ලෙවිස් අර මනුස්සයව මරලා දාලා මුකුත් නොදන්නා ගානට ගෙදර ආවානේ. එයාට එයාගේ තාත්තා කොච්චර ආදරේ වුනත් එයාට අමුතුම සැකයක් එක්ක බයකුත් හිතේ ඇති වීගෙන එනවා ලෙවිස් ගැන. ගනර් හෙන්ඩ්‍රසන්ගේ සිද්දියෙන් පස්සේ මැඩානිට සැකයක් ඇතිවෙන්න ගන්නවා එයාගේ කාර්යාලයේ බග් එකක් ඇතියි කියලා. එයා මේ ගැන සෑම් එක්කත් පිටතදී කතා…

ලෙවිස් අර මනුස්සයව මරලා දාලා මුකුත් නොදන්නා ගානට ගෙදර ආවානේ. එයාට එයාගේ තාත්තා කොච්චර ආදරේ වුනත් එයාට අමුතුම සැකයක් එක්ක බයකුත් හිතේ ඇති වීගෙන එනවා ලෙවිස් ගැන. ගනර් හෙන්ඩ්‍රසන්ගේ සිද්දියෙන් පස්සේ මැඩානිට සැකයක් ඇතිවෙන්න ගන්නවා එයාගේ කාර්යාලයේ බග් එකක් ඇතියි කියලා. එයා මේ ගැන සෑම් එක්කත් පිටතදී කතා වෙලා හොයන්න ගන්නවා. එතකොට තමයි මේ දෙන්නට මැඩානිගේ කාර්යාලයේ තිබිලා බග් එකක් එහෙමත් නැත්තම් කවුරුහරි කෙනෙක් හොර රහසේ ඇයගේ කාර්යාලයේ වෙන දේවල් වලට ඇහුන්කන් දීගෙන ඉන්නවා කියලා දැනගත්තේ. මේ අතරේ ෆ්‍රෑන්ක් මයික්‍රෝ එක්ක ආවා මොර්ටිගේ ෆෝන් එකේ තියෙන දත්ත හොරකම් කරන්න. හැබැයි ෆ්‍රෑන්ක් එන බව කලින් දැනගෙනමයි බිලී රොව්ලින්ස් එක්ක එකතු වෙලා හවුලේ සැලසුම් ගහලා ෆ්‍රෑන්ක් ආවහම එයාව එතනදී ඉවරයක් කරලා දාන්න වැඩ කටයුතු සුදානම් කරලා තිබුණේ. ඒත් කොහොම හරි ෆ්‍රෑන්ක්ට පුලුවන් කමක් ලැබුනා එතනදී දත්ත ටික මයික්‍රෝට ලැබෙන්න සැලැස්වූවාට පස්සේ එතනින් පැනගන්න. මොර්ටිව දැන් එක වතාවක් අනතුරේ වැටුණු නිසාම එයාව මොටෙල් එකක නවත්වන්න කියලයි බිලී එයාව එක්කගෙන ගියේ. ඒත් කලින් වතාවේදී වගේම බිලී රොව්ලින්ස් ආයේ එක්ක එකතු වෙලා සැලසුමක් ගහලා තියෙනවා කර්නල් මොර්ටි බෙනෙට්ව අහක් කරලා දාලා කෙළවරක් කරගන්න. ඒ අය සැලසුම් කරපු විදිහටම එයාලට මොර්ටිව මරලා දාන්නත් පුලුවන් කමක් ලැබුණා.
කලින් වතාවේ මයික්‍රෝ මොර්ටිගේ දුරකථනයේ තිබුණු දත්ත අරගත්තනේ. ඉතින් මයික්‍රෝටයි ෆ්‍රෑන්ක්ටයි දැනගන්න ලැබෙනවා මොර්ටි වෙනින් දිහාවකට ගියා කියලා. ඒක වුණේ මොර්ටිව මරන්න එක්කගෙන යන්න කලින් එක්කගෙන ආවේ රොව්ලින්ස්ඉන්න දිහාවටනේ. ඉතින් අන්න එහාට තමයි මයික්‍රෝ වගේම ෆ්‍රෑන්ක් ලුහුබැදීම සිද්ද කරන්නේ. ඉතින් ෆ්‍රෑන්ක් එතනදී දිග දුර ස්නයිපර් තුවක්කුවකින් ඉලක්ක කරලා වෙඩි තිබ්බා. හැබැයි එතන හිටියේ මොර්ටි නෙවෙයි රොව්ලින්ස්. අනික එයාට වෙඩි වැදුනෙත් නැහැ. මොකද එතන වීදූරු නිර්මාණය කරලා තිබුනේ උණ්ඩ නොවදින ආරක්ෂාවකින්. අද කොටසින් දැකගන්න පුලුවන් වේවි ඩේවිඩ් නැති පවුලට සුහද වුන ෆ්‍රෑන්ක් නොහොත් පීට් තවත් මොන තරම් නම් සාරාටයි එයාගේ ළමයටයි ලං වෙනවද කියලා. මේ අතරේ මැඩානා ස්ටයින් එක්ක එකතු වෙලා ලොකු සැලසුමක් ගහනවා එයා ගැන හොර රහසේ ඔත්තු බලන අයව ආයුධ වෙළදාමක් වෙනවයි කියලා රවට්ටගෙන කවුද මේ කට්ටිය කියලා අල්ලගන්න. හැබැයි ඉතින් එහෙම ගහපු සැලසුම් සතුටු හිතෙන විදිහට නම් නෙවෙයි ඉවර වෙන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
මිලග උපසිරැසියෙන් හමුවෙමු. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
18,171 downloadsDownload Marvels-The-Punisher-S01E08.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
43 comments
Lushan
anjana.r. fernando
Thanx brother!!! Lucifer english saba patta
Nadeesha Sahan
Thank you bro.
Please bro puluvannam lucifer sub akath karannako.S.K.Ruchiranga
Thzz broo sub ekta.. Ithuru tikath ikmnata demuu
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
LSM HUSKAA
ammo thnks bro subata ituru epi5t ikmnta denna sick wge.......
Nipun Dilshan
wooh thanks brother
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
charith
tnx bn sub ekata
Buddi
Thanks.............
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Pavan Malith
ස්තූතියි සහෝ උපසිරසියට
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
D.Chamara
bohoma sthuthi sahooo ... jya...
chameera
sthuthi saho.....
anjana.r. fernando
Thanx brother
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
tharindu gunarathna
thanks
Lakshan
Thanks Bro.
lasantha rathnayaka
BOHOMATH ISTHUTHI.MACHAN 9 EPIYA PANNANAWA.ATH DENNA NA .PODDAK BALANNA
THANKSdinesh
plz ep9 sub ganna bane
LSM HUSKAA
e9 nane bn not found kiyanwa blapnko bn poddak plz....
Samiya
thaamath ehemai bn..
Kaushan
10 11 සබ් දාන්නකෝ
sudeera
machan..ep 3..4..5.. link teka danda pluwanda
Thilina
10,11 ko bn?ikmanta dapnkow..
sam
THANKS
Thanuj
Episode 9 awlk thynwa ne bn...404 not found watenwa....habai home eke thynwath ekka...
Samiya
සහෝ.. සබ් එකට ගොඩක් ස්තූතියි.. පොඩි ඉල්ලීමක්, lucifer s03 එකත් ආසාවෙන් බැලුවේ. අන්තිමට සබ් එක දෙන එක නතර කලා.. උඹ නම් එහෙම කරන්න එපා දෙයියෝ...
punishe e09 එකේ පේජ් එක පෙන්නන්නේ නෑ. පොඩ්ඩක් බලපන්කෝchandana
ou mchn e09 sub eka enne.page not found kiyala wetenawa.apahu serayak dapanko
Thanuj
9 weni Episode eka awlk thynwa bro...page not found wenwa...eka fix karapnko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharangani
thanx
Naveen Rangana
උපසිරැසියට බොහොම ස්තූතියි.........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
MAALnath
Thanks ....................good luck ......................
dush135
ela
Madhawab
Thank you!!!
Bimbisha
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Subata thanks bro...
Lucifer, Scorpion walatath puluwannam sub denna.