Watch Trailer

The Punisher [S01: E13] Sinhala Subtitles | අවසානයට… [සිංහල උපසිරැසි සමඟ]

Marvel’s the Punisher එහෙමත් නැතිනම් The punisher කියන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය වෙනුවෙන් ස්ටීව් ලයිට්ෆුට් අධ්‍යක්ෂවරයා විසින් පනිශර් කියන කොමික් චරිතය ඇසුරෙන් නිර්මාණය කරපු ටෙලි කතා මාලාවක්. Marvel Television,ABC Studios සහ Bohemian Risk Productions එක්කාසුවෙන් තමා මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. මෙහි පන…

Marvel’s the Punisher එහෙමත් නැතිනම් The punisher කියන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය වෙනුවෙන් ස්ටීව් ලයිට්ෆුට් අධ්‍යක්ෂවරයා විසින් පනිශර් කියන කොමික් චරිතය ඇසුරෙන් නිර්මාණය කරපු ටෙලි කතා මාලාවක්. Marvel Television,ABC Studios සහ Bohemian Risk Productions එක්කාසුවෙන් තමා මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. මෙහි පනිශර් චරිතයට පණ පොවන්නෙ Jon Bernthal (වෝකින්ග් ඩෙඩ් බලපු අය නම් මෙයා ගැන හොඳට දන්නවා).  ෆ්රෑන්ක් කාසල්, පනිෂර් නාමයෙන් මුළු නිව්යෝක් නගරයේම සිටින අපරාධාකරුවන් භියෙන් මුසපත් කරවමින් තමන්ගේ බිරිඳව හා දරුවන්ව මැරූ ඝාතකයන්ගෙන් පළිගන්නා අන්දම ඩෙයාඩෙවිල් සීසන් 2න් ඔයාල දකින්න ඇති.බලපු අය දන්නවනෙ මෙයා කොහොම වැඩ්ඩෙක්ද කියල…එතනිං එහාට ෆ්රෑන්ක් කාසල් වටා ගෙතුනු කතාව තමා සීසන් එක පුරාම තියෙන්නෙ.

තමන්ගෙ පවුල මරාදැමූ මිනීමරුවන්වගෙන් පලිගත් ෆ්රෑන්ක් කාසල් තමන්ගෙ අනන්‍යතාව පීට් කැස්ටිග්ලියෝන් විදිහට වෙනස් කරගෙන ඉදිකිරීම් ස්ථානක වැඩ කරමින් සිටිමුත් මයික්‍රෝ නැමැති නන්නාඳුනන පුද්ගලයාගෙන් ඔහුට හදිසියේම ලැබෙන දුරකථන ඇමතුමෙන් ඒ සියල්ල වෙනස් විය.මයික්‍රෝ ෆ්රෑන්ක්ට CD තැටියක් තබා යන අතර එහි අන්තර්ගතව තිබුණෙ හමුදා භටයින් පිරිසක් යම් පුදගලයෙක්ව වද දී මරාදමන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්ය.ෆ්රෑන්ක් මේ තැටිය සම්බන්ධයෙන් සෙවීමට කැරන්ගෙ සහය පතන අතර අවසානයේ ෆ්රෑන්ක්ට කැරන්ගෙන් මාර්ගයෙන් දැනගන්න ලැබෙන්නේ මයික්‍රෝ යනු ඩේවිඩ් ලිබර්මන් බවත් වීඩියෝවෙ ඉන්න ඝාතනයට ලක්වෙන පුද්ගලයා කැන්ඩහාර්වල නියෝජිතයෙකු බවත්ය. තවද ඊට හේතුව හා සම්බන්ධ හමුදා නිළධාරීන් කවුරුන්ද යන වගද පසුව ඔහුට දැනගන්නට හැකි විය.ෆ්රෑන්ක් පවුලෙ අයව ඇමට තියාගෙන ලිබර්මන්ට ලං විය .
මේ අතර වාරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින නියෝජිත මඩානි කැන්ඩහාර්වල තමන්ගේ කලින් සහයකයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙමින් සිටි අතර ..කාලයේ ඇවෑමෙන් කාසල් ජීවත්ව සිටින බව මඩානිට දැනගන්නට ලැබුණි.කාසල්ට හා ලිබර්මන්ටද මඩානිගෙ කැන්ඩහාර් ඝාතන විමර්ශනය ගැනද දැනගන්නට ලැබුණ අතර අවසානයේ කාසල් හා ලිබර්මන් එක්වී කැන්ඩහාර් වලදී සිද්ධ වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන මඩානී හට සහය පල කිරීමට එකඟ විය.මේ අතර වාරයේ සැකකරුවන් පිරිසක් පසු පස හඹා ගිය මඩානි හා ඇගේ පිරිසට එල්ලවූ ප්‍රහාරයෙන් මඩානිගේ සහයකයකු වන ස්ටයින් මරණයට පත් වන්නේ බිල් රෝව්ලින්ස් යන නම කරලියට කැඳවමිනුයි.මේ අතරවාරයේ නගරයේ පිපිරවීම් සිද්ධ කරන පොර මානසිකත්වයෙන් පෙලෙන තරුණයෙකු කැරන් පේජ්ව සහ සෙනට්සභිකයෙකු ඝාතනය කිරීමට උත්සහ කරන අතර කාසල්ගේ මැදිහත්වීමෙන් එය ව්‍යර්ථ විය. සෙනෙට් සභිකයා සිටියේ ඇන්විල් ආරක්ෂාව යටතේ බැවින් එහි ප්‍රධානි බිලි රූසෝ ද මෙයට මැදිහත් වන අතරම මඩානී ද එයට මැදිහත් වීමක් සිද්ධ වුණි. ඒ වන විට ලොවටම ත්‍රස්තවාදියෙකුව සිටි කාසල් එතනින් පලා යාමට සුදානම් වුවත් මඩානිගේ ග්‍රහණයට නතු වන අතර බිලිගේ වෙඩි පහරකට ලක් විය . ඒත් සමගම ස්ටයින්ගේ මරණයේ නියම මිනීමරුවා බිලි රූසෝ බවත්, ඔහු රෝව්ලින්ස්ගේ අතකොළුවක් බවත් මඩානි වටහා ගන්නවා.අනාවරණය වීමත් සමගම කාසල් හා ලිබර්මන්ගේ මරණයේ දැඩි අවශ්‍යතාව දැනෙන බිලි කරන්නේ ලිබර්මන්ගේ බිරිඳ හා පුතනුවන් පැහැර ගැනීමයි. ඔවුන් දෙදෙනාගේ ගැලවුම සඳහා ලිබර්මන් හා කාසල් ඔහුට යටත් විය යුතු යැයි බිලී විසින් දන්වා සිටි අතර මේ අතර වාරයේ කාසල් විසින් සැලසුම් සහගතව ලිබර්මන් හා ඇයගේ දියණිය මඩානිගේ භාරයට පත් කලේය.එමෙන්ම කාසල් ඔහුව සොයා ආ සියලුම ඇන්විල් සොල්දාදුවන් අනුකම්පා විරහිතව මරා දැම්මේ බිලී හටද පණිවිඩයක් යවමිනි.
පසුව ලිබර්මන්ගේ බිරිඳ හා ගැහැණු දරුවා බේරාගැනීම සඳහා බිලී පැවසූ හුවමාරු ස්ථානයට ගිය කාසල් හා ලිබර්මන් මඩානිගේද සහය ඇතිව ඔවුන්ව බේරාගත් අතරම උපක්‍රම ශීලීව ලිබර්මන්ගේ ව්‍යාජ මරණයක් මවා පා ඔහුව බිලී රූසෝ අතට පත් නොවී කාසල්ව පමණක් බිලී රූසෝ අතට පත් වීමට ඉඩ සැලැස්වූවේ කාසල්ගේ සැලසුමට අනුවය.ලිබර්මන් පවුල යලි එක්කාසු වෙන අතරවාරයේ රූසෝ සහ රෝව්ලින්ස් කාසල්ව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය අතර ඔහුට අප්‍රමාණ වද හිංසා වලට භාජනය වීමට සිදුවූ අතර අවසානයේ ඒ සියල්ල විඳදරාගත් කාසල් රොව්ලින්ස්වත් මරා දැමූවේය.. බිලී රූසෝ පැනගත්තේය…අවසානය කුමක් වේවිද ඔයාලම බලාගන්න…..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

16,130 downloadsDownload The-Punisher-S01E13.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

16,130 downloadsDownload Subtitles23 KB

91 comments

  1. Subhash13

    Onna man mulma coment aka dawa...meke 2ni season aka anawada..

  2. Kalana liyana arachchi

    Thanks bro.ela ela

  3. Lushan Tharinda

    Subata thanks bro...

    Danna kenek innawanam kiyanna psarips.com site eka down welada??.

    1. Vihanga sathsara

      ow machan... math eken thama download karnanne.... eka down machan.... un ohoma kalekata nawaththanawa.... kalinuth kara....

  4. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..කතා මාලාව පුරාවට උපසිරැසි දුන්න සහෝලා ඔක්කොටා බොහොම ස්තුතියි ..ජය වේවා!

  6. Ishan Madusha

    එලම.බොහොම ස්තූතියි සහෝ

  7. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  8. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  9. notisamanalaya

    බොහොම ස්තූතියි සහෝ

  10. buddhi

    tnks saho sub akt

  11. tv malli

    bohoma isthuthi bn anthima wenakian sub eka dunnata.... pattama kathawa bn

  12. JL Fernando.

    Thanks Bro.

  13. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට....................

  14. sumi

    THNX

  15. Isuru Hasaranga

    patta

  16. sameera danushka senanayake

    thanks sahooo
    amaruwen log wuna.
    sub dena eka nathara karanna epala ban.

    thanks.

  17. Vinod2dec

    Thanks Saho !!

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  20. suraswv

    Thanks Bro

  21. Tharangani

    thanx

  22. Rana

    THANKS MACHOOOOOOOOO...DIGATAMA SAB DIYAN BRO
    ජය වේවා!!!!!!!!!!!

  23. vishwanaveen123

    Thank you bro

  24. Amalka Himeshan

    Elama thanks sub ekata

  25. Kanchana

    Thanx saho

  26. එල්.සී. දමැල්

    Hammee Thanks Sahola set ekatama

  27. Indika Priyashantha

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  28. Thishula

    thanks bro

  29. djkaush90

    මචන් walking dead එකට සබ් එක දෙන්නෙ නැත්තේ ඇයි බන්???

  30. cjgayan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  31. Amila Akalanka

    සුපිරිම කතාවක්.... බොහොම ස්තූතියි සබට.
    මේකෙ සීසන් 2ත් එනවද?

  32. sumayanga

    උපසිරැසියට බොහොම ස්තූතියි <3

  33. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේක දෙනකන් හිටියේ....
    Marvel Runaways එකටත් සබ් දෙමු....

  34. Ara N Madhu

    Ammo Loku deyak...pattama thanks!

  35. Mahesh ruwan

    මට සබ් ඩවුන්ලොර්ඩ් කරන්න බැනේ

  36. 0777881934

    tnks lot

  37. dimuthu_malinda

    gdk dawas balan hitiyaaa......... oyalata waradinne naaa...... jaya weeewa......!!!!!!!!

  38. Lahiru

    sub eka enakam me epiya baluwe na kiyanko thanks

  39. Sk

    සබ් එක දෙනකන් වුන්නෙ මත් බලන්නැතුව.එල ජයෙන් ජයම වේවා..!

  40. D.Chamara

    niyami sahoo niyami thanks...

  41. Dswickramasekara

    Thank you

  42. anura ranjan

    thanx

  43. Dushan Tharuka

    Niyamai....thanks...jaya wewa!!!

  44. Thushara29

    Thanks Oyala Hamotama

  45. Achi

    තැන්ක්ස් බොක්ක ආදරෙයි

  46. Dilshan Herath

    Thanks ah sub ekata

  47. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  48. D_K

    Elz

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. Damiith

    thanks bro !

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.