දැවැන්ත රත් හිරු, අහසේ ඈත ක්ෂිතිජය වසා ගනිමින් පවතී. ශූන්‍යත්වයෙන් ඉරිතැළී ගිය පොළවෙහි කර්කශ බව මැදින් දිස්වන භූදර්ශනය මූසල පාළුවක් දනවයි. සිකුරු දවසක අවසානය දෙස බලා සිටියද ඔබ සිටින්නේ සිකුරු ග්‍රහයා මත නොව. ඔබ මේ බලාසිටින්නේ, වසර බිලියන තුනකින් පසුව එළඹෙන පෘථිවි දවසක අවසානය දෙසයි.The Planets කතා ම…
දැවැන්ත රත් හිරු, අහසේ ඈත ක්ෂිතිජය වසා ගනිමින් පවතී. ශූන්‍යත්වයෙන් ඉරිතැළී ගිය පොළවෙහි කර්කශ බව මැදින් දිස්වන භූදර්ශනය මූසල පාළුවක් දනවයි. සිකුරු දවසක අවසානය දෙස බලා සිටියද ඔබ සිටින්නේ සිකුරු ග්‍රහයා මත නොව. ඔබ මේ බලාසිටින්නේ, වසර බිලියන තුනකින් පසුව එළඹෙන පෘථිවි දවසක අවසානය දෙසයි.The Planets කතා මාලාවේ අවසාන කොටස මෙයයි.
බුධ සහ සිකුරු ගිළගනිමින් යෝධයෙකු සේ වැඩී ආ සූර්යයා දැවැන්ත රතු තරුවක් බවට පෙරළී ඇත. දැන් සෞරග්‍රහමණ්ඩලයේ ආරම්භක සාමාජිකයා වන්නේ පෘථිවියයි. එහෙත් පෘථිවිය අරා රජයන සදාකාලික නිහඬත්වයේ අඳෝනාව පවසාලන්නේ ජීවය වැනසී ගිය පොළවක හිස් බවයි. මෙතෙක් ජීවය රජකළ තුන්වැන්නා ජීවයෙන් තොර මළග්‍රහයෙකි. පෙර ඒ මත තිබූ නිල්වන් සයුරු විමානය ද කොළ පැහැ හරිත සළුව ද ඒ කටෝරත්වය විසින් උගුළුවා පළවා හැර ඇත.
ඉන් ඔබ්බෙහි මිදුණු හිමෙන් වැසී ගෙන පැවති අඟහරු, ඒ වෙනුවට දිය පුරවා ගනිමින් සිටින්නීය. ඈත එපිටහ, වළල්ලෙහි පංගුකාරයන් වූ අඳුරු ශීතල ග්‍රහයන් ලෙස සැරහී උන්, උරේනස් සහ නෙප්චූන් ද කඳු හිස් මත පැළැඳි හිම තොප්පි යට තිබෙන තට්ට හිස නිරාවරණය කරන්නට වැර දරයි. යෝධ මැදි ග්‍රහයන්ගේ චන්ද්‍රයන් වන යුරෝපා/ ටයිටෑන් සහ ට්‍රෛටන් ද සිය පුරුදු ගුණයන් බැහැරලමින් නව ජීවයකට අත වනමින් සිටියි.
ඇතැම් විට පෘථිවියද ගිළගනිමින් තව තවත් පිම්බෙන සුර්යයා ගේ රුදුරු උණුහුම; යන්තම් පණ පොවන ඒ ජීවයද වනසා දමනු ඇත. ජීවය පමණක් නොව, ජීවයේ සලකුණු ද සිය ආධිපත්‍ය පරාසයෙන් අතුගා දමන හිරු, යළි සුදු වාමනයෙකු බවට හැරෙමින් පසුබසිනු ඇත. දැඩි රැසින් නොනැසී; එතෙක් ඉතිරිව පැවති සෙසු සාමාජිකයන් කිළිපොළා යන දරුණු ශීතයකින් මිදී වෙළෙනු ඇත.
තමන් ක්ෂීරපථය යැයි නම් කළ, මණ්දාකිණිය තුළ පැවති ලක්ෂ ගණන් වන ග්‍රහලෝක මණ්ඩල සහ සූර්යයන් ගැන කොයිතාක් දැනසිටියද, මානව වර්ගයාගේ පැවැත්මට සරිලන ග්‍රහයෙකු හමු නොවූ බැවින්, මිනිස් පරපුරේ පැවැත්ම ගැන කිසිදු නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකිය. මිනිස් වසරින් 1995 වර්ෂයේදී; මිචෙල් මේයර් පළමු පිටත්තර ග්‍රහයා ගැන තොරතුරු සොයාගත් පසු කාලයේ කෙතෙක් උත්සාහ කළද, මිනිස් නිවැසියන්ට සරිලන ආදේශකයක් සොයාගත නොහැකි වුණි. එහෙයින් විශ්වයම දිනන තෙක් පැවතීමේ, මිනිස් වර්ගයාගේ අවසන් සිහිනය බොඳ වී ගොසින්ය. ඒ පැතුම නියත ඉරණමේ කොටසක් බවට පත්ව සුන් වී ගොසින්ය.
අවසන් අනියත උත්සාහයක් ලෙස මිනිස් වර්ගයා සිදු කළ ගැළවුම් යානාවක් පිටත් කර හැරීමේ උත්සාහය; නියමයක්/ නිසියමක් නොමැතිව අභ්‍යවකාශයේ ඔහේ පාවී යමින් ඇතුවාට සැක නැත. සිය මව්ග්‍රහයා හා සම්බන්ධ වන්නට ඉන් නිකුත් කරනු ලබන දුර්වල සියුම් සංඥාවන් දහස් ගණනක් වන අවකාශ තරංග හා එක්වී වියැකී යනු ඇත…
ඒ යානයේ ගමනාන්තය පෙර තියා දැන, එකේළි කරන ලද්දක්’දැයි එතරම්ම පැහැදිලි නැත. ඒ ගැන හරියටම නොදනිතත්; ඇතැම් විට මිනිස් වාසයට සරිලන කිසියම් ලොවක් සොයාගන්නට ඔවුන් සමත් වන්නටත් ඇත. සිය කතාන්තරය මුල සිට යළි ඇරඹිය හැකි, ජීවයේ ග්‍රහලොවක් මිනිසාට කිසිදා හමුවීද? මෙය හුදු, අහඹු බලාපොරොත්තුවක සේයාවක් ඔස්සේ කරන ගමනක්ද? ඒ බව පවසන්නට තවත් කාලය ඉතිරිව ඇත…
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
560 MB කොපිය (4.5 GB) මෙතනින් බාගන්න a2609a49e403f57d86599361c7a874f73f3fe6a2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
720 downloadsDownload BBC-The-Planets-EP08.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
35 comments
pathum
vee
maxxama machan mara watinawa thawath mey wage akaka demu
ccnp
Thanks
kalinga
ජය වේවා සහෝට සෑහෙන්න වටිනා නිර්මාණයක් තවත් ඒවා දෙමු නේ
wow
wow, maru :D
ositha
supirima machan
eranga
niyamayi saho
Hasitha prasad
ජය වේවා සහෝ!
හර්ෂ ලහිරු
උදාගෙ ලිපිය තමයි ලිපිය :P
ආයෙ කියන්න දෙයක් නෑ කොර වෙන්නම ලියනවා :D
බොහොම ස්තුතියි පැතුම් සහො
මේකත් පට් පට් ගාලා ඉවර කරා තව එකක් දෙමු ජය :P :Pවරුණ
ජය වේවා
Saman Prasad ( Black Cobra )
thanks
danushka
bohoma stuthi machan....
“චූටී මල්ලි”
එල එල
ඔයා කලේ ලොකුම වටිනා කියන වැඩක්
මේ සම්බන්ධව ඉගෙනගන්න අයට එහෙම මේක ගොඩක් වටිනවා
සිංහල සබ් දිලා ඔයා ඒ වටිනාකම තවත් වැඩිකලා
ඒවගෙම උදාත් ලිපි සපයමින් ඊට තවත්
වටිනාකමක් එක්කලා
එහෙනම් තවත් කතාමාලාවක්
අපි වෙනුවෙන් අරන් එන්න
සබට තුති
ඔබට ජය...yeshu
tnX
isuru
බොහොම ස්තුතියි සහො!
indika
thnq
Amil
Superi Serious eka...
thanks bro Sub ekata...mudiya / මුදියා
ඉවරයි නේද.
නියමයි පැතුමෝ & උදෝ.
මාරම වටින වැඩක් කරේ.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!Rajith
great job saho..............
thanks for the sub.................දිමුතු තරඟ ඉලුක්කුඹුර
නියමයි පැතුම් සහෝ මේ කතා ටික ඉවර කරපු එකනම් සුපිරියි, බොහොම වටින වැඩසටහනක් මේක, මම කොටස් 5ක් දැනට බැලුව, අනිවත් අරන් තියෙන්නේ, අනේ සහෝ ඒලියන් 4ත් දෙන්න,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි සහෝ මේක අවසන් කලාට
ජයsaneera
can i have subtitles of each and every program( 1 to 8), when i download i can only see Episode 8's subtitle , plz can u give a solution .
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍tharindu
thank u very much bro..!
isuru feat
ela
වරුණ නිරෝෂණ
niyama kathawak mekanam saho.... thanks
zero360
Suppa bn thanks ube mahansiyata welaawata
සදෙව් බණ්ඩාර
සුපිරියට සබ් තියෙනවා....
මේවගේ TV සිරිස් එකකට සබ් කරපු එක මාරම වටිනවා....
බොහොම ස්තුතියි..madhusankha
Thanks a lot !!! bro...
Nirosha Nirosha
thank you
Navanjanaishan
The planets 2019 BBC mekath denna
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.!Navanjanaishan
The Planets 2019 ekatath sub denna!!!!!
Anonymous
niyama lipiyak sahoo! good luck! Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan