හොදයි. ඔන්න නැවතත් අපි හමුවෙනවා පටලැවිල්ලක් සමඟින්. අද එකතුවෙන්නේ 6වෙනි කතාවත් එක්කයි. පසුගිය සතියේ කැසැන්ඩ්‍රා සහ ඉයුජීන් යාළු කරන්න කියලා රපන්zසල් ඒ දෙන්නව හිරේ දැම්මා මතක ඇතිනේ… ඒ රපන්zසල් විසින්ම නිර්මාණය කරපු ප්‍රහේලිකාවක් විසඳලා ඒකෙන් එළියට එන්න කියලා ඒ දෙන්නට බලකරමින්. හැබැයි කැසැන්ඩ්‍රා සහ…

හොදයි. ඔන්න නැවතත් අපි හමුවෙනවා පටලැවිල්ලක් සමඟින්. අද එකතුවෙන්නේ 6වෙනි කතාවත් එක්කයි. පසුගිය සතියේ කැසැන්ඩ්‍රා සහ ඉයුජීන් යාළු කරන්න කියලා රපන්zසල් ඒ දෙන්නව හිරේ දැම්මා මතක ඇතිනේ… ඒ රපන්zසල් විසින්ම නිර්මාණය කරපු ප්‍රහේලිකාවක් විසඳලා ඒකෙන් එළියට එන්න කියලා ඒ දෙන්නට බලකරමින්. හැබැයි කැසැන්ඩ්‍රා සහ ඉයුජීන් දෙන්නා එකතු වුනොත්විතරයි මෙතනින් එළියට පැනගන්න පුළුවන් කියලා රපන්zසල් කියලාමයි තිබුනේ. ඒත් ඉතිං කැසී සහ ඉයුජීන් ගැන කියන්න ඕන නැහැනේ. දෙන්නා එකතුවෙලා වැඩ කලා වුනත්, බොහොම ටික වෙලාවකටයි ඒ. ඉතිං ආයිත් රණ්ඩුව පටන් ගන්නවා. මෙන්න මේ හේතුව නිසා ඒ දෙන්නාට බේරෙන්න ලැබෙන්නේ නැහැ. ඉයුජීන් සමඟ කලින් වැඩ කරපු නිවුන් සහෝදරයින් දෙන්නා බේරෙනවා. හැබැයි අන්තිමට ඉතිං ඉයුජීන් සහ කැසැන්ඩ්‍රා දෙන්නා එකතුවෙලා වැඩ කරලා තමයි ඒ දෙන්නාගේ ජීවිත බේරගන්නේ. ඒ කියන්නේ දැන් මේ දෙන්නගේ රණ්ඩු අවසන්ද? අපොයි නැහැ…
එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි ඉයුජීන්ගේ පරණ යාලුවෙක් එනවා එයාව හොයාගන. පරණ යාළුවෙක් කියන්නේ මෙයා තමයි ඉයුජීන්ට පවුලේ කෙනෙක් වගේ ඉන්න අනාථ නිවාසයේදී හමුවෙච්ච ප්‍රාණ සම මිත්‍රයා. මෙයත් ඉයුජීන්ගේ ජාතියේම කෙනෙක් තමයි. ඉතිං අද කතාවෙදි එයා ඉයුජීන් එක්ක එකතුවෙලාපරණ රස්සවාටම බහින්න තමයි හදන්නේ. ඒ දෙන්නා සාර්ථක වෙයිද. යහමඟට යොමුවෙලා ඉන්න ඉයුජීන් නැවත නොමඟ යයිද? කතාව බලමු නේද?
නැවත හමුවෙන තුරු ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
1,489 downloadsDownload Tangled-The-Series-S01E06.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
10 comments
Soori
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Prabhath
බොහෝම ස්තූතියි.....!!! ජය වේවා....!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තුතියි සුරේනි සොයුරියේ සිංහල උපසිරැසියට...... අපි වගේ ලොකු බබාලත් මේ වගේ ඇනිමේටඩ් කාර්ටූන්ස් ආසාවෙන් බලනවා. ඉතිරි ටිකත් දෙන්න හොඳේ....!!!