The Railway Men (2023) [E02] Sinhala Subtitles The Railway Men (2023) [E02] Sinhala Subtitles The Railway Men (2023) [E02] Sinhala Subtitles The Railway Men (2023) [E02] Sinhala Subtitles රේල්වේ මෙන් නෙට්ලිෆ්ලික්ස් එකෙන් ආව අලුත්ම සීරීස් එකක්. මේක 1984දි භෝපාල් වල සිද්ද වුණ අවාසනාවන්ත සිදුවීමක් පාද…

The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles
රේල්වේ මෙන් නෙට්ලිෆ්ලික්ස් එකෙන් ආව අලුත්ම සීරීස් එකක්. මේක 1984දි භෝපාල් වල සිද්ද වුණ අවාසනාවන්ත සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරලා තියෙන්නෙ. අනිවාර්යයෙන්ම මේ අත්දැකීනට හැමෝම කැමති වේවි. සීරීස් නරඹන රසිකයෙක් මඟහැරගන්න එපා කොටස් 4ක් විතරයි තියෙන්නෙ. කොටස් 4ටම ගතවෙන්නේ පැය 4ක් විතරයි. භෝපාල් විෂ වායූ ඛේදවාචකයේදී අමතක වූ වීරයන් අතරේ මිනිසුන් මුදවාගන්නට කටයුතු කළ රේල්ලුවේ මිනිසෙකු ගැනයි මේ කතාව.
The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitlesමීට වසර 39කට කලින් හරියටම අද වගේ දවසක, 1984 දෙසැම්බර් 02 දින භෝපාල් නගරයේදී සිදුවුණ මේ විපතින් ලක්ෂ ගණනක් මිනිස්සු මින් බලපෑමට ලක් වුණා වගේම දහස් ගණනක් මිනිසුන් මිය ගියා. කෘමිනාශක නිපදවන යූනියන් කාබයිඩ් සමාගමේ MIC ටැංකි තුනක් භූගතව තබාගෙන තිබුණා. මේ ටැංකි තුනෙන් එකක් නිතරම හිස්ව තබාගත යුතුයි. ඒත් නියමයන්ට පිටින් මේ ටැංකි තුනම පුරවා තිබුණා. සේවකයෙක්ගේ නොසැලකිලිමත් කම නිසා එක් ටැංකියකට වතුර කාන්දු වෙලා ප්‍රතික්‍රියා කරන්න ගත්තා. කවුරුවත්ම ටැංකියේ කාන්දුව ගැන දැන හිටියේ නැති නිසා ඇස ගැටෙද්දි ගොඩක් ප්‍රමාදයි.
ඒ වෙද්දිත් MIC වායුව වාතයට මිශ්‍ර වෙමින් පැතිරෙමින් තිබුණා. සමාගම මේ වායුවේ විෂ නැති කරන්න විවිධ උත්සාහයන් කළා. Flare Tower එකක් මඟින් වාතයේ පවතින MIC වායුව දහනය කරන්න උත්සාහ කළත් ක්‍රියාවිරහිත තත්වයෙන් තිබුණ නිසා එම ප්‍රයත්නයත් ව්‍යර්ථ වුණා. ඊට හේතුව මේ කර්මාන්ත ශාලාව පාඩු ලැබීම නිසා යන්ත්‍ර උපාංග ගලවා නැවතත් ඇමරිකාවට ප්‍රවාහනය කිරීමට තීරණය කර තිබුණා. ඒ නිසාම විවිධ යන්ත්‍රෝපකරණ නිසි නඩත්තුවක් සිදු නොවුණා. වෙනත් මගක් නැති නිසා ගිනි නිවීමේ ඒකකයට අමතා ඔවුන්ව ගෙන්වා ගන්නවා.
ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ දුම දෙසට අඩි 100ක් ඉහළට වතුර ඉසින්න ගත්තත් වායූ කපොල්ල අඩි 120ක් ඉහළින් පිහිටා තිබුණා. එම නිසා ඔවුන්ටද කළ හැක්කක් නොමැති වුණා. පැය කීපයකට පසුව සුළඟේ ව්‍යාප්ත වුණ MIC වායුව පොළොව මට්ටමින් ව්‍යාප්ත වෙන්න ගත්තා. ඒ නිසාම අවට ප්‍රදේශය සීතල ස්වභාවයක් ගත්තා. මේ මොනවත් දන්නෙ නැති අසරණ මිනිසුන් තම නිවෙස්වලට වෙලා සීතලේ සනීපෙට නිදාගෙන හිටියා. මේ වායුව ආග්‍රහණය කළ අයට ඇස් දැවිල්ල, ශ්වසන අපහසුතාවය, වමනය යන ලක්ෂණ ඇති වුණා. වායුව පෙනහළු තුලට ඇතුල් වීමෙන් ක්ෂණික මරණය ලැබුණා.
මිනිස්සු වීදි බැස දුවන්න ගත්තා. වාහන තිබූ අය ඉන් දුරකට පලාගියා. පොකුරු පිටින්ම මිනිස්සු මැරී වැටෙන්න ගත්තා. මිනිස්සු විතරක්ම නෙවෙයි බල්ලන්, ගවයන්, එළුවන් ආදී සත්වයින් ද මීට බිලි වුණා. වීදිවල තැන තැන මළ සිරුරු වැටී තිබුණා. භෝපාල් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ගුලාම් ඩට්සගිර්, ගොරඛ්පූර් ශීඝ්‍රගාමී දුම්රිය පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි නිසා ඒ ගැන සොයා බලන්න ඔහු තම කාර්යාල කාමරයෙන් පිටතට පැමිණි අවස්ථාවේ වාතයේ අසාමාන්‍ය වෙනසක් දැනී තිබෙනවා.
ඔහුට ඇස් ඇවිල්ලත්, උගුරේ දැඩි වේදනාවකුත් දැනෙන්න වුණා. ඔහු යූනියන් කාබයිඩ් කර්මාන්ත ශාලාවෙන් විෂ වායුවක් කාන්දුවන බවක් දැන සිටියේ නැහැ. ඒත් කිසියම් වැරැද්දක් වී ඇති බව තේරුම් ගත්තා. ඔහු වහාම අවට දුම්රිය ස්ථනයට මේ පිළිබඳ දැනුම් දී භෝපාල් වෙත පැමිණෙන ගොරඛ්පූර් ශීඝ්‍රගාමී දුම්රිය අදාල එම දුම්රිය ස්ථනයේදීම නවතා ගන්නට උපදෙස් ලබා දුන්නා. ඒත් ඒ වෙද්දිත් ගොරඛ්පූර් ශීඝ්‍රගාමී දුම්රිය, එම දුම්රිය ස්ථානයට ළඟා වී තිබුණා. ගමනාන්තයට යාමට විනාඩි 15ක් තිබියදීම වහාම එම දුම්රිය ගමන නවතා දමන්නට එම ස්ථානාධිපතිට ඩට්සගිර් නියෝග කළා.
ඒ නිසාවෙන් ජීවිත රැසක්ම බේරාගන්නට ඉන් හැකියාව ලැබුණා. ඒ වගේම සමාජ ක්‍රියාකාරී අබ්දුල් ජබ්බර් විසින් මේ වාතයෙන් බලපෑමට ලක්වූවන් දිවි ගලවා ගැනීමට තමන්ගේ ජීවිතය ගැන නොසළකා බොහෝ වෙහෙස මහන්සි වුණා. නිවෙස් වල ඇතිකළ සතුන්ටද මේ විපත දැනී තම ස්වාමියන්ට සංඥා කර තිබූ බව සඳහන්. රෝහල් වලට ගෙන ගිය බොහෝ ජීවිත අහිමි වී මළ සිරුරු ගොඩ ගැසී තිබුණා. රෝහල් විසින් එහි තිබූ මළසිරුරු නර්මදා ගඟට ගෙනත් හළනු ලැබුවා. එහිදී මළසිරුරු අතරින් කිහිප දෙනෙකුට සිහිය ලැබී වතුරෙන් ගොඩට එන්න ගත්තා.
බලපෑමට ලක්වුණ මිනිසුන් අතරින් බොහෝ දෙනෙකු අන්ධ වී, තවත් බොහෝ දෙනෙකු සදාකාලික ව්‍යාධිවලින් පෙළෙනවා. ඊට තවත් බරපතළ හේතුවක් වුණේ රජය ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා නොදීමයි. සමහර රෝග ඉදිරි පරම්පරාවටද බලපෑමක් ඇතිකර තිබෙනවා. රජය මියගිය ගණන ලෙස පෙන්වන සංඛ්‍යාවට වඩා අධික මිනිසුන් ප්‍රමාණයක් මියගිය බව ඇසින් දුටුවන් පවසනවා. සමාගමේ හිමිකරු වැරන් ඇන්ඩර්සන්ට කිසිදු දඬුවමක් ලබන්නේ නැහැ. ඔහුට ඇමරිකාවට යාමට ඉඩ සලසා දුන්නේ ඉන්දීය මධ්‍යම රජය බවද පැවසෙනවා.
වර්ථමානයේ මේ කර්මාන්ත ශාලාව අබලන්ව දිරා ගිය යකඩ ගොඩක්ව තිබෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලා භූමිය සම්පූර්ණයෙන්ම වල් බිහිවෙලා බැද්දක් වෙලා තිබෙනවා. කර්මාන්ත ශාලාවේ තිබූ ටොන් ගණන් වෙනත් විෂ රසායනික ද්‍රව්‍ය වලට රජයෙන් හෝ යූනියන් කාබයිඩ් සමාඟමෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. එම විෂ ද්‍රව්‍යවලට සිදු වූ දෙයක් නොදන්නා නිසා එම ස්ථානයෙන් බොහෝ දුර පරාසයක ප්‍රදේශයේ භූගත ජලය පරිහරණය කිරීම තහනම් කර තිබෙනවා.
The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitlesයෂ් රාජ් ෆිල්ම්ස් එන්ටර්ටේට්මන්ට් නිෂ්පාදනය කරන මේ කතා මාලාව ශිව් රවායිල් අධ්‍යක්ෂණය කරනවා. මාධවන්, කේ කේ මෙනන්, බබිල් ඛාන්, දිව්යේන්නුඩු ප්‍රධාන චරිත රඟ දක්වනවා. ඊට අමතරව සනී හින්දුජා, ජුහී චවුලා, මන්දිරා බේඩි, පිලිප් රොස්ක්, දිබ්යේන්දු බට්ටාචාරියා යන නළු නිළියන්ද චරිත නිරූපණය කරනවා. Mumbai Meri Jaan (2008) චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 15 පසුවයි මාධවන් හා කේ කේ මෙනන්ව එකට දකින්න ලැබෙන්නේ. එම චිත්‍රපටය දුම්රිය බෝම්බ පිපුරුම් ගැන සඳහන් වෙන කතාවක්. ඒ වගේම මේ Mumbai Meri Jaan චිත්‍රපටයේ ඉර්ෆාන් ඛාන් ද රඟපෑවා. ඔයාලා දන්නවා ඇති ඉර්ෆාන් ඛාන්ගේ පුතා තමයි මේ බබිල් ඛාන්.
සීරීස් වලට අධිපති ෆීනික්ස් ලොක්කා මේ සීරීස් එක අධීක්ෂණය කළා. පළමු කොටස දහරා අක්කා අරගෙන ආවා. එහෙනම් තුන්වැනි කොටස ඔලිව(බිම්සර යෂාන්) සහෝදරයා අරගෙන ඒවි. හතරවැනි කොටස සුභාෂිණි අක්කා අරගෙන එනවා.
මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. උපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ.
මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.
7,977 downloadsDownload The-Railway-Men-2023-E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
6 comments
Buddhika Lakmal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Mano
Godak sthuthi..Jaya wewa!
Sahan Gayantha
thanks a lot Ravindu saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





...බොහෝම ස්තූතියි Ravindu සහෝ උපසිරැසියට..