Marvel’s the Punisher එහෙමත් නැතිනම් The punisher කියන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය වෙනුවෙන් ස්ටීව් ලයිට්ෆුට් අධ්‍යක්ෂවරයා විසින් පනිශර් කියන කොමික් චරිතය ඇසුරෙන් නිර්මාණය කරපු ටෙලි කතා මාලාවක්. Marvel Television,ABC Studios සහ Bohemian Risk Productions එක්කාසුවෙන් තමා මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. මෙහි පන…

Marvel’s the Punisher එහෙමත් නැතිනම් The punisher කියන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය වෙනුවෙන් ස්ටීව් ලයිට්ෆුට් අධ්‍යක්ෂවරයා විසින් පනිශර් කියන කොමික් චරිතය ඇසුරෙන් නිර්මාණය කරපු ටෙලි කතා මාලාවක්. Marvel Television,ABC Studios සහ Bohemian Risk Productions එක්කාසුවෙන් තමා මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. මෙහි පනිශර් චරිතයට පණ පොවන්නෙ Jon Bernthal (වෝකින්ග් ඩෙඩ් බලපු අය නම් මෙයා ගැන හොඳට දන්නවා). ෆ්රෑන්ක් කාසල්, පනිෂර් නාමයෙන් මුළු නිව්යෝක් නගරයේම සිටින අපරාධාකරුවන් භියෙන් මුසපත් කරවමින් තමන්ගේ බිරිඳව හා දරුවන්ව මැරූ ඝාතකයන්ගෙන් පළිගන්නා අන්දම ඩෙයාඩෙවිල් සීසන් 2න් ඔයාල දකින්න ඇති.බලපු අය දන්නවනෙ මෙයා කොහොම වැඩ්ඩෙක්ද කියල…එතනිං එහාට ෆ්රෑන්ක් කාසල් වටා ගෙතුනු කතාව තමා සීසන් එක පුරාම තියෙන්නෙ.
තමන්ගෙ පවුල මරාදැමූ මිනීමරුවන්වගෙන් පලිගත් ෆ්රෑන්ක් කාසල් තමන්ගෙ අනන්‍යතාව පීට් කැස්ටිග්ලියෝන් විදිහට වෙනස් කරගෙන ඉදිකිරීම් ස්ථානක වැඩ කරමින් සිටිමුත් මයික්‍රෝ නැමැති නන්නාඳුනන පුද්ගලයාගෙන් ඔහුට හදිසියේම ලැබෙන දුරකථන ඇමතුමෙන් ඒ සියල්ල වෙනස් විය.මයික්‍රෝ ෆ්රෑන්ක්ට CD තැටියක් තබා යන අතර එහි අන්තර්ගතව තිබුණෙ හමුදා භටයින් පිරිසක් යම් පුදගලයෙක්ව වද දී මරාදමන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්ය.ෆ්රෑන්ක් මේ තැටිය සම්බන්ධයෙන් සෙවීමට කැරන්ගෙ සහය පතන අතර අවසානයේ ෆ්රෑන්ක්ට කැරන්ගෙන් මාර්ගයෙන් දැනගන්න ලැබෙන්නේ මයික්‍රෝ යනු ඩේවිඩ් ලිබර්මන් බවත් වීඩියෝවෙ ඉන්න ඝාතනයට ලක්වෙන පුද්ගලයා කැන්ඩහාර්වල නියෝජිතයෙකු බවත්ය. තවද ඊට හේතුව හා සම්බන්ධ හමුදා නිළධාරීන් කවුරුන්ද යන වගද පසුව ඔහුට දැනගන්නට හැකි විය.ෆ්රෑන්ක් පවුලෙ අයව ඇමට තියාගෙන ලිබර්මන්ට ලං විය .
මේ අතර වාරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින නියෝජිත මඩානි කැන්ඩහාර්වල තමන්ගේ කලින් සහයකයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙමින් සිටි අතර ..කාලයේ ඇවෑමෙන් කාසල් ජීවත්ව සිටින බව මඩානිට දැනගන්නට ලැබුණි.කාසල්ට හා ලිබර්මන්ටද මඩානිගෙ කැන්ඩහාර් ඝාතන විමර්ශනය ගැනද දැනගන්නට ලැබුණ අතර අවසානයේ කාසල් හා ලිබර්මන් එක්වී කැන්ඩහාර් වලදී සිද්ධ වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන මඩානී හට සහය පල කිරීමට එකඟ විය.මේ අතර වාරයේ සැකකරුවන් පිරිසක් පසු පස හඹා ගිය මඩානි හා ඇගේ පිරිසට එල්ලවූ ප්‍රහාරයෙන් මඩානිගේ සහයකයකු වන ස්ටයින් මරණයට පත් වන්නේ බිල් රෝව්ලින්ස් යන නම කරලියට කැඳවමිනුයි.මේ අතරවාරයේ නගරයේ පිපිරවීම් සිද්ධ කරන පොර මානසිකත්වයෙන් පෙලෙන තරුණයෙකු කැරන් පේජ්ව සහ සෙනට්සභිකයෙකු ඝාතනය කිරීමට උත්සහ කරන අතර කාසල්ගේ මැදිහත්වීමෙන් එය ව්‍යර්ථ විය. සෙනෙට් සභිකයා සිටියේ ඇන්විල් ආරක්ෂාව යටතේ බැවින් එහි ප්‍රධානි බිලි රූසෝ ද මෙයට මැදිහත් වන අතරම මඩානී ද එයට මැදිහත් වීමක් සිද්ධ වුණි. ඒ වන විට ලොවටම ත්‍රස්තවාදියෙකුව සිටි කාසල් එතනින් පලා යාමට සුදානම් වුවත් මඩානිගේ ග්‍රහණයට නතු වන අතර බිලිගේ වෙඩි පහරකට ලක් විය . ඒත් සමගම ස්ටයින්ගේ මරණයේ නියම මිනීමරුවා බිලි රූසෝ බවත්, ඔහු රෝව්ලින්ස්ගේ අතකොළුවක් බවත් මඩානි වටහා ගන්නවා.අනාවරණය වීමත් සමගම කාසල් හා ලිබර්මන්ගේ මරණයේ දැඩි අවශ්‍යතාව දැනෙන බිලි කරන්නේ ලිබර්මන්ගේ බිරිඳ හා පුතනුවන් පැහැර ගැනීමයි. ඔවුන් දෙදෙනාගේ ගැලවුම සඳහා ලිබර්මන් හා කාසල් ඔහුට යටත් විය යුතු යැයි බිලී විසින් දන්වා සිටි අතර මේ අතර වාරයේ කාසල් විසින් සැලසුම් සහගතව ලිබර්මන් හා ඇයගේ දියණිය මඩානිගේ භාරයට පත් කලේය.එමෙන්ම කාසල් ඔහුව සොයා ආ සියලුම ඇන්විල් සොල්දාදුවන් අනුකම්පා විරහිතව මරා දැම්මේ බිලී හටද පණිවිඩයක් යවමිනි.
පසුව ලිබර්මන්ගේ බිරිඳ හා ගැහැණු දරුවා බේරාගැනීම සඳහා බිලී පැවසූ හුවමාරු ස්ථානයට ගිය කාසල් හා ලිබර්මන් මඩානිගේද සහය ඇතිව ඔවුන්ව බේරාගත් අතරම උපක්‍රම ශීලීව ලිබර්මන්ගේ ව්‍යාජ මරණයක් මවා පා ඔහුව බිලී රූසෝ අතට පත් නොවී කාසල්ව පමණක් බිලී රූසෝ අතට පත් වීමට ඉඩ සැලැස්වූවේ කාසල්ගේ සැලසුමට අනුවය.ලිබර්මන් පවුල යලි එක්කාසු වෙන අතරවාරයේ රූසෝ සහ රෝව්ලින්ස් කාසල්ව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය අතර ඔහුට අප්‍රමාණ වද හිංසා වලට භාජනය වීමට සිදුවූ අතර අවසානයේ ඒ සියල්ල විඳදරාගත් කාසල් රොව්ලින්ස්වත් මරා දැමූවේය.. බිලී රූසෝ පැනගත්තේය…අවසානය කුමක් වේවිද ඔයාලම බලාගන්න…..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
16,130 downloadsDownload The-Punisher-S01E13.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අචින්ත උදයංග
Subtitles
91 comments
Subhash13
Kalana liyana arachchi
Thanks bro.ela ela
Lushan Tharinda
Subata thanks bro...
Danna kenek innawanam kiyanna psarips.com site eka down welada??.
Vihanga sathsara
ow machan... math eken thama download karnanne.... eka down machan.... un ohoma kalekata nawaththanawa.... kalinuth kara....
Udayanga Sampath
තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..කතා මාලාව පුරාවට උපසිරැසි දුන්න සහෝලා ඔක්කොටා බොහොම ස්තුතියි ..ජය වේවා!
Ishan Madusha
එලම.බොහොම ස්තූතියි සහෝ
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
notisamanalaya
බොහොම ස්තූතියි සහෝ
buddhi
tnks saho sub akt
tv malli
bohoma isthuthi bn anthima wenakian sub eka dunnata.... pattama kathawa bn
JL Fernando.
Thanks Bro.
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට....................
sumi
THNX
Isuru Hasaranga
patta
sameera danushka senanayake
thanks sahooo
amaruwen log wuna.
sub dena eka nathara karanna epala ban.thanks.
Vinod2dec
Thanks Saho !!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
suraswv
Thanks Bro
Tharangani
thanx
Rana
THANKS MACHOOOOOOOOO...DIGATAMA SAB DIYAN BRO
ජය වේවා!!!!!!!!!!!vishwanaveen123
Thank you bro
Amalka Himeshan
Elama thanks sub ekata
Kanchana
Thanx saho
එල්.සී. දමැල්
Hammee Thanks Sahola set ekatama
Indika Priyashantha
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Thishula
thanks bro
djkaush90
මචන් walking dead එකට සබ් එක දෙන්නෙ නැත්තේ ඇයි බන්???
cjgayan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Amila Akalanka
සුපිරිම කතාවක්.... බොහොම ස්තූතියි සබට.
මේකෙ සීසන් 2ත් එනවද?sumayanga
උපසිරැසියට බොහොම ස්තූතියි <3
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේක දෙනකන් හිටියේ....
Marvel Runaways එකටත් සබ් දෙමු....Ara N Madhu
Ammo Loku deyak...pattama thanks!
Mahesh ruwan
මට සබ් ඩවුන්ලොර්ඩ් කරන්න බැනේ
0777881934
tnks lot
dimuthu_malinda
gdk dawas balan hitiyaaa......... oyalata waradinne naaa...... jaya weeewa......!!!!!!!!
Lahiru
sub eka enakam me epiya baluwe na kiyanko thanks
Sk
සබ් එක දෙනකන් වුන්නෙ මත් බලන්නැතුව.එල ජයෙන් ජයම වේවා..!
D.Chamara
niyami sahoo niyami thanks...
Dswickramasekara
Thank you
anura ranjan
thanx
Dushan Tharuka
Niyamai....thanks...jaya wewa!!!
Thushara29
Thanks Oyala Hamotama
Achi
තැන්ක්ස් බොක්ක ආදරෙයි
Dilshan Herath
Thanks ah sub ekata
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
D_K
Elz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Damiith
thanks bro !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Onna man mulma coment aka dawa...meke 2ni season aka anawada..