ජීවය කියන දෙය එදා සිටන්ම මිනිසා පුදුමයට පහ් කළ දෙයක්. මුල්ම වරට සතෙකු දුටු මොහොතේ සිට-මුල්ම වරට සතෙකු කපා බැලූ මොහොත දක්වාත්-මුල්ම වරට අහස දෙස බලා අර ඈත ලෝකවල තවත් මෙවන් සතුන් සිටිය හැකිදැයි ඇසූ මොහොත දක්වාත්-මුල්ම වරට ක්ෂුද්‍ර ජීවීන් ගැන හෙළිකරගත් මොහොත දක්වාත්-මුල්ම වරට වෙනත් ලොවකට ගොඩබට මොහොත ද…
ජීවය කියන දෙය එදා සිටන්ම මිනිසා පුදුමයට පහ් කළ දෙයක්. මුල්ම වරට සතෙකු දුටු මොහොතේ සිට-මුල්ම වරට සතෙකු කපා බැලූ මොහොත දක්වාත්-මුල්ම වරට අහස දෙස බලා අර ඈත ලෝකවල තවත් මෙවන් සතුන් සිටිය හැකිදැයි ඇසූ මොහොත දක්වාත්-මුල්ම වරට ක්ෂුද්‍ර ජීවීන් ගැන හෙළිකරගත් මොහොත දක්වාත්-මුල්ම වරට වෙනත් ලොවකට ගොඩබට මොහොත දක්වාත් මිනිස් සිත එකෙල මෙකෙල කළ, කුතුහලයේ බීජය බවට ජීවය පත්වුණා.
1976 ජූලි මාසයේදී වෙනත් ලොවක පොළොව ප්‍රථම වරට දැකගත් මොහොතේ, NASA විද්‍යාඥයින් බලාපොරොත්තු වුණේ අඟහරු මත ජීවයේ සලකුණක් දැකගන්නයි. Viking යානයේ කෘතිම අත, මුල්ම අඟහරු පස් නියැඳිය ලබා ගෙන, ඒ සීරුම උඩට පෝෂණ දියරයක් වත් කළහම, නැගුණු දුමක් වගේ වායුව ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළා. ඒ පෘථිවියට පිටත්තර වෙනත් ලොවක ජීවයේ සලකුණක් සොයාගත් බව සිතීම නිසා.
නමුත් හිරුගේ රැසින් දැවෙන පාරජම්බුල කිරණය සෘජුවම සිඹින, අඟහරුගේ පසේ ජීවයකට ඉඩක් නෑ. යක්ෂ රස්නයක් දරණ හිරු කිරණින් නැහැවෙන අඟහරු පස නිර්ජීවීයි. ජීවාණුහරණිතයි. රතු දුහුවිල්ලෙන් ගැවසි, ජීවයට නුහුරු, මළ ගුණයක් දරන රතුග්‍රහයා ඒ කළේ පොඩි රැවටිල්ලක්. Viking දුටු හීනය ඒ අනුව බොඳවී ගියා. අභ්‍යවකාශයේ ඈත කොණ තෙක්ම ජීවයේ බලාපොරොත්තුව ඉවත ලන්නට මිනිසා අධෛර්යමත් කළා. ජීවයට අහිතකර දරුණු කිරණයක් හෝ ශීතලක් හෝ උණුසුමක් සැම තැනකම විසිරී පැතිර පැවතුණා…
මේ අහේතුව වෙනස් කළ හේතුව අපට කියාදුන්නෙත් අපේම ලෝකයමයි. ඒ දක්ෂිණ ධ්‍රැවයේ ඝන හිම වැස්ම යට ගල්පොත්තක් මතට වී හිඳිමින් ජීවය රැකගත් “උග්‍රධාරිතයන්” හෙවත් Extremophiles නමැති ජීව විශේෂයක් ගැන සැඟවුණු තතු හෙළි කරමින්. (මේ ලිපිය ලියන මම -උදා- ඒ ගැන විස්තර ඇතුළත් වැඩසටහනක් ඔබ වෙත ඉක්මනින්ම ගෙන ඒමේ අදහසින් කටයුතු කරගෙන යනවා මේ වනවිට… මගේ වැඩත් එක්ක තරමක් කලක් යයි. නමුත් ඉවසීමෙන් රැඳී ඉන්නට ඉල්ලනවා ඒ වනතෙක් 🙂 )
මේ හෙළිදරව්වත් සමඟින් යළි අඟහරු ගැන තිබූ බලාපොරොත්තු පිබිදුණා. Europa චන්ද්‍රයාගේ හිම තට්‍ටු යට ජීවයේ පියවර මෝදු වෙමින් ඇති බව; Titan චන්ද්‍රයාගේ කඳු මුදුන් පිරිමදින කාබනික වායුගෝලය අස්සෙන් ජීවයේ හෝඩුවාවක් නැග එනු ඇති බව විද්‍යාඥයන් අනුමාන කළා. 2004 වසරේදී; යුරෝපීය අභ්‍යවකාශ ආයතනයට අයත්, Huygens යානය Titan මතට පහත් වූ පසු, මිදී ගිය ආවාට තුළ හිරගත වුණ, ජීවයේ ප්‍රාථමික රසායන සටහන් හමුවනු ඇතැයි ඔවුන් අදහස් කළා. මෙලොවින් බැහැර ජීවයේ පළමු සාධකය අප සුර්යමඬුල්ලෙන්ම හමුවනු ඇතැයි දැඩි සේ විශ්වාස කළා.
ලිපිය -උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
560 MB කොපිය (4.5 GB) මෙතනින් බාගන්න a2609a49e403f57d86599361c7a874f73f3fe6a2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
706 downloadsDownload BBC-The-Planets-EP07.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
25 comments
tharanga
isuru
ela watinawa saho
nipuna prasad
බොහොම පින් සහෝ
was
පට්ට කතාවක් ජය!
vee
maxxa maxxa saho
rusuru | රුසිරු
වටිනා කියන දෙයක් කරන්නේ දිගටම කරමු!
f_live
බොහොම පින්
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි පැතුම් සහො :P
mudiya / මුදියා
නියමයි පැතුමා.
උදාත් ලස්සනටම විස්තරේ දීල තියෙනවා.
වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනි.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!දිමුතු තරඟ ඉලුක්කුඹුර
නියමයි සහෝ තව එකයි,ජයවේවා.
yeshu
thankZ
“චූටී මල්ලි”
එල එල
සහෝ
සබට තුති
ඔබට ජය......ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
isuru
සබට බොහොම ස්තුතියි!
indika
thnq
shani
thanks
danushka
niyamai saho,,,thank you....
pri
Thanks a lot
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍tharindu
thank u very much bro..!
වරුණ නිරෝෂණ
Thanks machan upasirasiyata
කසුන් නුවන්ත
thanx
Nirosha Nirosha
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks niamayi