරසි ගන්වලා තියෙනවා. ඉතින් මට මේ දේවල් ගැන දැනෙන්නේ හරිම සතුටක්, ආඩම්බරයක් වගේම නිහතමානි කමක්. මේ ගමන තුල මට හුඟක් අය හුඟක් යාළුවෝ මට හම්බවුනා. ඒ අයගේ නම් වලින් කියන්න ගියොත් මෙතන වෙන දෙයක් දාන්න වෙන්නේ නෑ. ඒ නිසා මගේ බයිස්කෝප් පවුලේ සෑම උපසිරසි කරුවෙක්ම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තිරය පිටිපස ඉඳගෙන සයිට් එකේ බර අඳින ඇඩ්මින් මණ්ඩලයේ සියලුම දෙනාවත් මම මේ වෙලාවේ මතක් කරනවා. කාගෙවත් අමනාපයක් නැතුව ඇති මම නම් වලින් කිව්වේ නැති වුනාට. ඒත් විශේෂයෙන් මතක් කරන්න ඕන තුන් දෙනෙක් ඉන්නව. ඒ තමයි මාත් එක්ක මුල් කාලයේ ඉඳලම ලොකු වැඩ කොටසක් කරන්න එකතු වුන අපේ සෙට් එක, විභාග ආදිය හරස් නොවුනා නම් අපි මේ වෙනකොට හුඟක් දුර ගිහිල්ලා. ඉක්මනින් නැවතත් ඒ ආරට එන්න අපි උත්සහ කරනවා. ඉතින් මලිත් වීරමුණි, බේනුක නිම්හාන් සහ කවිනු වීරක්කෝඩි කියන සහෝදරයින්ව මම ආදරෙන්ම මතක් කරනවා.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි, මට සමහර තැන්වල සමහර අය අනේක විද දේවල් කියලා තිබ්බා, උඩඟුකම, ආඩම්බරකම තව මෙතන කියන්න බැරි දේවල් පවා. ඒත් ඒ එක්කෙනෙක්වත් මාව ඇසුරු කරපු අය නෙමෙයි, මොකද මාව ඇසුරු කරපු අය දන්නවා මම කොහොම කෙනෙක්ද කියලා, ඉතින් නොදන්න අය මට චරිත සහිතක දෙන්න ඕන නෑ, හැමදාම මගේ පස්සෙන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඉතින් අන්න ඒ අය වෙනුවෙනුයි මම මෙච්චර කල් මේ කාර්‍යය කරගෙන ආවේ. ඉදිරියට කලත් කරන්නේ ඒ නිසාම තමයි.
අනික තමා හුඟක් උපසිරසිකරුවන් දැන් උපසිරසි කරණයෙන් ඈත් වෙනවා මොකද කට්ටියගෙන් කිසිම පෙළඹවමීක නොමැති නිසා. ඒ වගේම තමා කාර්‍ය්බහුලත්වය, අධ්‍යාපනය, රැකියාව ආදි තවත් බාධක ඒ හමුවට එනවා. ඉතින් ඒ හැම දෙයක්ම නිසා ඔයාලා හැමෝගෙම සහය අපිට ඕන. අපිව දිගටම මේ ගමනේ තියාගන්න එක ඔයාලගේ වගකීමක්. නැත්තම් කවදාහරි මේ සයිට් එක වැහිලම යයි. ඒ නිසා කමෙන්ට් එකක් දාල යම් කිසි දිරිගැන්වීමක් හැම උපසිරසිකරුවෙක්ටම ලබාදෙන්න. මටත් දැන් උපසිරසි කරණයෙන් ඈත් වෙන්න කාලය ඇවිල්ලා. රැකියාව සහ අධ්‍යාපන කටයුතු එක්ක මේකත් කරගෙන යන එක අමාරු වැඩක්. බය වෙන්න එපා සුපර්නැචුරල් එකට දිගටම සබ් ලැබෙනවා. ඒක නවත්තන්නේ නෑ. නමුත් පෙර වගේ සක්‍රීය දායකත්වයක් මට මේ සයිට් එකට දෙන්න බැරි වෙයි. ඉඳලා හිටලා ෆිල්ම් එකකින් ටිවි එපියකින් හමුවෙන්න උත්සහ කරන්නම්. හැබයි ඉස්සර වගේ සතියකට සබ් දෙක තුන හතර නම් ලැබෙන එකක් නෑ. ඉතින් කොච්චර කොහොම කිව්වත් මේක අතාරින්න හිතෙන්නේ නෑ, අන්න ඒ නිසාමයි ඉඳලා හිටලා හරි සබ් එකක් දෙකක් කරන්න හිත හැදෙන්නේ. තවත් උපසිරසිකරුවන් දිනෙන් දින අපේ සයිට් එකට එනවා. ඉතින් ඒ අයව දිරිගන්වලා වැඩ කටයුතු කරගන්න එක ඔයාලගේ වැඩක්. ඒකෙන් අපි නැති අඩුව ඔයාලට දැනෙන එකක් නෑ.
එහෙනම් හැරෙමු කතාව පැත්තට..!!

පෙර කොටසින්…
කලින් කොටසෙදි අපිට හෙන ආතල් එකක් ලැබුන කිව්වොත් නිවැරදියි. සුපුරුදු ඩීන්ව ආපහු අපිට දකින්න ලැබුනා. සෑම්ට සහ ඩීන්ට කවදාවත් ලෙඩක් හැදිලා තියෙනවා දැකලා තියේද, නැත්තම් ඩීන්ගේ කාර් එක කැඩෙනවා, එයාලට සල්ලි ප්‍රශ්නයක් එනවා දැකලා තියෙනවද? නෑ නේ. ඒ සාමන්‍ය ජීවිතයේ ප්‍රශ්න සියල්ලක්ම එක පාරට අපෙ සහෝදරයෝ දෙන්නගේ ඔළුව උඩට ගිය කොටසේ කඩා පාත් වුනා. හුඟක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමා සෑම් ඩීන්ට සල්ලි කොහෙන්ද, එයාලට සාමන්‍ය මිනිස්සු වගේ දේවල් වෙන්නේ නෑ නේ කියලා, ඒකට හැම උත්තරයක්ම ඒ කොටසෙදි ලැබුනා. ඇත්තම කිව්වොත් සෑම් සහ ඩීන්ට තිබ්බ වාසනාව අයින් වෙලා සාමන්‍ය මිනිස් ජීවිතේකට ලක් කරලයි තිබ්බේ දෙවියන්. ඒ අස්සේ ගාර්ත් මෙයාලට වැඩක් දෙන්න කතා කරනවා, කොහොමින් හරි රාක්ෂයෝ රැලකින් මැරෙන්න ගිහින් ගුටිත් කාලා, ගාර්ත් නිසාම පන බේරගෙන ඒ වැඩෙන් නම් බේරුනා. අන්තිමේ ගාර්ත් මේ දෙන්නට කියනවා ඇලස්කාවේ තැනක් තියෙනවා කියලා වාසනාව ආයේ ගන්න පුළුවන් විදිහේ. අන්තිමට අවසන් වුනේ සහෝදරයෝ දෙන්නා ඇලස්කාව බලා යන්න පිටත් වෙනකොට.
අද කොටසින්…
අද කොටසින් බලාගන්න පුළුවන් සෑම් සහ ඩීන් එයාලගෙ වාසනාව ආයේ ගන්න මොකද කරන්නේ කියලා, ඔයාලම බලාගන්න මම මුකුත් ඒ ගැන කියන්නේ නෑ, මොකද ඒක කිව්වොත් ස්පොයිල් වෙන නිසා. ඒ වගේම ඔන්න අපිට අද ආයෙමත් පරණ යාලුවෙක් හම්බුවෙනවා. පරණමත් නෑ ලඟදිත් පෙන්නුවා. දෙවියන්ව මරන්න පුළුවන් එකම කෙනා ඒ විදිහට අද කතාවට එනවා, එහෙනම් බලන්නකො අරගෙන ඒ කවුද කියලා, මම ගියා එහෙනම්. අදින් පස්සේ ආයේ ඊළග කොටස විකාශය වෙනවා කියලා අන්තර්ජාලයේ නම් සඳහන් වෙන්නේ මාර්තු 16 වෙනිදා කියලා. ඒ කියන්නේ තව මාස එක හමාරකින්. ඊට කලින් ආවොත් අරගෙන එන්නම්. එහෙනම් නැවත මාර්තු 17 හම්බුවෙමු.
___ ____
අද කතාවේ නම “The Gamblers”
අධ්‍යක්ෂණය: Charles Beeson
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ජනවාරි 30
මීලග කොටස: Galaxy Brain |2020 මාර්තු 17
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,807 downloadsDownload Supernatural-S15-E11.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
46 comments
Sandarunimsara
Damith Kumara
bokka,bs, good luck !!!!!
sasala
බොහොම ස්තූතියි
Nuwandika Dil
Thanks bro
Good luck ♥️♥️♥️♥️sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයsachintha
100 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා
150 ත් හැකි ඉක්මනින් ගහමු...
Malith Weeramuni
100 වෙනි උපසිරසිගැන්වුමට හදවතින්ම සුබපැතුම් සහෝදරයා...❤️❤️
ඉක්මනින්ම ඊලගකඩයිමත් පහුකරමු.
ජයවේවා...
#බයිස්කෝප්_පහතමාලයDulan Randika
100 ❤❤❤ වෙනි උපසිරසියට සුභපැතුම්.පුලු පුලුවන් විදිහට්ද් සබ් දෙන්න
SHEHAN350
thanks brooo well done
Dulan Randika
J තමා පොර. J කතාවට මුලි එන්‍ටර් වෙනකොටම මම දැනගත්තා පොර කියලා.ඊලඟ m වෙන්නෙ.දරුණු සටනක් බලාගන්න පුලුවන් ඉස්සරහට.ඒ දවස් ටික නම් සුපිරියටම තියෙයි.
Nadun Prakash
100 වෙනි උපසිරසට සුබ පැතුම් සහෝ
EM Nishshanka
Thanks
Kasun Jalitha
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පැතුම්
මහන්සිය සහ කැප කල කාලය වෙනුවෙන් බොහෝම ස්තූතියි සහෝ...
ඊලඟ කඩඉමත් ඉක්මනටම සමරමු...
❤️❤️❤️Nowty 1998
Congratulations bro & thank you very much for this
Ravindu Rukshan
සුබ පතනවා දෙවන කඩයිම වෙනුවෙන්.
මේ වෙනකොට සයිට් එකෙ ගොඩක් ටීවී සිරිස් අදිනවා මං දැකල තියෙනවා.
ඒ කොහොමහරි ඊළඟ කඩයිමට යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
100 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
200ත් ගහමු මෙහෙමම....
මේ දවස් වල ඉන්න සුපිරිම සබ් කරන කෙනෙක්....දිගටම සබ් දෙමු....ravidu ishan
Sub එකට ගොඩක් ස්තූතියි සහෝ! ඒවගේම උපසිරැසි 100ට සුභපතනවා!!! තවමේවගේ දේවල් ලෙසටම කරංයන්න ශක්තිය ලැබේවා !!!
Niroshani maduka
Sub ekata thank you dr.. 100 කඩයිම ට සුබ පැතුම්..
kolitha
Congratulations bro....
Thanx ....osandawishuddhi17113
THANKS FOR SUB BRO...
100 NAWI 1000000000 WITHARA SUB HDNNA PULUWAN WNN KIYALA SUBAPATHNWA....
GOOD LUCKD.Chamara
bohoma sthuthi sahoo
suranuwan
thanks bro...
thanula D
100 වෙනි උපසිරැසියට සුභපැතුම්.ඒ වගේම සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Achi
Thank bokka
අමිල
සුභපැතුම් සහෝදරයා.sub එකට බොහොම ස්තුති
Hiran Eranda
100 වෙනි උපසිරසියට සුබපැතුම්.. දිගටම වැඩේ කරගෙන යන්න...සබට තුති...ජය වේවා
Ayesh Prashan
Thank You Subha Pathum
Ayesh Prashan
Thank You
Bimsara Yashan
100වෙනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම්...දිගටම කරගෙන යමු....
YasasPerera
congratulation bro.. idiriyatath sub karanna suba pathanawa. e wagema me karana kepaweema wenuwen sthuthi karanawa
Kasun Andy Doo
big little lies 02 sub dennnako
රොයිලි
පරක්කු වෙලා හරි ඔන්න මමත් 100 ට සුබ පතනවා කවිශල් සහෝ. කවුරුවත් නොකරන විදියට TV එකකින්ම කඩයිම පන්නලා. ඉක්මනින්ම 150 ටත් යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Nalinda Kumara
episode 12 awith neda thiyenne
osanda
12 awd mchn ada
Kavinu
පහළොස්වෙනි සීසන් එකේ එකොළොස්වෙනි එපිය!!
හම්මේ ඉතින්... කවදා බලන්න වෙයිද දන්නෙ නම් නෑ...
බයිස්කෝප් පවුලෙන් මුණගැහුණු අය අතරින් ළඟින්ම ඉන්න එකෙක්!
මොන උදව්ව ඉල්ලුවත් බෑ නොකියා කරලා දෙන තරමට හොඳ මනුස්සයෙක්... අමුතුවෙන් උඹ ගැන කියන්න දෙයක් නෑනේ ඉතින්!
කවුරු මොනවා කිව්වත් ගේම ගහන් පලයන් සුදා... තුන්වෙනි කඩයිමටත් ඉක්මනටම ළඟාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
උපසිරැසි කටයුතු වගේම පෞද්ගලික කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් පතනවා..
ජය වේවා බං!!!Anonymous
කොහොම මිස් වුණාද මන්දා
කවිසාල් අයියාගේ සීය නොවැ
සුභ පතන්න මෙච්චර කල් ගත්තට සමා වෙන්න ඕන
බයිස්කෝප් එකෙන් හම්බ වුණ ඈයෝ අතර වැඩියෙන්ම හිතවත් වුණ දෙන්නා තුන් දෙනාගෙන් එක්කෙනෙක්
ඒවගේම ඕනම වැඩකට බෑ නොකියා උදවු දෙන බයිස්කෝප් එකේ මම දැකපු නියම පොරක්
ඉස්සරහටත් තවත් මේ වගේ කඩයිම් ගණනාවක් පහු කරන්න හැකියාව ලැබෙන්න ඕන
එහෙනම් ජයවේවා!!!!benukanimsena
උපසිරැසි දිවියේ සියවෙනි උපසිරැසි නිර්මාණයට නැත්තම් දෙවනි කඩයිමට හදවතින්ම සුභ පතනවා කවිසාල් අයියේ
සුභ පතන්න මෙච්චර පරක්කු වුණාටත් සමා වෙන්න ඕන
බයිස්කෝප් එකේ හිතවත්ම දෙතුන් දෙනාගේ නැත්තම් බයිස්කෝප් පහතමාලයේ සහෝදරයෙක් නේ
ඕන වැඩකට බෑ නොකියා උදවු කරන එකෙක් නේ
ඉතින් ජයවේවා!!
ඉදිරියටත් කඩයිම් ගණනාවක් පහු කරන්න හැකියාව ලැබෙන්න ඕන
Good Luck Too Little And Recently Known
Whom I Began To Think And Call My Own!!Carry On My Wayward Son
Pramukmili
congratulations & thank you brother.........
isuru dilshan
100ට සුභ පැතුම් මචං.. දිගටම උපසිරැසිකරණය කරගෙන යමු..ජයවේවා!!!
Amila Mudalige
100 වෙනි උපසිරසියට සුභ පැතුම්!!
umesh
thank you very much
Anonymous
subapathum kolla
මධුකප්‍රිය පෙරේරා
100ට හෘදයාංගම සුබපැතුම් කියන ගමන්ම
සිද්ධ වෙච්ච දීර්ඝ පමාවට සමාව.. කොහොමින් හෝ
මේ කඩයිම මග ඇරිලා තියෙනවා සුබ පතන්න.. එහෙනම්
කවිෂල් මලේ බෑ බෑ නොකියා ඔහොමම 150ත් කරලා දාමු..
ඔබට ජයlakshan
thanks .................
Anonymous
සුපිරි වැඩක්... උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️
Anonymous
සුපිරි වැඩක්... උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



100 වෙනි උපසිරැසියට මගෙන් සුභ පැතුම් සහෝ❤️.ඉදිරියට මේ වගේ තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙවා.